ඊයේ පකිස්ථානයේ සියල්කොට්වල සිද්ධ උන අතිශයින් අමානුෂික සිද්ධිය ගැන ශ්‍රී ලංකිකයෙක් විදිහට කතා නොකර ඉන්න බෑ.

රටේ රාළ වගේ කෙනෙකුට එහෙම නිහඩව ඉන්න අයිතියකුත් නෑ. ඇත්තටම ශ්‍රී ලාංකිකයකුට වෙන රටකදී අත්වෙන්න ඊට වැඩිය ඛේදනීය ඉරණමක් නෑ.

 ඒ අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දුන්නේ වෘත්තීයෙන් ඉංජිනේරුවෙක් වෙච්චි, පකිස්ථානයේ කර්මාන්ත ශාලාවක අවුරුදු එකොළහකට වැඩි කාලයක් සේවයක කරපු ප්‍රියන්ත කුමාර දියවඩන කියන ශ්‍රී ලාංකිකයා.

රටේ රාළ ඉස්සෙල්ලාම එතුමාගේ බිරිඳ, දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටම තමන්ගේ සාතිශය සංවේගය පිරිනමනවා. ඒ වගේම ප්‍රියන්ත කුමාර දියවඩන සොහොයුරාට උතුම් නිවන් සුව අවබෝධ වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

ඇත්තටම මේ ප්‍රශ්න ඇතුළේ කතා කරන්න ලොකු දේශපාලනයක් තියනවා. හැබැයි මේවගේ ප්‍රශ්නයක දේශපාලනය කතා කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. ඒ වගේම තමයි සම්පූර්ණයෙන්ම විවෘත වෙන්න ඕනි. ඒ විවෘතකම, සංවේදීකම ඕනැවටත් වැඩිය රටේ රාළට තියනවා. ඒක නිසා මේතනදී හරි කෙලින් වගේම ඇත්ත වචන පිටකරන්න ඕනි.


ඇත්තටම මේ සිද්ධිය ඉතාම ම්ලේච්ඡ එකක්. අද ලෝකය වෙලා ගනිමින් තියන ආගම් අනාතවාදයේ ම්ලේච්ඡත්වයේ තරම මේකෙන් පේනවා. මීට ඉස්සර මේ වගේ කුරිරු ඝාතන අපි දැක්කේ සිරියාවේ ISIS සංවිධානය කරනවා. පණ පිටින් මිනිස්සුන්ගේ බෙල්ල කපනවා, පනපිටින් මිනිස්සු පුච්චනවා.හිතා ගන්නවත් බැරි කෘරත්වයක්.මේත් ඒ පන්නයේ ඊට දෙවෙනි නොවෙන ඝාතනයක්.



හැබැයි මෙතනදි එකක් කියන්න ඕනි මේක ප්‍රියන්ත කුමාර දියවඩන ශ්‍රී ලාංකිකයෙකු වීම නිසා එල්ල උන ප්‍රහාරයක් නෙවෙයි. ප්‍රියන්ත කුමාර දියවඩන සහෝදරයා සිංහල බෞද්ධයෙකු වීම නිසා එල්ල වෙච්චි ප්‍රහාරයක් නෙවෙයි. ඒක ගැන වැරදි අර්ථ කථන නං දෙන්න එන්න එපා. ලෝකයේ ඉන්න හැම ජාතියකම පුද්ගලයෙකුටම තියෙන තර්ජනයක් මේක. ඒ තර්ජනයේ අලුත්ම ගොදුර උනේ අපේ ප්‍රියන්ත සහෝදරයා.

ඒක නිසා අපට එක දෙයක් පැහැදිලියි. ලෝකයේ කොතැනක කොයි වෙලේ මතු උනත් ආගමික අන්තවාදය කියන්නේ උන්මත්තක එකක්. ජාතිවාදයත් එහෙමයි. උන්මත්තකයි. මොන ආගමික ස්වරූපයෙන් මතු උනත් ඒක උන්මත්තකයි. මොන ජාතිකත්ව අනන්‍යතාවයෙන් මතු උනත් ජාතිවාදයත් එහෙමයි.
ඒක සුළු ජාතිකද මහ ජාතිකද කියලා අදාල නෑ. ඒක කුරිරුයි.

