2024 දී ජනාධිපති වෙන්ඩ බලාගෙන ඉන්න වෙන්ඩ ජනාධිපතිලගෙත් ඉරණම තීරණය කරන අවුරුද්දක්.

රටේ රාළ එහෙම කියන්නේ නිකං නෙවෙයි. රටක් විදිහට මේ වෙනකොට අපට වෙන්ඩ තියෙන ගොඩක් නස්පැත්ති වෙලා තියෙන්නේ.


තව ඉතින් වෙන්ඩ කියලා ලොකු දේකුත් නෑ. රට බංකොලොත්වීමේ සීමාවේ ගැට්ටේ තියෙන්නේ. ජනවාරි මාසේ 18 වෙනිදාට ස්වෛරී බැදුම්කරවලට ගෙවන්න තියෙන ඩොලර් මිලියන 500 ය ගෙවන්න බැරි උනොත් බඩුම තමයි.

ඇත්තටම දැනට අපට තියෙන ඩොලර් සංචිතයත් එක්ක හිතුවට පස්සේ ඒක ගෙවලා දාන එක බරපතල ප්‍රශ්නයක්. කවුරු හරි අපිව බේරගන්නම ඕනි. ඊළගට ඒ බේරන්න එන එකා අපේ ස්වෛරීත්වය උදුරා ගන්නවා.

විදෙස් වත්කම් සංචිතයේ තව තියෙන්නේ ඩොලර් බිලියන 1.2 ක් විතරයි. ඒ ගාන එන්නේ රත්තන් සංචිතයත් එක්ක. එහෙම උනොත් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන අපිව බංකොලොත් සීමාවට ඇදලා දානවා. Pitch ලා Moodys ලා ඒකට කට ඇරගෙන බලා ඉන්නවා.

එදාට ජනාධිපතිට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරනවා කියලා කරන්න වෙන්නේ බංකොලොත් වෙච්චි රටක පාර්ලිමේන්තු සැසිවාරයක් පටන් ගැනීම. ඊට වඩ හොදයි ඒක තවදුරටත් වහලා තියෙන එක. බංකොලොත් වෙච්චි රටකට කරන බංකොලොත් රාජාසන කතාවක් තමයි කරන්න වෙන්නේ.


1639803127 Fitch downgrades Sri Lanka long term foreign currency IDR to CC L
විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් රේටින්ස් "Fitch Ratings" අනතුරු අඟවයි. ඒ අනුව "ෆිච් රේටින්ස්" විසින් ශ්‍රී ලංකාවේ Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) ශ්‍රේණිගත කිරීම 'CCC' සිට 'CC' දක්වා පහත දමා ඇත.


 

මේ ප්‍රශ්නයට කාටවත් උත්තර නෑ. රට ඇතුළේ ආර්ථික දැනටමත් සෘණ අගයක් අරගෙන. මොළ හතේ විද්වතා පැනලා ගිහිල්ලා. උද්දමනය වේගයෙන් ඉහළ යනවා. ජනතාවට අතේ තියන සොච්චමෙන් කැදත් බොන්න බැරි තත්වය ළග ළගම එනවා.


රටේ පාලකයෝ උත්තර නැතිව බයිලා ගහනවා. වෙන්ඩ ජනාධිපතිලාත් රාජපක්ෂලා පතුරු ගගහා ඉන්නවා. එයාලාත් කරන්නේ රාජපක්ෂලා පතුරු ගහන එක විතරයි. ප්‍රශ්නයට උත්තරයක් කියන්නේ නෑ. ඒ උත්තරයක් නැති නිසා වෙන්න ඇති. මොකද රාජපක්ෂලා පතුරු ගැසීම ප්‍රශ්නයට උත්තරයක් නෙවෙයි.


ඇත්තටම උත්තර නැති වෙන්ඩ ජනාධිපතිලා සියලු දෙනා මේ අර්බුදය ඉස්සරහා වාෂ්ප වෙන්න ඕනි. ඒ වාෂ්පවීමට දැනටමත් රාජපක්ෂලා ලක්වෙලා. රාජපක්ෂලාට විතරක් නෙවෙයි ඒ වාෂ්පවීමේ අවධානම සජිත්ට. අනුරට, පාඨළීට, විජේදාසට, ෆොන්සේකාට, අර්ජුනට ඔය ඕනි කෙනෙකුට තියෙනවා.




වාෂ්ප නොවී ඉන්න නං මොකද කරන්න ඕනි?

ඇත්තටම රටේ රාළ හිතුවා මේ ප්‍රශ්නය වෙන්ඩ ජනාධිපතිලා එක්ක වෙන වෙනම කතා කරන්න ඕනි කියලා. ඒ සාකච්ඡාව ඉස්සෙල්ලාම ජවිපෙන් පටන් ගන්න රටේ රාළට හිතුනා. රටේ රාළත් අවුරුදු 20 ක් හිටපු තැනනේ.

