ජවිපෙ නායක අනුර කුමාර මොරටුවේ තිබුණ ජාතික ජන බලවේගයේ මහජන සභාවක් අමතද්දී සභාවෙන් අහපු ප්‍රශ්නයකට දුන්න උත්තරයක් News වලට

ගියා.

එතනදී සහාවෙන් අහන්නේ දෙන්නං කාසිවලට වැඩ කරන්න අපට බෑ. මොකද්ද ඔයාලා ඉදිරියේදී කරන්නේ කියලා හරියට කියන්න කියලයි.

අනුර දුන්න උත්තරය තමයි එයාලගේ ආණ්ඩුවකදී ඇමති මණ්ඩලය 25 යි. නියෝජ්‍ය ඇමතිවරු 25 යි. රාජ්‍ය ඇතිමතිලා නෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයට උතුරු හා නැගෙනහිර ප්‍රදේශ නියෝජනය කරන දෙමළ, මුස්ලිම් මහජන නියෝජිතයනුත් ඇතුළත් වෙනවා කියලා.

 

තනි සිංහල ආණ්ඩුවකින් මේ වැඩේ කරන්න බෑ කියලත් අනුර කිව්වා. අනුර නෙවෙයි කවුරු කිව්වත් රටේ රාළ හරිදේට හරි කියනවා. අනුරගේ ඒ අදහස එක්ක රටේ රාළට කිසිම විසංවාදයක් නෑ. ඒ අදහසට රටේ රාළ අත් දෙකම උස්සලා එකඟයි. ඇත්තටම රටට ඕනි පොදු දේශපාලන සංවාදය හදාගන්න ඕනි එක කරුණක් අනුර අතින් කියවුණා. ඒක අගය කරන්න ඕනි. ඒකට අවශ්‍ය වටිනාකම දෙන්න රටේ රාළ එක දශමයක්වත් කුහක වෙන්නේ නෑ.

 

රාජපක්ෂලා එදා රුවන් වැලි සෑ පුදබිමත් කෙලෙසමින් කියපු තනි සිංහල ආණ්ඩුව කියන ගෝත්‍රික සංකල්පයට සෘජුව පහරදීමක් තමයි අනුර කළේ.

රාජපක්ෂලාගේ අමුම අමුම ගොබ්බ වැඩවසම් සංකල්පයකට ඇත්තටම වැටෙන්න ගහන්න ඕනි. නිර්මල බුදු දහම බලය වෙනුවෙන් අවභාවිතා කිරීම කිසිම බෞද්ධයෙකුට අනුමත කරන්න බෑ. වැඩේ තියෙන්නේ ඒ විඥානය තියන බෞද්ධයෝ දැන් නැති එකයි ප්‍රශ්නේ. බහුතරය ඉන්නේ ලේබල් බෞද්ධයෝ.

මිනිස්සු බෞද්ධ දර්ශනයෙන් ඈත් කරලා බෞද්ධ සාහිත්‍යය ආගමක් බවට පත් කරලා තියෙන සමාජයක ඒක සාමාන්‍ය තත්වයක්. ප්‍රතිපත්ති පුජාව මත ගොඩනැගිලා තිබුණ අපේ බෞද්ධ නැමියාව ආමිසය කියන පැත්තට විතරක් නැඹුරු කරලා.

ඇත්තටම ඒ විනාශය කරන්න භික්ෂූ සංස්ථාවත් ගොඩක් දායක උනා. හොරකම් කරලා උනත් කමක් නෑ දෙනවා නං කියන සංකල්ප සමාජගත උනේ ඒකත් එක්ක. අන්තිමට මහජන දේපල හොරකම් කරලා සිල් රෙදි බෙදන තැනට රාජපක්ෂලාගේ සිංහල බෞද්ධකම පත් උනා.

 

ඊළඟට අනුරගේ ඔය අදහසම නොවුනත් ඔයිට ටිකක් සමාන කතාවක් හිටපු කතානායක කරූ ජයසුරියත් පහුගිය දවසක කිව්වා. කරූ කිව්වේ දෙමළ ඩයස්පෝරාවටත් තමන්ගේ රට සංවර්ධනය කරන්න ආරාධනා කරන්න ඕනි කියලා. මේක එයාලගෙත් රට කියන හැගීම හදන්න ඕනි කියලා. එයාලත් තමන්ගේ රටේ ආයෝජන කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා.

 

z p01 Parliament 1
''කරූගෙයි, අනුරගෙයි මේ කතා දෙක අතර ඒකමතියක් හදන්න පුඵවන්. ''

 

ඇත්තටම කරූගෙයි, අනුරගෙයි මේ කතා දෙක අතර ඒකමතියක් හදන්න පුඵවන්. රටේ ගොඩනැගෙන්න ඕනි පොදු දේශපාලන සංවාදයකට පදනම දාන්න ඒ යෝජනා දෙකම හොදයි. රටට ඕනි පොදු වැඩපිළිවෙළට අන්තර්ගත වෙන්න ඕනි කරුණු දෙකක් එතන තියනවා.

