The Leader News
BREAKING
Top Ad
Biz

ලෝක වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහළ යාම සහ විදේශ විනිමය වාශ්ප වීම | Sena Suriyapperuma

T

The Leader Desk

May 2, 2025 • 2:56 PM

ලෝක වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහළ යාම සහ විදේශ විනිමය වාශ්ප වීම | Sena Suriyapperuma

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකාවට පාම් ඔයිල්
  • උදාහරණයක් ලෙස 2024 දෙසැම්බර් කාලය තුළදී ලෝක වෙළඳපොළේ පොල්තෙල් ටොන් එකක මිල සටහන් වූයේ (CIF) ඇමෙරිකානු ඩොලර් 1220 වශයෙන්  වූ අතර අද වන විට ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 2680 දක්වා ඉහළ ගොස් ඇත.
  • සරල වශයෙන් ගණනය කළත් ලංකාවට වාර්ෂිකව පොල් තෙල් ටොන් 120,000ක් ආනයනය කරන අතර මෙමගින් තෙල් පරිභෝජනය සදහා අනවශ්‍ය ආකාරයට මෙරටින් පිටරටට ඇදී යන ඩොලර් ප්‍රමාණය ටොන් එකකට ඩොලර් 1530කි.
  • වාර්ෂිකව ටොන් ලක්ෂයක් ආනයනය කළත් ඩොලර් මිලියන 153ක් රටින් පිටතට ගලා යයි.
අකුරු ප්‍රමාණය (Font Size):


1) බොර පාම් තෙල් (Crude Palm Oil)
2) ඔලීන් (Crude Palm Olein )
3) අනෙකුත් පාම් තෙල් සම්බන්ධ වෙනත් තෙල් වර්ග (palm kernel oil and Stearin)

ආනයනය තහනම් කිරීම සහ palm වගා කිරීම තහනම් කිරීම නිසා මේ වනවිට පාරිභෝගික ජනතාවට පොල්තෙල් සඳහා අධික මිලක් ගෙවීමට සිදුව ඇත.

dfrw343f|‍ තහනම් කළ palm වගාව
වෙළඳපොලේ දැඩි පොල් හිඟයක් පවතින අතර එම නිසා පොල් මිල ඉහළ යාම තුල රටට විදේශ විනිමය ගෙන එන කර්මාන්ත ද අර්බුදකාරී තත්ත්වයට පත්වී ඇත.

උදාහරණයක් ලෙස 2024 දෙසැම්බර් කාලය තුළදී ලෝක වෙළඳපොළේ පොල්තෙල් ටොන් එකක මිල සටහන් වූයේ (CIF) ඇමෙරිකානු ඩොලර් 1220 වශයෙන්  වූ අතර අද වන විට ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 2680 දක්වා ඉහළ ගොස් ඇත.


සරල වශයෙන් ගණනය කළත් ලංකාවට වාර්ෂිකව පොල් තෙල් ටොන් 120,000ක් ආනයනය කරන අතර මෙමගින් තෙල් පරිභෝජනය සදහා අනවශ්‍ය ආකාරයට මෙරටින් පිටරටට ඇදී යන ඩොලර් ප්‍රමාණය ටොන් එකකට ඩොලර් 1530කි. වාර්ෂිකව ටොන් ලක්ෂයක් ආනයනය කළත් ඩොලර් මිලියන 153ක් රටින් පිටතට ගලා යයි. මෙතරම් කාන්දුවක් අප රටට දැරිය හැකිද යන්න බලධාරීන් විසින් සාධාරණීකරණය කල යුතුය.

 

මේ අර්බූදයට සඳහා ඇති විකල්ප

sr535g

1) පවතින ආනයන තීරු බදු වෙනස් නොකර ආදේශනයක් ලෙස ෆාම් තෙල්, ෆාම් olein සහ ඒ සමාන ද්‍රව්‍ය සදහා පවතින ආනයනය තහනම් ඉවත්කිරීම.

2.)⁠ ⁠ආදේශ තෙල් වර්ග සහ තහනමට ලක් කර ඇති පාම් (oil palm ) වගා කිරීමට සීමිත අවසරයක් ගොවීන්ට ලබාදීම. උදාහරණයක් ලෙස වගා නොකරන ලද නිසරු ගොඩ ඉඩම්  අක්කර 5000 බැගින් වාර්ෂිකව වගා කිරීම.
 
* ඉන්දියාව මේ වන විට අක්කර මිලියන 5ක පාම් oil වගා කිරීම ආරම්භ කර ඇත. ඒ ඉන්දියාව වාර්ශිකව පාම් සහ ඒ ආශ්‍රිත තෙල් ටොන් මිලියන 5 ක් රටට ආනයනය කරන බැවිනි.

* ⁠මැලේසියාවේ වාර්ෂික පාම් ඔයිල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 19කි.