ඇත්තටම මේ වෙලාවේ ජවිපෙ ඉස්සරහා තියෙන කාර්යහාරය මොකද්ද? ඒක හරියට ජවිපෙ විග්‍රහ කරගෙන තියනවද? රටේ රාළ කියන්නේ ජවිපෙ මේ ප්‍රශ්නයට හරියට විග්‍රහ කරගන්න ඕනි. ඒක කරගන්න ඕනි ප්‍රශ්නය ජවිපෙ ඉතිහාසය අස්සේ තියාගෙන. හැබැයි අද ජවිපෙ කරන්නේ ඉතිහාසයෙන් වියුක්තව වෙලා ප්‍රශ්නය විග්‍රහ කරන්න ගිහින් නැති විනාශයක් ලගා කරගැනීම විතරයි.

ඇත්තටම ජවිපෙ තරම් විනාශයන්ට ලක් වෙච්චි පක්ෂයක් තවමත් නැතිව ඇති. ඒ හැම විනාශයකදීම ජවිපෙ ආයෙත් නැගිට්ටා. හැබැයි ඊට පස්සේ ආයෙත් විනාශ උනා. එක වෙලාවකට හිතෙනවා ජවිපෙ නැගිට්ටේ විනාශ වෙන්නද කියලා.

 

iuejr
ඒක වෙලාවක ජවිපෙ ශාරීරික වශයෙන් සමූළඝාතනය උනා. හැබැයි ඒ විජේවීරගේ ඡේවීපී එක. සෝමවං ආයෙත් ජවිපෙ නැගිට්ටෙව්වා. ඊට පස්සේ ජවිපෙ ශාරීරික වශයෙන් ඝාතනය උනේ නැති උනාට දේශපාලන වශයෙන්ද සමූළඝාතනය උනා. ඇත්තටම ජවිපෙ 3% වැටීම කියන්නේ දේශපාලන වශයෙන් සමූළඝාතනය වීමක්.



මෙතනින් තවත් වලපල්ලට යනවාද නැතිනම් නැවත නැගී සිටිනවාද කියන ප්‍රශ්නය ජවිපෙ ඉස්සරහා දැන් තියනවා. ඇත්තටම මෙතනදී ජවිපෙට ඒ තත්වයෙන් මිදෙන්න බාධා කරන පරිනාමිකව පහත් ලක්ෂණ කීපයක් ජවිපෙ ඇතුළේ නිධන්ගත වෙලා තියනවා.

ඉතිහාසයේ පටන් මේ දක්වා ජවිපෙට නිවැරදි කරගන්න බැරි උන ජවිපෙ ඇතුළේම තියන ප්‍රතිගාමී ලක්ෂණ ගණනාවක් තියනවා. අදත් ජවිපෙ ඒ අවාසනාවට මුහුණ දීලා.

ඇත්තටම ජවිපෙට හැමදාම තිබුණේ තමන් ගැන වැරදි තක්සේරුවක්. ඒක වැරදි වගේම මෝඩ අධිතක්සේරුවක්. ඒක 1982 ජනාධිපතිවරණයේදී විජේවීරටත් තිබුණා. ඒ වගේම 2019 ජනාධිපතිවරණයේදී අනුර දිසානායකටත් තිබුණා. දැන් ජවිපෙට ඒ පිස්සුව ඉස්මුරුත්ත වෙලා. නැත්තං 3% තියාගෙන ජනාධිපති වෙන්න හිතයිද? ඇත්තටම ඔළුවේ අප්පෙට් එකක් නැති කෙනෙකුට නං එහෙම හිතෙන්න විදිහක් නෑ. ඇත්තටම ජවිපෙ සිහි බුද්ධිය ඔළුවෙන් ගිලිහිලා.

ජවිපෙ උපක්‍රම මාරු කිරීම අතින් ඉන්නේ ඉතාමත් දුර්වල තැනක. ඒක 1989 සන්නද්ධ අරගලය ඇතුළෙත් උන බරපතල දේශපාලන වරැද්දක්.

උදාහරණයක් ගත්තොත් ඉන්දියන් හමුදාව ලංකාවට ගොඩබැහීමත් එක්ක ජවිපෙ ගොඩනගපු දේශප්‍රේමී අරගලය ප්‍රේමදාස ඉන්දියන් හමුදාව යැවීමත් එක්ක ඒක වෙනස් කරන්න ඕනි වෙලා තිබුණා. නමුත් ජවිපෙට ඒක අලුත් උපක්‍රමයකට මාරු කරගන්න බැරි උනා. අයුධය ගැන තියලා තිබුණ විශ්වාසයෙන් මිදෙන්න බැරි උනා. ඒ වරද විසින් ජවිපෙ සමූලඝාතනය උනා.  විජේවීර සහෝදරයා ඇතුළු මහා සම්පත් ගොඩක් අපට නැති උනා.

