පහුගිය දවස් කීපයේම රටේ රාළගේ ලිපි වලින් කතා කළේ ළග එන අර්බුදය හමුවේ දෙන්න පුළුවන් විසදුම් කීපයක් ගැන.



ඒ යටතේ රාජපක්ෂලාටත් යෝජනා කීපයක් කරලා ඇති. ඒ වගේම විපක්ෂයටත්. ඊයේ සහ පෙරේදා රටේ රාළගේ ලිපි දෙකම වෙන් කළේ ශ්‍රීලනිපය වෙනුවෙන්.
ඇත්තටම ශ්‍රීලනිපය පොදුජන පෙරමුණු ආණ්ඩුව ඇතුළේ මුණ දෙමින් ඉන්න අභාවාචක අත්දැකීම ගැන.

ඒ ලිපි දෙක ගැන ලොකු සංවාදයක් මතුවෙලා. පෞද්ගලික දුරකථන ඇමතුම් ගොඩක් ආවා. යෝජනා චෝදනා දෙකම තිබුණා.

හැබැයි මෙතනදී රටේ රාළ අපේ යාලුවන්ට එකක් කියන්න ඕනි. ඇත්තටම රටේ රාළගේ උපක්‍රමය මේ ආර්බුදය විනාශය දක්වා යන එක නවත්ත ගන්න එක. එහෙම නැතිව රටේ රාළට මේ ක්‍රමය ආරක්ෂා කරන්න ඕනි නෑ. මොකද මේ ක්‍රමය විනාශ කරන නව සමාජයේ කලලය හැදෙන්නෙත් මේ සමාජය ඇතුළේම තමයි.



ඒක නිසා රටේ රාළ කියන්නේ උග්‍ර ක්‍රම විරෝධීයෙක් උනත් යථාර්ථය තේරුම් ගත්ත කෙනෙක්. මේ තියන දේශපාලන නෂ්ඨාවශේෂවලින් කවදාවත් නව සමාජය හදන බෑ. හැබැයි නව සමාජය හැදීම කල් යනවා නම් දැන් අපට කරන්න තියෙන්නේ ඒ සමාජය හැදීම ඉක්මන් කරන්න පුළුවන් හිතකර කොන්දේසි මේ සමාජය ඇතුළේ හදන එක.

 

රටේ රාළ හිතෙන්නේ මේ වෙලාවේ හදන්න පුළුවන් එකම හිතකර කොන්දේසිය තමයි රට අරාජිකත්වයට යන එක නතර කිරීම. ඒක වෙනුවෙන් යකා එක්ක උනත් ගනුදෙනු කරන්න රටේ රාළ නං ලෑස්ති. ඒ වගේම ඕනි යකෙකුට ගහන්නත් ලෑස්ති. එක මේ රාජපක්ෂලා කියලා වෙනස් හෙම නෑ.

ඒක නිසා තමයි රටේ රාළ රාජපක්ෂලාට යෝජනා කරන්නේ 20 වෙනි සංශෝධනය අඩුපාඩු හදපු 19 ක් දක්වා රිවෙස් කරන්න කියලා. කරලා භාරකාර ආණ්ඩුවක් හදන්න. හැබැයි ඒ ආණ්ඩුවේ අගමැති රාජපක්ෂ කෙනෙක් වෙන්න බෑ. වැඩේ වෙනවා නම් ඒකට ගැලපෙන මිනිස්සුත් යෝජනා කරන්නම්.

 ඊළඟට රටේ රාළ ඕනි කෙනෙක් දේශපාලන වශයෙන් විවේචනය කරනවා. හැබැයි මඩ ගහන්නේ නෑ. ඒ වගේම ඕනි කෙනෙකුගේ සාපේක්ෂ හොද දකින්නත් ලෑස්තියි.

ඔතනදී තමයි ප්‍රශ්නය එන්නේ සමහරුන්ට අනුව අරයා නරකයි. මෙයා හොදයි. මෙයා නරකයි අරයා හොදයි. ඒ එයාලගේ දේශපාලන කැමැත්ත. රටේ රාළට අනුව ඔය ඔක්කොම නරකයි. හැබැයි කාගෙත් සාපේක්ෂ වශයෙන් හොඳත් තියනවා. ඉතින් මොකද කරන්නේ.

ඇත්තටම රටේ රාළගේ මේ උත්සාහය කාගේත් තියෙන හොද ටික එකතු කරන්න. ඒක සංවිධානාත්මකව මෙහෙයවා ගන්න. සමහරවිට ඒක කරන්න බැරි වෙන්නත් පුළුවන්. ඒත් ඒ උත්සාහය දැරීම වැරදි නෑ. ඒක නිසා අද රටේ රාළගේ යෝජනාවලිය වෙන් වෙන්නේ ශ්‍රීලනිපයට.



ඇත්තටම දැන් ශ්‍රීලනිපය තියෙන්නේ උත්තර දෙකයි. ආණ්ඩුවේ ඉන්නවද එළියට බහිනවද කියන උත්තර දෙක විතරයි. ඒක ඉක්මන් කර ගත්තේ එයාලා විසින්මයි. ඒ අර වාසු - විමල් - ගම්මන්පිලගේ අශුද්ධ සංධාන උගුලට පය තියලා. සමහරු නං කියන්නේ දැන් ශ්‍රීලනිපයට මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වෙලා කියලා.රටේ රාළ නං කියන්නේ ඔතන තව හිටියොත් තෝ නසීම තමයි.

 

මොකද තවත් ශ්‍රීලනිපය මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවා නං ඉන්න වෙන්නේ දෙකේ කොලේට නෙවෙයි තුට්ටුවට වැටිලා. ආය ඉතින් රැක ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. යට ඇදුමත් නැතිව තමයි ඉන්න වෙන්නේ. ශ්‍රීලනිපයෙන් ඡන්දේ ඉල්ලන්න ඕනි ටික දෙනෙක් ඉතුරු වෙයි. ජනතාව නං ඉතුරු වෙන්නේ නෑ.

