ඇත්තටම රටක් විදිහට හිතුවොත් අපි දැන් ඉන්නේ අපායේ දොර ළග කිව්වට කමක් නෑ. මේ විනාශයෙන් බේරෙන්න රටේ රාළත් විසදුම් කීපයක් යෝජනා

කළා. ඒත් ඒවා නිකං බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ තමයි.

රටේ රාළ ඉස්සෙල්ලාම කිව්වේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වෙන විදිහට අන්තර් කාලීන ආණ්ඩුවක් හදන්න කියලා. එතනදී රටේ රාළ ඉදිරිපත් කරපු කොන්දේසිය තමයි ඒ ආණ්ඩුවේ අගමැති රාජපක්ෂ කෙනෙක් වෙන්න බෑ කියන එක. ඊලගට ඒ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දූෂිතයෝ ගන්න බෑ කියන යෝජනාව. අදූෂිතයන් කියන්නේ තාක්ෂණික හේතු මත හරි නැත්තං නීතිපති නඩු ඉල්ලා අස්කර ගත්ත හින්දා නඩුවලින් නිදොස් කොට නිදහස් වෙච්චි අය නං නෙවෙයි.

ඒ හදන ආණ්ඩුව යටතේ පළවෙනි වැඩේ විදිහට රටේ රාළ යෝජනා කළේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය 19 ය දක්වා රිවෙස් කරන්න. ඊළඟ මැතිවරණය එනකං බහුතරය එකඟ වෙන ආර්ථික වැඩපිළිවෙලකට යමු කියලා. හැබැයි ආණ්ඩුව එහෙම දේකට එකඟ නැති බව පේනවා.

 

දැන් ආණ්ඩුව හදන්නේ එක්කෝ ජාතික ආණ්ඩුවක් හදලා දෙමළ, මුස්ලිම් පක්ෂ කීපයක් එකතු කරගෙනම ගේමක් ගහන්න. නැත්නම් මේ කැබිනට් එකේ ඔළු ගෙඩි එහාට මෙහාට කරලා අලුත් turn එකක් ගන්න හදන්නේ කියලා රටට තවත් බොරුවක් කරන්න.

 

මහින්ද වෙනුවට බැසිල් අගමැති කළා කියලා. එහෙමත් නැත්නම් කැබිනට් එකේ වගකීම් වෙනස් කළා කියලා මේ රට හැදෙනවා? රට හැදීම කෙසේ වෙතත් ඇමරිකාවේ විදෙස් වත්කම් සංචිතය නං වැඩිවෙයි.

දැන් මහින්දගේ මුදල් ඇමතිකම බැසිල්ටත් දුන්න කියලා මොකද්ද උනේ. මහින්ද හිටියත් වෙන්නේ මේ සෙතේම තමයි. අධ්‍යාපන එකයි විදේශ කටයුතු එකයි මාරු කළා. දිනේෂ් විදේශ කටයුතුවලින් ගලවලා ඒක ජී.එල්ට දුන්නා. ජී.එල් අධ්‍යාපනයෙන් ගලවලා දිනේෂ්ට දැම්මා. කියන්නකෝ සිද්ධ වෙච්චි එක හොඳක්.

දැන් ආණ්ඩුව රීෂෆල් එකක් කරලා තවත් ඒ වගේ බොළද රංගනයක් කරන්න හදනවා. හැබැයි මොන රංගනය කළත් රට බංකොලොත් වීම නතර කරන්න බෑ. සාගතයක් එන එක නතර කරන්න බෑ.

දැන් අර බන්දුල උන්නැහැගේ ආර්ථික විග්‍රහය නෑ. දැන් මිනිහා කියන්නේ ගෙදර වත්තේ නිවිති වැලක්, බටු පැලයක්, මිරිස් ගහක් ඉන්ද ගන්න කියලා. ඕක අහගන්නද දැන් බන්දුල එතන තියලා තියෙන්නේ. ඕක අහගන්නද මාසෙකට බන්දුල වෙනුවෙන් මේ රටේ ජනතාවගේ සල්ලි මිලියනයකට වඩා වියදම් කරන්නේ. බන්දුල ඔය කරන්නේ සරමක් ඇඳගෙන ඔළුවෙන් හිට ගත්තා වගේ වැඩක්. හැබැයි ඉතින් බන්දුල කියන කථා ගැන හිතුවම නං ඒකේ පොඩි ජොලියක් තියනවා.

 

දැන් එහෙනම් ඔයාලට එකක් පැහැදිලි ඇති. ඒ තමයි රාජපක්ෂලා ඇතුළු කාල ගෝල ගෝලබාල නඩයට මීට වඩා බෑ කියලා. මේ උපරිමය තමයි. මෙතනින් එහාට එයාලට තව යනවා නං යන්න පුළුවන් හොරකමේ උපරිමයට හා වැල් බයිලාවල උපරිමයට විතරයි.

 

විජයබා කොල්ලය වගේ වැඩක්. !


ඒක නිසා රටේ රාළට හිතුනා මෙතනදී තවත් යෝජනාවක් රාජපක්ෂලාට ඉදිරිපත් කරන්න. ඇත්තටම දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට දුන්න ජනවරමට පිටුපාලා ඉවරයි.

ඒ විතරක් නෙවෙයි මහින්ද ඇතුළු කාල ගෝලයෝ ටිකත් තමන්ට දුන්න ජනවරමටත් පයින් ගහලා ඉවරයි. මේක හරියට විජයබා කොල්ලය වගේ වැඩක්.

බැසිල් ඇවිත් අනුන්ගේ ජනවරමක් කොල්ල කාලත් ඉවරයි. තවත් ඉතින් මේ උන්නැහැලට මේ රට වෙනුවෙන් යහපතක් කරන්න නං දෙයක් ඉතුරු වෙලා නෑ. කරගන්න යහපතක් උන් වහන්සේලාටම තමයි .රටට කරන්න ඕනි සකලවිද අයහපත කරලා ඉවරයි.

අද මේ කැබිනට් එකේ ඇමතිවරු තුන්දෙනෙක් මේ කැබිනට් එකට විරුද්ධ උසාවි ගිහින්. යුගදනව් බලාගාර හොර ගිවිසුමට විරුද්ධව. දැන් කවුරු හරි කියයි ඒක මාර ආදර්ශයක් කියලා. රටේ රාළට අනුව නං ඒක ආදර්ශයක් නෙවෙයි තවත් දේශපාලන නපුන්සකකමක්.

එදා ජේ.ආර් ඉන්දු ලංකා ගිවිසුම ගහනකොට ජේ.ආර්ගේ කැබිනට් එකේ හිටිය ගාමිණි ජයසූරිය ඉල්ලා අස් උනා. එදා ගාමිණී හිටිය ස්ථාවරය තමයි ජනතාවට හතුරු උන ආණ්ඩුවේ මම තවත් ඉන්නේ නෑ කියන එක.

ඒවා තමයි දේශපාලනය ආදර්ශ. නැතිව ඇමති කටු සූප්පු කර කර බොරු පම්පෝරි කෙලින් එක නෙවෙයි.

යුගදනවි බලාගාරය ඇමරිකාවට දෙනවට විරුද්ධ ගම්මන්පිල අපේ ඛණිජ තෙල් පනත වෙනස් කරලා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණ අපට අවාසිදායක කොන්දේසි යටතේ ඉන්දියාව දෙන්න හදනවා. ඒකෙන් වෙන්නේ ලංකාවේ ඛණිජ තෙල් සැපයීමේ ඒකාධිකාරය ඉන්දියාවට යෑම.

 

LNG සැපයීමේ ඒකාධිකාරිය ඇමෙරිකන් සමාගමක් යනවට විරුද්ධ ගම්මන්පිල රටේ ඉන්ධන සැපයිමේ ඒකාධිකාරය ඉන්දියාවට දෙන්න හදනවා. ඒකට නෙවෙයි සපුගස්කන්ද තෙල් පිරිපහදුව වට්ටන්න හදන්නේ. මේ රටේ විකුණලා තියන සම්පත් සියල්ල ආපිට ගන්න ආපු ආණ්ඩුව හිටු කියලා රටේ සමපත් ටික විකුණනවා.