ඇත්තටම අදත් ජවිපෙ ඇතුළේ ප්‍රචණ්ඩත්වයට ලොකු තැනක් තියනවා. රටේ රාළ ඒක ප්‍රචණ්ඩත්වයෙන් බැට කාපු කෙනෙක්. ජවිපෙ හිතන්නේ ඒක වීරත්වය කියලා. නෑ ඒක බියඟුළු නිවටකමක්. අදත් ජවිපෙ අතින් දැන හෝ නොදැන ඒ වරද දිගටම වෙනවා. අද මේ දේශපාලන අර්බුදය ඉස්සරහා දේශපාලන උපක්‍රම තෝරගන්න බැරි දෘෂ්ටිමය අර්බුදයක ජවිපෙ ඉන්නවා. ඒකට ගොඩක් දුරට බලපාන්නේ ජවිපෙ නායකයන්ගේ මූලධමවාදී යල්පැනගිය ස්ථාවරයන්.



ජවිපෙ නායකයන් මරාගෙන මැරිලා ට්‍රයි කරන්නේ ලෙනින්ගේ වෙළුම්වලට සාධාරණය ඉෂ්ඨ කරන්න. ලෙනින් දැන් හිටියා නම් ඒ සියලු උපක්‍රම වෙනස් කරලා. ලෙනින් තරම් වේගයෙන් උපක්‍රම වෙනස් කරපු නායකයෙක් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය තුළම නෑ.

 
 
 මුලධාර්මික ස්ථාවරයන් විසින් ඉතිහාසය පුරා ජවිපෙ තල්ලු කළේ පක්ෂයට බරව තීරණ ගන්න මිසක් රටට බරව තීරණ ගන්න නෙවෙයි. ඒක නිසා ජවිපෙ පක්ෂයට බර පහසු තීරණ ගන්න යොමු වෙලා තියනවා.

ඉතිහාසයේ ආයුධ ගැනීම වගේම වර්තමානයේ ජවිපෙ නායකයන් එල්බගෙන තියෙන මුලධර්මවාදී මත ඒකට බලපානවා. මේකෙන් වෙන්නේ ජවිපෙ ජනතාව විශ්වාස නොකරන තැනකට තල්ලු වීම. රටට ඕනි තීරණය ඕනි වෙලාවකට ගන්න බැරි අසරණකමක් ජවිපෙ තුළ තියනවා. අද නැවතත් ජවිපෙට ඒ උරගා බැලීමට මුහුණ දෙන්න වෙලා.

රාජපක්ෂලාගේ ආසාර්ථකකම වගේ විපක්ෂයේ අසාර්ථකකම විසින් ජවිපෙට යමි සමාජමය ඉඩකඩක් ආයෙත් හම්බ වෙමින් තියනවා. ඒක අවංකව පිලිගන්න ඕනි. ඒ ආයෝජනය හරියට කරගන්න ජවිපෙ දන්නේ නෑ. එයාලා කරන්න හදන්නෙත් මහින්ද නෙළුම් කුළුණ හැදුවා වගේ වැඩක්.


ඇත්තටම ජවිපෙට මේ ලැබෙමින් තියෙන්නේ මතවාදී බලයක්. හැබැයි ජවිපෙ ඒක ඡන්දවලින් මනින්න හදනවා. ඇත්තටම ඒ මතවාදී බලය ඡන්ද බවට පත්වෙලා නෑ. ඒක ඡන්ද බවට පත්වෙන්න ජවිපෙ තව ගොඩක් දේ කරන්න ඕනි. අනුර දිසානායකට තියෙන හදිස්සියට ඒවා ඡන්ද බවට පත් වෙන්නේ නෑ. ඒකට ඡවිපෙ මහන්සියෙන් තව ගොඩක් දේ කරන්න ඕනි.


එහෙම තියෙද්දී අනුර කුමාර 2024 දී ජනාධිපති වෙනවා කියන්නේ මෝඩ අධිතක්සේරුක්. ඒක ඔළුවේ තියාගෙන නං ජවිපෙ වැඩ කරන්නේ ජවිපෙ උපක්‍රමය සමපාත වෙන්නේ රාජපක්ෂලා උපක්‍රමයට විතරයි. එහෙනම් තවදුරටත් රාජපක්ෂලා බලයේ තියන්න ජවිපෙ දායක වෙනවා කියන චෝදනාව රටේ රාළට ජවිපෙට එල්ල කරන්න වෙනවා. ඇත්තටම ජවිපෙට ඒ ලණුව දෙන්නේ රාජපක්ෂලා හරි රනිල් හරි වෙන්න පුළුවන්.

ඕකෙන් වෙන්නේ 2024 දී ජවිපෙට තියෙන 3% නැතිවීම විතරයි. ජවිපෙ තිස්ස විතාරණගේ සමසමාජ පක්ෂය ගානට වැටිලා අනුර දිසානායක වික්‍රමබහු කෙනෙක් වෙන එක විතරයි.

හැබැයි මෙතන ජවිපෙට ගොඩ යන ක්‍රමයක් තියනවා. ඒක නිර්ලෝභි කියන්න රටේ රාළට පුළුවන්. මොක්ද රටේ රාළට ජවිපෙ ණය නං මිසක් රටේ රාළ ජවිපෙට එක සතයක් ණය නෑ. 88/89 වගේම 94 න් පස්සේ 2008 වෙනකම් රටේ රාළට දුන්න වගකිම් රටේ රාළ ජවිපෙ බලාපොරොත්තු උන සීමාවත් ඉක්මවලා ඉෂ්ඨ කරලා ඇති.
 
JVP 2021.12.15

ලබන විසි වෙනිදා ජාතික ජන බලවේගයේ මහ සමුළුව පැවැත්වෙනවා. ඒක ජවිපෙ කොහොම යොදා ගනීද කියලා රටේ රාළ දන්නේ නෑ. හැබයි ඒක 2024 අනුර දිසානායක ජනාධිපති කරන වැඩපිලිවෙලට හදන සමුළුවක් නං, ඒකට බලවේග එකතු කරන්න තියෙන සමුළුවක් නං ඒක පුස් වෙඩිල්ලක් විතරයි.


ජවිපෙ දැන් කරන්න ඕනි ජාතික ජන බලවේගය කියන කෝවට කොටු වීම නෙවෙයි. පොදු වැඩපිලිවෙලක් වෙනුවෙන් මහ සමාජය ආක්‍රමණය කිරීම. පොදු වැඩපිලිවෙලකට සියලු බලවේග එකතු කරන මැදිහත්කරුවෙකුගේ භූමිකාවට පණ පෙවීම. ඒකට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ජවිපෙ විසින් මේ වනවිට අත්පත් කරගනිමින් ඉන්න මතවාදී බලය ජනතා ප්‍රසාදයක් දක්වා වැඩිදියුණු කරගැනීම. ඒකට හොදම අවස්ථාවක් ජවිපෙට ඇවිත් තියනවා.
 


ඇත්තටම මේ වෙලාවේ සමාජවාදී වැඩපිළිවෙලක් ඉදිරපත් කරන්න ජවිපෙ මෝඩ වෙන එකක් නෑ. හැබැයි ජවිපෙට මේ රටේ සියලු බලවේග එකතු කරන්න හොද අවස්ථාවක් ඇවිත්. ඒක පාවිච්චි කරගන්න උගත් බුද්ධිමත් ජවිපෙ සහෝදරවරු කොච්චර සබුද්ධික වෙයිද කියලා රටේ රාළ දන්නේ නෑ.

අනුර දිසානායක ජනාධිපති අපේක්ෂකයා කරන්න වැඩපිළිවෙලක් හදනවා කියන්නේ තවත් විනාශයකට ජවිපෙ ඇදලා දැමීමක්. සියලු බලවේග එකතු කර රටට පොදු වැඩපිළිවෙලක් හදනවා කියන එක ඇතුළේ තමයි ජවිපෙට තවදුරටත් ජයග්‍රහණය තියෙන්නේ.

ඒක ඇතුලේ පොදු එකඟතාවයෙන් අනුර දිසානායක පොදු අපේක්ෂකයා වෙනවා කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒ පොදු වැඩපිළිවෙල ඇතුළේ අනුර පොදු අපේක්ෂකයා වෙනවා නං ඒක ඉස්සෙල්ලා අනුමත කරන්නත් රටේ රාළ. හැබැයි පොදු අපේක්ෂකයා වෙන්න බලාගෙන තෝරන ඊනියා විප්ලවවාදී වැඩවලට ඉස්සෙල්ලාම ගහන්නෙත් රටේ රාළ.


එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

 

 

 

Leader Whats app

 
 
 

 

ඒ සීයට දුන්නට මේ සීයා ගේමක ! | මොණරවිලගේ ලියමන

 

 

 

ආර්ලාගේ ජාන විකෘතියෙන් ප‍්‍රමිති ගරටළුවක් !| මොණරවිලගේ ලියමන 
 
 
 
බැසිල් ගියේ ජනපතිටත් නොකියා!! | The Leader TV | Gossip

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්