ලතා ගේ වැඩිමහල් සොයුරු කතරගම බාල මහත්තයා පදිංචි නිවස පිටුපස වූයේ බඩ ඉරිඟු වගාවකි. කොහොඹ, සියඹලා, දිවුල් වැනි වියළි ප්‍රදේශවල බහුලව වැවෙන ගස් එම ඉඩමෙහි ද අඩුවක් නොවීය. ඉන් ඔබ්බෙහි තවත් කුඩා ලඳු කැලෑවක් ද තිබිණි. ඉඩමට ඔබ්බෙන් පිහිටි වන රක්ෂිතයකින් ගලා ආ කුඩා දොළ පාරක් දැකිය හැකි වූ අතර එය සම්බන්ධ වූයේ මැණික් ගඟට ය. ගල් පර අතරින් කැළෑව මැද්දෙන් ගලා ගිය දොළ පාරේ ජලය ඉතා පැහැදිලි විය. නමුත් මැණික් ගඟ ආසන්නයෙන් තිබූ නිසා දොළ පාරේ නාන්නට ඒ ප්‍රදේශයේ කිසිවෙකු උනන්දුවක් දැක්වූයේ නැත. එසේ වුවද වන ලැහැබක් මැදින් "සිලි සිලි" හඬින් ගලා ගිය මේ දොළ පාරට බැස දිය නෑමට තිලක් බෙහෙවින් ප්‍රිය කළේය.
තිලක් සේනාසිංහ ලේක් හවුස් ආයතනය මගින් එවකට කොළඹ - කතරගම අතර "දිනමිණ සීඝ්‍රගාමී සේවය" නමින් බස් සේවයක් පවත්වාගෙන ගිය අතර එය ගමනාරම්භ කළේ ලේක්හවුස් ආයතනය ඉදිරි පසිනි. සෑම සතියකම සෙනසුරාදා දින සවස කුමරි පුවත්පතේ වැඩ අවසන් කළ පසු තිලක්, ලතා දකින්නට කතරගම යන්නට පිටත් වෙයි. ඒ, දිනමිණ සීඝ්‍රගාමී බසයේ කලින් ආසනයක් වෙන් කරවාගෙන ය. රාත්‍රී 9.30 ට පමණ ලේක්හවුස් ආයතනය අසලින් පිටත් වන මෙම බස් රථය රත්නපුර, ඇඹිලිපිටිය, නෝනාගම හරහා කතරගමට ළඟා වන විට පසුදින පාන්දර 5.00 පමණ වෙයි. පාන්දරින් ලතාගේ ගෙදරට යන තිලක් මුහුණ කට සෝදා ගෙන විඩා නිවා ගැනීම පිණිස පැය කිහිපයක් එහි ඉදිරිපස කාමරයේ නිදා ගනියි. දහවල් 11.00 ට පමණ අවදි වන ඔහු මුලින්ම කරන්නේ දොළ පාරට ගොස් හොඳහැටි දිය නා ගැනීම ය. බාල්දියක්, සරමක්, තුවායක්, සබන් පෙට්ටියක් රැගෙන ලතා ද ඔහු පසුපසින් එයි. ඔවුන් දෙදෙනාට නිදහසේ කතාබහ කරන්නට ලැබෙන හොඳම නිදහස් අවකාශය වන්නේත් ඒ කෙටි කාලයයි. තිලක් එවකට 26 වෙනි වියේ පසු වූ අතර ලතා ඔහුට වඩා දෙවසරකින් ළාබාල වූවා ය.