 

එක රටක් එක නීතියක් දෙන්න ආපු ආණ්ඩුව නීතියේ ආධිපත්‍යය සම්පුර්ණයෙන්ම විනාශ කරලා. තමන්ගේ පවුලේ හා අනිත් කාල ගෝලයන්ගේ නඩු ඔක්කොම බේරගෙන ඉවරයි.

හොරු සියලු දෙනා නිදොස් කොට නිදහස්. උන් ආය හොරකම පටන් අරන්. කොනක ඉදන් සුද්දේ දෙනවා.

20 වෙනි සංශෝධනය සම්මත කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලටම දාලා. ආය මේක ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඔයාලට බලන්න පුළුවන් වෙයි 2022 දී හම්බ වෙන ප්‍රජාතන්ත්‍රය කොච්චර සැපද කියලා.


මිනිස්සුන්ගේ කසාද බැදීමේ අයිතියත් ආණ්ඩුව උදුරාගෙන..





අද මිනිස්සුන්ගේ කසාද බැදීමේ අයිතියත් ආණ්ඩුව උදුරාගෙන. ලංකාවේ පුරවැසියෙක් වෙන රටක පුරවැසියෙක් කසාද බදිනවා නං ඒකට ආරක්ෂක අමාත්‍යාංශයේ සහතිකයක් ඕනි.

හරි ඔයාලා කියන්නකෝ එතකොට කොහොමද ද්විත්ව පුරවැසි බැසිල් මේ රටේ ඇමති කෙනෙක් වෙලා ඉන්නේ. කොහොමද බැසිල්ගේ දූලා දෙන්නා ඇමරිකන් හා ඉන්දියන් පුරවැසියන් කසාද බැදලා තියෙන්නේ. ඒ අයිතිය රාජපක්ෂලාට විතරද තියෙන්නේ ඕනි.

 

එතකොට අපේ අර කොල්ලට අර ජපන් කෙල්ල බදින්න ආරක්ෂක අමාත්‍යාංශයේ සහතිය ඕනිද? ඇයි CIA එකෙන් හරි RAW එකෙන් හරි අපේ රටේ මිනිස්සුන්ට ප්ලෑන් කරලා පිටරට අය බන්දලා දීලා රට යටත් කර ගන්න හදනවාවත්ද?

 

සමහරවිට විමල් ඔය වගේ ගොබ්බ තර්කයක් දාන්න ඉඩ තියනවා. ඒකයි ඉස්සෙල්ලා කියලා තිබ්බේ. එතකොට ඔය බැසිල්ගේ දූලා බැන්දේ CIA කාරයෙක් හරි RAW රෝ කාරයෙක් හරි වෙන්න බැරිද?

ඇත්තටම රාජපක්ෂලා චින්තනමය වශයෙන් කොච්චර දුප්පත්ද? වැඩවසම් නෙවෙයි හොරිකඩ වැඩවසම්.

ඊළඟට කෝ මේ රටට ගේනවා කිව්ව අලුත් ව්‍යවස්ථාව. ඒක හදන්නේ පාර්ලිමේන්තුවෙන් නෙවෙයිද? එතකොට ඇයි අර සුසිල් ප්‍රේමජයන්තලා සිග්නල් කණු වෙන්න බෑ කියලා අඩන්නේ?

රටේ සම්පත් ටික, නිදන් ටික. කොටි වලලපු රත්තරන් ටික මේවා සේරම ගන්නේ ඇමතිලායි ඇමතිලාගේ කාල ගෝලයොයි නෙවෙයිද? හරියට පරම්පරාවෙන් ආපු දෙයක් ගන්නවා වගෙයි.


''පැහැදිලි නේද මෙයාලා ජනවරමට පිටුපාලා ඉවරයි''


මේ උදාහරණ ටිකෙන් පැහැදිලි නේද මෙයාලා ජනවරමට පිටුපාලා ඉවරයි කියලා. දැන් අපිට කියන්නේ පණට ආදරේ නම් ඒ ගැන කතා නොකර ඉන්න කියලද?
හැබැයි රටේ රාළ එකක් කියන්නම් දැන් නම් මෙයාලා ගෙදර යවන්නම ඕනි.

