The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (18) - හිමි නමක ද කැටුව පෙම්වතිය බලන්න කතරගම යයි (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

September 24, 2024 • 8:09 AM

තිලක මතක (18) - හිමි නමක ද කැටුව පෙම්වතිය බලන්න කතරගම යයි (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිලක් කතරගම සිට ලතා එවූ ලිපිය අත තබාගෙන කල්පනා කරන්නට විය. " මම අයියාගෙන් ඇහුවා.
  • ලතා සමග තිලක් ගේ ප්‍රේම සම්බන්ධයක් ඇතැයි සැක කළ ඔහුගේ අම්මා, ඔහු දකින දකින වාරයක් පාසා කුමක් හෝ දොසක් නඟමින් තම තරහ පිරිමසමින් සිටි මේ කාලයේ ගෙදර සිටීම පවා තිලක් ට හිසරදයක් වී තිබිණි.
  • තැනට සුදුසු වදන් හා හාස්‍යෝත්පාදක කතා කීමෙහි අති දක්ෂයකු වූ සිරිරතන හිමියන් වැඩ සිටින්නේ කොතැනකද එතැන පාළුවක් ඇත්තේ ම නැත.
  • සිකුරාදා හෝ සඳුදා දිනයේ රජයේ නිවාඩුවක් එළඹෙන විටෙක සති අන්තය දින තුනක නිවාඩුවක් වන බැවින් එවැනි නිවාඩුවක දී ඇතැම් විට අමරදාස සහ මාතුපාල සමග තිලක් කොග්ගල්ල බලා යයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
තිලක් කතරගම සිට ලතා එවූ ලිපිය  අත තබාගෙන කල්පනා කරන්නට විය. 
        
" මම අයියාගෙන් ඇහුවා. එයාගේ අකමැත්තක් නෑ ඔයා අපේ ගෙදර ආවට. අපේ  අයියලාගේ ගෙදර තියෙන්නේ සෙල්ල පාරේ මයිලගම. අයියා තමයි කතරගම පූජා නගරයේ  කාර් පාක් එක භාරව ඉන්නේ. පාක් එකේ බාල මහත්තයා කිව්වම ඕන කෙනෙක් දන්නවා. ඒ නිසා ගේ හොයාගන්න අමාරුවක් වෙන්නෙ නෑ. ඕන කෙනෙකුගෙන්  ඇහුවොත් කියයි"
 
"කතරගම පූජා නගරයේ පාක් එක භාරව ඉන්න බාල මහත්තයා" 
 
ලිපියෙහි ඒ පේළිය තිලක් නැවත වරක් කියවීය. ඔහුගේ ඇඟ සීතල වී ඇත. මේ කියන ආකාරයට නම් ලතාගේ අයියා "බජාර් එකේ පොරක්" විය යුතු ය. ඒ පිළිබඳව සිහිවන විට තිලක් ගේ හිසරදය දෙගුණ තෙගුණ වෙයි.
 
girl frends 3ලතා සමග තිලක් ගේ ප්‍රේම සම්බන්ධයක් ඇතැයි සැක කළ ඔහුගේ අම්මා, ඔහු දකින දකින වාරයක් පාසා කුමක් හෝ දොසක් නඟමින් තම තරහ පිරිමසමින් සිටි මේ කාලයේ  ගෙදර සිටීම පවා තිලක් ට හිසරදයක් වී තිබිණි.
 
 
ලතා සමග තිලක් ගේ ප්‍රේම සම්බන්ධයක් ඇතැයි සැක කළ ඔහුගේ අම්මා, ඔහු දකින දකින වාරයක් පාසා කුමක් හෝ දොසක් නඟමින් තම තරහ පිරිමසමින් සිටි මේ කාලයේ  ගෙදර සිටීම පවා තිලක් ට හිසරදයක් වී තිබිණි. තිලක් එහෙ බැලුවත් වැරදි ය. මෙහෙ බැලුවත් වැරදි ය. ඔහු මොනවා කළත් අම්මා දුටුවේ  වැරැද්දක්ම ය. අවසානයේ මේ ගැන   ගණේමුල්ල හොරගොල්ලේ සිරි මහින්දාරාමයේ වැඩ වාසය කළ තිලක්ගේ හිත මිතුරු  සිරිරතන හාමුදුරුවන්ට කියන්නට ඔහු ඉටා ගත්තේය.
 
