ජනවාරි 18 වෙනිදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ නව සැරිවාරය විවෘත කරලා රාජාසන කතාව කරනවා.

දැන් ඒක ලොකු දේශපාලන මාතෘකාවක් වෙලා. වැඩේ පත්තු කළේ රනිල්. ජනවාරි තුන් වෙනිදා රනිල් ජනාධිපතිතුමාගේ රාජාසන කතාව ගැන විවාදයක් ඉල්ලලා.

රනිල් කරපුදේ ගැනත් එක එක සංවාද තියනවා. හැබැයි ඉතින් රටේ රාළ නං කියන්නේ මොන හිතින් කළත් රනිල් කරපු වැඩේ නරකම නෑ කියලා.
 


ඕනි කෙනෙකුට ඕනි විදිහට Use කරගන්න රනිල් Point එක දීලා තියනවා. ඕනි නං ආණ්ඩුවට ආයෙත් තුනෙන් දෙක පෙන්න ගන්න පුළුවන්. ආණ්ඩුව ඇතුළේ ඉන්න රාජපක්ෂ විරෝධීන්ට ඕන්නං තුනෙන් දෙක නැති කරන්නත් පුළුවන්. ඒ තමයි රනිල්. රනිල් කියන්නේ ඉතින් ජේ.ආර්ගේ බැනනේ.



ඔන්න දැන් එකට විවාදයක් ජනවාරි 19,20 දවස් දෙකේ දීලා තියනවා. කොහොමද උනත් විවාදය ඉවර උන ගමන් විපක්ෂයෙන් බෙදීමක් ඉල්ලනවා. ඒක ෂුවර්. එතනදී ඉතින් ආණ්ඩුව දිනනවා. ඒකේ දෙකක් නෑ.

හැබැයි රටේ රාළ අහන්නේ ආණ්ඩුව පරද්දන්න බැරිද කියලා. එතකොට කවුරු හරි කියයි ඒක කරන්න බෑ. ඒක රටේ රාළගේ දවල් හීනයක් කියලා. රටේ රාළ නං කියන්න පුළුවන් කියලා. ජයග්‍රහණ අස්සේ පරාජයක් උරුම කරලා දෙමු කියලා. එහෙම අවස්ථා ඕනි තරම් තියනවා. දිනලා තමයි හැබැයි ඒ උනාට පැරදිලා.

කරනවා නං රටේ රාළට යෝජනාවක් තියනවා. පට්ට ජනතාවාදි යෝජනාවක්. ඒකේ ප්‍රගතිශීලි බවත් රටේ රාළ ඔප්පු කරලා පෙන්නන්නං.



රටේ රාළ යෝජනා කියන්නේ ආණ්ඩුවේ ඉන්න සුළු පක්ෂ එකොළහේ සන්ධනය ජනාධිපතිතුමාගේ රාජාසන කතාවට පක්ෂව ඡන්දය නොදී ඉන්න ඕනි කියලා. ඒ කියන්නේ විරුද්ධ ඡන්දය දෙන්න බැරිනං අඩුම ගානේ ඡන්දය දීමෙන් වැළකී ඉන්න ඕනි.


සුළු පක්ෂ සන්ධානයට මන්ත්‍රී ධූරය 28 ක් විතර තියනවා. ඊට අමතරව ට්‍රයි කළොත් තව පහ හයක් හොයාගන්න බැරි වෙන්නේ නෑ. ඇත්තටම ආණ්ඩුවේ ඡන්ද සංඛ්‍යාව 130 න් පහලට ගෙනාවොත් ඒක ආණ්ඩුව ලබන දැවැන්ත පරාජයක්. ඒක මේ රටේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට දෙන කනේ පාරක්.

අනික ආණඩුව පරදින්නේ නෑනේ. එතන වෙන්නේ ජනවරමට හතුරුවීමක් නෙවෙයි. ජනවරමට හතුරු වෙමින් ඉන්න ආණ්ඩුවට දෙන warn එකක්. ආණ්ඩුව ඇතුළෙන්ම ඒක දෙන්න පුළුවන් නම් තමයි වැදගත්. ඒකට ලොකු ජනතා ප්‍රතිචාරයකුත් ලැබෙනවා ෂුවර්.

