ඉතිහාසය කියන්නේ යුගයක සිදුවීම් වල ශේෂ පත්‍රය පමණි. ඒ කියන්නේ සිදුවු සියල්ල ලියා තබන්න බැරිය.
අවශ්‍ය සියල්ල පිටුකොට ලියා තැබීම ඕනෑම රචකයෙකු විසින් කරනු ලබන කාර්‍යයි. ඒ කීවේ යටපත් කිරීම ඉවත් කිරීම කියා කියන කාරණා පැත්තකින් තැබූවද එය ඉතිහාස අකුරක් නෑර ලිවිය හැකි නොවේ. ඒ නිසා ඉතිහාසයේ සමස්තය ලුහුඩින් ලියා තැබූ මොහොත වටහා ගැනීමට මාවත හදාලීම සමබර ඉතිහාසයේ තාලය වේ.
ඒ අනුව දැන් බැලිය යුතුම කාරණයක් වේ. එනම් ඉතිහාසය ලියන රචකයෙකු ලුහුඩුවම ලියා තබන සමාන්තර වූ යමක් ලියා තබන්නේ සමස්ත චිත්‍රය තේරුම් ගැනීමට බවය. ඒ අනුව දුටු ගැමුණු කුමාරෝප්‍රාප්තිය ගැන ලියන ඉතිහාස රචනාවේදී මහාවංශ දීපවංශ කතුවරයන් ලියන "දොලදුක්" ගැන ගැඹුරට සිතිය යුතුය.

විහාර මහා කුමරිය දිගු කාලයක් හද අතුරන වේදනාවකින් දුක් ගින්නක වෙලී දිවි ගෙවීය. එයට හේතුව ඇය දරුවන් නොමැතිව විදි වේදනාවය. එවිට ඇගේ කුස තුල දරු කුසක් පිරිපුන් වූ විට ඇයට උපන් දොල ආශාවන් ඉතිහාස වාර්තාවල වාරණය නොකර සටහන් වන්නේ මන්ද. මෙම කරුණ සිදුවීමක් නෑර ඉතිහාස නිල ලේඛණ වල ඇතුලත් කර ඇත්තේ කිමද අන් කවර හේතුවක් නිසාවත් නොවේ. එය සිදුකරන්නේ එම ඉතිහාස පරිච්ඡේදය එම මොහොතට අදාල සිදුවීම සම්ප්‍රදායන්ට සබැඳිව සැබෑ කොට චිත්‍රණය කොට වටහා දීමටය.
ඒ අනුව දුටු ගැමුණු කුමරුගේ උප්පත්තිය සේම ඒ කුමරුගේ ජීව ජාන පැවැත්මද එම උපත සිදුවන සමාජයේ සමාජ දේශපාලන වාතාවරණය මෙමගින් සංකේත කරයි. එමෙන්ම කුමරුගේ මෑණියන්ගේ චෛතසිකය වඩා හොදින් වටහා දීමට මෙම සිදුවීම් පෙල ලියා තබන බව වටහා ගත හැකිය. එම නිසා දුටු ගැමුණු එළාර පරිච්ඡේදය මෙම කරුණද ගෙන වටහා ගත යුතු කාණාවකි. ඒ අනුව දැන් විමසීමෙන් බැලිය යුතු වන්නේ වෙහෙර දේවියකි දොල ආසාව ගැනය.
ඇයගේ දොල ආශාවන් එකක් නොවීය. ඇය දොල ආශා තුනකින් දොලදුක් හටගත් මවකි. ඈට පළමුව උපන්නේ ඔරුවක බැඳි ඉස්බක් තරම් මීවදයක් සොයා පැවිදි භික්ෂුන් වහන්සේලාට පූජාකොට ඉන්ඉක්බිතිව ඉතිරි මීපැණි ආහාරයට ගැනීමේ දොල ආශාවය. එවිට බැලිය යුත්තේ මේ දොල ආශාව උපන් හැටිත් ඒ උපන් ආශාව සංසිදවාගත් අයුරුත්ය. ඒ සඳහා දායක වූ සිදුවීම් එක පෙළට ඉතිහාසයේ ලියා තැබුවේ ඇයිද යන්නය. දෙවනුව ඇයට උපන්නේ අමුතුම ඓතිහාසිකමය දොල ආශාවකි. එනම් එළාර රජුගේ ප්‍රධාන සෙන්පතියාගේ හිස සිඳ දැමූ ලේ තැවරුණු අසිපත දොවනය කල ජලය, එම සෙන්පතියාගේ සිඳ දැමූ හිස මත වාඩිවී පානය කිරීමේ දොලය. තුන්වන ආශාව වූයේ අනුරාධපුර උපුල් කෙතින් නෙලා ගත් සුවඳ උපුල් මල් ගෙල පළඳවා ගැනීමේ දොල ආශාවය.
