කතරගමින් පිටත් වන විට ලතාගෙන් ලැබුණු සිමෙන්ති බ්ලොක් ගලක ප්‍රමාණයට නොදෙවෙනි වූ ලොකු කළුදොදොල් කුට්ටිය සහිත පාර්සලය තිලක් තම නිවසේ කෑම මේසය මත තැබීය. ඔහු මේ ගෙදර පැමිණියේ තෙදිනකට පසුව ය. එම 1985 වසරේ පෙබරවාරි 08 වෙනි සෙනසුරාදා කතරගම ලතාගේ සොහොයුරාගේ නිවසට ගොස්, 09 දා ඇයව විවාහ කරගන්නට තීරණය කර ඊට පසුදා, එනම් පෙබරවාරි 10 වෙනි සඳදා විවාහය ඔවුන්ගේ සිදු කෙරිණි. රැකියාවට යාමට තිබෙන නිසා තිලක් 11 වෙනිදා අලුයමින් ම කතරගම නිවසින් පිටත්වී යළි ගෙදර පැමිණියේය. ඒ වන විට සවස පහ පමණ වී තිබිණි.
පුතු තෙදිනකට පසු නිවසට පැමිණීම නිසා අම්මාගේ සිත තුළ තදබල සැකයක් හටගෙන තිබෙන්නට ඇත. ඇය කොහේදෝ සිට සාලයට පැමිණියා ය. ලතා දුන් කළුදොදොල් පාර්සලය කෑම මේසය මත තබන ගමන් තිලක් අම්මා දෙස බැලීය. අම්මා කුමන විදිහේ ප්‍රතිචාරයක් දැක්වුවත් ඒ ඕනෑම දේකට මුහුණ දෙන්නට සිත හදාගත් ඔහු අම්මාට තම විවාහය පිළිබඳ ව පවසන්නට තීරණය කරගත්තේ විවාහ වූ දවසේම ය. නමුත් අම්මාගේ මුහුණ කෙළින් බැලීමට කුමක්දෝ අපහසුවක් ඔහුට දැනිණි.
පුතු තෙදිනකට පසු නිවසට පැමිණීම නිසා අම්මාගේ සිත තුළ තදබල සැකයක් හටගෙන තිබෙන්නට ඇත. ඇය කොහේදෝ සිට සාලයට පැමිණියා ය." අම්මෙ, මෙන්න මේ දොදොල් වගයක් තියෙනවා. මං කතරගම ගියාම ලතා දුන්නෙ" තිලක් කතාවට පොටක් පාදා ගත්තේය. නමුත් ඔහු කී දෙයට අම්මා කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.
"අම්මෙ මම ඊයෙ ලතාව කසාද බැන්දා"
තිලක් එක්වරම පැවසූ පසු අන්දමන්ද වූ කලෙක මෙන් එක්වරම ඉද්ද ගැසුවා සේ නතර වූ අම්මා ඒ ක්ෂණයෙන්ම තත්පරයක්වත් පමා නොවී ඇගේ කාමරයට වැදුණේ එක් වදනකුදු නොදොඩාම ය. එදා දවස තුළම ඉන්පසු තිලක් අම්මාව දුටුවේ නැත.ඉන් තිලක්ගේ හදවත කීරි ගැසී ගිය මුත් ඒ සම්බන්ධයෙන් කළ හැක්කක් ද නොවීය.
පසුදා උදයේම සුපුරුදු පරිදි තිලක් අවදි විය. ඒ රාජකාරියට යන්නට ය.පසුදා උදයේම සුපුරුදු පරිදි තිලක් අවදි විය. ඒ රාජකාරියට යන්නට ය. වෙනදා අලුයම හතරට පමණ පිබිද නිවසේ කටයුතු කරන අම්මා එදා කාමරයෙන් පිටතටවත් ආවේ නැත. තිලක් කාර්යාලයට ගියේ සිතේ බර ගතියෙනි.
"කොහෙද මනුස්සයො යන්නේ? ඊයෙ මොකද ඔෆිස් ආවෙ නැත්තේ?"
කාර්යාලයට ගිය තිලක්ගෙන් බන්දුල පද්ම කුමාර ඇසීය.
"මම කසාද බැන්දානෙ බන්දු අයියේ "
තිලක් එසේ පිළිතුරු දුන් විට බන්දුල ඔහු දෙස බැලුවේ විමතියෙනි. ඔහු තමාට විහිළුවක් කරන්නේ යැයි ඇතැම් විට බන්දුල සිතන්නට ඇත.
" මොනවා ?කසාද බැන්දා?" බන්දුල පෙරළා විමසුවේ මෙය විහිළුවක්දැයි සැබෑවක් දැයි හරියට තෝරා බේරා ගැනීමට නොහැකිව ය.
තිලක් සේනාසිංහ "ඔව් බන්දු අයියේ"
" කසාද බඳින්න? අයිසෙ තිලක් තමුසෙට පිස්සුද? කාවද කසාද බැන්දේ?"
"අර කතරගම ගෑනු ළමයා"
"අම්මලා කැමති වුණාද?"
"නෑ හොරෙන් බැන්දේ. ඊයේ තමයි ගෙදරට කිව්වේ"
" තිලක්, ඔයා හරිම හිතුවක්කාර, ජීවිතේ ගැන කිසිම වගකීමක් දරන්න පුළුවන්, කිසිම සැලසුමක් තියන මිනිහෙක් නෙමෙයිනේ. ජීවිතේ කිසි බරක් ඔළුවට ගන්න බැරි ඔයා ඔහොම හිතුවක්කාර විදිහට කසාද බැඳපු එකෙන් අමාරුවේ වැටෙන්නේ ඔයා විතරක් නෙවෙයි. අර අහක ඉන්න අහිංසක ගෑනු ළමයෙක්වත් ඔයා අමාරුවේ දානවා"
එසේ කී ඔහු මඳ කල්පනාවක නිමග්න විය.
