2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කොවිඩ් වසංගතය පැතිර යනු ඇතැයි බියක් හටගෙන තිබෙනවා.


ලෝකයේ ඉහළම පෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000ක් පමණ ඔලිම්පික් උළෙලේ තරග කිරීම පිණිස පැරිසියට පැමිණ සිටින අතර මින් අවම වශයන් 20 දෙනෙක් පසුගිය දෙසතිය තුළ කොවිඩ් රෝගයට ගොදුරු වී සිටිනවා.

ඔලිම්පික් තරග බිම් කොවිඩ් වැළඳී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වූ අලුත් ම ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ මීටර් 100 ඉසව්ව ජය ගනිමින් ලොව වේගවත්ම මිනිසා බවට පත්ව සිටින අමෙරිකාවේ නෝව ලයිල්ස්.

කොවිඩ් වැළඳී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වූ අලුත් ම ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ මීටර් 100 ඉසව්ව ජය ගනිමින් ලොව වේගවත්ම මිනිසා බවට පත්ව සිටින අමෙරිකාවේ නෝව ලයිල්ස්.



කොඩිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී සිටින අනෙක් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔස්ට්‍රේලියාව නියෝජනය කරන හෝ ජලක්‍රීඩාවන්හි තරග කරන්නන්.

කොවිඩ් රෝගී ලැයිස්තුවට බ්‍රිතාන්‍ය පිහිනුම් ක්‍රීඩක Adam Peaty සහ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන Zac Stubblety-Cook හා Lani Pallister ඇතුළු ඔස්ට්‍රේලියානු ජලක්‍රීඩා කණ්ඩායමේ පස් දෙනෙකු ද ඇතුළත්ව සිටිනවා.


ඔලිම්පික් තරගකරුවන් අතර කොවිඩ් රෝගීන් සිටින්නේ කුඩා සංඛ්‍යාවක් වූවද, මෙය මීට වඩා දුරට වසංගතයක් ලෙස පැතිර යනු ඇති බවට සමහර විශාරදයන් බිය පළ කරනවා. කොවිඩ් පරීක්ෂා කිරීමේ උපකරණ ද නැති තැන තවත් බොහෝ ක්‍රීඩකයන් කොවිඩ් රෝගයට ගොදුරු වීම මත SARS-Co V-2 වෛරසය හටගැනීමට ඉඩ තිබෙනවා.

 

 123053580 gettyimages 12380334062022 බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ කොවිඩ් පැතිර යාම සීමා කිරීම පිණිස විධිමත් පරීක්ෂණ, සමාජ දුරස්ථභාවය හා නිතරම පාහේ මුව ආවරණ පැළඳීම ඇතුළු දැඩි නීති පනවා තිබුනා

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා 2022 බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ කොවිඩ් පැතිර යාම සීමා කිරීම පිණිස විධිමත් පරීක්ෂණ, සමාජ දුරස්ථභාවය හා නිතරම පාහේ මුව ආවරණ පැළඳීම ඇතුළු දැඩි නීති පනවා තිබුනා. එහෙත් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊට හාත්පසින් ම වෙනස් වූ සාමාන්‍ය ක්‍රීඩා උළෙලක් ලෙසටයි පැවැත්වෙන්නේ. එදා තහනම් කරන ලද එක්රොක් වීම මෙන් නොව මෙවර දහස් සංඛ්‍යාත නරඹන්නන් ක්‍රීඩාමණ්ඩපවල නිදහසේ රොද බැඳ ගෙන සිටිනවා.

පැරිස් ඔලිම්පික් උළෙල මීට පෙර තිබූ සියළු කොවිඩ් ක්‍රියාපටිපාටියන් අත්හැර දමා තිබෙනවා. ඒ වෙනුවට තිබෙන්නේ උණ හෙම්බිරිස්සාව වැනි අනෙකුත් සාමාන්‍ය රෝග. ආසාදනයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න තීරණය කිරීම නිලධාරීන් විසින් දැන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා කණ්ඩායම්වලට පවරා තිබෙනවා.

 

ROME, ITALY - JUNE 11: Manuel Eitel of Team Germany competes in the Men's Discus Throw leg of the Decathlon on day five of the 26th European Athletics Championships - Rome 2024 at Stadio Olimpico on June 11, 2024 in Rome, Italy.  (Photo by Mattia Ozbot/Getty Images for European Athletics)ජර්මනියේ දශප්‍රයාම ක්‍රීඩක Manuel Eitel මුළු ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් ම ඉවත් වුනා.

ක්‍රීඩකයන් තවදුරටත් දිනපතා පරීක්ෂණ හෝ නිරන්තර උෂ්ණත්ව පරීක්ෂාවන්ට බඳුන් වන්නේ නැහැ. රෝගී තත්ත්වයක් දැනෙන ක්‍රීඩකයන්ව උනන්දු කරවන්නේ මුව ආවරණ පැළඳීම, අත් සෝදා ගැනීම හා අනෙක් අය සමග සමීප නොවීම වැනි දේවලට වූවද මේවා අනිවාර්ය කර නැහැ. කොවිඩ් වැළඳී ඇති බවට තහවුරු වන ක්‍රීඩකයන් වෙනුවෙන් තනි කාමර ඔලිම්පික් ගම්මානයේ තිබෙනවා. අමෙරිකාව වැනි සමහර රටවල් ඔවුන්ගේ රෝගී ක්‍රීඩකයන් සඳහා වෙනම ප්‍රවාහන පහසුකම් සලසා දී තිබෙනවා. රෝග ආසාදිත ක්‍රීඩකයන්ට තවදුරටත් පුහුණු වෙමින් තරගවලට සහභාගි වීමට අවස්ථාව ලබා දී තිබෙන අතර බොහෝ ක්‍රීඩාකයන් මේ වන විට එසේ කටයුතු කර තිබෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතළොස්සක් පමණ සමහර ඉසව්වලින් ඉවත්ව තිබෙනවා. ජර්මනියේ දශප්‍රයාම ක්‍රීඩක Manuel Eitel මුළු ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් ම ඉවත් වුනා.

ඔලිම්පික් උළෙලේ ඉදිරි තරග අවුල් කිරීමේ හැකියාව SARS-Co V-2 වෛරසයට තවමත් තිබෙනවා.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

akd 1600x500rani
72ppi Web Telephone Ringing 300x250p10

worky sin

නවතම පුවත්