ක්‍රමයේ වෙනසක් සිදු කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය ම නොවන බවත් සමගි ජන බලවේගය ක්‍රම දෙකකින් ජනතාව ඉල්ලා සිටි ක්‍රමයේ

වෙනසක ඇති කළ බවත් විපක්ෂ නායකවරයා පවසයි.

රටට අවශ්‍ය වැඩ කරන නායකයන් බවත්, කයිය නායකයන්, සෝබන නායකයන් ලස්සන වචන කියමින් මනස සනසන නායකයන්ගෙන් රටට වැඩක් නොමැති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 167 වැනි අදියර යටතේ අද හම්බන්තොට බෙලිඅත්ත ඕකෙවෙළ උතුරු කණුමුල්දෙණිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

දූපත් මානසිකත්වයේ සිට අපි තමයි හොඳ, අපි තමයි හොඳටම කළේ, හොඳම දේ දරුවන්ට යැයි කියමින් ජය වේවා කිය කිය සිටීමෙන් රටටත් පුරවැසියන්ටත් සෙතක් නොවන නිසා මේ ක්‍රමය වෙනස් විය යුතු බවටයි ඔහු අවධාරණය කරන්නේ.

බොරු මාක්ස්වාදී, කොමියුනිස්ට්වාදී, ෆැසිස්ට්වාදී, අන්ත සමාජවාදී නායකයන්ට නොරැවටෙන ලෙසත් ඔවුන් රජයේ පාසල්වල දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් පරිගණක අධ්‍යාපනය ලබා දීමට අකැමැති වුවත් ඔවුන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර විශ්වවිද්‍යාවල හා පෞද්ගලික විශ්වවිද්‍යාවල ඉගෙන ගන්නා පවසන සජබ නායකයා රටේ අනෙකුත් දරුවන්ට සහ තරුණයන්ට ඒවා අකැප වී ඇති බව සඳහන් කළේය.

එක වරක් බොරුවකට රැවටි රටම බංකොලොත් වී මේ වන විට ඇ. ඩොලර් බිලියන 100කට වඩා අපි දේශීය හා විදේශීයව ණය වී ඇති බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන් ගොඩ ඒමට නම් තොරතුරු තාක්ෂණ අධ්‍යානය, දැනුම පදනම් කර ගත් අධ්‍යාපනයක් ඇති කළ යුතු බව පෙන්වා දෙයි.


හොරු අල්ලන්න බලය අවශ්‍ය නැහැ

රට බංකොලොත් කළ හොරු රටට අනාවරණය කිරිමට සමගි ජන බලවේගයට හැකි වු බවද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ෆයිල් මිටි උස්සා ගෙන ආණ්ඩු බලයට ආ පසු හොරු අල්ලා නීතිය හමුවට ගෙන එන බවට කයිය නායකයෙක් කියා සිටියත් සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපය සහ නීති මණ්ඩලය විසින් මේ රට බංකොලොත් කළ නායකයන්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් දමා හොරු අනාවරණය කළ බවයි ඔහු පවසන්නේ.

හොරු අල්ලන්න බලය අවශ්‍ය නොවන බවත් උවමනාවක් තිබේ නම් විපක්ෂයේ සිට වුවත් එය සිදු කළ හැකි බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

 

 


 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්