ඇත්තටම අද මේ රට මුහුණ දීලා තියෙන ප්‍රශ්නයට උත්තරයක් කියන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ.



ඒකට හේතු දෙකක් තියෙන්න පුළුවන්. සමහරවිට කියන්න එයාලට උත්තරක් නැතිව ඇති. නැත්නම් මේ වරදින විදිහට උත්තරයක් තිබුණත් කියන්න බය ඇති.

ඇත්තටම මේ ප්‍රශ්නයට තියෙන්නේ එකම එක උත්තරයයි. System change එකක් තමයි එකම උත්තරය.

අද හැම කෙනාම System change එකක් ගැන කියනවා. රටේ රාළ නං කියන්නේ මෙයාලා මේ System change එකක් ගැන කියන්නේ දැනුවත්ව නෙවෙයි කියලා. කටට එන එක කියවනවා.

ඊළඟට System change එකක් ඉල්ලන අයත් System change එකක් ඉල්ලන්නේ ඒ ගෑන දැනුවත්ව නෙවෙයි. අනික ඉතින් මේ ගෝඨාභය ජනාධිපතිතුමා ආවෙත් System change එකක් දෙන්න නේද? හැබැයි ඉතින් වෙච්චි System change එකක් නං නෑ.


යන්නම් හරි කොර ගගහා හරි ගිය System එකත් නැතිවෙලා අමුතු Change එකක් නං වෙලා තියනවා. ඇත්තටම දැන් තියෙන්නේ තිබුණට වඩා විකෘතියක්.

දැන් මේ අවස්ථාව ක්‍රම විරෝධීන්ට නං තලු මර මරා කියන්න කතා ගොඩක් ඇති. රටේ රාළත් ක්‍රම විරෝධියෙක් තමයි. මේ පවතින ක්‍රමය වෙනස් කිරීම එකම උත්තරය උනත්.

ප්‍රශ්නය තියෙන්නේ කවුද ඒක කරන්නේ. මොකද ඒක කරන්න සජබෙට පුළුවන්ද? අඩුම ගානේ සජබෙට නෙවෙයි ජවිපෙටවත් ඒක කරන්න පුළුවන්ද?

රටේ රාළ එකක් කියන්නම් මේ රටේ සමාජ පරිවර්තනයට තියෙන පිලිල තමයි ඕවා. අද කිව්වා කියලා ලියලා තියාගන්න.

ඒ වගේම මේ රටේ සමාජ පරිවර්තනය සිද්ධ වෙන්නේ අලුත් නායකත්වයක් යටතේ කියන එක නං දැන් බඩේ බත් වගේ ෂුවර්. අලුත් බලවේගයක් ඒකට නායකත්වය දෙයි. ඒත් ප්‍රශ්නය තියෙන්නේ කවුද ඒ නායකයා කියන ප්‍රශ්නයට රටේ රාළටත් තවම උත්තරයක් නෑ.

ඉතින් එතකන් අපි මොකද කරන්නේ? අපි කවුරුත් මෙහෙම බලා ඉන්නවද? හැබැයි රටේ රාළ නං ඔය බලා ඉන්න කෑල්ලට එකඟ නෑ. අපිත් මේ ක්‍රමය ඇතුළේ අත්හදා බැලීම් කරන්න ඕනි.

සම්ප්‍රදායික ක්‍රම විරෝධීයෙක් වගේ මේ ක්‍රමය විවේචනය කර කර ඉන්න රටේ රාළ එකඟ නෑ. හැබැයි ඒ මේ ක්‍රමය පවත්වාගෙන යන්න නෙවෙයි. මේ ක්‍රමයට පැලැස්තර දාන්නත් නෙවෙයි. නව පරිවර්තනයට සුදුසු අවස්ථාව එනකන් මේක විනාශ වෙන්න නොදී රැකගන්න.

දාර්ශනිකව කියනවා නම් මනෝ මුලික සාධකය පරිනත වෙනකම් රට අරාජික නොවී අල්ලාගෙන තියාගන්න.

ඒකට තමයි රටේ රාළගේ අද යෝජනා ටිකත් වෙන් වෙන්නේ.