* ⁠ඉන්දුනීසියාවේ වාර්ෂික පාම් oil  නිෂ්පාදනය මිලියන 21කි.

* අප්‍රිකානු රටවල් ද සීඝ්‍ර ලෙස පාම් වගාවට ප්‍රවිශ්ට වී ඇත.

පාම් ඔයිල් වගාව සමග කර්මාන්ත පද්ධතියක් ආරම්භ කිරීමට ඇති හැකියාව
 
sdt4534ff
 
2002 වර්ෂයේදී ඉන්දු ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ පාම් තෙල් සහ ඒ ආශ්‍රිත ද්‍රව්‍ය ඉන්දියාවට අපනයනය කිරීම සඳහා කර්මාන්තශාලා 13ක් ආරම්භ කළ අතර වාර්ෂිකව ඩොලර් මිලියන 225කට ආසන්න නිෂ්පාදන ඉන්දියාවට අපනයනය කරන ලදී.

මේ යටතේ ලාංකික සහ ඉන්දියානු ආයෝජකයන් ආයෝජන මංඩලය යටතේ අපනයනයට ප්‍රවිශ්ඨ විය.

තීරුබදු රහිතව ශ්‍රී ලංකාවෙන් පාම් තෙල් සහ ඒ ආශ්‍රිත නිශ්පාදන ඉන්දීය ඉන්දීය වෙලදපලට ඇතුලවීම නිසා එරට කර්මාන්ත කරුවන්ගේ විරෝධය හේතුවෙන් අසීමිතව තිබූ පංගුව වසරකට මෙට්‍රික් ටොන් 250,000 කට සීමා කරන ලදී.

2010 වර්ශයේදී පමණ ඉන්දියාව විසින් මැලේසියාවෙන් සහ ඉන්දුනීසියාවෙන් ආනයනය කර පාම් ආශ්‍රිත තෙල් නිෂ්පාදන සඳහා ඉතා අඩු තීරු බදු පැනවීම නිසා ශ්‍රී ලංකාවෙන් කරන ලද අපනයන ලාභදායි නොවීම නිසා කර්මාන්තශාලා 10 ක් පමන වසා දැමීමට සිදුවිය. කර්මාන්තශාලා දෙකක් පමනක් දේශීය නිස්පාදනයන් කිරීම සදහා පරිවර්තනය කරන ලදී.
 
ඉන්දියාව විසින් දැන් නැවතත් තීරු බදු පනවා ඇති බැවින් මෙම කර්මාන්තය ඵලදායී තත්ත්වයට පත්ව ඇත.
⁠⁠
රජය විසින් ගත යුතු ක්‍රියා මාර්ග..
 
palm
 
1) පාම් වගාවට පනවා ඇති තහනම ඉවත් කිරීම.

2) ශ්‍රී ලංකාවේ පිහිටුවා ආයෝජන මංඩලය යටතේ ක්‍රියාත්මක වන සියලු තෙල් පිරිපහදු සමාගම්වලට පාම්තෙල් ඉන්දියාවට යවන ලෙස උපදෙස් දීම.
(දැනට පාම් තෙල් වර්ග දේශීය වැවිලි සමාගම් වලින් මිලදීගෙන දේශීය වෙළඳපොළට අලෙවි කරයි)

3) නිශ්පාදන අපනයනය කිරීමට එකඟ වන සමාගම් සඳහා පමණක් නව පාම් වගාවන් සදහා අවසර දීම.

4 ) වසා ඇති සමාගම් 10 න් අවම වශයෙන් සමාගම් 5ක් නැවත පුනරුත්ථාපනය කර අපනයනය නිෂ්පාදනයට දිරි දීම.

5 ) දේශීය පොල්තෙල් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා දැනට පවතින ආනයන තීරු බදු එම ප්‍රමාණයේම තබා ගැනීම.

6) පාම් වගා කරන ප්‍රදේශවල සමාගම් සඳහා කුඩා වතු හිමියන් සමඟ කුඩා වතු සංවර්ධන ව්‍යාපෘති හඳුන්වා දීම. මෙමගින් ගොවි ජනතාවගේ ආදායම ඉහළ නැංවීම.
 
පිලිපිනය වැනි රටවල ක්‍රියාත්මක කරන ලද දේශීය පොල්තෙල් නිස්පාදනයන් හැකිතාක් අපනයනය කරන දේශීය වෙලදපලට අවශ්‍යය අඩුමිල තෙල් වර්ග හදුන්වාදීමට අවශ්‍යය නීතිමය රාමුවක් සැකසීමට රජයට හැකියාවක් ලැබිය යුතුය.


sena suriyapperuma(සටහන | සේන සූරියප්පෙරුම)
ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂක
sapsuriyapperuma@gmail.com
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...