ආණ්ඩුව ඕනි නං හකීම්ගෙයි, රිෂාඩ්ගෙයි මන්ත්‍රී ධූරය කීපයක් ඇද ගනී. එහෙම ගත්තා කියලා ආණ්ඩුවට ජය පැන් බොන්න බෑ. ඒ අත් ඉස්සෙන්නේ මොනවගේ ගනුදෙනුවලටද කියලා මේ රටේ ජනතාව දන්නවා.

ඊළගට පක්ෂ එකොලහේ සන්ධානය කියන්නේ එයාලා මෙච්චර කල් ආණ්ඩුව ඇතුළේ ඉදන් ජනතාව වෙනුවෙන් ලොකු සටනක් කළා කියලනේ. හැබැයි රටේ රාළ නං ඒකට කිව්වේ රාජපක්ෂලාට බැලමෙහෙවර කිරීම කියලා. බැලමෙහෙවර කිව්වම ඉතින් අතුපතු ගෑම. වැසිකිලි සේදීම. බේබිලා එලියේ කක්කා කලහම ඒවා අරන් දැමීම. හාමුලාගේ රෙදි සේදීම, සපත්තු පොලිෂ් කිරීම වගේ ගොඩක්දේ තියනවා.

හරි රටේ රාළ එහෙම කිව්වා තමයි. වැඩේ කරනවා නං ආය කියන්නේ නෑ. රටේ රාළ ඒ කියපු වචනය ඉතිහාසයයට එකතු වෙන්න දීලා දාන්නං. මොකද ජනතාව වෙනුවෙන් රටේ රාළට කරන්න බැරි දෙයක් නෑ. එහෙම කරනවා නං ඒ කතාව ආය නොකියා ඉන්නත් පුළුවන්.



පක්ෂ එකොළහේ නායක කාරකාදීන්ට ඒක තව ටිකක් පැහැදිලි කළොත් ඔන්න ඉස්සෙල්ලාම විස්ස ගෙනැල්ලා සර් බොරුවට ඔයාලා ඉස්සරහා සංවේදී වෙලා ඔයාලව රැවැට්ටුවා. එහෙම කරලා අද ඔයාලට ගහන ඔය බලය එකතු කර ගත්තා. ඒක බොරු නෙවෙයිනේ. ඔයාලා මුළු ආත්මයම පාවලා දීලා ඒක සම්මත කරලා දුන්නා.



ඒ වෙනුවෙන් එතුමා ඔයාලට පොරොන්දු උනේ 2021 අවුරුද්දේ අලුත් සුපිරිසිදු මහානුභාව සම්පන්න ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ඒක ගෙනාවෙත් නෑ. එහෙම එකක් ගේන පාටකුත් නෑ. ගේනවා නං ඔයාලට අඩුම ගානේ සිග්නල් කණූවක් වෙලා හරි ඉන්න තිබුණා.

20 සම්මත කරලා ඔයාලා පරම හතුරා විදිහට දැක්ක බැසිල් ඇතුළට ගත්තා. ඔතන ගොඩක් අය බැසිල්ට කිව්වේ ඔත්තුකාරයෙක් කියලා. එසේ මෙසේ ඔත්තුකාරයෙක් නෙවෙයි CIA ඔත්තු කාරයෙක් කියලා. ඔයාලා එතනදී අර යහපාලනය කාලේ මහ බැංකු අධිපතිකමට දිත්ව පුරවැසියෙක් දානකොට දාපු සද්ද අකුලගෙන මීමින්නෝ වගේ හිටියා.

එදා ඔයාලා කෑගැහුවේ දිත්ව පුරවැසියාට මහ බැංකුව දීම වැරදී කියලා. හැබැයි මේපාර මහ බැංකුවත් එකක්ම මුදල් ඇමතිකම දිත්ව පුරවැසියෙකුට දුන්නා. කොහොමද ඒක. ඒත් ඔයාලා නැට්ට පස්සේ ගහගත්තා. ඔයාලා ඔක්කොටෝම දැන් බැසිල් කොනක ඉදන් ෂොට් එක දීගෙන යනවා.

