මෙරට ඖෂධ නිෂ්පාදකයින් හට පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එම වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාම අරමුණු කර
ගනිමින් ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩලයේ (NCPM) නියෝජිතයින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍යවරයා හමුවී තිබේ.
මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩලයේ (NCPM) නියෝජිතයින් විසින් ඔවුන්හට බලපාන ගැටලු, ඔවුන්ගේ ඉදිරි යෝජනා, අදහස්, සැලැස්ම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද අතර පවතින ගැටලු වලට කඩිනමින් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහතික වී ඇත.
මෙරට ජනතාවට ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහල ඖෂධ ලබා දීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමුඛ කාර්යක් බව පෙන්වාදී ඇති අමාත්‍යවරයා එම වැඩපිලිවෙල විනිවිදභාවයකින් යුතුව සිදුවිය යුතු බවද අවධාරණය කළේය.
දේශීය ඖෂධ නිෂ්පාදකයා රැකගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් මෙරටට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමට ගෙන යන වැඩ පිලිවෙල ශක්තිමත් කල යුතු බව ද ඇමැතිවරයා පෙන්වා දී ඇත.
තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම කර්මාන්ත අමාත්‍යවරයා වශයෙනුත් ඒ සදහා අවශ්‍ය සහය ලබා දෙන බව හෙතෙම පැවසීය.
මෙම සාකච්ජාමය අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය ලෝහිත සමරවික්‍රම, උප සභාපති වී.නඩරාජා, ලේකම් නිරෝෂන් ප්‍රනාන්දු ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වුහ.
(චතුරංග මේදිස්)