ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.
ඒ අනුව ඒ පසුගිය අප්‍රේල් මස 26 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී මහින්ද සිරිවර්ධන වටිනා දායකත්වය සේවා දිගුව ලබා දීමේදී සැලකිල්ලට ගෙන ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය පැවැසුවේය.