ජනාධිපතිවරණෙදී කියපු සුන්දර කතා දැන් නෑ. ඔයාලා එක්ක රාජපක්ෂලා දොඩවපු පෙම් බස් දැන් ගොළු වෙලා. ඔයාලා එක්ක අත් පටලගෙන ගිය ගමන් රාජපක්ෂලා දැන් වෙන අයත් එක්ක යනවා.

පොහොට්ටුවේ ඔයාලට තිබුණ අවම තැනවත් දැන් නෑ. අඩුම ගානේ අර ගම්මන්පිල කියපු මුර බල්ලාගේ භූමිකාවත් දැන් නෑ. මුර බල්ලෝ නෙවෙයි ඔයාලා දැන් නිකං පොහොට්ටුව ඇතුළේ ගෙරි බල්ලෝ ගානට වැටිලා.

 

ඊළඟට ඔයාලා කළා කියන දේශප්‍රේමී රෝල් එකට අනුව බැසිල් කරන්නේ දේශද්‍රෝහී රෝල් එකක් කියලනේ ඔයාලා හැමදාම කිව්වේ. ඉතින් දේශප්‍රේමීන්ටයි, දේශද්‍රෝහීන්ටයි තවත් එකට ඉන්න පුළුවන්ද? දේශද්‍රෝහීන්ටයි නං ගානක් නෑ කියමුකෝ. ඒත් ඔයාලා වගේ විප්ලවවාදී දේශප්‍රේමීන්ට එහෙම ඉන්න පුළුවන්ද?



දැන් ඔයාලා යුගදනවි එකට විරුද්ධව උසාවි ගිහින් තියනවා. රටේ විදුලි බලාගාරවලට LNG සැපයිමේ ඒකාධිකාරිය ඇමරිකාවේ New fortress energy සමාගමට දෙනවට විරුද්ධව. හරි ඔයාලා එතනදී කරන්නේ මාර සටනක් කියලා පිලිගන්නම්කෝ. මොකද රටේ රාළ සටන් දැකලා තිබුනට ඔයාලා සටන් දැකලා නැති හින්දා.

ඔයාලා පිලිගන්නවා ඇති අද මේ කැබිනට් එකේ එහෙමත් නැත්නම් මේ ආණ්ඩුවේ ඉන්න කිසිම කෙනෙකුට තමන්ගේ හෘද සාක්ෂියයට අනුව වචනයක් කියන්න බෑ කියලා.

මෙතනින් එහාට එහෙම කිව්වොත් ඔයාලට වෙන්නෙත් අර සුසිල්ට වෙච්චි දේම තමයි. ඔයාලා ඒකට බය නෑ කියලාත් පිලිගන්නම්කෝ. කොටින්ම ඔයාලා පොරවල් කියලත් පිලිගන්නම්.

අර එදා මාධ්‍යවේදියෙක් විමල්ගෙන් ප්‍රශ්නයක් අහන්න කොට " මේවා කියලා මට ප්‍රශ්නයක් වෙයිද කියලා " දිනේෂ්ගෙන් අහපු එක රටේ රාළට ඇහුනේ නෑ වගේ ඉන්නම්. නැත්නම් එතනදී විමල් කිව්වේ " ඔන්න බලන්න දිනේෂ් මම අද දෙනවා ගෝඨාභයට කුඩු වෙන්න " කියලා කිව්වා කියලා කියන්නම්.

ඊළගට රටේ රාළට නෙවෙයි ඔයාලට මනාප දුන්න ජනතාව නේද මේ පෝලිංවල රස්තියාදු වෙන්නේ. ඒ මිනිස්සු නේද මේ ආණ්ඩුවට කන්න නෑ කියලා සාප කරන්නේ. ගෑස් පිපිරීම්වලින් මැරෙන්නේ.



ඒ සාප මැද්දේ නේද ලංකාවේ සල්ලි මිලියන 32 වියදම් කරගෙන අගමැති මහින්ද තිරුපති ගියේ. ජනතාව මෙච්චර දුක් විදිද්දී බැසිල් එයාගේ ඇමරිකන් ලයිෆ් එක ගතකරන්න සති තුන හතරකට ඇමරිකාවේ ගියේ.



රටේ රාළ නෙවෙයි ඒක කිව්වේ අර ශෂීන්ද්‍ර රාජපක්ෂ. දැන් නාමලුත් කිව්වා නේද ඉන්න බැරිනම් පක්ෂ නායක රැස්වීමේදි කියලා වැදගත් විදිහට යන්න කියලා. නාමල්ට දැනෙන වැදගත්කම ඔයාලට දැනෙන්නේ නැද්ද? ජනාධිපතිතුමා ගියපාර පාර්ලිමේන්තුව අමතලා කියපු සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ප්‍රතිපල තියනවද?

ඒ ජනාධිපතිතුමාම නේද මේ පාරත් පාර්ලිමේන්තුව අමතලා ප්‍රතිපත්ති ප්‍රකාශණය ඉදිරිපත් කරන්නේ. ගිය පාර ඉදිරිපත් කරපු එකේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය සාර්ථකද? ඔයාලත් ඒක අසාර්ථකයි කියලා තැන තැන කිව්වා නේද?

ඇත්තටම අප්‍රියෙල් මාසේ වෙනකොට මේ රටට සාගතයක් එනවා කියලා ඔයාලා කිව්වා. රට බංකොලොත් වෙනවා කියලත් කිව්වා. මේවා පිස්සු ඇමතිකම් කිව්ව දයාසිරිට බතික් කමේසෙකුයි, සරමකුයි ඇදන් ඇවිත් ඕකට අත උස්සන්න පුළුවන්ද? ඊට වඩා නරකද මොකුත් නැතිව ඇවිත් අත අස්සන එක.

කොටින්ම ඔයාලට දැන දැනම තවත් බොරුවකට ආයෙත් අත උස්සන්න පුළුවන්ද? එහෙනම් ඔයාලා ඒ පරණ කතා ඉල්ලා අස්කර ගන්න. ඇත්තටම ලැජ්ජා නැතිව ඔතන ඉන්න පුළුවන්ද?



මේ සියල්ලට ඔයාලට දැනට දෙන්න පුළුවන් උත්තරය තමයි ජනාධිපතිතුමාගේ රාජාසන කතාවට පක්ෂව ඡන්දය නොදීම. විපක්ෂය මේකට බෙදීමක් ඉල්ලනවා. එහෙම ඉල්ලුවේ නැත්නම් ඒක විපක්ෂයකුත් නෙවෙයි. ඒ වෙලාවට නැගිටලා අපේ සමගිය බිදින්ඩ විපක්ෂය කරන්න හදන කුමන්ත්‍රණයට අපි අහුවෙන්නේ නෑ වගේ නපුන්සක දේශපාලන කතා කියන්න ලෑස්ති වෙන්න එපා.



ඒක නිසා රටේ රාළ දැන්මම කියන්නේ ඔයාලගේ අර මාසිකව මහ ලොකුවට තියන සුළු පක්ෂ එකොළහේ පක්ෂ නායක හමුව කැදවලා තීරණයක් ගන්න. ඒ තීරණය රටට දැනුම් දෙන්න. ඔයාලා රාජාසන කතාවට පක්ෂව ඡන්දය දෙනවාද නැද්ද කියලා?

විරුද්ධව හරි ඡන්දදීමෙන් වැලකී ඉන්නවා නං හරි අපි අවශ්‍ය ගෞරවය ඔයාලට දෙන්න එක මොහොතක් පසුබට වෙන්නේ නෑ. හැබැයි ඔයාලා රාජාසන කතාවට පක්ෂව ඡන්ද දෙනවා නං අපි ඔයාලට අමතන්න ඕනි විදිහත් කලින් කියලා තියන්න. වහල්ලු කියලද, නැත්නම් දේශපාලන නපුන්සකයෝ කියලද එහෙමත් නැත්නම් වෙන නමක් තියනවාද කියලත් දන්වන්න. හැබැයි ඉතින් ආය දේශප්‍රේමී කියාගෙන නං එන්න එපා. ඔයාලටත් එදාට හම්බ වෙන්න හූ තමයි.


Priynatha witharana
එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.
මීට.
රටේ රාළ

( Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)
 
 
 

Leader Whats app


 
 
 
චීනගේ ලණුවට නාමල් අහුවෙයි! | Gossip
 
 
 
 
සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.
 


225ටම ඇමතිකම්! | වියත්කතා
 



මේ පාර දෙන්නෙ හූ නොවෙයි චූ ! | මොණරවිලගේ ලියමන
 


ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්