2035 වෙනකං බිඳවැටෙන්නේ නෑ කියලා නැවත ප්‍රතිසංස්කරණය කරපු රාජපක්ෂ බලකොටුවට දැන් හෙල්ලුම් කාලා තියෙන්නේ.



සමහර අය එහෙම නෑ කියලා හිත හදාගෙන ඉන්න බව පේනවා. රටේ රාළට ඒ අයගේ සතුට නැති කරන්න ඕනි නෑ. හැබැයි මේ රටේ මිනිස්සුන්ගේ ඇස් පනාපිට පේන ඇත්ත ඔය කාගෙවත් ප්‍රසස්ථි ගායනාවලින් නවත්තන්න නං බෑ.

ඔයාලා දන්නවද රාජපක්ෂලාට වෙලා තියන ලොකුම නස්පැත්තිය මොකක්ද කියලා. රාජපක්ෂලාගේ බලකොටුව වටේට තිබුණ මහා මිනිස් පවුර දැන් මහපොලවටම සමතලා වෙලා ඉවරයි. දැන් රාජපක්ෂලා ඉන්නේ පාරට බහින්න බයේ. හූ කියයි කියලා.

69 ලක්ෂයක මහා මිනිස් පවුරක් මෙහෙම බිමට සමතලා කරන එක ලේසි පහසු වැඩක්ද? ඇත්තටම කවුද ඒ වැඩේ කළේ? ජවිපෙද? නැත්තං සජබෙද?එයාලට ඉතින් එච්චර දෙයක් කරන්න පුළුවන් නම් මෙලහට රාජපක්ෂලා ගෙදර ගිහින් තියෙන්න ඕනි. නැත්තං අඩුම ගානේ බැසිල් හරි ඇමරිකාවට පැනලා ගිහින් තියෙන්න ඕනි.



මොකද්ද එතකොට මෙතන වෙලා තියෙන්නේ? මේ විනාශය කරගත්තේ රාජපක්ෂලාම තමයි. රටේ රාළ හැමදාම කියන රාජපක්ෂලාගේ වැඩවසම් චින්තනය තමයි රාජපක්ෂලාට මේ විනාශය ගෙනාවේ. අද ජනතාව රාජපක්ෂලා දාලා ගිහිල්ලා උනත් තවම නං රාජපක්ෂලා යහතින් නුනත් බයෙන් හරි බලයේ ඉන්නවා. තවමත් රාජපක්ෂලාගේ පොර ටෝක් පම්පෝරි නං අඩු වෙලා නෑනේ.



දැක්කනේ ඊයේ, පෙරේදා ජනාධිපතිතුමාගේ සැර. රටේ රාළට නං මේක මහ පුදුම දෙයක් නෙවෙයි. ඒක ගැන රටේ රාළට තියෙන විග්‍රහ ඔයාලට තියෙන විග්‍රහට වඩා වෙනස් එකක්. කොහොම උනත් ඒක ඇත්ත නිසා රටේ රාළ ඒ ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්නවා.

ඇත්තටම මෙතන තියෙන ප්‍රශ්නය මෙච්චර විරෝධතාවයක් තියෙද්දී රාජපක්ෂ බලකොටුව බිඳ නොවැටී තියෙන්නේ කොහොමද කියන එකයි. ඒක හෙල්ලුම් කෑවා විතරයි.

2022 Kazakhstan protests Aqtobe January 4 01

ඔන්න කසකස්ථානයෙත් ජනාධිපතිතුමාගේ කඩුගස්ථාන ගලවන්න ජනතාව පාරට ඇවිත්. කසකස්ථාන ජනතාව 20000 ක් දැනටමත් අත්තඩංගුවට අරන්. 20000 ක් අත්තඩංගුවට ගන්න කොහොම බැහිල්ලක් බැහැලා තියෙන්න ඕනිද? කසකස්ථාන ජනාධිපතිගේ බලකොටුව බේරලා දෙන්න රුසියානු හමුදාවත් ගොඩ බැහැලා.

