ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 72.5ක් ම සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කිරීමට සහාය පළ කරයි.


ඒ අනුව නීතිය වෙනස් කිරීමට බෞදධ සහ හින්දු ජනතාවගෙන් අතිමහත් බහුතරයකගේ සහාය ලැබෙයි.

ශ්‍රී ලංකාවේ අතිමහත් බහුතරයක් සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කිරීම සඳහා ප්‍රේම්නාත් දොලවත්ත මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට සහාය පළකරන බව, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ වෙස්ට්මින්ස්ටර් පදනම (Westminster Foundation for Democracy) නම් සංවිධානය විසින් දියත් කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් හරහා අනාවරණය වේ.

 සමලිංගිකත්වය සහ බුදු දහම : 1 කොටස - (දමිත් චන්දිමාල්)

සමරිසි (LGBT+) පුද්ගලයකු ලෙස ජීවත් වන පුද්ගලයකුට දඬුවම් පැමිණවීම හෝ සාපරාධීකරණයට ලක් කිරීම සිදු නොකළ යුතු බවට, සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 72.5 ක් ම පවසයි. මෙලෙස සහාය පළ කළවුන්ගෙන් සියයට 90 කට අධික පිරිසක් බෞද්ධ හා හින්දු ප්‍රජාවන් නියෝජනය කරන අතර, බහුතර සහාය ක්‍රිස්තියානි සහ මුස්ලිම් ප්‍රජාවන්ගෙන් ද පැමිණ තිබේ.

 

නිර්සාපරාධීකරණයෙන් ද ඔබ්බට සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වැඩිදියුණු කරන නීති සඳහා තම සහාය හිමිවන බව, සමීක්ෂණයට බඳුන් වූවන්ගෙන් සියයට 51.4ක් පවසා තිබේ. 

සෑම ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකුගෙන් ම 01 අයකුට සමරිසි (LGBT+) මිතුරෙක් සිටියි

 

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණයට අතිබහුතර ජනතාවගේ සහය !

 

සමරිසි (LGBT+) පුද්ගලයන් සාපරාධීකරණය ශ්‍රී ලංකාවට සහ ආසියාවට හඳුන්වා දෙනු ලැබුවේ යටත් විජිත බටහිර විසිනි. 

අද වන විට, සියලු මුස්ලිම් නොවන ආසියාතික රටවල් සහ මුස්ලිම් ආසියාතික රටවල් කිහිපයක් විසින් සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කර ඇත. ඇතැම් රටවල් විසින් සමරිසි (LGBT+) පුද්ගලයන්ට ව්‍යවස්ථාපිත ආරක්ෂණ පවා හඳුන්වා දී ඇත.

පිළිගැනීම පිළිබඳ අපේම සංස්කෘතික උරුමය වෙනුවට තවමත් යටත් විජිත සදාචාර පද්ධතීන් විදහා පාන නීති වැළඳගත් හුදෙකලා රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ආසියාවේ ස්ථානගත වී තිබේ.  

ශ්‍රී ලාංකීය ජනතාව විසින් ලබා දෙන වටිනාකම් පවතින නීතීන්ට පටහැනි බව නිරීක්ෂණය කළ හැකිය. 

 

සියවසකටත් වඩා පරණ නීතිය වෙනස් වනතුරු බලා සිටිනවා'
ඉහත සමීක්ෂණය හරහා, සෑම ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකුගෙන් ම 01 අයකුට සමරිසි (LGBT+) මිතුරකු සිටින බවත්, ඔවුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් තමාට සමරිසි (LGBT+) මිතුරකු සිටීම පිළිබඳව ලැජ්ජා නොවන බවත් සොයා ගෙන තිබේ.

 

සංක්‍රාන්ති සමාජභාවී ජනාධිපතිවරයකුට තම ඡන්දය ප්‍රකාශ කරන බව සියයට 48 ක්ම පවසයි. වයස 30 ට අඩු පුද්ගලයන්ගෙන් සියයට 55 කට ආසන්න සංඛ්‍යාවක් ම සංක්‍රාන්ති සමාජභාවී ජනාධිපතිවරයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට කැමැත්ත පළ කරයි.

 

තරුණ පුද්ගලයන්ගෙන් බහුතරයක් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් ම සංක්‍රාන්ති සමාජභාවී ජනාධිපතිවරයකුට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කැමති බව ද ඉහත සමීක්ෂණයෙන් සොයා ගෙන තිබේ. 

 

සමලිංගිකත්වය අපරාධ වරදක් නොකරන නීති සංශෝධනයට සහාය දෙන්න - (අජිත් පැරකුම්  ජයසිංහ)
වත්මන් නීති පද්ධතිය සහ ශ්‍රී ලාංකිකයන් සමරිසි (LGBT+) ප්‍රජාවේ නායකත්ව හැකියාව දෙස බලන ආකාරය අතර කැපී පෙනෙන විෂමතාවයක් පවතින බව මෙයින් පෙන්නුම් කෙරේ.

පාර්ලිමේන්තුව ජනතා කැමැත්ත පිළිබිඹු කරයි ද?


එසේ නම් පැණයක් ඉතිරිව පවතී -‍ සමරිසි (LGBT+) ප්‍රජාවට ජනතාවගේ කැමැත්ත හිමි වන්නේ නම්, පාර්ලිමේන්තුව ජනතාවගේ කැමැත්ත නියෝජනය කරන්නේ නම්, ඒ අනුව සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ අභිමානය සහ මනුෂ්‍යත්වය අගයමින් 21 වෙනි සියවසට පා තැබීමේ ඓතිහාසික පියවර ගැනීමට පාර්ලිමේන්තුව කටයුතු කරනු ලබන්නේ ද යන්න එම පැණයයි.

LGBTQ පුවත් මෙතනින් 

Follow Us

Image
Image
Image
Image
Image
Image