ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින්

කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මක වීම අත් හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අමාත්‍යවරයා විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය.

විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව එහි තීරණය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන් . සමරකෝන් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කරන ලදී.


නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුකරයට අදාළ කරුණු කාරණා සම්බන්ධයෙන් තීරණ ගැනීමේ මුල් අධිකරණ බලය පැවරී තිබෙන්නේ කොළඹ දිසා අධිකරණයට බවයි. එම තත්ත්වය හමුවේ මෙම නඩුකරයේ අන්තර්ගත කරුණු කාරණා සම්බන්ධයෙන් මැදිහත්වීමට අභියාචනාධිකරණය සතු ප්‍රතිශෝධන බලය ක්‍රියාවේ නැංවීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.


ඒ අනුව මෙම ප්‍රතිශෝධන පෙත්සමේ කටයුතු සඳහා මැදිහත්වීමට අවශ්‍යතාවයක් මතු නොවන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ අනුව අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන බවත් සඳහන් කර සිටියේය.

අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීරස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් මෑතකදී ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණි.

කොළඹ දිසා අධිකරණය එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ ඒක පාක්ෂිකව බවත් එම වාරණ නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා විජයදාස රාජපක්ෂ සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණි

(aruna.lk -කේ.එස්. උදයකුමාර)

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්