2019 අප්‍රියෙල් 21 ක. පාස්කු ඉරිදා. අපේ රටේ ඉතිහාසයට මහා කළු පැල්ලමක් එකතු උන දවසක්.



ඒ මරාගෙන මැරෙන ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් වැඩිම පීඩාවට පත් උනේ අපේ රටේ සහෝදර කතෝලික ජනතාව. ඇත්තටම ඒ ප්‍රහාරයේ ප්‍රධාන ඉළක්කය උනේ කතෝලික පල්ලි කීපයක්.

ඒ ප්‍රහාරයෙන් පස්සේ අපේ රටේ කතෝලික ජනතාව කියාගන්න බැරි අසරණකමකට පත්වුණා. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට තවම යුක්තිය ඉෂ්ඨ වෙලා නෑ.

 

කතෝලික මිනිස්සු තුල තියන වේදනාවට දැන් බයත් එකතු වෙලා. ඒ බය අඩුකරන්න මහ ලොකුවට ජාතික ආරක්ෂාව ගැන පම්පෝරි ගහලා බලයට ආපු මේ ආණ්ඩුව තවමත් අසමත් වෙලා. දැන් ඒ බයත් එක්ක තවත් සැක සංකා වර්ධනය වෙන තැනට  ප්‍රශ්නය ඇවිල්ලා ඉවරයි.

 

පහුගිය 11 වෙනිදා බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබිලා තවත් ජීව අත් බෝම්බයක් හම්බ උනා. රටේ ඒ ගැන ලොකු සංවාදයක් ඇතිවෙලා තියනවා. සිද්ධිය පදනම් කරගෙන පල්ලියයි, පොළිසියයි අතර ලොකු මත ගැටුමක් තියනවා.

පල්ලිය වෙනුවෙන් පෙනී ඉන්නේ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රධාන කතෝලික සභාව. එතකොට පොළීසිය වෙනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොළිස් ඇමති, ආරක්ෂක ලේකම් වගේම පොළිස්පතිත් ප්‍රකාශ නිකුත් කළා.

ඇත්තටම මේ මත ගැටුම දිහා බලන ඕනි කෙනෙකුට එක දෙයක් පැහැදිලිව පේනවා. ඒ පොළිසිය පල්ලිය පැත්තෙන් ඉදිරිපත් වෙන කරුණුවලට ඇහුන්කන් දෙන්න සූදානමක් නෑ කියන එක.



පොළීසියට ඔය වගේ අපරාධ සම්බන්ධව පරීක්ෂණ කරන විදිහ කියා දෙන්න පල්ලියට බෑ. ඒකේ තර්කයක් නෑ. හැබැයි පොළීසියත් මෙතනදී වින්දිතයාට ඇහුන්කන් දෙන්න ඕනි. මොකද යුක්තිය ඕනි වින්දිතයාට මිසක් පොළීසියට නෙවෙයි. එහෙම නොවීම ඇතුළේ වෙන්නේ ආණ්ඩුව පැත්තෙන් මොනවා හරි හංගන්න හදනවාද කියන සැකය ජනතාවට අතරට කාන්දු වෙන එක විතරයි.



විශේෂයෙන්ම කිතුණුවන් තුළ ඒ සැකය ඇතිව්ම සාධාරණයි. මොකද පාස්කු ප්‍රහාරයට දැන් දින 1000 ත් පැනලා ඉවරයි. තවමත් ඒ අහිංසකයන්ට යුක්තිය ඉෂ්ඨ වෙලා නෑ. යුක්තිය ඉෂ්ඨ කරන්න මේ පාලකන්ට ඕනි නෑ වගේම ඒකට ඉඩ දෙන්නේ නෑ කියන සැකය දැන් අති බහුතර කතෝලිකයන් තුළ තියනවා.

 

ඒ විතරයක් නෙවෙයි දැන් දැන් අගරදගුරු හිමි කියන කතා එක්ක තත්වය තවත් දරුණු අතට හැරෙමින් තියෙන්නේ. මේක මුස්ලිම් අන්තවාදය පාවිච්චි කරලා දේශපාලන බලය ගන්න කරපු වැඩක් කියන කතාව එළියට ඇවිත්. ආණ්ඩුව පැත්තෙන් දෙන උත්තරවලින් ඒ සැකය තහවුරු වෙන විදිහේ ප්‍රකාශත් පහුගිය කාලේ සිද්ධ උනා.

