සමාන්‍ය ජනතාව වෙනුවෙන් හඬක් නගපු සාමාන්‍ය ජනතාවගේ දුක කදුල වේදනාව වෙනුවෙන් පෙනී සිටි මහජන නියෝජිතයකු වූ
අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.
එතුමන්ගේ හදීසි වියෝව සම්බන්ධයෙන් තමා අතිශය ශෝකයට පත් වන බවත් එතුමාට උතුම් නිර්වාණය ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
එසේම ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් ඉටු විය යුතු සෑම යුතුකමක් ම ඉටු කරනා බව ද සජබ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.
අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම ගේ දේහයට විපක්ෂ නායකවරයා අවසන් ගෞරව දැක්වු අවස්ථාව පහතින් නරඹන්න.
(චතුරංග මේදිස්)