 
මීට වසර කිහිපයකට ඉහත දී අපවත් වී වදාළ ගල්ගමුව යූ.බී. වන්නිනායක ජාතික පාසලේ හිටපු විදුහල්පති පූජ්‍ය  ගලහිටියාවේ සිරිරතන හිමියන්, අපවත් වී වදාළ අති පූජ්‍ය හීනටියන ධම්මාලෝක මහ නා හිමියන් ගේ ශිෂ්‍ය හිමි නමකි. තිලක්ට වඩා වසර දෙකක් පමණ වැඩිමහල් සිරිරතන හිමියන් ඒ කාලයේ වැඩවාසය කළේ සිරි මහින්දාරාමයේ ය. තැනට සුදුසු වදන් හා හාස්‍යෝත්පාදක  කතා කීමෙහි  අති දක්ෂයකු වූ සිරිරතන හිමියන් වැඩ සිටින්නේ කොතැනකද එතැන පාළුවක් ඇත්තේ ම නැත.
 
IMG 20240920 WA0022අවට පරිසරයේ වෙසෙන අසරණ සතුන් කෙරෙහි ද අතිශයින් දයානුකම්පාවක් දැක්වූ අපවත් වී වදාළ පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියන් විහාරස්ථානයේ විවේකීව ගත කළ මොහොතක් 
විශේෂ වුවමනාවක් තිබුණත් නැතත් රැකියාවට නොයන ඇතැම් නිවාඩු දිනවලදී  සිරි මහින්දාරාමයට යාමේ සිරිතක් තිලක් තුළ තිබිණි.  අමරදාස සහ මාතුපාල නමින් ඔහුට පන්සල් මිතුරන් දෙදෙනෙකු ද සිටි අතර පන්සලේ වැඩ කටයුතුවලදී ඔවුන් තිදෙනාම එකට එකතු වී වැඩ කළහ. සිරිරතන හිමියන්ව ඔවුන් ඇසුරු කළේ දැඩි මිත්‍රත්වයකිනි.
 
1979 වසරේදී සිරිරතන හිමියන්ට දකුණු පළාතේ අම්බලන්තොට, කොග්ගල්ල පාසලට ගුරු පත්වීමක් ලැබිණි. ඉන්පසු  කොග්ගල්ල පන්සලේ නතර වූ  සිරිරතන හිමියන්  සිරි මහින්දාරාමයට වැඩම කළේ මාස තුනකට වරක් ලැබෙන දීර්ඝ පාසල්  නිවාඩුවේදී ය. සිකුරාදා හෝ සඳුදා දිනයේ රජයේ නිවාඩුවක් එළඹෙන විටෙක සති අන්තය දින තුනක නිවාඩුවක් වන බැවින් එවැනි  නිවාඩුවක දී ඇතැම් විට අමරදාස සහ මාතුපාල සමග තිලක් කොග්ගල්ල බලා යයි. ඒ සිරිරතන හාමුදුරුවන් දකින්නට ය.
 
ඒ දිනවල සිරිරතන හාමුදුරුවෝ පාසල් නිවාඩුව ලබා  සිරි මහින්දාරාමයට පැමිණ සිටියහ. දිනක් පන්සලේදී සිරිරතන හිමියන් හමුවූ ඔහු සම්පූර්ණ විස්තරය සිරිරත්න හිමියන්ට පැවසූ පසු උන්වහන්සේ කළේ අනෙක් හැම දේකදී මෙන් එවක විහාරාධිපති පූජ්‍ය මිද්දරමුල්ලේ අරියකිත්ති තිස්ස නා හිමියන් හමුවේ මේ සිද්ධිය  පවසමින් සිනාසීම ය.
 