දේශපාලන පරස්පරතා තියාගෙන උනත් රටේ රාළත් ඒ සංවාදය දිහා බලන්නේ යහපත් විදිහට. ඇත්තටම ඔය සංවාදයට පදනම දාලා තියෙන්නේ රාජපක්ෂලා. රාජපක්ෂලා තනි සිංහල ආණ්ඩුවක් හදලා එයාලම තනි සිංහල ආණ්ඩු සංකල්පය බිදවට්ටලා ඉවරයි.

 

තවත් තනි සිංහල ආණ්ඩු ගැන කතා කළොත් එයාලට සිංහල ජනතාවගෙන් අහගන්න වෙන්නේ සුද්ද සිංහල. රාජපක්ෂලා මෙතෙක් අනුගමනය කරපු, ඒ වගේ තවත් අනුගමනය කරමින් ඉන්න මහ ජාතික ජාතිවාදයට රටේ ප්‍රශ්නවලට උත්තර හදන්න බෑ කියන එක දැන් පැහැදිලියි.

 

ජාතිවාදය මහ ජාතික උනත් සුළු ජාතික උනත් ඒක ම්ලේච්ඡයි. බලයට එන්න ජාතිවාදය වැපිරීම තරම් ම්ලේච්ඡ දෙයක් දේශපාලනයේ තවත් නැතිව ඇති.

බොරු සිංහලකම් මතු කරලා සිංහල බෞද්ධ සළුව පෙරෝගෙන ඇවිත් මේ රටට මේ අවුරුදු දෙකට කරපු විනාශය හොදටම ඇති.

එයාලා වැඩිම විනාශය කළේ බෞද්ධ දර්ශනයට.

රාජපක්ෂලා අරන් යන මේ ජාතිවාදී තුට්ටු දෙකේ දේශපාලනයට පුළුවන් උනේ ඉතිහාසයේ දෙමළ ජනතාව අතර ප්‍රභාකරන් කෙනෙක් හැදුවා වගේම මුස්ලිම් ජනතාව අතර සහරාන් කෙනෙක් හදන්න විතරයි.

රටේ රාළ නං කියන්නේ දෙමළ සමාජයට ප්‍රභාකරන්ලා ඕනි නෑ වගේම මුස්ලිම් සමාජයට සහරාන්ලා ඕනිත් නෑ. ඒ වගේම සිංහල සමාජයට අමු සිංහල රාජපක්ෂලා ඕනිත් නෑ.

ඒ හරහා කාටවත් ලැබෙන, ලැබුණු විමුක්තියක් නෑ.

 

Sri Lankans wave their national flag during a victory rally to celebrate the defeat of the Tamil Tiger rebels, in Colombo, Sri Lanka, Friday, May 22, 2009. (AP Photo)

 

ඇත්තටම අනුරගේ හා කරූගේ කතා දෙක ඇතුළට හරියට බැහැලා බැලුවොත් ඒක පතුලේ තියෙන්නේ ජාතික සමගියේ සටන් පාඨය. රටේ රාළ හැම වෙලේම කියන්නේ ඕක. ඒ සටන් පාඨය අනුරට විතරක් අයිති සටන් පාඨයක් නෙවෙයි. ඒක කරූට විතරක් අයිති සටන් පාඨයක් නෙවෙයි. ඒක සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සමස්ථ ශ්‍රී ලාංකිකයින්ටම අයිති සටන් පාඨයක්.

 

ඒක හොඳ මිනිස්සුන්ට අයිති නරක මිනිස්සුන්ට අයිති නැති සටන් පාඨයක් නෙවෙයි. ඒක වනවාසීව බවුන් වඩන සිල්වත් හාමුදුරු කෙනෙකුට වගේම වෙනම රටක් ඉල්ලලා සටන් කරපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුටත් අයිති සටන් පාඨයක්. ඒ සටන් පාඨය ජනගත කරන එකයි ශිෂ්ඨ මිනිස්සුන්ගේ කාර්යභාරය වෙන්න ඕනි.

ඒ වෙනුවෙන් බලවේග එකතු කරන එක. ඒ සටන් පාඨයට එකඟ අය අතර පොදු එකඟතාවයන් හදන එක. ඒක සමාජය තුළ මතයක් බවට පත් කරන එක. ඒ මතයට එකඟ නොවී හොරගල් අහුලන අයගෙන් ප්‍රශ්නය කරන එක හා එයාලා රටට හෙළිදරව් කරන එක හරිම වැදගත්.

ඇත්තටම එකට පොදු වැඩපිළිවෙළක් වගේම පොදු මතවාදී පෙරමුණක් ඕනි. අද තියන එක අවශ්‍යතාවයක් ඒක. ඒකට එක එක්කෙනා අතර තියෙන දේශපාලන පරස්පරතා අදාළ නෑ. ඔය හැම දේශපාලන මතයකටම හොඳ රට ඇතුලේ ජාතිකත්වයන් අතර සමගිය තිබීම.