ලේක් හවුස් ආයතනය මගින් එවකට කොළඹ - කතරගම අතර "දිනමිණ සීඝ්‍රගාමී සේවය" නමින් බස් සේවයක් පවත්වාගෙන ගිය අතර එය ගමනාරම්භ කළේ ලේක්හවුස් ආයතනය ඉදිරි පසිනි. හුදෙක් ලතා හමුවීමට අමතරව මානසික සැහැල්ලුවක් අපේක්ෂාවෙන් සෑම සතියකම පාහේ තිලක් මේ ගමන යන්නේ මත්පැන් බෝතලයකුත් රැගෙන ය. දිය නා අවසන් වී පැමිණි පසු ලතාගේ සොයුරු බාල මහත්තයා සමඟ තිලක් කෑමට පෙර මත්පැන් පානය කරයි. එදිනට තම එදිනෙදා වැඩ කටයුතු අතහැර තිලක් හා ප්‍රිය සමාගමයේ යෙදෙන්නට නිතර මත්පැන් පානය නොකළ බාල මහත්තයාට සිදු වෙයි. නමුත් ලතා ද තිලක් ගේ මෙම චර්යාවට එරෙහිව එක් වදනක්වත් නොකීවා ය.එය ද තිලක් ගේ නොමඳ අස්වැසුමට හේතු විණි.
ඉරිදා රාත්‍රියේ එහි ගත කරන තිලක් පසුදින, එනම් සඳුදා අලුයමින් කතරගමින් කොළඹ බලා එන බස් රථයක නැගී ආපසු පැමිණෙයි. එවකට ඔහුට කාර්යාලීය නිවාඩු දින යෙදී තිබුණේ ඉරිදා සහ සඳුදා ය.
අලංකාර නව පන්නයේ ගෙවල් දොරවල්, යාන වාහන, විවිධ ඇඳුම් පැළඳුම් වැනි කිසිවක් පිළිබඳ විශේෂ උනන්දුවක් නොදැක්වූ තිලක් එදිනෙදා ගමන්වලට සෙරෙප්පු යුවළක් මිස සපත්තු යුවළක්වත් පළඳින්නට උනන්දුවක් තිබූ අයෙක් නොවේ. මේ නිසාම ජීවිතය සම්බන්ධයෙන් ලොකු ලොකු බලාපොරොත්තු තමන් තුළ නොමැති බව ඔහු ලතාට මුලදීම පැවසීය.එසේ ලෞකිකත්වය හා දැඩිව බැඳෙන්නකු හට තම පුවත්පත් කලාවේදී වෘත්තිය නිසි ලෙස ඉටු කළ නොහැකි බව ඔහුගේ තදබල විශ්වාසය විය. කොටින්ම එය තරමක් දුරට හෝ ගිහි සැප අත් හැරීමෙන් පසුව නියැළිය යුතු වෘත්තියකැයි තිලක් සිතී ය.
ලතා " කවදා හරි ඔයාට හිතෙයිද දන්නෙ නෑ මං වගේ කෙනෙක් කසාද බැන්ද එක මහ මෝඩකමක් කියලා. ගෑනු ළමයි ගොඩක් වෙලාවට සල්ලි, යාන වාහන වගේ දේවල්වලට කැමතිනේ. මම නම් ඉතින් කවදාවත් එහෙම දේවල්වලට උනන්දුවක් තිබුණු කෙනෙක් නෙවෙයි. ඔය වගේ දේවල් මට දැනෙන්නේ සතුටකට වඩා කරදරයක් විදිහට. ඒත් ඔයා ඒවා ගැන කොහොම හිතනවද මං දන්නේ නෑ"
දොළ පාර අසල නතර වී කතා බහේ යෙදෙන අතරතුරදී තිලක්, ලතාට පැවසීය .
"ඒකට නම් ඉතින් කමක් නෑ. දෙන්නට දෙන්නා තේරුම් අරන් ජීවත් වෙනවා නම් ඒකනේ වැදගත් ම දේ"
කතරගම පූජා නගරය මැදින් ගලන මැණික් ගඟඇගේ පිළිතුර වූයේ එයයි.
මෙසේ තිලක් කතරගම යාමට ඒමට පටන් ගෙන මාස පහක් පමණ ගතවී තිබිණි. තම අනාගත බිරිඳ ලෙස තිලක් මේ වන විට ලතාව තෝරා ගෙන තිබූ නිසාත්, ඇය ද ඔහුට බොහෝ ආදරය කළ නිසාත් දිගින් දිගටම මෙලෙස යාම් ඊම් කිරීමෙහි තේරුමක් නැතැයි සිතූ තිලක්, ලතාට විවාහ වෙමු යැයි යෝජනා කළේය.