ඇත්තටම අද මේ ඇතිවෙලා තියෙන අරාජික බව නැති කරගන්නේ කොහොමද? නිකං හිතන්නකෝ දැන් පුදුම දේශපාලන අරාජිකකමක්නේ මේ රටේ තියෙන්නේ. විධායක බලතල සහිත සර්වබලධාරී ජනාධිපති කෙනෙක් ඉන්නවා, 20 වෙනි සංශෝධනයෙන් අත්තනෝමතික බලතල ජනාධිපතිට දීලා තියනවා. මොනවද එතුමාට කරන්න බැරි (එහෙම ඇහුවම කෙනෙක් කිව්වා මොකුත්ම බෑ කියලා) තුනෙන් දෙකක බලයක් තියන පාර්ලිමේන්තුවක් තියනවා. එහෙම තියෙන රටකට ගෑස් සිලින්ඩරයක් හරියට පුරවලා ඒක සීල් කරගන්න බැරි තැනට වැටිලා.


රටේ රාළ අහන්නේ මෙච්චරයි. ගෑස් සිලින්ඩරයක් පුරවලා හරියට සීල් කරගන්නත් සමාජ පරිවර්තනයක් වෙනකම් ඉන්න ඕනිද? රටේ රාළ කියන්නේ මේ Body එකට තව දේශපාලන ප්‍රතිසංස්කරණ ටිකක් කළොත් මහ ලොකු දේවල් නොවුනත් සමාජ පරිවර්තනය එනකං අපට නොමැරී ඉන්න පුළුවන් වෙයි.

රටේ රාළ කියන්නේ ඔයාලගෙන් මහා ලොකු දේශපාලන ප්‍රතිසංස්කරණය එපා. අපි මේ රට ආපස්සට ගෙනියමු. ඔයාලත් ඒක්ක ඉස්සරහට යනවට වඩා ඒක හොදයි. ඒකට කරන්න ඕනි එක දෙයයි. වහාම අපේ රට අපට Reset කරන්න ඕනි. එහෙම Reset කළොත් ආපහු එතන ඉදන් ඉදිරියට මේක යාවක්කාලීන කරන්න පුළුවන් වෙයි. නැත්තං අර බැසිල් කියනවා වගේ යත්වාකාලීන හරි කරන්න බැරියෑ.

 ඇත්තටම ඒක අපි ඔය කියන සමාජ පරිවර්තනයටත් ලොකු උදව්වක්.

උදාහරණයක් ගත්තොත් දැන් බලන්න අපේ රටේ රාජ්‍ය සේවයට කරලා තියනදේ. ඇත්තටම රාජ්‍ය සේවය නන්නත්තාරම කරලා. ඒකයි රටේ රාළ කියන්නේ රාජ්‍ය සේවයට Reset කිරීමක් ඕනි කියලා. ඒ කියන්නේ රාජ්‍ය සේවය තිබුණ තැනට ගෙනියමු. මෙයාලා රාජ්‍ය සේවය ගෙනියන්න හදන තැනට වඩා තිබුණ තැන ගොඩක් හොදයි. මේ රටේ රාජ්‍ය සේවය සුද්දා ස්ථාපිත කරනකොට ඇති කරපු දියුණු ලක්ෂණ ගොඩක් තියනවා. ආයතන සංග්‍රහයක් තිබුණා. උසස්වීම් පටිපාටියක් තිබුණා. විදිමත් විගණන ක්‍රමයක් තිබුණා. දිසාපතිගේ ඉදන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ගමටම යනකං යාන්ත්‍රණයක් තිබුණා. මෙහෙම ලක්ෂණ ගොඩක් තියනවා.


