රජයේ අමනෝඥ තීන්දුවක් නිසා දියුණුවන සංචාරක කර්මාන්තයටත් කණ කොකා හඬලා ඇති බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

මේ වන විට ක්‍රම-ක්‍රමයෙන් සංචාරක කර්මාන්තය ඉදිරියට යමින් විදේශිකයන් විශාල ප්‍රමාණයක් අප රටට එන්නට පටන් ගෙන ඇති මොහොතක මේ රජය විදේශිකයන්ගේ වීසා ගාස්තුව හිටි හැටියේම වැඩි කර ඇති බව 'සක්වල' සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 159 වැනි අදියර යටතේ කොළඹ මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ (18) එක්වෙමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියා සිටියේය.

සාර්ක් රටවල විදේශිකයන්ට ඩොලර් 20 සිට 35 දක්වාත් සාර්ක් නොවන රටවලට ඩොලර් 50 සිට 75 දක්වාත් සේවා ගාස්තු සහ අමතර ගාස්තු සමඟ සාර්ක් නොවන රටවල් වීසා ගාස්තුව ඩොලර් 100 ඉක්මවා ඇති බවත් සාර්ක් රටවල ඩොලර් 58 ඉක්මවා ගාස්තු වැඩි කර ඇති බව ඔහු සඳහන් කළේය.

මේ නිසා වර්ධනය වූ සංචාරක කර්මාන්තය පවා ඇනහිටින බවටයි විපක්ෂ නායකවරයා අනතුරු අඟවන්නේ.

රෙඩ් වින්ග්ස් ගුවන්යානය හරහා රුසියාවෙන් මෙරටට සතියකට 800ක් පමණ සංචාරකයන් පැමිණිමට නියමිතව තිබුණත් එය ද මේ වන විට නතර කර ඇති බවත් මෙවැනි අමනෝඥ තීන්දු තීරණ ගන්නට පෙර විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කළා ද කියා ගැටලුවක් ඇතිව තිබෙන බවයි හෙතෙම පවසන්නේ.

තායිලන්තය, කැම්බෝඩියාව, වියට්නාමය, මාලදිවයින, බාලි වැනි රටවල වීසා සහන මෙන්ම වීසා ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කර ඇති මොහොතක අප රට ඩොලර් 100 ඉක්මවා ගිය මුදලක් අය කිරිම අමනෝඥ තීන්දුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

 
(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්