 

මේ සිද්ධියට අදාළවත් පොලිස් ඇමති කරන ප්‍රකාශ වගකීම් සහගත නෑ කියන එක පැහැදිලියි. ඒ ප්‍රකාශවල මෝඩගතියක් වගේම පන්ඩිතගතියකුත් තියනවා. පොළීසිය බාර මහජන නියෝජිතයා විදිහට එයා මෙතනදී පාර්ශවයක් නියෝජනය කරන එක සම්පුර්ණයෙන්ම වැරදී. එයා ඉන්ඩ ඕනි පොළීසියට උඩින් මිසක් පොළීසියට යටින් නෙවෙයි.

එයා මෙතනදී නියෝජනය කරන්නේ කතෝලික පල්ලියට විරුද්ධ මතය බව බැලූ බැල්මටම පේනවා. ඒක නිසා තමයි අගරදගුරු හිමිට කියන්න උනේ ඕවා අපට කියන්න එපා ගිහිල්ලා කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන්න කියලා.

ඇත්තට ඔහොම පොරවල් ගොඩක් නිසා තමයි මේ ආණ්ඩුව අද කද හරහා ඇණගෙන තියෙන්නේ. අගරදගුරු හිමි කියන විදිහට එයාලට පොළීසියට තමයි කියලා තියෙන්නේ ඒ සිද්ධිය ගැන එදා හවස තුනෙන් පස්සේ CCTV කැමරා දර්ශණ බෑලුවම ඇති කියලා. ඒ කියන්නේ බිම තිබුණ බෝම්බය උඩින් තියන දර්ශණය තියෙන්නේ ඒ කොටසේ.

ඇමති සරත් වීරසේකර කියන්නේ බිම තිබුණ බෝම්බය අල්තාරයක් උඩින් තිබ්බේ දැන් ඔය අත්තඩංගුවට ඉන්න කෙනා කියලා. ඇපලෝ හොස්පිට්ල් එකෙත් බොම්බය තිබ්බ කෙනාම ඒ  ඔත්තුව දුන්නා කියන එකත් එක්ක එයා මේ සිද්ධියත් සමපාත කරන්න හදනවා. මේකත් එහෙම වෙන්න පුළුවන්ලු වගේම එක වෙලාවක මේ දෙකම කළේ එක්කෙනෙක් වෙන්නත් පුළුවන් වගේ අදහසක් සරත් වීරසේකරගෙන් කියවෙනවා.


ඇත්තටම මුලදීම සිද්ධි දෙක සමපාත කරන එක වැරදි. ඒක වෙන්න ඕනි පරීක්ෂණවලින් පස්සේ.


ඊළඟට බෝම්බ බීම තිබිලා අල්තාරය උඩින් තිබ්බේ තමන් කියලා දැනට අත්තඩංගුවේ ඉන්න කෙනා ලිගන්නවාලු. ඒ පුද්ගලයා ගැන පල්ලියටත් අවබෝධයක් ඇති. පල්ලිය විශ්වාස කරන්නේ වෙනත් කෙනෙක් ගෙනත් තියපු අත් බෝම්බය නොදැනුවත් කමින් එයා අල්තාරය උඩින් තිබ්බා. පස්සේ එයාට සැක හිතිලා පල්ලියට ඒ බව කිව්වා කියලා.

මෙතන පොළීසිය වගේම පල්ලිය කියන කතා දෙකම වෙන්න බැරි නෑ. හැබයි මෙතනදී විශේෂ කාරනය වෙන්නේ පල්ලියේ තර්කය තහවුරු කරන්න ප්‍රමාණවත් තාක්ෂණික සාක්ෂියක් එයාලට තියනවා.

ඒක තමයි අගරදගුරු හිමි රට ඉස්සරහාට පෙප්නුව CCTV කැමරාවේ උදේ කාලයේ සටහන් වෙලා තියෙන සාක්ෂිය. ඒ සාක්ෂිය ගැන පොළීසිය ප්‍රමාණවත් තරම් අවධානය යොමු කරන්නේ නෑ කියන චෝදනාව තමයි පල්ලිය පැත්තෙන් එන්නේ. ඒ හරහා එයාලා තුළ සැකයක් ඇතිවීම සාධාරණයි. මොකද ගිණි පේල්ලෙන් බැට කාපු කෙනා කලා මැදිරි එලියටත් බයයි කියනවනේ.


මෙතනදී කෙනෙකුට මෙහෙම සැකයක් එන්න පුළුවන්. දැන් පල්ලිය ඇතුළේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලන අරගලයක් මෝදු වෙමින් තියනවා. ඒ අරගලය වටේට කිතුණු ජනතාව එකතු වෙනවා. ඒ සටනට කිතුණු ප්‍රජාව මෙහෙයවන්නේ පල්ලියෙන්. ඒක නිසා පල්ලිය වටේට එකතු වෙන ජනතාව බය කරලා ඒ එකතුවීම නවත්තන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිසම මේක කලාද කියන සැකය එනවා.