අද මොකද්ද වෙලා තියෙන්නේ මේවා තූ තූ කරලා විනාශ කරලා දාලා. චක්‍ර ලේඛන ගණන් ගන්න එපා මම කියන එක තමයි නීතිය කියලා කියන ජනාධිපති කෙනෙක් ඉන්න රටක් මේක. රාජ්‍ය සේවයේ උසස්වීම් ක්‍රමවේදවලට පයින් ගහලා සුදුස්සෝ වෙනුවට නුසුදුස්සෝ උඩට අරන්. මෙලෝ දැනුමක් නැති පාංකඩයෝ ටිකක් තමයි අද රාජ්‍ය සේවයේ උඩම ඉන්නේ. සුදුස්සා තලලා පොඩි කරලා විනාශම කරලා.

ඒ උඩට ගත්ත උන් එක්ක දේශපාලුවා බිස්නස් කරනවා. විගණනයක් නෑ. වංචා දුෂණවලට එරෙහිව පියවර ගන්න තැනක් නෑ. පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතුළු රජයේ ආයතන අද හොරකමට අනුබල දෙන ආයතන බවට පත්වෙලා. කිසිම දැනුමක් නැති නිළධාරින් ගහන ගහන ගැසට් එක රිවස්.

රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරුවලට සිවිල් සේවය ගැන දැනුමක් නැති හමුදා නිලධාරීන් පත්කරලා. දිසාපතිට උඩින් හමුදා නිලධාරියෙක් ඉන්නවා. ඇත්තටම දිසාපතිලා ඉන්නේ කලකිරිලා. හිත් රිදීම් හැමතැනම, බිද වැටීම් හැමතැනම. රාජ්‍ය සේවය බෙදලා. ඇත්තටම රාජ්‍ය සේවය හාන්සි කරලා. තව ටික දවසකින් මේක නිර්වින්දනය වෙනවා. ඊට පස්සේ අකල් මරණයක් තමයි. ඊට පස්සේ නං ආදාහනය කළත් එකයි. භූමදානය කලත් ඒකයි.


ඉතින් මීට වැඩිය නරකද මේක තිබුණ තැනට ගෙනියන එක. ඉතිහාසයේ කොච්චර විදිමත් රාජ්‍ය සේවයක් තිබුණද? කොච්චර වැදගත් මිනිස්සු රාජ්‍ය සේවයේ හිටියද? ඇත්තටම ලොකු වැඩ එපා. අපට ආසියාවේ ආශ්චර්යය වෙන්න ඕනිත් නෑ. දැනුමේ කේන්ද්‍රස්ථානය වෙන්න ඕනිත් නෑ. අර තිබුණ රාජ්‍ය සේවය අපට අරන් දෙන්න. ඇත්තටම මේකට කියන්න ඕනි රාජ්‍ය සේවය නෙවෙයි රාජපක්ෂ සේවය කියලා. මේක තිබුණ විදිහට Reset කරලා දෙන්න.

ඊළඟට මේ තියන දේශපාලන සංස්කෘතික මොකද්ද? මේකත් Reset කරන්න ඕනි. බලන්න ජනාධිපතිගේ ඉදන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා තියෙන්නේ බාල දේශපාලන සංස්කෘතිකයක්. අවුරුදු පහකට රටේ පාලන බලයට එන ජනාධිපති, අගමැති, ඇමති, මහ ඇමති, පලාත් සභා මන්ත්‍රී, ප්‍රාදේශීය සහාවේ සභාපති නැත්තං නගරාධිපති.

පලාත් පාලන මන්ත්‍රීලා හැසිරෙන විදිහ බලන්න. ඇත්තටම සත්තු වගේ. කෙලින්ම කිව්වොත් මී හරක් වගේ. ජනාධිපති කරන කරන වැඩේ අවුල්. එයා වැඩකරන්නේ කැබිනට් එක පාර්ලිමේන්තුව නොසලකා හරිමින්. මම තමයි හොදටම කළේ කියන මහන්තත්ත කමින් අර තියෙන සියලු ව්‍යුහයන්ට පයින් ගහලා එතුමා හමුදාව එක්ක වැඩ. නැත්නම් ජනාධිපති කාර්ය සාධක බලකා හද හදා ඔහේ වැඩ. පාර්ලිමේන්තුව ශත පහකට ගණන් ගන්නේ නෑ. මේ පාර්ලිමේන්තුවේ ගණන් ගන්න දේකුත් නෑ තමයි. හැබයි ඉතින් මේ රට Function වෙන විදිහක් තියනවානේ.