 " කාටවත් මෙලෝ වැඩක් නැති මේ ප්‍රියන්තයව මේබල් පෙරේරා උපාසකම්මට ඉතින් රටක් වටිනවා ඇති නේ" උන්වහන්සේ එය ද විහිළුවකට ගෙන තිලක්ට සිනාසුණහ.
 
IMG 20240920 WA0023කතරගම අභිනවාරාමය
 
 " ඔය කතරගම අභිනවාරාමයේ වැඩ ඉන්නවා මාත් එක්ක එකට ඉගෙන ගත්තු හාමුදුරුනමක්. දවසක අපි ඔය අභිනවාරාමයට ගිහින් ඒ ගෑනු  ළමයගේ ගෙදරට යමු. ගිහිල්ල බලමුකෝ මොකක්ද ඔය කතාව කියලා"
  
සිරිරතන හාමුදුරුවෝ අවසාන තීන්දුව දුන්හ.
 
ලතා එවකට නතරවී සිටියේ  කතරගම පදිංචි වී සිටි ඇගේ වැඩිමහල් සොහොයුරාගේ නිවසේ බැවින් තිලක් ඇයට ලිපියක් ලියා මේ පිළිබඳව දන්වන්නට තීරණය කළේය.
 
 
 " සිරිරතන හාමුදුරුවන්ගෙ හිතවත් හාමුදුරු නමක් කතරගම අභිනවාරාමයේ  වැඩ ඉන්නවා. අභිනවාරාමයට  එන ගමන් දවසක ඔහේ යමු කියලා සිරිරතන හාමුදුරුවෝ මට යෝජනා කළා. එහෙම ආවට කමක් නැද්ද? කොහොමද ඔයාලගේ අයියගේ ගෙදරට එන්නේ? අයියා මොනව කරන කෙනෙක්ද? "
 
 ලතා පිළිතුරු එවා තිබුණේ  මේ ආදී වශයෙන් විස්තර විමසා තිලක් යැවූ ලිපියට ය.
 
images 33කතරගම පූජා නගරය
 
කතරගම පූජා නගරය යනු දිවයිනේ සෑම තැනකින්ම විවිධ තරාතිරම්වල මිනිසුන්  පැමිණෙන ස්ථානයකි. සිල්වත් මිනිසුන් සේම මිනීමරුවන් ඇතුළු  දාමරිකයන් ද  අඩුවක් නැතිවම පැමිණෙන කතරගම පුදබිමේ වාහන නැවතුම් ස්ථානයක් භාරව සිටින්නට නම් ඒ තැනැත්තා මේ ඕනෑම අයෙකුට නොබියව කරට කර මුහුණ දිය හැකි පුද්ගලයකු විය යුතුය. තවත් පැහැදිලිව කිවහොත්  ඔහු ද දාමරිකයකු විය යුතු වෙයි. තමන් මේ යන්නට අරඅඳින්නේ එවැනි දාමරිකයෙකුගේ සොයුරිය බැලීමට ය. මෙහි ඇති බරපතලකම තිලක් ට නොහැඟුණා නොවේ. නමුත්  කිසිදු වරදක් නොකර සිය මවගේ උදහසට ලක්වී නිකරුණේ  නරක නාමයක් ගාගෙන ගණේමුල්ලේ සොයුරියගේ නිවස හැර යන්නට සිදු වූ ලතා කෙරෙහි මේ වනවිට තිලක්ගේ සිතෙහි ද අනුකම්පාවකට එහා ගිය කුමක්දෝ හැඟීමක්  ලියලා වැඩෙමින් පැවතියේය.
 
තිලක් සිරිරතන හාමුදුරුවන්ට මේ විස්තරය පැවසූ පසු උන්වහන්සේ ඊට ද කළේ සැහැල්ලු ලෙස සිනාසීම ය.
 