" එහෙනම් ඉතින් ඔයාම අයියට කියන්න"
ලතා ඔහුට පැවසුවාය. තිලක් ඊට එකඟ විය.
එදින අයියා සමග මත්පැන් පානය කරන අවස්ථාවේ තිලක් මේ කතාවට මුල පිරුවේය.
එදින අයියා සමග මත්පැන් පානය කරන අවස්ථාවේ තිලක් මේ කතාවට මුල පිරුවේය."මම මේ අයියත් එක්ක කතා කරන්නමයි හිටියේ. මම දැන් මෙහාට මාස පහක් හයක් විතර ආවා ගියා. චූටි හාමිනේ ගැන මගේ ලොකු පැහැදීමක් තියෙනවා. බොහොම සරල ජීවිතයක් මිස ගොඩක් දෙනෙකුට වගේ ජීවිතය ගැන අහස උසට බලාපොරොත්තු මට නෑ. අනික මගේ රස්සාවත් පැය අටේ රාජකාරියකුත් නෙවෙයි. සමහර විට පැය විසි හතරම කැප වෙන්න ඕනේ වෘත්තියක්. මම මේ හැම දෙයක් ගැනම චූටි හාමිනේට කියලයි තියෙන්නේ. ඒ ගැන එයාගේ අකමැත්තක් නෑ. අයියාගේ විරුද්ධත්වයක් නැත්නම් මං කැමතියි චූටි හාමිනේව හෙට වුණත් කසාද බඳින්න. අනික උත්සව අරගෙන කසාද බඳින්න මම කොහොමටවත් කැමති නෑ. අයියා මොකද කියන්නේ මේ ගැන?"
තම දීර්ඝ විස්තරය අසා ඔහු කලබල වෙනු ඇතැයි තිලක් සිතීය. එසේම ," එහෙම හොරාට මේවා කරලා හරියන්නෙ නෑනේ" වැනි පිළිතුරක් ඔහු වෙතින් පිටවෙනු ඇතැයි ද තිලක් අපේක්ෂා කළේය.
නමුත් තිලක් සිතු ලෙසින් ඔහු කලබල වූයේ නැත. ඔහුගේ මුහුණේ පෙර පැවති සන්සුන් පෙනුම ඒ අයුරින්ම තිබිණි.
" මල්ලි මෙහේ යන්න එන්න වෙලා දැන් මාස කීපයක් වෙනවනේ. මේ කාලය ඇතුළත මටත් මල්ලි ගැන තරමක අවබෝධයක් තියෙනව. ඔහේ කියන සමහර කතාවල ලොකු ඇත්තකුත් තියනවා මල්ලිගේ අදහස ඒක නම්, අපේ චූටි හාමිනේත් ඒකට එකඟයි නම් මගේ විරුද්ධත්වයක් නෑ.ඔහේලා දෙන්නා කැමති දෙයක් කර ගන්න"
ඔහු ඒ මොහොතේ ඊට වැඩි යමක් කීවේ නැත. ඉන්පසු එළඹුණු සතියේ කතරගම ගිය අවස්ථාවේ තිලක් මේ පිළිබඳව ලතාගෙන් විමසීය.
නිසල වන ගහනය මැදින් ගලන මැණික් නදිය " අයියා මම ආවට පස්සේ මොකද කිව්වේ?"
"ඔයා කියන කතාවලට අයියා පැහැදිලා ඉන්නේ"
" මං වගේ කෙනෙක් කසාද බැන්දොත් ඔයාගේ ජීවිතේට යහපතක් වෙයි කියලා ඔයාට හිතෙනවද?"
තිලක් නැවතත් ලතාගෙන් ඇසුවේ සැබවින්ම ඇය තම සිතිවිලිවලට අනුකූල දැයි හරියටම දැන ගැනීමට අවශ්‍ය වූ නිසා ය. සාමාන්‍යයෙන් තරුණියක් ඔහු මෙන් ජීවිතය පිළිබඳව සරලව සිතන, වැඩි අනාගත බලාපොරොත්තු නැති කෙනෙකු සමග විවාහ වන්නට කැමති වුවහොත් ඒ කලාතුරකිනි.