කසකස්ථාන ජනාධිපති නියෝග කරලා තියෙන්නේ කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව ජනතාවට වෙඩි තියන්න කියලා.

කසකස්ථාන ජනාධිපතිට නං රුසියාව හරි ඉන්නවා. රාජපක්ෂලාට මොකාද ඉන්නේ රාජපක්ෂලා බේරගන්න ඉන්දියාව එයිද? චීනය එයිද? ඇමරිකාව එයිද?මොන පිස්සුද ඒ මොකෙක්වත් එන්නේ නෑ.



හැබැයි මෙහෙත් දැන් එක පැත්තකින් කසකස්ථානය වගේම තමයි. දැන් මේ ආණ්ඩුව ජනතාවට දෙන්න ඕනි වද 32 කම දීලා ඉවරයි. හැබැයි එහෙම තියෙද්දී රාජපක්ෂලා යහතින්නේ, රජාට ප්‍රශ්නයකුත් නෑනේ ,රජට පවුලත් හොදට ඉන්නවානේ. පවුලේ අය නත්තල ගත කරන්න ඇමරිකාත් යනවනේ. බාර හාර වෙන්න තිරුපතිත් යනවනේ. බේබිලා තවම රේස් කාර් පේනවනේ.



ඒවට විරුද්ධව පන්දම් පත්තු කරගෙන ඇවිදින කොල්ලො කුරුට්ටෝ ටිකක් විතරක් සටන් පාඨ කිය කියා එහාට මෙහාට යනවා පේනවා, කුඹුරේ ඉදන් කෑගහන ගොයියෝ ටිකක් ඉන්නවා. මහ පාරට බැහැලා කෑගහන රතු කමිස කාරයෝ ටිකක් ඉන්නවා. ඊට වඩා ලොකු දෙයක් මෙහේ නෑනේ. එතකොට රටේ රාළට කියන්න වෙන්නේ කසකස්ථානයේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියලද?

ඇත්තටම කොතනද එහෙනම් රාජපක්ෂ විරෝධය තියෙන්නේ? ඒක තියෙන්නේ ජනතාවගේ හිත් ඇතුළේ. ඒක එළියට ගන්න මේ විපක්ෂ බයියන් දන්නේ නෑ. ඒක ඔප්පු කරන්න ඕනි තරම් අවස්ථා මේ මොහොතෙත් රටේ තියනවා.

ඇත්ත රාජපක්ෂ විරෝධය බලන්න ඕනි නං යන්න ගෑස් පෝලිමට, භූමිතෙල් පෝලිමට, කිරිපිටි පෝලිමට.ද ර පෝලිමට. ජනතාව ස්වාධීනව විරෝධය දක්වනවා. කිසිකෙනෙක් ඒ මිනිස්සුගේ පිටිපස්සේ නෑ. කවුරුත් ඒ මිනිස්සුන්ට සටන් පාඨ ලියලා දීලා නෑ.

ඒක තමයි ඇත්ත විරෝධය. ඒ විරෝධයට කතා නොකර සජිත් පන්දම් පත්තු කරගෙන යනවා. ජවිපෙ තමන්ගේ සමාජිකයෙක් දෙන්නෙකුට රතු කමිස අන්දගෙන හන්දි ගානේ කඩවල්ගානේ විප්ලවය ගැන කතා කරනවා. මෛත්‍රීපාල මහත්තයයි චන්ද්‍රිකා නෝනයි කොඩි කණුවලට ගහමරා ගන්නවා. අන්තිමට කෙලව ගත්තට පස්සේ ඔය හැම වාහෙලාම බනින්නේ මේ රටේ ජනතාවට.

අපේ රටේ ජනතාවගේ වහල් මනස කියලා චෝදනා කරනවා. ඒක නිසා රටේ රාලට මේ ටිකත් කියන්න හිතුනා.



