The Leader News
BREAKING
Top Ad
Biz

ජෝන් කීල්ස් ගෙනා BYD EVs 1000ක් රේගු අත්අඩංගුවට; බදු වංගුව හොයන්න පරීක්ෂණයක්

T

The Leader Desk

July 29, 2025 • 9:04 AM

ජෝන් කීල්ස් ගෙනා BYD EVs 1000ක් රේගු අත්අඩංගුවට; බදු වංගුව හොයන්න පරීක්ෂණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බදු ගණනය කිරීම සඳහා භාවිතා කරන මෝටර් ධාරිතාව ප්‍රකාශයට පත් කිරීමේ ගැටලුවක් හේතුවෙන් මෙරටට ගෙන්වන ලද තොග හයකින් යුත් චීනයේ නිෂ්පාදිත BYD විදුලි වාහන 1,000 ක් පමණ ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
  • කිලෝ වොට් 100ක මෝටර් වාහනයක් සඳහා බදු ලෙස රුපියල් මිලියන 2.4 ක බද්දක් රේගුව අයකරගන්නා අතර එය කිලෝ වොට් 150ක් වුවහොත් රුපියල් මිලියන 5.4 ක් පමණ දක්වා ඉහළ යයි.
  •   මෙසේ අත්හිටුවා ඇති BYD වාහන තොගය තොග හයකින් පැමිණ මෙම මාසයේ වෙනස් දින දෙකකදී ශ්‍රී ලංකාවට ළඟා වූ ඒවා බවද පැවසේ.
  • උදාහරණයක් ලෙස සමහර මධ්‍යම ප්‍රමාණයේ පෙට්‍රල් මෝටර් රථවල එකම මාදිලිය 1300cc, 1500cc සහ 1800cc එන්ජින් වලින් පවා පැමිණීමට හැකියාව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසා ඇත්තේ, මේ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් වැඩි යමක් ප්‍රකාශ කළ නොහැකි බවත්, කිව හැක්කේ BYD මෝටර් රථ තොගයක් සම්බන්ධයෙන් රේගු පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පමණක් බවත්ය.

 

රේගුවට කිලෝවොට් 100 ක මෝටර් ධාරිතාවක් ඇති බව පවසමින් ආනයනය කර ඇති මෝටර් රථයක් තුළ කිලෝ වොට් 150ක ධාරිතාවක් ඇති මෝටරයක් ඇති බවට වන සැකය මත මේ මෝටර් රථ මුදා හැරීම අත්හිටුවා ඇති බව පැවසේ. කිලෝ වොට් 100ක මෝටර් වාහනයක් සඳහා බදු ලෙස රුපියල් මිලියන 2.4 ක බද්දක් රේගුව අයකරගන්නා අතර එය කිලෝ වොට් 150ක් වුවහොත් රුපියල් මිලියන 5.4 ක් පමණ දක්වා ඉහළ යයි.

 

මෙසේ අත්හිටුවා ඇති BYD වාහන තොගය තොග හයකින් පැමිණ මෙම මාසයේ වෙනස් දින දෙකකදී ශ්‍රී ලංකාවට ළඟා වූ ඒවා බවද පැවසේ.

සාම්ප්‍රදායික පිස්ටන් එන්ජින් මෝටර් රථ, එකම මාදිලිය විවිධ ප්‍රමාණයේ එන්ජින් වලින් පැමිණීම සිරිතකි.

උදාහරණයක් ලෙස සමහර මධ්‍යම ප්‍රමාණයේ පෙට්‍රල් මෝටර් රථවල එකම මාදිලිය 1300cc, 1500cc සහ 1800cc එන්ජින් වලින් පවා පැමිණීමට හැකියාව තිබේ.

 

කෙසේවුවද, විදුලි මෝටරයක ප්‍රතිදානය නිෂ්පාදකයා විසින් සීමිත හෝ අවතක්සේරු කර තිබේද යන්න පිළිබඳව රේගුව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, භෞතිකව අදාළ මෝටර් රථවල මෝටරය එක හා සමාන බවද වාර්තා වේ.

 

* මෙසේ ගෙන්වන ලද මෝටර් රථ 1000කට අධික ප්‍රමාණයක් මේවන විටත් ජෝන් කීල්ස් සීජී ඔටෝ (JKCG Auto) විසින් පාරිභෝගිකයන්ට ලබාදී ඇති බව වාර්තා වේ.

* එසේම දැනටමත් වාහන 1,000 කට වඩා අවසාන පරිශීලකයින්ට නිකුත් කර ඇති බවද වාර්තා වේ.

* BYD එහි Atto 3 මාදිලියේ කිලෝ වොට් 100 මොටර් රථ මාදිලියක් සමහර වෙළඳපලවල අලෙවි කරන බවද පැවසේ.

* එසේම අදාළ මෝටර් රථය කිලෝ වොට් 150 ධාරිතාව සහිත මොටරක් ඇති මෝටර් රථයක්ද අලෙවි වන බවද වාර්තා වේ.

සිංගප්පූරුවේ BYD සමාගමේ වෙබ් අඩවියට අනුව, සිංගප්පූරුවේ A කාණ්ඩයේ හිමිකම් සහතිකයක් ලෙස හඳුන්වන දෙයට අනුකූල වන පරිදි කිලෝ වොට් 100 ශ්‍රේණිගත මෝටරයක් සහිත Atto 3 මාදිලියක් අලෙවි කරයි.

මෙම මෝටර් රථ ගෙන්වීමේ නිල ආනයනකරුවා වන්නේ ජෝන් කීල්ස් සීජී ඔටෝ (JKCG Auto) ආයතනයයි.

මේ සම්බන්ධයෙන් සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර තිබිණි.

(උපුටා ගැනීම - srilankamirror)

මුලාශ්‍රය :

Sri Lanka Customs detain around 1,000 BYD EVs in motor capacity probe

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...