" බය නැතුව යං මාත් එක්කනෙ යන්නේ"
 
උන්වහන්සේ පැවසූහ.
 
ඉන්පසු තිලක්  සිරිරතන හාමුදුරුවනුත්, තමාත් පැමිණෙන දිනය දන්වා ලතාට යළි ලිපියක් යැවීය. ලිපිය ලැබුණු බවත්, එදිනට  තමාත්, අයියා සහ ඔහුගේ බිරිඳත් ඔවුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින බව දන්වා ලතා පිළිතුරක් එව්වා ය.
 
නියමිත දිනයට පෙර දිනයේ කොග්ගල්ල පන්සලට ගොස් නතර වූ තිලක් පසු දා පාන්දර පහේ බසයෙන් අම්බලන්තොටට පැමිණ එදින පෙරවරුවේ කතරගම ට ළඟා විය.එහි දී  සිරිරතන හිමියන් ගේ මිතුරු හිමි නමගේ ආගන්තුක සත්කාර විඳ දිවා ආහාරයෙන් පසු  දෙදෙනාම පිටත් වූයේ සෙල්ල පාරේ මයිලගම බලා යන්නට ය. නමුත් තිලක් ගේ සිතේ වූ බියෙහි අඩුවක් නොවිණි.
 
IMG 20240920 WA0024තිලක් සේනාසිංහ
 
 
" මම ඉන්නවනේ. මොකට බය වෙනවද? යමු. ධර්මයෙන් නම් එහෙමයි. කරාටේ ජූඩෝවලින් නම් ඒත් එහෙමයි".
  
සිරිරතන හාමුදුරුවෝ එලෙස හාස්‍ය වදනින්  තිලක්ව දිරිගැන්වූහ. භික්‍ෂූන් වහන්සේ නමක් නිසා උන්වහන්සේ ගමන් කළේ පෙරටුව ය. සාමාන්‍යයෙන්  භික්ෂූන්  වහන්සේ නමකට කායිකව හිරිහැරයක් කරන්නට  කිසිවෙක් ඉදිරිපත් නොවෙති.  එමගින් ද තිලක් ගේ සිතේ වූ බිය මඳක් තුනී විණි.
 
සෙල්ල පාරේ, මයිලගම ලතා එවකට වාසය කළ නිවස සොයා ගැනීම අසීරු වූයේ නැත. ලතා මෙන්ම ඇගේ සොහොයුරා ගේ බිරිඳත් අමුත්තන් දෙදෙනාව සුහද ලෙස පිළි ගත්හ.
 
worshipමඳ වේලාවක් මෙසේ පිළිසඳර කතාබහේ යෙදෙමින් හිඳ හාමුදුරුවන්ට ගිලන්පස පිළිගන්වා, තිලක්ට උණුසුම් තේ බඳුනක් ද ඒ සමගින් ම ලතා විසින් පිළි ගන්වනු ලැබිණි
 
 
" අය්යා දැන් එනවා කිව්වා. ඇවිත් වාඩි වෙන්න හාමුදුරුවනේ"  ලතා තිලක් දෙස ද බලා සිරිරතන හාමුදුරුවන්ට පැවසුවාය. ඒ අතරේ ලතාගේ නෑණා සුවපහසු අසුනකට පිරිසිදු සුදු  රෙද්දක් එලුවේ හාමුදුරුවන්ට වාඩිවෙන්නට ය. ඉන්පසු දෙදෙනාම හාමුදුරුවන් ඉදිරියේ දණ ගසා වැන්දාහ.
 