දැන් ශ්‍රීලනිපයට රැකගන්න පොඩි හරි දේශපාලන පෞරුෂයක් ඉතිරිලා තියනවා නං ඒ ආණ්ඩුවෙන් එළියට බැසීම විතරයි. සමහරවිට එළියට යන්න අදහසක් එයාලට තිබුණා නම් ඒ පලාත් සභා හරි පලාත් පාලන ඡන්දෙදී වෙන්න ඕනි. ඒත් දැන් ඊට මෙහායින් තීරණයක් ගන්න වෙලා. දැන් ලගම එන කඩයිම අයවැය තුන්වෙනි වර කියවීමේ ඡන්ද විමසීම.

ඇත්තටම රාජපක්ෂලාගේ ගෑස් බස්සන්නත් එක්ක ආණ්ඩුවේ තුනෙන් දෙක නැති කරන්න ඕනි. රටේ රාළ කියන්නේ ඒකේ අවමදේ ඡන්දය දීමෙන් වැලකී සිටීම.

ඒ තීරණය ගන්න දැන් ශ්‍රීලනිපයට ඕනි තරම් සාධාරණ හේතු තියනවා. හැබැයි ඒ අවම තීරණයවත් ගන්න බැරිනං ඊට වඩා හොදයි ශ්‍රීලනිපය විසුරවලා දාන ඒක. අයවැය පරදින්නේ නෑ.



රට අරාජික වෙන්නේ නෑ. සූළු බහුතරයකින් අයවැය දිනයි. හැබැයි එතනදී එක දෙයක් වෙනවා. රාජපක්ෂලාගේ බොරු පම්පෝරිය ඉවර වෙනවා. මේ ආණ්ඩුවේ වැරදි ගමන නතර කරන්න ඕනි නං පළවෙනි ප්‍රහාරය එල්ල කරන්න ඕනි ඔය මහ ලොකුවට කයිවාරු ගහන තුනෙන් දෙකට. බලන්නකෝ ඒක නැති කරලා මොකද වෙන්නේ කියලා.

 

හැබැයි ඊට පස්සේ ගමන ලේසී නෑ. රාජපක්ෂලාට තමයි වැඩිම අමාරු. විපක්ෂය බය නෑත්තං රාජපක්ෂලට තරම් අමාරු නෑ.

 ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් එළියට බැසීමත් එක්ක මේ රටේ දේශපාලනය බල සංයුතිය වෙනස් වෙනවා. විපක්ෂට ඇවිත් ස්වාධීන වෙන්න. ඒකෙන් එක දෙයක් වෙනවා. ආයෙත් මේ දේශපාලනයේ බල සංයුතිය වෙනස් වෙනව. ඒ සංයුතියේ පිලිවෙල ගැන ආය කාටත් හිතන්න වෙනවා.

හොදමදේ තමයි අර පක්ෂ දහයක් ඇදගෙන එන්න පුළුවන් නම්. හැබැයි එයාලා එයි කියලා රටේ රාළ ශත පහකට විශ්වාස කරන්නේ නෑ.

එතකොට ආයෙත් ලංකාවේ දේශපාලනයේ සංයුතිය පිලිවෙලකට හදාගන්න පුඵවන්. ඉර ගහලා වෙන් කර ගන්න පුළුවන්. දැන් මෛත්‍රී ඔය කියන නඩුවේ අභියෝග බාර ගන්න ඕනි. තමන් නිර්දෝශයි නම් ඒක අධිකරණයට ගිහින් ඔප්පු කරන්න.

මෛත්‍රීට ඉස්සෙල්ලා තමයි ආණ්ඩුව අනුර කුමාරගෙයි, චම්පික රණවකගෙයි, ෆොන්සේකාගෙයි....තව කට්ටියකගෙයි ප්‍රජා අයිති අහෝසි කරනවා කිව්වේ. හැබැයි අනුරලා, පාඨළීලා, ෆොන්සේකාලා හරියට දෙපයින් හිටගෙන ඒකට අභියෝග කලා. ආණ්ඩුව අකුල ගත්තේ නැද්ද? කෝ දැන් ඒ පොර ටෝක්. දැන් කියයි ඔන්න රටේ රාළ ජවිපෙටයි, 43 ටයි කඩේ යනවා කියලා. ඒවා නං දැන් රටේ රාළට හොදට හුරුයි.

ඒක නිසා ඕවා බොරු මල් වෙඩි සංදර්ශන. ඕවට බය අය නිලා වලටත් බයයි. දැන් රටේ රාළගේ යෝජනාව ශ්‍රීලනිපය එළියට බැසිය යුතුයි. ඒ බැසිම විසින් ඇතිවෙන දේශපාලන සංයුතියේ වෙනස තමයි රටේ රාළ කියන අර දේශපාලන සාකච්ඡාවට ඕනි. කාගෙත් අදහස් එක්ක සාකච්ඡා පටන් ගනිමු.

රටේ රාළ එතකොට කියන්නම් රාජපක්ෂලා ගෙදර යවන්න හදන්න ඕනි සන්ධානය මොකද්ද කියලා.ඒ සන්ධානයේ දස වැදෑරුම් වැඩ පිළිවෙල මොකද්ද කියලා.

ඒත් ඉතින් වතුරට බහින්නේ නැතිව පීනන්නේ කොහොමද?



එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 


THE  LEADER  TV



අපමණ ගලියක් ගොඩ අදී ! | මොණරවිලගේ ලියමන

 

සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න‍‍


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්