මේ වසර අග හෝ ලබන වසර මුල වන විට යළි වාහන ආනයනට අවසර දීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලැබ ඇති වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ඉවත් කිරීම අවශ්‍ය බවට භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් එළැඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට සූදානම් වන නිර්දේශය රජය පිළිගැනීමට සූදානම් නම් එලෙස ලබන වසර මුලදී එම තහනම ඉවත් කෙරෙනු ඇතැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

මෝටර් රථ ආනයන තහනම ඉවත් කරන්නේද නැද්ද යන අවසන් තීරණය ගැනීම සඳහා එම කමිටුවේ නිර්දේශය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම නිලධාරියා ප්‍රකාශ කළේය.

රජය වාහන ආනයන තහනම ලබන වසර මුලදී ඉවත් නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබාදී ඇති ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වනු ඇති බවත් එම නිසා ආනයන තහනම ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි කමිටුව තීරණය කළ බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

ඇමෙරිකානු ඩොලරයේ අගය දිගු කලක් පාලනය කිරීමට නොහැකි බැවින් ආනයන තහනම ඉවත් කිරීම වැදගත් බව ඔහු ප්‍රකාශ කළේය. එහෙත් ආනයනය කරනු ලබන වාහන මාදිලි සහ එම වාහනවල නිෂ්පාදිත වර්ෂ තවමත් තීරණය කර නැතැයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්