මඳ වේලාවක් මෙසේ පිළිසඳර කතාබහේ යෙදෙමින් හිඳ හාමුදුරුවන්ට ගිලන්පස පිළිගන්වා, තිලක්ට උණුසුම් තේ බඳුනක් ද ඒ සමගින් ම ලතා විසින් පිළි ගන්වනු ලැබිණි. මොනවා වුණත්  තිලක් සිටියේ කල්පනාවෙනි. ලතාගේ සොහොයුරා කතරගම පූජා නගරයෙහි වාහන අංගනය  භාරව හිඳීම මත ඔහු මැරයෙක් නොවේයැයි සිතන්නට තිලක්ට හේතු සාධක නොවීය. තිලක් දන්නා තරමින් මෙවැනි වෘත්තීන්වල යෙදීම අහිංසකයෙකුට පහසු නොවේ. ලතාගේ අය්යා මොන තරාතිරමක කෙනෙකු වුවත් තිලක්ට  ගැටලුවක් නැත. නමුත්  ගැටලුව වන්නේ තම මව අහේතුකව ලතා කෙරෙහි සැක උපදවාගෙන ඇයට දක්වන  ලද  අකාරුණිකත්වය හේතුවෙන් ඇගේ සොහොයුරා ඊට කුමන ආකාරයක ප්‍රතිචාරයක් දක්වාවිද යන්නයි. එම චකිතය පහසුවෙන් යටපත් කර ගැනීමට තිලක්ට  නොහැකි වුණි. ඔහු  ආවේගශීලී පුද්ගලයකු නම් එම  ප්‍රතිචාරය කිසිසේත් යහපත් වන්නේ නැත.
 
මෙසේ කතා බහේ  යෙදී හිඳිමින් සිටින අතරතුර දී සිහින් උස තරුණයකු එහි පැමිණියේය. ඔහුගේ මුහුණේ රැඳී තිබුණේ  ප්‍රියමනාප සිනාවකි.
 
" අපේ හාමුදුරුවනේ දැන්ද වැඩියේ?" යැයි අසාගෙනම ඔහු හොඳින් දණ ගසා හිස බිම ඔබා සිරිරතන හිමියන්ට  නමස්කාර කළේය.
 
ඉන්පසු තිලක් දෙස ද බලා සුහද සිනාවක් පාමින් ම අසල තිබූ අසුනක වාඩි විය.
 
 " හාමුදුරුවනේ, මේ අපේ අයියා" ඒ සමගම අසල සිට ගෙන සිටි ලතා තිලක් දෙස ද බලමින් සිරිරතන හිමියන්ට පැවසුවාය.  
 
monk 2 " නංගි මට කිව්වා හාමුදුරුවොයි, මේ මල්ලියි  අද එනවා කියලා. නොගිහින්ම බැරි නිසා උදේ මේ වාහන පාක් එකට ගිහින් ආවෙ."  ඔහු, අමුත්තන් දෙදෙනා  දෙසම බලමින් පැවසුවේ සමාව යදින මුහුණිනි.
 
ඔහුගේ මුහුණෙහි අමනාපයක හෝ නොසතුටක  සේයාවක්වත් නැත. තිලක් ගේ සිතෙහි මෙතෙක් පැවති චකිතය හිරු දුටු පිණි මෙන් වියැකී ගියේය.
 
 " නංගි මට කිව්වා හාමුදුරුවොයි, මේ මල්ලියි  අද එනවා කියලා. නොගිහින්ම බැරි නිසා උදේ මේ වාහන පාක් එකට ගිහින් ආවෙ."  ඔහු, අමුත්තන් දෙදෙනා  දෙසම බලමින් පැවසුවේ සමාව යදින මුහුණිනි.
 
"අපොයි ඒකට මක් වෙනවද? අපිත් මේ ඇවිල්ලා ඒ හැටි වෙලාවක් නෑ"
 
සිරිරතන  හිමියෝ වහා පැවසූහ.
 