ජවිපෙ තනියම ඒ ගමන යන්න හිතනවා නම් ජවිපෙ කරන්නේ තමන් උස්සන සටන් පාඨයට තමන්ම නැවත හතුරු විමක් විතරයි. ජවිපෙට සමාජවාදයේ සටන් පාඨ අරන් යන්න පුළුවන්. ඒත් ජාතික සමගියේ සටන් පාඨය තනියම අරන් යන්න බෑ. අරන් ගියත් වැඩක් නෑ. මොකද ඒක ජවිපෙට විතරක් අයිති එකක් නෙවෙයි.

 

දැන් ජවිපෙයි, කරූයි මතු කරන තර්ක දෙක ගැන අනෙක් බලවේගවල අදහස් කියන්න ඕනි. උත්තර දෙන්න ඕනි. ඇත්තටම ආණ්ඩුව හරි නං තනි සිංහල ආණ්ඩුව ගැන ස්වයංවිවේචනයක් කරන්න ඕනි. තවමත් තනි සිංහල ආණ්ඩුව කියන ස්වයංවින්දනයේ ඉන්න ආණ්ඩුවට ඒක කරන්න බෑ.

 

ඒක නිසාම තනි සිංහල ආණ්ඩුව ගැන නැවත ප්‍රශ්න කරන්න මේ සමාජයට අයිතියක් තියනවා. ඒ වගේ ගොබ්බ සංකල්ප සමාජයෙන් මුලින් උපුටා දාන්න ඕනි. ඒකට හරියට විවේචනය පෙළගස්සන්න ඕනි. නැත්තං තවත් කණ්ඩායම් වෙස් මුහුණු දාගෙන අපි අතර ඉන්න පුළුවන්. තනි සිංහලවලට එහා ගිය අමු සිංහල ඒවා හැදෙන්න පුළුවන්.

ඊළගට කරූ මතුකරන තර්කය, දෙමළ ඩයස්පෝරාව මේ රටේ සංවර්ධනයට දායක කර ගත යුතුයි කියන එක. අපි තවත් ලෝකය පුරා ඉන්න අපේ සහෝදර දෙමළ ජනතාව සැක කරනවාද? එයාලා ප්‍රතික්‍ෂේප කරනවාද? නැත්තම් එයාලටත් මේ රටට තියෙන පුරවැසි අයිතිය පිලි අරගෙන ජාතියක් විදිහට එකට නැගිටිනවාද? ඇත්තටම දැන් ඒ තීරණය පරක්කු නොකර ගන්න ඕනි කාලය ඇවිත්.

රටක් විදිහට අපට නැගිටින්න අත්‍යවශ්‍ය එක සාධකයක් ජාතික සමගිය. ඒක නිසා මෙතනදී රටේ රාළ අනුරගේ කතාව අගය කරන ගමන් අනුරලාට තවත් මතක් කිරීමක් කරනවා.

 

අනුර කියපු කතාව සම්පූර්ණ වෙන්න නම් ඒ කතාවට තව කොටසක් එකතු වෙන්න ඕනි. ජාතික ජන බලවේගය ඔය කියන කැබිනට් මණ්ඩලය 25 ක් කරන්නේ. නියෝජ්‍ය ඇමතිවරු 25ක් වෙන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජන සංයුතිය නියෝජනය වෙන විදිහට කැබිනට් එකක් හදන්නේ විධායක ජනාධිපති ක්‍රමය යටතේද? නැත්තං පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේද? ඒකත් අනුර අතින් කියවුණා නම් කතාව සම්පුර්ණයි.

 

ඒ ප්‍රශ්නය රටේ රාළට කරූගෙන් අහන්න අවශ්‍යතාවයක් නෑ. මොකද විධායක ජනාධිපති ධූරය කරන්න කරූ එකඟයි කියලා දැනටමත් කියලා තියනවා. ඒකට කරූ සභාපතිත්වය දරණ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය පැත්තෙන් යෝජනාවකුත් ඉදිරිපත් කරලා තියනවා.

කොහොම උනත් මේ සංවාදය හොදයි. අනිත් අයත් මේ සංවාදයට එන්න ඕනි. සජබේ, එජාපය, 43 සේනාංකය තමන්ගේ මතයත් අරන් සංවාදයට එනවා නම් තමයි හොදයි. අඩුම ගානේ තමන්ගේ මතය කියන්න.

එතකොට රටේ රාළලාට පුළුවන් එකගවෙන්න පුළුවන් තැන් නිරවුල් කරලා හයිලයිට් කරලා පෙන්නන්න. ඒ වගේම කියන්න ඕනි මේ කියන්නේ ඒ පොදු එකඟතාවයට අදාළ එක මාතෘකාවක් විතරයි.

තව මාතෘකා ගොඩක් තියනවා. ඒවත් ඉස්සරහට කතා කරමු.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමිට
රටේ රාළ.


(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)

 

 
 
 
 
කාවන්තිස්ස ආරූඪ වූ පොලිස් ලොක්කා කවුද? | Gossip



එලවීමෙන් තොර විසඳුමක් නැත! | මොණරවිලගේ ලියමන |



கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?



225ටම ඇමතිකම්! | වියත්කතා

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්