කතරගම රුහුණු මහා දේවාලය "දුක සැප එක විදිහට භාරගන්න ආත්ම ශක්තියක් තියෙනවා නම් ඔයා වගේ හිතන කෙනෙක් එක්ක කසාද බැන්දා කියලා තියෙන ප්‍රශ්නෙ මොකක්ද?"
ඇය පෙරළා තිලක්ගෙන් විමසූ පසු ඔහුගේ සිතට දැනුණේ ඇය කෙරෙහි මහත් වූ පැහැදීමකි. තම සහකාරිය විය යුත්තේ ඇයම බව ඔහුට යළි යළිත් සිතිණි.
" අපේ මෙහෙම සම්බන්ධයක් තියෙන බව මහ ගෙදරට ගිහින් අම්මටයි තාත්තටයි කියන්න කියලා අයියා කිව්වා. නැත්නම් ඒ දෙන්නගෙන් දොස් අහන්න වෙන්නේ අය්යට. ඒ හින්දා හෙට අනිද්දා දවසක මම බෙලිඅත්තෙ ගිහින් අම්මටයි තාත්තටයි මේ ගැන කියලා එන්න ඕනෙ"
නැවත දිනයක තිලක් කතරගම යන විට ලතා බෙලිඅත්තේ සිය මහ ගෙදරට ගොස් මවට හා පියාට මේ ගැන දන්වා තිබිණි. නමුත් ඉක්මනින් ඔවුන් විවාහ වන බව ඇය කියා තිබුණේ නැත.
"දැන් ඉතින් ගෙවල්වලත් දන්නවනේ. අපේ අම්මා එච්චර කැමති නැති වුණාට තාත්තාගෙන් කිසි ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අයියේ මේක පරක්කු කරන්න ඕනෙ නෑ නේද?"
"දැන් ඉතින් ගෙවල්වලත් දන්නවනේ. අපේ අම්මා එච්චර කැමති නැති වුණාට තාත්තාගෙන් කිසි ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අයියේ මේක පරක්කු කරන්න ඕනෙ නෑ නේද?" එදා කෑම මේසයේදී තිලක් බාල මහත්තයාගෙන් විමසීය.එදා කෑම මේසයේදී තිලක් බාල මහත්තයාගෙන් විමසීය.
" කොහොමද මේක දැන් කෙරෙන්න ඕනෙ?"
බාල මහත්තයා විමසුවේ කල්පනාකාරීව ය.
" මට නම් හෙට වුණත් ප්‍රශ්නයක් නෑ" එය තිලක් ගේ පිළිතුර විය.
"ඔහේ ස්ථිරවම එහෙම කියනවා නම් ඉතින් හෙට ජුලියක්කට එන්න කියමු"
ජුලි අක්කා නමින් ඔහු හැඳින්වූයේ ජුලියානා ගාල්ලගේ නම්වූ ඒ ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරියයි.
බාල මහත්තයා එදින සවස ගොස් විවාහ රෙජිස්ට්‍රාර්වරිය හමුවිය. ඇය පසුදා උදයේම බාල මහත්තයාගේ නිවසට පැමිණීමට පොරොන්දු වී තිබිණි.
ලතා පසුදින උදේ කහ පැහැති සාරියකින් සැරසී සිටියා ය. අද මෙන් රූපලාවන්‍ය පිළිබඳ සමාජයීය උනන්දුවක් නොතිබූ ඒ සමයේ තම විවාහය දා ලතා හැඩ වූයේ කණ්ණාඩියක් ඉදිරියට ගොස් හිස පීරා මුහුණේ පියරු ටිකක් ගල්වා ගැනීමෙන් පමණි. එමෙන්ම ආටෝපය මුළුමනින් පිළිකෙව් කරන තම අනාගත සැමියාගෙන් ඊට කිසිදු අනුබලයක් නොලැබෙන බව ද ඇය දැන සිටියා ය.