 " ඔබ වහන්සේ මෙහේ අභිනවාරාමෙටත් වඩිනවා කියලා නංගී කිව්වා"
 
"එහෙ ඉන්නවා මාත් එක්ක එකට ඉගෙන ගත්තු  හාමුදුරු නමක්. සෑහෙන කාලෙකින් ඒ හාමුදුරුවන්ව මුණගැහුණෙත් නෑ. ඉතින් මේ එක්කම ඒ ගමනත් යොදාගත්තා"
 
IMG 20240920 WA0021ලතාගේ අය්යා බාල මහත්තයා
 
පැයක හමාරක පමණ කාලයක් සිදුවූ පිළිසඳර කතාවලින් පසු සිරිරතන හාමුදුරුවන් සිවුරු පොට සකසා ගනිමින් ම අසුනින් නැගිට්ටේ "අපිත් එහෙනම් යමු නේද ප්‍රියන්ත මහත්තයා" යැයි අසමිනි. ඒ අනුව තිලක් සහ ලතාගේ අයියා ද අසුන්වලින් නැගිට්ටාහ. ඉන්පසු ලතාගේ අයියා අනුව ඔහුගේ බිරිඳත්, ලතා ත් තිදෙනාම හාමුදුරුවන්ට වැඳ නමස්කාර කළහ.
 
 " බොහොම ස්තූතියි හාමුදුරුවනේ මෙහි වැඩිය එකට " ලතාගේ අයියා තිලක්ගේ  උරහිසට අත තබා ඔහු දෙසද බලා අනතුරුව
සිරිරතන හිමියන් වෙත පැවසීය.
 
 එම ගමන ගොස් දිනකට, දෙකකට පමණ පසු තිලක් ලතාට ලිපියක් යැව්වේ අයියාගේ ප්‍රතිචාරය දැන ගැනීමට ය.
 
" අයියා පැහැදිලා ඉන්නේ ඔයා ගැන. පෙනුමෙන් කතා බහෙන් ඔයා හොඳ කෙනෙක් වෙන්න ඕනෙ කියලා අයියා කිව්වා. ඕන වෙලාවක ඇවිත් යන්න එන්න කියන්න කිව්වා"
 
ඇගේ පිළිතුරින් තිලක්‌ගේ සිතට දැනුණේ ඉහ වහා ගිය සතුටකි.
 
shallow depth of field image of caucasian hand holding fountain pen writing a letterඔහු ලතාට ලිපි ලිව්වේ  තම මව නිසා ඇයට වූ මානසික අලාභය යම් පමණකට හෝ අවප්‍රමාණ කිරීම අරමුණු කර ගනිමිනි.
 
මෙතෙක්  තරුණියක කෙරෙහි දැනී නොතිබුණු අන්දමේ සුවිශේෂත්වයක් ලතා සම්බන්ධයෙන් දැන් දැන්  තිලක්ට දැනෙයි. ඇයත්, ඔහුත් පිළිබඳව සැක කර අම්මා මුලින් ඔහුට දොස් නගනවිට එවැනි කිසිදු විශේෂත්වයක් ඔහුට ඇය සම්බන්ධයෙන් තිබුණේ නැත. ඔහුට දැනුණු එකම හැඟීම වූයේ ඇය අසල්වැසි තරුණියක්  යන්න පමණි. නමුත්  කිසිදු වරදක් නොකළ ඇයට, තම මව නිරපරාදේ  දොස් නැගීම තුළින් තරුණියක ලෙස ඇයට සිදු වූ එම මදි පුංචිකම සුළුකොට තකන්නට තිලක්ට හැකියාවක් තිබුණේ නැත. ඔහු ලතාට ලිපි ලිව්වේ  තම මව නිසා ඇයට වූ මානසික අලාභය යම් පමණකට හෝ අවප්‍රමාණ කිරීම අරමුණු කර ගනිමිනි. නමුත්  දැන් ඇය  තමන්ගේ සිත තුළ කොහේදෝ තැනක ලැගුම් ගෙන හිඳිනු ඔහුට දැනෙයි. මේ ආදරය දැයි තිලක් සිතන්නට විය. ලතා  කෙරෙහි ඇතිවී තිබූ එම හැඟීම තවදුරටත් තීව්‍ර කරන්නට බලපෑවේ එදා කතරගම සිට ආපසු එද්දී සිරිරතන හිමියන් පැවසූ වදන් ය.  
 