ඒක නිසා ආගමික අන්තවාදය, උන්මත්තක ජාතිවාදය ලෝකයෙන් දවසක තූරන් කරන ඕනි. ඒක දැන් කරන්න පුළුවන් නං දැන් රටේ රාළ වැඩේට ලෑස්තියි.

ඇත්තටම ඉස්සාමීය ආගමික අන්තවාදය අද ලෝකයට තියන බරපතල පිලිලයක්. විශේෂයෙන් අරාබිකරයට. ඒ වගේම අද ඒක ලෝකය පුරා කරක් ගහනවා. ඇත්තටම පකිස්ථානය කියන්නේ ඒ උන්මත්තක ආගමිකයන් අන්තවාදීන් බැට කන රටක්. ඒකට හේතුව තමයි ආගම්ක සංකල්ප පදනම් කරගෙන දැඩි මතධාරී නිකායන් ඈතිවීම. මුල් ආගම්ක මතවාදයට පස්සේ එකතු කරපු උන්මත්තක සංකල්ප මේවා. හැම ආගමකම ඒක දක්නට ලැබෙනවා.



ලෝකයේ මේ දක්වා පහල උන පරම අවිහිංසාවාදියා විදිහට සලකන බුදු හාමුදුරුවන්ගේ දර්ශණයටත් එහෙම විකෘති කරපු ආගමික සංකල්ප ගොඩක් එකතු කරලා තියනවා. සිංහල බෞද්ධ සංකල්පය අද යොදාගන්නෙත් ඒ වරද වෙනුවෙන්. ඉතින් අනිත් ඒවා ගැන කවර කතාද? ඉස්ලාම්ය අන්තවාදය කියන්නෙත් එහෙම එකක්. එහෙම නිකායන් සියගානක් ලෝකයේ තියනවා. ඇත්තටම පාකිස්ථානය ඒකෙන් තදින්ම බැට කන රටක්. මේ වෙනකොට විදේශිකයන් නෙවෙයි පාකිස්ථානුවන්ම ඒ අන්තවාදයේ ගොදුරු බවට පත්වෙලා.



පකිස්ථානයට තමන්ගේ ශිෂ්ඨත්වය ලෝකෙට කියන්න බැරි ප්‍රධාන බාධාවක් ඒක. මේ වෙනකොට පකිස්ථානුවන් සිය ගානක් ඒ උන්මත්තක ආගමික අන්තවාදයට ගොදුරු වෙලා ඉවරයි. ඒකට පකිස්ථානයේ පොඩි දරුවන් පවා බිලි වෙනවා.

ඔයාලට මතක ඇති පසුගිය දවසක ඔය වගේ අන්තවාදී ආගමික සංවිධානයකට සම්බන්ධ පකිස්ථාන ජාතිකයෙක් තමන්ගේ දුව නොගැලපෙන ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තා කියලා. පවුලේ සියලු දරුවන් මරලා දැම්මා. ඒක නිසා ආගමික අන්තවාදයේ කෘරත්වය තාත්තගෙන් දරුවට උනත් එන්න පුළුවන්.

කොහොම උනත් දැන් ප්‍රියන්තගේ සිද්ධිය වෙලා ඉවරයි. ඇත්තටම මේ ප්‍රශ්නය ඉස්සරහා පකිස්ථාන ආණ්ඩුව හැසිරෙන විදිහ බොහෝම රාජ තාන්ත්‍රිකයි. ප්‍රසස්ථයි. විශේෂයෙන් පකිස්ථාන අගමැති ඉම්ද්‍රාන් ඛාන්. ඒ වගේම පකිස්ථාන ජනතාවත් ඒ බව පෙන්වනවා. එයාලා අන්තර්ජාලයට මුදා හැරලා තියෙන කමෙන්ට්ස්වලින් ඒක පැහැදිලිව පේනවා.



sorry SL 1
'සමාවෙන්න' - පාකිස්තාන වැසියෝ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලති



පකිස්ථාන අගමැතිගේ පටන් බහුතර පකිස්ථාන ජනතාව අපි වගේම ලොකු කම්පනයක් පෙන්වනවා. ඒ වගේම ඒ සිද්ධිය ගැන එයාලා ලැජ්ජා වෙනවා. ඒක පකිස්ථානයට වෙච්චි මහා කැලලක්.