තිලක්ගේ සහ ලතාගේ විවාහය අතිශය චාම් අන්දමින් ලියාපදිංචි කරනු ලැබීය.විවාහය ලියාපදිංචි කරන්නට නැකත් කිසිවක් නොතිබිණි. ඊට හේතුව තිලක් ඒ කිසිවක් ගැන තැකීමක් නොකිරීමයි. උදේ නවය පමණ වන විට ජුලියානා ගාල්ලගේ රෙජිස්ට්‍රාර්වරිය කළු පැහැති මොරිස් මයිනර් මෝටර් රථයකින් බාල මහත්තයාගේ නිවසට පැමිණි අතර බාල මහත්තයා විසින් ඇය පිළිගනු ලැබිණි. තිලක් ගේ පාර්ශවයෙන් විවාහයට සාක්ෂියට අත්සන් කිරීමටවත් කිසිවකු නොවූ බැවින් එය ද ලතාගේ ඥාතියකු විසින්ම කරන ලදී. මෙලෙස තිලක්ගේ සහ ලතාගේ විවාහය අතිශය චාම් අන්දමින් ලියාපදිංචි කරනු ලැබීය. කෑම මේසයේ සංග්‍රහයන් ද භුක්ති විඳ රෙජිස්ට්‍රාර්වරිය සිය රාජකාරිය අවසන් කර ආපසු පිටත් වූවාය.
මෙම විවාහය ලියාපදිංචි කර පැයක්වත් ගත වූයේ නැත. බාල මහත්තයාගේ මිතුරන් කිහිප දෙනෙක් ගෙට ගොඩ වැදුණේ " එහෙනම් බාල මහත්තයෝ ඔහේ චූටි නංගී අපටත් නොකියම බන්දලා දුන්නය? ඒත් ඔහෙලට එහෙම හොර රහසේ මඟුල් කන්න බෑ හරිය?. අපි මේක සමරන්න ඕනේ අපේ බාල මහත්තයා වෙනුවෙන්. " යැයි අවලාදයක් නගමිනි.
ඔවුන් පැමිණ සිටියේ මත්පැන් බෝතලයක් ද රැගෙන ය. මනාලයා ලෙස තිලක් ද ඔවුන් සමග එක්ව කතා බහේ යෙදෙන අතරේ මත්පැන් ස්වල්පයක් ගත්තේ ඔවුන් බලන්නට පැමිණි අමුත්තන්ව මඟ හැර යාම නුසුදුසු නිසා ය. මෙලෙස ආරංචිය කනින් කොනින් ගොස් අවසානයේ දිවා කාලය වන විට පනහක, හැටක පමණ පිරිසක් බාල මහත්තයාගේ ගෙදරට රැස්ව සිටියහ. කතරගම නගරයේ වාහන අංගනය භාරව සිටීමට අමතරව බාල මහත්තයා පූජා නගරයෙහි වෙනම වෙළඳසැල් දෙකක් ද පවත්වා ගෙන ගියේය. මේ නිසා කතරගම නගරයේ එවකට ඔහු නාඳුනන්නෙකු නොසිටි තරම් ය. සැම දෙනාගේම සිත් දිනාගෙන සිටි බැවින් නගරයේ ව්‍යාපාරිකයන් සෑහෙන පිරිසක් තෑගි බෝග මෙන්ම මත්පැන් බෝතල් ද රැගෙන මිතුරාගේ ගෙදරට පැමිණියේ මඟුල නොකිව්වත් මිතුරාට කරනු ලබන යුතුකමක් ඉටු කිරීමක් ලෙසිනි. පසුව අනාරාධිත අමුත්තන් පිරිස වැඩිවත්ම බාල මහත්තයාගේ හිතවතෙකු ටවුමට ගොස් හට් එකක් සහ පුටු ද ඇණවුම් කර රැගෙන ආවේය. ලතාත්, බාල මහත්තයාගේ බිරිඳත් වහ වහා අමුත්තන්ට කෑම පිසින්නට වූ අතර අසල්වැසි ඥාති කාන්තාවෝ කිහිප දෙනෙක් ද මේ සඳහා හරි හරියට උදව් පදව් කළහ. දැන් බාල මහත්තයාගේ නිවසේ සෑහෙන ලොකු මඟුල් ගෙයකි. "බාල මහත්තයාගේ නංගි රිපෝටර් කෙනෙක් බැඳලා" යනුවෙන් හා හෝ ගගා අසල්වැසියන් අතර පැතිර ගොස් තිබිණි. තිලක් පුවත්පතක උප කර්තෘවරයෙක් යන්න ගම්මුන් දැන සිටියේ නැත. ගම්වල පුවත්පත් වාර්තාකරුවන් සිටින නිසා පුවත්පතක රැකියාව කරන ඕනෑම කෙනෙක් ගම්මුන්ට රිපෝටර් කෙනෙකි. ඉන් එහාට පුවත්පත් කාර්යාලවල තනතුරු ගැන ගම්මු දැන නොසිටියහ. දැනගන්නට ඔවුන්ට වුවමනාවකුත් නැත. එනිසා ඔවුන්ට තිලක් ද රිපෝටර් කෙනෙකි.