කැබිනට් එක වහල්ලුම වෙලා. රටට ව්‍යවස්ථාවක් හදනවා නං ඒක කරන්න ඕනි පාර්ලිමේන්තුවෙන්. මෙයාලා ඒක හදන්න හදන්නේ පාර්ලිමේන්තුවට පිටින්. කොහේහරි යන ගොබ්බ සේනලා ටිකක් දාගෙන. එක රටක් එක නීතියක් හදන්න දීලා තියෙන්නේ සංහිදියාව උපරීමයටම කඩපු කෙනාට. ඒවට අත උස්සන සිග්නල් කණු තමයි පාර්මේන්තූවේ ඉන්නේ. කැබිනට් එකේ ඉන්න ඔක්කොම බිස්නස්. ඇමතිලා කියන්නේ කොමිස් king ලාTen percent වල සිට Two Percent දක්වා පහලට කට්ටිය ඉන්නවා. සමහරු Twenty percent වලටත් යනවා.


 ප්‍රාදේශීය දේශපාලනයේ ඉන්න එකා කුණු ට්‍රැක්ටරයෙනුත් හොරා කනවා. හොරාට ලයිට් ගන්නවා. ඇත්තටම පල් හොරු රැළක් රට පාලනය කරනවා. ජනතාවගේ බඳු මුදලින් ගෙන්වන එන්නත විදින තැන මන්ත්‍රී ඉන්නවා. මිනිහාගේ ටෝගන් එකට තමයි එන්නත දෙන්නේ. මන්ත්‍රීයා එතන ඉන්නේ උගේ සල්ලිවලින් එන්නත ගෙනත් විදිනවා වගේ.

ඇත්තටම එක වෙලාවකට හිතෙනවා මොන බූරුවෝද මේ රටේ ඉන්නේ කියලා. ඔක්කොම වැඩ වෙන්නේ ජනාධිපතිගේ ඉදන් පහලට ඒ ඒ අයගේ සංකල්පවලට අනුව. මේ මොන මල විකාරයක්ද? ඒක නිසා මේ කාලකණ්නි දේශපාලන සංස්කෘතික Reset කරන්න ඕනි.

අපට අනාගතේ පහල වෙන දියෙන්ලා එපා. අපට ගෙනත් දෙන්න 77 ට ඉස්සෙල්ලා හිටපු පිරිසිදු දේශපාලනඥයාව. පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට තිස්ස කුට්ටි අපහාස කරන කොට ඒ දිහා බලා ඉන්න කතානායලා මොකටද? අගමැතිලා,ජාතික සංවිධායකලා මොකාටද? ඒ වෙනුවට අපට ගෙන්ත් දෙන්න අගමැතිට පාර්ලිමේන්තුවේදී අනුර බණ්ඩාරනායක උඹ කිව්වා කියලා තමන්ගේ පුතාට තරවටු කරපු සීරිමාවෝ බණ්ඩාරනායකගේ දේශපාලන සංස්කෘතිකය. අගමැති විදිහට හිටලා මැරෙනකොට බැංකු පොතේ රුපියල් 428 ඉතිරි වෙලා තියන ඩඩ්ලිගේ ආදර්ශය. එතෙන්ට මේ රටේ දේශපාලන සංස්කෘතික පසු බස්සමු. ReSet කරමු.


රටේ රාළට අද කතා කරන්න වෙන්නේ ඔය දෙක ගැන විතරයි. තව ගොඩාක් තියනවා Reset කරන්න. හෙමිහිට කතා කරමු. හදිස්සියේ කිව්වා කියලා කාට කියලා Reset කර ගන්නද? සමහර විට Re fire කර ගන්න වෙන්නත් බැරි නෑ. කමක් නෑ.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 


 

THE  LEADER  TV


අවි ගත්තෝ අවියෙන්ම නසින ලකුණු ! | මොණරවිලගේ ලියමන
 

 
 
ජනාධිපති නියෝග පයිසෙට වැටෙයි! | The Leader TV
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්