සමහරවිට එතනදී නම් ප්‍රියන්ත කුමාර දියවඩන ශ්‍රී ලාංකිකයෙකුවීම ගොඩක් බලපානවා ඇති. මොකද පකිස්ථානය හා ශ්‍රී ලංකාව කියන්නේ බොහොම මිත්‍රශීලී රටවල් දෙකක්. ශ්‍රී ලාංකිකයන්ගේ උප විඥානය ඇතුළේ පකිස්ථානයට දක්වන විශේෂ ගෞරවයක් තැන්පත් වෙලා තියනවා. වර්තමාන අගමැති ඉම්ද්‍රාන් ඛාන් ඒක තවත් වැඩි කලා.

ඇත්තටම මේ ප්‍රශ්නයේදී ප්‍රියන්ත කුමාර දියවඩනට යුක්තිය ඉෂ්ඨ වෙන්න ඕනි. ඒ පවුලට යුක්තිය ඉෂ්ඨ වෙන්න ඕනි. ඒ මහන්සිය පකිස්ථානය ගන්න බව පේනවා. ඉම්ද්‍රාන් ඛාන් ඒ වැඩේට පෞද්ගලිකව මැදිහත් වෙන බව පේනවා. දැනටත් ඝාතනයට නායකත්වය දුන්න පුද්ගලයා එක්ක 150 ක් විතර අත්තඩංගුවට අරන්.

ඇත්තටම අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවට වඩා ඉක්මනින් පකිස්ථානයේ නීතිය ක්‍රියත්මක වෙනවා. ඉම්ද්‍රාන් නිසා ඒක තවත් තහවුරු වෙනවා.



WhatsApp Image 2021 12 04 at 8.27.05 PMපාකිස්තානයේ ඇතැමුන් සිංහලෙන් පළකර ඇති ට්විටර් සටහන්..



පහුගිය කාලේ ඔය වගේ සිද්ධි දෙකක් අපේ රටේත් සිද්ධ උනා. හැබැයි ඒ ආගමික අන්තවාදය විදිහට නෙවෙයි. ලංකාවේ සංචාරක කරපු විදේශ පෙම් යුවලක පෙම්වතිය මරලා දැම්මා. රටේ රාළට මතක විදිහට පෙම්වතා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. පෙම්වතිය රුසියන් ජාතික තරුණියක්. තමන්ගේ පෙම්වතා ඉස්සරහා පෙම්වතිය දුෂණය කරලා මැරුවා.

ඒ වගේ තවත් විදේශ තරුණියක් උස්සලා පොලවේ ගහලා මරලා දාපු අවස්ථාවක් තිබුණා. ඇත්තටම අපේ රටේ අධිකරණය ඒවාට යුක්තිය ඉෂ්ඨ කළා.ඒ වගේම ඒ ඝාතන ඉස්සරහා ඒ රටවල් බොහෝම වගකීම් සහගත විදිහට හැසිරුණා.

ඒ වගේම පාස්කු ප්‍රහාරයේදී විදේශකයන් ගණනාවක් මැරුණා. එකම පවුලේ කීපදෙනෙක් ඒ අතර හිටියා. එයාලා අපට උදව් කරන්න ආපු අය.



ඒක නිසා මේ වගේ වෙලාවක අපේ හැසිරීමත් වගකීම් සහගත වෙන්න ඕනි. ඇත්තටම මේ අවස්ථාවේදී අපේ රටේ ජනතාව බොහොම වගකීම සහගත විදිහට හැසිරෙන බව පේනවා. නැත්තං මේක තවත් මුස්ලිම් විරෝධයක් දක්වා ගෙනියන්න පුළුවන් වැඩක්. හැබැයි ඒ අවධානම තවම පහ වෙලා නෑ. මොකද ප්‍රියන්ත කුමාර දියවඩන සහෝදරයාගේ දේහයේ ඉතුරු වෙලා තියෙන දෙයක් තියනවා නං ඒක ලංකාවට ගේන්න ඕනි. ඒක ඥාතීන්ට බාර දෙන්න ඕනි. ඒකට පාංශුකූලය දෙන්න ඕනි. ඔය කාලය කියන්නෙත් අනතුරු සහිත කාලයක්.



