The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිංගපූරූවෙ ඉතිහාසය - අපායේ කතාව 4 වැනි පරිච්ඡේදය

T

The Leader Desk

September 10, 2022 • 6:40 AM

සිංගපූරූවෙ ඉතිහාසය -  අපායේ කතාව 4 වැනි පරිච්ඡේදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි භූගෝලීය පිහිටීම සමුද්‍රීය සේද මාවතේ ඉතා වැදගත් ස්ථානයක් බවට සිංගප්පූරුව පත්කොට තිබිණ.
  • එහෙයින් සිංගපූරුවේ වරාය ක්‍රිස්තු වර්ෂ 1,300 පමණ වන විටද ඉතා කාර්යබහුලව තිබූ බව කියැවෙයි.
  • කිලෝමීටර 10,000 ක් පමණ දුරට විහිදුන සමුද්‍රීය සේද මාවතේ චීනය බලා ගමන්ගත් නාවුක යාත්‍රා සිංගපූරු නගරය තුළටත්, ඉන් පිටතටත් චීන සේද රෙදි, චීන ලාක්ෂා නිර්මාණ, සුවඳ විළවුන්, ආදිය මෙන්ම විවිධ ජනවර්ග වළට අයත් මිනිසුන් ද හුවමාරු කරන්නට ඇත.
  • විවිධ යුගතුළ සිංගප්පූරූව හැදින්වීම සඳහා විවිධ නාමයන් භාවිතයෙ තිබූ බව පෙනෙන්නට තිබෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි භූගෝලීය පිහිටීම සමුද්‍රීය සේද මාවතේ ඉතා වැදගත් ස්ථානයක් බවට සිංගප්පූරුව පත්කොට තිබිණ. යුරෝපාකරය, මැදපෙරදිග කලාපය, ඉන්දියානු උප අර්ධද්වීපය වැනි කලාප වල සිට යාත්‍රා කල වෙළඳ නැවු චීන මුහුදට පිවිසියේ මාලක්කා සමුද්‍ර සංධිය (Strait of Malacca) හරහා වූ බැවිනි.

strait of malacca

මලක්කා සමුද්‍ර සන්දියේ දකුණු පිවිසුම වූයේ සිංගප්පූරුවයි. එහෙයින් සිංගපූරුවේ වරාය ක්‍රිස්තු වර්ෂ 1,300 පමණ වන විටද ඉතා කාර්යබහුලව තිබූ බව කියැවෙයි. කිලෝමීටර 10,000 ක් පමණ දුරට විහිදුන සමුද්‍රීය සේද මාවතේ චීනය බලා ගමන්ගත් නාවුක යාත්‍රා සිංගපූරු නගරය තුළටත්, ඉන් පිටතටත් චීන සේද රෙදි, චීන ලාක්ෂා නිර්මාණ, සුවඳ විළවුන්, ආදිය මෙන්ම විවිධ ජනවර්ග වළට අයත් මිනිසුන් ද හුවමාරු කරන්නට ඇත.



විවිධ යුගතුළ සිංගප්පූරූව හැදින්වීම සඳහා විවිධ නාමයන් භාවිතයෙ තිබූ බව පෙනෙන්නට තිබෙ. තෙමසෙක් (Temasek), මුහුදු නගරය (Sea Town), මකර දත දොරටුව (Dragon teeth gate) සහ සිංහ නගරය (Lion City) ඒ අතරින් සමහරකි. සිංගපූරූව යන නම එම දූපතට ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 14 වන සියවසේදී පමණ බව කියැවෙයි .