 " අහිංසක ගෑනු  ළමයෙක් බව පේනවා. මම හිතනවා ප්‍රියන්තට ඒ ළමයා ගැළපෙයි කියලා."
 
එම වදන්  තිලක් ගේ සිතෙහි බරටම තැන්පත් විය.
 
මේ සියලු හේතූන් නිසාම නැවත නැවතත් ඇය දැකීමේ නොතිත් ආශාවෙන් සිත පෙළෙන්නට වූ පසු ඔහු ඇයට ලිපියක් ලිව්වේ අයියාට තවදුරටත් සමීප විය හැකි මගක් පිළිබඳව කල්පනා කරමිනි.
 
" අයියා අරක්කු එහෙම බොනවද?"
 
 අනෙක්  සියල්ලටම වඩා තිලක් ට දැනගන්නට අවශ්‍ය වූ වැදගත්ම ප්‍රශ්නය එයයි. ඔහු  ලතාගෙන් ඒ පිළිබඳ ව ලිපියකින් විමසා යැව්වේය.
 
"එහෙම නිතරම නම් බොන්නෙ නෑ. හැබැයි පාටියකට ගියාම වගේ නම් බොනවා ඇති"
 
ඇගේ පිළිතුරු ලිපියේ එලෙස සඳහන් විය.
 
620caccb545f3"එහෙම නිතරම නම් බොන්නෙ නෑ. හැබැයි පාටියකට ගියාම වගේ නම් බොනවා ඇති"
 
ඊට පසු දිනයක තිලක් ලතා බලන්නට ගියේ තනිවම ය. ඒ යනවිට මත්පැන් බෝතලයක් ද රැගෙන යන්නට ඔහු අමතක කළේ නැත.
 
 " මම නම් ඉතින් පොඩි අඩියක් ගහනවා අයියේ"
 
මඳ වේලාවක්  කතාබහේ යෙදෙමින් සිටින අතරතුරදී  තිලක් ලතාගේ අයියා සමඟ පැවසීය.
 
 "'එහෙමද, එහෙනම් මම මොනව හරි හදන්න කියන්නම්"
 
එසේ පැවසූ අයියා ගෙතුළට ගියේ බයිට් හදන්න කියන්න⁣ට ය.
 
IMG 20240920 WA0025ලතා
 
එදා තිලක්, ලතාගේ අය්යා සමග මත්පැන් පානය කළේය. සාමාන්‍යයෙන් තමන්ගේ පෙම්වතා මත්පැන් පානය කරනු දකින්නට බොහෝ තරුණියන්: විශේෂයෙන් ඒ කාලයේ  තරුණියන් කොහෙත්ම කැමැත්තක් දක්වන්නේ  නැත.
 
නමුත් ලතා තුළින් එවැනි රළු ප්‍රතිචාරයක් දක්නට නොලැබීම තිලක්ගේ  සැනසුමට හේතු විය.
 
ඉන්පසු දිනෙක තිලක් ලතා සමග තිබෙන සම්බන්ධය ගැන තම මවට කීය.
 
"  උඹ ඉතින් එදා ඉඳලම හිතුවක්කාරයිනෙ.  උඹට ඕන දෙයක් කර ගනින්. මීට පස්සේ කවදාවත් මම උඹට අවවාද දෙන්න එන්නෙ නෑ.ඊට හොඳයි උඹට අවවාද දෙන කට බිම උලා ගන්නවා" මව කීයේ එපමණි.
 
ලබන සතියේ යළි හමුවෙමු.
 
සටහන - ඉන්දු පෙරේරා
 
 
 
 
 
 
 
 

තිලක මතක (12) - "අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බැයමක ලැගපන් මල්ලී" ! (ඉන්දු පෙරේරා ලියයි)
 
  
 

තිලක මතක (16) - වෙළඳ කලාප යුවතියක ඉදිරියේ රහසින් කඳුළු සළයි (ඉන්දු පෙරේරා ලියයි) 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...