මිනිස්සු රාජපක්ෂලා එල්වන එලියට එන්නේ නැත්තේ ඇයි? ඇයි අපේ රටේ මිනිස්සු බයද? කොන්ද පණ නැද්ද? ශ්‍රී ලංකිකයෝ සටන්කමියෝ නෙවෙයිද? නෑ.. ශ්‍රී ලාංකිකයෝ තරම් සටන්කාමියෝ ලෝකේ කොහේවත් නෑ. ලෝකෙට සටන්කාමිත්වය උගන්නලා සවිඥානිකව දිවිපුදපු මද්දුම බණ්ඩාර අවුරුදු හතක් වයස පුංචි වීරයා අයිති මේ රටට. එහෙම දරුවෙක් ලෝකේ කෙසේවත් නෑ. කැප්පෙටිපොලලා, වීර පුරන් අප්පුලා. බූටෑවේ රටේ රාළලා, ගොන්ගාලේගොඩ බණ්ඩලා.....ඇතුළු මහා වීර පරපුරක තෝතැන්න උන රට මේක.



වීරත්වගේ ගිනි සිළුව මේ රට කිව්වට කමක් නෑ. තමන්ගේ ඇහැට පේන හතුරාට එරෙහිව මෑතකාලීනව තුන්වතාවක් ආයුධ අතට ගත්ත පරම්පරා තුනක් හිටපූ රට මේක. ඒ හැම සටනකම වීරත්වයේ නං කිසිම අඩුක් තිබුනේ නෑ. හැබැයි ඒ හැම අරගලයක්ම පරාදයි. ඒත් මිනිස්සු නැගිට්ටා.

1818 පැරදුනත් 1848 ආය නැගිට්ටා.1864 ආයෙත් නැගිට්ටා.1971 ,1889 නැගිට්ටා. ඒ විතරක් නෙවෙයි උතුරේ ජනතාවත් නැගිට්ටා. මේ හැම සටනකදීම පෙරමුණේ හිටිය නායකයෝ දිවි පුදලා තමයි සටන අවසන් උනේ.

අද අපට තියෙන්නේ එහෙම සටනක් නෙවෙයි. මේක මතවාදී සටනක්. සතුරා පැහැදිලි. හරි ඔයාලා කියන්න කවුද හතුරා කියලා. රාජපක්ෂලාද හතූරා. නෑ .

රටේ රාළ නං කියන්නේ මේ සිස්ටම් එකයි ප්‍රධාන හතුරා. රාජපක්ෂලා කියන්නේ මේ සිස්ටම් එක ගෙනියන අද ඉන්න ඒජන්තයා.

කොහොමත් ඔය දෙකටම ගහන්න ඕනි.

ඇත්තටම ඉස්සෙල්ලාම ගහන්න ඕනි ඒජන්තයාට තමයි. ඊළඟටයි සිස්ටම් එකට ගහන්න ඕනේ.

හැබැයි අපි ඉස්සෙල්ලා ගහන්න හදන්නේ ඒජන්තයාට නං ඒ වැඩේට මේ සිස්ටම් එකම කරේ තියාගෙන යන තවත් ඒජන්තයෝ නං වැඩක් නෑ. එයාලත් එක්ක මේ වැඩේ කරන්න බෑ.

ඒකයි රටේ රාළ කියන්නේ රාජපක්ෂ විරෝධයෙන් එහාට ගමනක් අපට තියනවා කියලා.



රාජපක්ෂලාගෙන් බලය ගැනීමෙන් විතරක් ඒක අවසන් වෙන්නේ නෑ. ඒක නිසා මේ රටට ඕනි රාජපක්ෂලා එලවලා ඒ බලය ඩැහැ ගන්න තවත් ඒ ජාතිය ඒජන්තයෙක් නෙවෙයි. සිස්ටම් එක ජේන්ජ් කරන්න පුළුවන් නායකයෙක්. සිස්ටම් එක චේන්ජ් කරන වැඩපිළිවෙළක්, එහෙම නායකයෙක් පේන තෙක්මානයක නෑ. එහෙම වැඩපිළිවෙලක් පේන තෙක්මානයක නෑ.