අපි දැක්කා ප්‍රියන්ත කුමාර දියවඩනට යුක්තිය ඉල්ලලා මෙහේ සංවිධාන කතා කරනවා. ඒක සංවිධානයකට දෙකට අයිති දෙයක් නෙවෙයි. ජාතියක් විදිහට අපි කරන්න ඕනි දෙයක්. රාජ්‍ය තාන්ත්‍රිකව කරන්න ඕනි. හැබැයි ඒ සටන් පාඨය තවත් අන්තවාදී කණ්ඩායම් වලට කොල්ල කන්න දෙන්න බෑ.

රටේ රාළ කියන්නේ මෙච්චරයි මේකට යුක්තිය ඉල්ලමු. ඒක ගැන ප්‍රශ්නයක් නෑ. හැබයි පිලිගන්න ඕනි ඒක නොවෙනවා කියලා සැකයක් තවම නෑ. ඒක නිසා යුක්තිය ඉල්ලලා පාරේ පිකට් කරන්න ඕනි නෑ. තැන තැන පාංශකූල දෙන්ප ඕනි නෑ. ඒවට ලෑස්ති වෙනවා නං ඒ ලෑස්ති වෙන්නේ වෙන වැඩකට. අපිට තියෙන්නේ ඒ පවුලේ උදවියගේ හිත හදන්න මැදිහත් වෙන්න. ඒ බිරිඳ දරුවන් ඇතුළු ඥාතින් මානසික වශයෙන් ශක්තිමත් කරන්න. ඒ ඇති.

අපේ රටේ හැම පක්ෂ නායකයෙක්ම ඒ ගෙදෙට්ට ගොඩ වෙන්න ඕනි. පැත්ත පළාතේ යන්න හොද නැති කට්ටියකුත් ඉන්නවා. වැඩේ යන විදිහ බලලා රටේ රාළ ඒ නම් ටිකත් කියන්නම්.


263309683 465129938301517 5481614596832607188 nඅනික මේ වෙලාවේ අපට කරන්න පුළුවන් හොදමදේ ප්‍රියන්ත කුමාර දියවඩනගේ පවුලේ වගකීම රටක් විදිහට බාර ගැනීම. ඒ දරුවන් ඇස් පාදන්න රටක් විදිහට මැදිහත් වීම.

ඊළඟට රටේ රාළ ඉතාමත් සංවේදී ඉල්ලීමක් කරනවා. ඔය සිද්දිය තමන්ගේ ෆේෂ් බුක් පිටුවට ශෙයා කරන්න එපා. ඒ විඩියෝ එක වැඩි වැඩියෙන් අන්තර්ජාලයට මුදා හරින්න දායක වෙන්න එපා.ඒ කේ තියන කෘරත්වය මේ සමාජය බලන්න ඕනි නෑ. නිකං හිතන්න තමන්ගේ අප්පච්චිට අත්වෙන්න ඉරණම ඒ දරුවන්ට බලන්න පුළුවන්ද? ඒක දැකීමෙන් ඒ දරුවන්ගේ මානසික මට්ටම මොකක් වෙයිද, බිරිදගේ, දෙමව්පියන්ගේ. ඒකට දායක වෙන්න එපා.


ප්‍රියන්ත කුමාර දියවඩන සොහොයුරා වෙනුවෙන් කරන්න තියෙන ලොකුම ගෞරවය තමයි එයාලගේ දිවි පිදීම ඉදිරියේ තවත් එක බිල්ලක්වත් නොදී ඒ දිවිපිදීමට ගෞරවනීයත්වය ආරෝපණය කිරීම. රටක් විදිහට අපි ඒක කරමු. ලංකාවේ මුස්ලිම් සමාඡයෙන් රටේ රාළ ඒ ඉල්ලීම විශේෂයෙන් කරනවා. ඒක තමයි ශ්‍රී ලාංකික අපේ වැදගත්කම. ශ්‍රී ලාංකීය පෞරුෂය. ඒක දිවි හිමියෙන් රකිමු.

 
Priynatha witharana

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි.ජයවේවා.

මීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)
 
 
THE  LEADER  TV
 
 

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය 

 

පිස්සුකුට්ටයා පිටුපස ඉන්න පිස්සා මැදමුලනේ !| මොණරවිලගේ ලියමන  

 

 
ස' Tool මාරු කරයි! ගොඩයයිද?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්