ක්‍රි.ව 1600 සිට ක්‍රි.ව 1800 දක්වා වූ කාලය සේද මාවතේ සිංගපූරූවට තිබූ ස්ථානය තරමක පසු බෑමකට ලක්ව තිබූ බව පෙනෙයි. නමුත් ක්‍රිස්තු වර්ෂ 1819 දී එරටට පැමිණෙන ශ්‍රීමත් ස්ටැෆෝඩ් රෆල්ස් (Stamford Raffles) නම් වූ බි්‍රතාන්‍යය ජාතික නිළධාරියා සිංගපූරූව තුළ, බි්‍රතාන්‍යය වෙළෙඳ ස්ථානයක් (British trading post), පිහිටුවීමත් සමග සිංගපූරුව නැවතත් වෙළඳ නගරයක් ලෙස නැගී සිටියි. අද පවතින සමෘර්ධිමත් සිංගපූරුව ගොඩනැගීම සඳහා මූලික පදනම දමනු ලැබුවේ ශ්‍රීමත් ස්ටම්ෆෝඩ් රෆල්ස් විසින් බව ප්‍රකට පිළිගැනීමකි .

 

SINGAPORE - OCTOBER 30: Overview of the marina bay with the Merlion on October 30, 2015 in Singapore.

සිංගපූරූව වර්ග කිලෝමීටර 637.5 තරම් වූ කුඩා රාජ්ජ්‍යයකි. ඉංග්‍රීසි ( English& මැන්ඩරින් චීන (Mandarin chinese), මැලේ (Malay) සහ ද්‍රවිඩ (Tamil) භාෂා කතා කරන ජනතාවක් වෙසෙන බහු ජාතික, බහු ආගමික මිශ්‍ර සංස්කෘතියක් ඇති සිංගපූරුවේ ස්වදේශිකයන් අතර බහුතරය චීන ජාතිකයන් වෙයි.

මලයාසියනු උප අර්ධද්වීපයේ මලයාසියාව සහ ඉන්දුනීසියාව අතර පිහිටා අති මෙම කුඩා දූපත, යටත් විජිත සමයේ බි්‍රතාන්‍යයන් විසින් මලයාසියනු කලාපය පාලනය කල මධ්‍යස්ථාන තුන අතුරෙන් එකක් විය. මලයාසියාවෙ පිහිටි පිනාන්ග් (Pinang) සහ මලක්කාව (Malacca)  බ්‍රිතාන්‍යයන්ගේ අනෙකුත් මධ්‍යස්ථාන දෙක විය. දෙවන ලෝක යුධ සමයෙ සිංගපූරුව දෙවරක්ම ජපනුන්ගේ ආධිපත්‍යට යටව පැවතුන අතර පසුව බි්‍රතාන්‍යයන් අතට පත් විය. වර්ෂ 1963 සැප්තෙම්බර් 16 වැනි දින සිංගපූරුව  බ්‍රිතාන්‍යයෙන් නිදහස් වූ නමුත් තවදුරටත් මලයාසියාවට අයත් ප්‍රදේශයක්ව පැවතිණි. වර්ෂ 1965 අගෝස්තු මස 9 වන දින මලයාසියාවෙන්ද වෙන්ව පූර්ණ නිදහස් රාජ්‍යයක් බවට පත්වේ.

Singapore's Minister Mentor Lee Kuan Yew poses for a portrait before an interview with Bloomberg in Singapore on Friday, September 2, 2005.    Photographer: Jonathan Drake/Bloomberg News
වර්ෂ 1963 සිට වර්ෂ 2015, මාර්තු මස 23 වැනි දින, මිය යන තුරුම සිංගපූරුව පාලනය කළ “ලී ක්වාන් ය්‍යූ” (Lee Kuan Yew/1923-2015) තම රට ආසියාවෙ දැවැන්තම ආර්ථිකයක් කරා ඔසවා තැබීමට තරම් දක්ෂ නායකයෙකු බවට පත්වෙයි.

අපායේ කතාව ලබන සතියටත් - “ගැහැනියකගේ අමුතු ආරාධනාව” ලබන සතියේ කියවන්න.

 

රසික එස් චන්ද්‍රසේකර
 Rasika Apaye kathawa

 

 

 

සබැඳි ලිපි මෙතනින් කියවන්න 

 
 
 

 ***************

කවුරුත් නොදකින - කවුරුත් නොලියන - කාගේ කාගේත් ඇත්ත -  කාටත් කලින් දකින.... 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...