හැබැයි රට පුරාම මිනිස් හිත් ඇතුළේ සවිඥානිකව හරි අවිඥානිකව හරි රාජපක්ෂ විරෝධය වගේම ක්‍රම විරෝධයත් මතු වෙනවා. මේ මතුවෙන විරෝධය තමන්ගේ මල්ලට දාගන්න තමයි ගොඩක් අය ට්‍රයි කරන්නේ.

ඇත්තටම එයාලා එහෙම හිතුවට ඒක කරන්න බෑ. ඒක වෙන්නේ නෑ. මෙතනදී වෙන්නේ එකම එක දෙයයි. රාජපක්ෂ විරෝධී බලවේග කෑලි කැලි වලට කැඩිලා වෙන වෙනම සටන් කරන එක විතරයි. ඒ පිහිටෙන් රාජපක්ෂලා තවත් යහතින් ඉන්න එක විතරයි. අද මේ විපක්ෂයේ ඉන්න සියලු නායකයන් සටන් කරන්නේ තමන්ගේ බලය වෙනුවෙන් මිසක් රට වෙනුවෙන් නෙවෙයි.

තමන්ට බලය ගන්න බැරි නං රටට කෙල උනාට කමක් නෑ කියලා හිතන කාලකණ්ණි මනසකට තල්ලු උන කේඩෑරි ගැහුණ නායකයෝ ටිකක් අද රටට ඉතිරි වෙලා ඉන්නවා.

රටේ රාළ නං කියන්නේ ආය එයාලට බලය දෙන්න මේ රටේ ජනතාව ලෑස්ති නෑ කියලා. ඒක නිසා ඔය කාගෙ කාගෙත් තනි බලයක් ගැන තියන සිහින නං දවල් හීනම තමයි.

රටේ රාළ මතු කරපු ඉතිහාසයෙන් අපට එක දෙයක් උගන්වනවා. ඒ ජයග්‍රහණයට වඩා ඉතිහාසය පුරාම මිනිස්සු සටනට ඇවිත් තියෙන්නේ නායකත්වය විශ්වාසය කරගෙන. ඒ නායකයෝ ඒ විශ්වාසය රැකලා තියනවා. අද අපට නැත්තේ විශ්වාසවන්ත නායකත්වයක්.

ඊළග ප්‍රශ්නය එහෙම අවස්ථාව උත්තරය මොකද්ද කියන එකයි? එහෙනම් නායකත්වයක් හැදෙනකං බලා ඉන්න එකද උත්තරය? රටේ රාළ කියන්නේ එහෙම බලා හිටියොත් අපට රටක් ඉතුරු වෙන්නේ නෑ.ඒක නිසා අපට තවත් උත්තරයක් තියනවා.



හැම කෙනෙකුගේම ළගම තියන හොද ටික එකතු කරලා පොදු වැඩපිළිවෙලක් හදා ගැනීම තමයි දැනට තියන එකම උත්තරය. ඒක නොකර තවත් බොරු පම්පෝරි ගහනවා නං එයාලත් මෙයාලා වගේම ද්‍රෝහීන් හැර වෙන මොක්කුද? ඒ නිසා කසකස්ථාන ජනතා නැගිටීම ඉදිරියේ රාජපක්ෂලා බය වෙනවා වගේම විපක්ෂයත් ලැජ්ජා වෙන්න ඕනි.




එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ


(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

 

 

  

Leader Whats app

 
  
 
 
පෝට්සිටිය අපිට අයිති නෑලූ ! | මොණරවිලගේ ලියමන 
 
 
  
හදිසි මහ මැතිවරණයක් ! - අගමැති අපේක්ෂක බැසිල් !! Gossip

 
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.

 
 
ඩොලර් රහස | Mr. Opposite 
 
 
அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

  
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්