සෙල්ල කතරගම පාර බාල මහත්තයාට තිබුණු ආදර ගෞරවය නිසාම පැමිණි අමුත්තන් වැඩි දෙනෙකු මත්පැන් බෝතල් ගෙන ආහ. ඒවා සඳහා විය හියදම් කාගෙන් දැයි තිලක් නොදත්තේ ය. ඒ සෑම දෙනෙක් සමගම එක්ව තිලක්ට මත්පැන් පානය කරන්නට සිදුවූයේ ඔවුන් පැමිණියේ හුදෙක් තමන් සහ ලතා ගේ විවාහය වෙනුවෙන් වන නිසා ය. කෙසේ හෝ සැන්දෑ වරුව වන විට තිලක්ට තමන් ද නොදැනුවත්වම මත්පැන් සෑහෙන ප්‍රමාණයක් බීමට සිදුව තිබිණ. එම "ක්ෂණික මංගල සාදය" නිම වනවිට මධ්‍යම රාත්‍රිය ද ඉක්ම ගොස් පැවතියේය. තමන් එදින වෙනදා හුරු පුරුදු නිවසේ ඉදිරිපස කාමරයේ ඇඳට ගියේ කෙසේද යන්නවත් ඔහුට හරිහැටි මතකයක් නොතිබිණි. අඩුම තරමින් තම මනාලිය කොහේ නිදා ගත්තාද යන්න ගැනවත් ඔහුට නිනව්වක් තිබුණේ නැත. පසු දා අලුයමින් පිබිදුණු තිලක් සූදානම් වී සිය මනාලියගෙන් සහ නිවසේ අනෙක් අයගෙන් ද සමු ගෙන කොළඹ එන්නට පිටත් වූයේ ඊට පසු දිනයේ රැකියාවට යාමට තිබූ නිසා ය. එහි දී මින් පෙර කිසිදා නොකළ අයුරින් ලතා තිලක් ගේ දෙපා ඉදිරියේ වැඳ වැටුණාය.එය ඔහු ගේ සිත තුළ ප්‍රබල කම්පනයක් ඇති කිරීමට සමත් විය. ආපසු එන අතරේ ද ඔහු තමන්ට වරින් වර දිස් වන ඉමක් කොනක් නැති මහ සයුර දෙස බලාගෙන නිරතුරුවම සිතන්නට වූයේ වූයේ තම මනාලිය ගේ අසීමාන්තික ඉවසීමේ ශක්තිය පිළිබඳව ය.
"දුක සැප එක විදිහට භාරගන්න ආත්ම ශක්තියක් තියෙනවා නම් ඔයා වගේ හිතන කෙනෙක් එක්ක කසාද බැන්දා කියලා තියෙන ප්‍රශ්නෙ මොකක්ද?"
ලතා මින් පෙර කී කතාවක් තම මනැස තුළ රැව් පිළිරැව් දෙන වගක් ද ඒ අතරේ තිලක් ට දැනිණ.
තවත් කොටසකින් නැවත හමුවෙමු.
සටහන - ඉන්දු පෙරේරා
තිලක මතක (12) - "අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බැයමක ලැගපන් මල්ලී" ! (ඉන්දු පෙරේරා ලියයි)
තිලක මතක (16) - වෙළඳ කලාප යුවතියක ඉදිරියේ රහසින් කඳුළු සළයි (ඉන්දු පෙරේරා ලියයි)