මෙම දොල ආශාවන්ට සබැඳි පුවත් සියල්ල සවිස්තරව කියා දෙමින් ඒවා දේවිය පූර්ණ කරගනිමින් දරුගැබ රැකගත් අයුරු කියා දෙයි. දැන් මේ දොල ආශාවේ කථාව විසින් නූතනයන් වෙත පවරා දෙන ඉතිහාස මොහොත කවරක්ද. විහාර මහ දේවිය දරුවෙකු නොලැබ සිට දරු ගැබක් පතමින් ආරාමයකට ගොස් පූජාවල යෙදුනු අතීතයක් විය. එම ආරාමයේ හිරිමල් භික්ෂූන් වහන්සේ නමකට සෙන්බර ආලයක් උපදින දේවිය එම භික්ෂුවට තම කුසට වඩින සේ ඇය ඇරයුම් කරන්නීය. එවිට මෙම ගැබ පල දරා ගැනීමේ සිට දොල ආශා ඉපදීම දක්වා කථාව දිගුවට ගෙන කථා කල යුතු තරම්ය.
ස්ත්‍රීන්ගේ ගැබ සමඟ උපදින දොල ආශාව ගැන විද්‍යාත්මක කියවීමක් විමසීමක් නොමැත. එය විද්‍යාත්මකව හසු නොවන අමුතුම චෛතසික අවස්ථාවකි. සිද්ධාර්ථ කුමරුවන් ගැබ දරාගත් විට මහමායා දේවියට උපන් දොල ආශාව අපි දනිමු. ඒ වගේම ඒ ගැන සිද්ධාර්ථ උපතේ කථාව ගැන දන්නා හැමෝම දන්නා ජනගත කථාවකි. ඒත් කුමරු ගැමුණු කුසට පැමිණි විට උපන් දොල ආශා තුනක් දුටු ගැමුණු මවට ඇතිවී තිබුනද ඒ ගැන අවබෝධයක් නැති තරම්ය. ඉතිහාස පොතේ අකුරක් ගානේ ලියා තබා තිබියදී රචකයන් ඒ ගැන ජනගත බවක් නැත. අතහැර දමන්නට අවශය නම් මහානාම හිමියන් මහාවංශයහි මෙසේ ලියා නොතබනු ඇත. අතහැර යා නොහැකි සිදුවීමක් නිසා මෙම කරුණ ඇතුලත් කර තැබූ බව පැහැදිළිය. එසේ නම් දැන් සොයා බලන්න අවශ්‍ය මෙම දොල ආශා තුන ගැනය.

සරලව ගත්විට ප්‍රථම දොල ආසාව මී පැණි පූජා කිරීම දරුවකුගේ මවගේ සද්ධා ගුණ වර්ණනාව පෙන්නුම් කරන සංකේතයක් වැනිය. දෙවනුව උපන් දොල ආශාව මවගේ මනෝ ලිංගික ආවේගයන් හා හද ගැඹුරේ ඇති බල අවශ්‍යතාවන්ගේ කැලතිල්ලක් වැනිය. තෙවැනි දොල ආශාව ක්ෂිරයන් හා බැදුනක් ලකුණු වැනිය. ලකුණින් දුටුගැමුණු නිරිඳුන්ගේ චරිතය පූර්ව ලකුණු ප්‍රකට කොට දුර්ලභ සංකේත වලින් හෝ දක්නට අනුබල දෙයි.
මෙම දොල ආශා තුන විසින් අප වෙත සංකේතවත් කරන තවත් කථාවක් ඇත. ඒ නම් මේ දොල ආශා සංසිඳුවා ගැනීමට මාර්ග සිතියම සැදෙන ආකාරයයි. ඒ ආකාරයට සබැඳි තතු විත්තිය එම තතු විත්තිය සමඟ සහබද්ධව මෙකි කාර්යයන්ට එකතු වූ ලක්වාසී මානවයන් ගැන ලියා තබයි. ඒ මානව නියෝජිතයන්ගේ කෞෂල්‍යයන් කියා දෙයි. ඒ වගේම නිමිතිකරුවන් ජ්‍යෝතීෂකරුවන් මේ ගැන කරන මත පල කිරීම්ය. ඉතිහාස රචකයා මේ සියල්ල මැදින් ලංකා ඉතිහාස කතා අන්දරය දරු ගැබක් වටා දිගු ගමනක් රැගෙන ගොස් ඇත. මේ වෙහෙර මහා දේවියගේ දරු ගැබට බැඳුනු දොල ආශාව විසින් ඉතිහාස ආශා වේගය අවුලවා තබයි. මන්ද ලංකාව එදා සිටියේ පුතෙක් නැති සොවකය. එළාර රජු තම පුත්‍රයාගේ දිවි තොරකර දැමූයේ ජනතා මතයට ගරු කරමින්ය. එයින් ලංකා රාජ්‍යයට අනුප්‍රාප්තියෙක් නැතිවිය. ඉතිං රාජ්‍යයට පුතෙක් හදන්න උවමනා විය. මේ උවමනාවේ ගැඹුර හා සම්පිණ්ඩනය විහාර මහ දේවියගේ දොල ආශා වලින් සංකේත කරයි.
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
රාවාෂ පසුගිය ලිපි :
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
රාවාෂ පසුගිය ලිපි :
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම