වැටුප් හා දීමනා ගැටළුවට මෙම මස 31වෙනිදාට ප්‍රථම විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වන්නේ නම් වැඩවර්ජනයක් සිදු කරන බවට රජයේ
විධායක නිලධාරීන් ඒකාබද්ධ කමිටුව රජයට අනතුරු අඟවයි.
එසේ විසඳුම් ලබා නොදුන හොත් එළඹෙන අප්‍රේල් පළමු සතිය තුළ දින දෙකක සංකේත වැඩ වර්ජනයකට සුදානම් බවයි එම කමිටුව පවසන්නේ.
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සංගම් නියෝජනය කරමින් විධායක කමිටුවේ සභාපති එච්.ඒ.එල් උදයසිරි ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක් මගින් මේ බව දැනුම් දී තිබේ.
(චතුරංග මේදිස්)