සරත් වීරසේකර මේ සිද්ධිය ඇපලෝ බෝම්බයට සමාන කරන්න යෑමෙන් වෙන්නේ ඒක තවත් වැඩිවීම. මේක අහපු ගමන් ඇපලෝ බෝම්බ මතක් වෙන අයට පාස්කු ප්‍රහාරය අමතකවිම පුදුම සහගතයි.

මේකයි පාස්කු ප්‍රහාරයයි අතර සම්බන්ධයක් තියනවා කියලා සැක කරන්නත් පුළුවන්. ඒක ඇපලෝ බෝම්බය එකක් මේ සිද්ධිය සන්සන්දනය කරනවාට වඩා සාධාරණයි.

11 වෙනිදා උදේ කාලයේ CCTV දර්ශන බැලුවාම උදේ 9.52 ට පල්ලිය ඇතුළට සැක කටයුතු පුද්ගලයෙක් එනවා. ඒ දර්ශණ රටම දැක්කා. ඒ පුද්ගලයා ඔය බෝම්බ තිබුණ තැනට ගිහින් කලිසමෙන් දෙයක් ගන්න බව පේනවා. එයා නැමිලා සිටින දර්ශනයකුත් තියනවා. එතකොට මේ පුද්ගලයා බෝම්බ ගෙනත් තිබ්බා කියන සැකය ඕනිම කෙනෙකුට එන සාධාරණ සැකයක්.

එතනදී මෙහෙම තර්ක කරන්න පුළුවන් බෝම්බය උදේ 9.52 ඉදන් හවස දෙව්මැදුර සුද්ද පවිත්‍ර කරපු කෙනා එනකං කාගේවත් අවධානයට ලක් නොවී එතනම තිබුණා කියලා. හැබයි ඒක පල්ලිය සුද්ද කරන කෙනාට අනිවාර්යෙන් අහු වෙන්න ඕනි. එයා Job එක හරියට කරනවා නං එයාට එක හම්බ වෙන්න ඕනිනේ.

එතනින් පස්සේ වෙච්ච සිද්ධිය ගැන තමයි පොළීසිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලයි අගරදගුරු හිමි කියන්නේ. හැබැයි අගරදගුරු හිමිගේ ඒ තර්කය පොලිස්පතිගේ කතාවෙන්වත්, පොලිස් ඇමතිගේ කතාවෙන්වත්, ආරක්ෂක ලේකම්ගේ කතාවෙන්වත් බිද වැටෙන්නේ නෑ.

මොකද පොලිස් ඇමති නොදන්නවා උනාට පොලිසිය බෝම්බය අල්තාරය උඩින් තියන කෙනා වගේම බෝම්බ එතනට ආවේ කොහොමද කියන එකත් හිතන්න ඕනි. ඒකට ක්‍රියාත්මක වෙන්න ඕනි. එහෙනම් පොලිසිය නෙවෙයි, පොලීසියට පැමිනිල්ලක් දාන්න ආපු කෙනෙක් උනත් දන්නවා CCTV කැමරාවේ දර්ශණ දිගේ පස්සට එන්න ඕනි කියලා.

 

එතකොට එන ප්‍රශ්නය තමයි ඇයි පොළිසිය පල්ලියට දැනුම් දෙන්නේ හවස තුනෙන් පස්සේ CCTV කැමරා දර්ශණ බැලුවාම ඇති කියලා. එහෙම මේ ලෝකේ පොළීස්කාරයෙක් කියයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? හැබයි අගරදගුරු හිමි කියන්නේ බොරුවක් කියලා පොළීසිය පැත්තෙන් කියන්නේ නෑ. ඇයි පොළීසිය කැමරාවේ දර්ශණ දිගේ පස්සට ගියේ නැත්තේ?

 

ඊළඟට පල්ලිය කැමරාවේ පස්සට ගිහින් බලන බව පොලීසිය දන්නේ නැද්ද? පල්ලිය දන්නදේ පොලිසියට තේරෙන්නේ නැද්ද? එතකොට එන සැකය තමයි මෙතන පොළීසියට මොනවා හරි දෙයක් වසන් කරන්න හදනවාද කියන එක?

කොටින්ම කිව්වොත් 9.52 ට ආපු පුද්ගලයා තමයි මෙතන key point එක.ඒක ඔයාටයි මටයි තේරුණාට ඇයි පොළිසියට නොතේරෙන්නේ? අපරාධයක් කරන්න ආපු කෙනෙක් ගැන තියන තාක්ෂණික සාක්ෂිය පල්ලියෙන් පොළීසියට පෙන්නුවට පස්සේවත් පොළීසිය ඒ ගැන ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි? පල්ලියේ ප්‍රශ්නය ඒක.

ඒ පුද්ගලයා තවමත් අත්තඩංගුවට නොගත්තේ ඇයි? ඒකට පොළිස් ඇමති කියන්නේ. ඒ තොරතුරු පොළීසියට නොදී මාධ්‍යට දීමෙන් මහ මොළකුරු පැනලා යයි කියලා. ඒකෙන් පොළීසිය අපකීර්තියට අපකීර්තියට ලක්වෙයිලු. ඒක කුමන්ත්‍රණයක්ලු.

දැන් එතකොට මෙතන වැරද්ද මේක රටට හෙළිකරපු ඒකද? එතකොට කුමන්ත්‍රණකරුවා පල්ලියද? ඇත්තටම රටේ රාළට මෙතනදී කියන්න තියෙන්නේ සරත් වීරසේකර මහත්තයෝ ඔය පොළිස් ඇමතිකම දෙන්න පොඩි ළමෙකුට කියලයි.

CCTV දර්ශන ඉස්සෙල්ලාම බලන්න ඇත්තේ පොළීසියයි, පල්ලියයිනේ. එතකොට එයාලට කැමරාව දිගේ පස්සේ එන්න මොළයක් නොතිබුණාට පල්ලිය මොනවා කරන්නද? ඒ පොළීසියෙන් නොකළා විතරක් නෙවෙයි හවස තුනෙන් පස්සේ බලන්න කියලා පල්ලියට කියලා. ඒක නෙවෙයිද මේ ප්‍රශ්නය. ඉතින් මේක ජනතාවට නොකියා කාට කියන්නද? මාධ්‍යට කියනවා කියන්නේ ජනතාවට කියනවා කියන එක තමයි.

ඒ වගේම සරත් වීරසේකරලා දැනගන්න ඕනි දැනටමත් මේක ජාත්‍යන්තර අවධානයට ලක්වෙච්චි මාතෘකාවක් වෙලා ඇති. මේක මේ වෙනකොටත් වතිකානුවට නොගිහින් තියෙන්න බෑ. මේක ජාත්‍යන්තරයට ගෙනියන්න ඕනිවටත් වැඩිය හැකියාව අගරදගුරු හිමි ඇතුළු කතෝලික ප්‍රජාවට තියනවා. ඒකෙන් අපකීර්තියට පත්වෙන්නේ සරත් වීරසේකරලා විතරක් නෙවෙයි. එයාලට විතරක් එහෙම වෙනවා නං රටේ රාළට ප්‍රශ්නයකුත් නෑ.

ඒත් සියලු චෝදනා එල්ල වෙන්නේ අපේ රටට. ඇත්තටම මේක තවත් කුමන්ත්‍රණයක්ද කියන සැකය රටේ රාළටත් තියනවා. ඒ වගේම තමයි රාජ්‍ය අනුග්‍රහය ලබපු කුමන්ත්‍රණ අපේ රටේ ඉතිහාසයයේ වගේම ලෝක ඉතිහාසයේත් ඕනි තරම් තියනවා.

 

ඒක නිසා මේ සංවාදයට රටේ ජනතාව බය නැතිව ඉදිරියට ගෙනියන්න ඕනි. මේ සිද්ධිය ගැන ස්වාධීන පරීක්ෂණක් කරන්න ආණ්ඩුවට බලකරන්න ඕනි. සහෝදර කිතුණු ප්‍රජාව වෙනුවෙන් ඒක කරන්න අපට යුතුකමක් වගේම වගකීමක් තියනවා.

 

ඒ හැකියාව අපේ පොළීසියට තියනවා. දේශපාලන ඇගිළිගැසීම් නොකර හිටියොත් ඒක කරන එක අපේ පොළීසියට මහ කජ්ජක් නෙවෙයි.

ඒත් මේ ශ්‍රී ලංකාවේ කවදාවත් ඒක වෙන්නේ නෑ. අනාගතේ දවසක උනොත් තමයි. එතකොට යුක්තිය ඉෂ්ඨ කිරීමත් අනාගතයේ වගකීමක්.

ඒක අනාගතයට පවරා ගැනීම තමයි දැනට රටේ රාළට තියෙන උත්තරය.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharana
මීට.
රටේ රාළ

( Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)

Leader Whats app


 
 
 
මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන
 
 
චීනගේ ලණුවට නාමල් අහුවෙයි! | Gossip
 
 
සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.
 

225ටම ඇමතිකම්! | වියත්කතා
 

ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්