ඒක නිසා රටේ රාළ ජනාධිපති ගෝඨාභයගෙන් එක ඉල්ලීමක් කරනවා. පහුගිය අවුරුදු දෙකේ ජනාධිපති විදිහට මේ රටට එතුමාගෙන් උන වැරදීවලටත් සමාව ලැබෙන විදිහේ වැඩක් මේක. මේක කරන්න ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නෑ කියලා කියන්න එපා. මොකද මේ තීරණය පාර්ලිමේන්තුවට ගන්න පුළුවන්. නැත්නම් ජනතා නැගිටීමකට උනත් කරන්න පුළුවන්.

 

ඇත්තටම දැන් කරන්න ඕනි වහාම මේ පාර්ලිමේන්තුව විසුරුවා හරීම. දැන් මේ රටට අලුත් ජනවරමක් ඕනි. රටේ රාළ යෝජනා කරන අන්තර්වාර ආණ්ඩුව හදන්න එකඟ නැත්නම් ඊළඟට හොදම උත්තරය තමයි අලුත් ජනවරමකට යන එක. රටේ රාළ එකක් කියන්නම් 2024 ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරවන්න වෙනවා.

 

හැබැයි ඒක අන්තිම මොහොත දක්වා කල් දැමීමෙන් වෙන්නේ විනාශය තවත් වැඩිවීම. දැන් ආය මේ රටට නැගිට්ටවන්න පුළුවන් අලුත් ජනවරමකින් විතරයි. එතෙන්ට යෑම හැර වෙන විකල්පයක් නෑ. දැන් බොරු පැලැස්තර දාලා වැඩක් නෑ. ඒක නිසා රටේ රාළ විපක්ෂයටත් කියනවා ආණ්ඩුවට ඒ ප්‍රෙෂර් එක දෙන්න කියලා.

විපක්ෂයට රට හදන්න බලය ඕනි නං තමන් රට හදන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නන්න. කටින් බතල හිටවන්න ලෑස්ති වෙන්න එපා. තමන්ගේ රට හදන සැළැස්ම කියන්න. සජිත් ඒක කියන්න ඕනි. අනුරලා, පාඨළීලා දැන් ඒක කියන්න ඕනි. අනිත් අයත් ඒක කියන්න. හැබැයි සෞභාග්‍යයේ දැක්ම වගේ බොරුවට කොලේ වහලා ගහන්න ලෑස්ති වෙන්න එපා.

විධායක ජනාධිපති ක්‍රමයට මොකද කරන්නේ කියන තැන ඉදන්, රටේ ආර්ථිකය,විදේශ ප්‍රතිපත්තිය, රාජ්‍ය සේවය කළමණාකරණය, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, පරිසර සංරක්ෂණය, අධ්‍යාපනය, ජාතික ආරක්ෂාව, ජාතික සමගිය ගොඩනැගීම ඇතුළු තමන්ගේ වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කරන්න.

ඇත්තටම රට හදිසි මැතිවරණයකට සූදානම් කරන්න ඕනි. ඒ වගේම එතෙන්ට තල්ලු කරන්න ඕනි. දැන් කියයි මේ වෙලාවේ මැතිවරණයක් තියන එක රටට බරක් කියලා. ඔව් එක එහෙම වෙන්න පුළුවන්. එහෙනම් ප්‍රාදේශීය සභා මැතිවරණය තියන එකත් රටට බරක්.

හැබැයි මොන බර තිබුණත් ඉස්සෙල්ලා කරන්න ඕනි රටේ ඉරණම විසදගෙන ඉන්න එක. ඒක තමයි රටේ රාළගේ දේශපාලන මතය. ඒක ඔයාලට දැන් පිලිගන්න බැරි වෙයි. ඒත් ලබන අවුරුද්දේ පළවෙනි කාර්තුව වෙනකොට ඒක අනිවාර්යෙන්ම පිලිගන්න වෙනවා.


එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

මීට
Priynatha witharanaරටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)




 
 
 
ඇත්තටම The Leader
 
 
 

බැසිල් මයන්තව කඩේ යවයි! 

 
රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 

තිත්තම වෙලා ඉන්නේ සර් මේක හරි කරන්න | කේලම
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්