"දැන් ඉතින් කරන්න දෙයක් නෑ වෙච්ච දේ වෙලා ඉවරයිනේ. මීට පස්සෙවත් වගකීමක් ඇතුව වැඩ කරන්න"
අනතුරුව බන්දුල පැවසුවේ දැඩි කම්පාවකින් යුතුව ය. තිලක් ජීවිතය පිළිබඳව සැහැල්ලුවෙන් සිතන කෙළිදෙලෙන් ජීවත්වන තරුණයකු බව බන්දුල දනියි. ඔහු කම්පා වූයේ මේ ස්වභාවය නිසා පැත්තක සිටි අහිංසක තරුණියක් අමාරුවේ වැටේවි යන බියට විය යුතු ය.
සරසි විශේෂාංග කර්තෘ අර්නස්ට් වඩුගේඒ මොහොතේ සරසි විශේෂාංග කර්තෘ අර්නස්ට් වඩුගේ කාර්යාලයට පැමිණියේ ය.
" බලන්නකෝ වඩු, මේ යෝදයා කරගෙන තියෙන වැඩේ"
බන්දුල කීය. කිසිවක් වටහා ගත නොහැකිව වඩුගේ, තිලක් දෙසත්, බන්දුල දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ සිදුවී ඇති දෙය දැනගැනීමේ ඉස්පාසුවක් නැතිව ය.
"මොකක්ද බන්දු වෙලා තියෙන්නෙ?"
" තිලක් කසාද බැඳලා" එසේ කියාගෙන බන්දු එතැනින් නික්ම ගියේය.ඔහු ද තමන් ගත් තීරණයෙන් යම් වික්ෂිප්ත බවකට පත් ව ඇති බවක් තිලක්ට වැටහුණි.
" මොකද තිලක් වුණේ? ඔහොම හදිස්සියේ එක පාරටම ගිහිල්ලා කසාද බැන්දේ? ඉතින්; ඔය විදිහට බඳින්නෙ නෑනේ මිනිස්සු"
බන්දු එතැනින් නික්ම ගිය පසු වඩුගේ ඇසීය.
" හදිසියෙන් බැන්දා නෙමෙයි. බඳින්න ඕනේ කියලා හිතුණා. ඉතින් පහුවදා කසාද බැන්දා"
මේ ආරංචිය කන්තෝරුව පුරාම පැතිරිණ. හැමදෙනාම පැමිණ තිලක්ට අතට අත දෙමින් සුබ පතන්නට වූහ.මේ ආරංචිය කන්තෝරුව පුරාම පැතිරිණ. හැමදෙනාම පැමිණ තිලක්ට අතට අත දෙමින් සුබ පතන්නට වූහ. එතෙක් තිලක් ට දැනී තිබූ හැඟීමට අනුව නම් දෙදෙනෙක් විවාහ වීම යනු ඉතා පහසු සහ සරල දෙයකි. එහි ඇති ගැඹුරක් කවදාවත් ඔහුට වැටහී තිබුණේ නැත. නමුත් බන්දුල ගේ අවවාද, වඩුගේ පළ කළ අදහස් සහ කන්තෝරුවේ අයගේ සුබ පැතුම් ආදිය නිසා තිලක්ගේ සිතට මෙතෙක් නොදැනී තිබූ ගැඹුරක් විවාහය සම්බන්ධයෙන් දැනෙන්නට පටන් ගත්තේ ය.
වඩුගේ කවදත් රස කතා ලිවීමේ මෙන්ම කීමේ ද අති දක්ෂයෙකි. ජීවිතයේ ඕනෑම දෙයක් සැහැල්ලුවට ගන්නා වඩුගේ තම හදිසි විවාහය සම්බන්ධයෙන් ද අමුතු කතාවක් ගොතා ඇති අයුරු තිලක් දැනගත්තේ පසුදා ය. එය අපූරු විචිත්‍රවත් කතාවකි. එය අසා තිලක්ට සිනාව නතර කර ගත නොහැකි විය.
ඔහුගේ කතාවට අනුව තිලක්, ලතා සමග කාටත් හොරා එම නිවසේ කාමරයක සිටියදී කතරගම චණ්ඩියකු වන ලතාගේ අයියාගේ අතටම අසු වී ඇත. අයියා තිලක් ට පහර දී ගසක බැඳ පොලීසියට මේ පිළිබඳ පැමිණිලි කර ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ තිලක් අත්අඩංගුවට ගෙන ඔහු පොලිස් කූඩුවේ දමා තිබේ. ඊට පසු පොලීසිය විසින්ම ඔහුට බලහත්කාරයෙන් ලතාව කසාද බන්දවා දී ඇත. වඩුගේගේ මෙම විනෝදාත්මක පරිකල්පනය තිලක් තුළ ද හාස්‍යයක් ජනිත කිරීමට සමත් විය.
" ඒකෙ නම් එච්චරම අවුලක් නෑ මිස්ටර් වඩුගේ. ඒත් උහුලන්න බැරි ඒකෙ ඇතුලේ තියෙන මුත්‍රා ගඳනේ" යනුවෙන් තිලක් පැවසූ විට වඩුගේ ඇතුළු එතැන සිටි සියලු දෙනාම බඩ අල්ලාගෙන උඩ පනිමින් සිනාසෙන්නට වූහ." ලොකප් එක කොහොමද තිලක්, හොඳයිද?" කාර්යාල සගයන් ඉදිරිපිට දී වඩුගේ ඇසුවේ සිනාව පාලනය කරගෙන ය. එම විහිළුවට තවත් විහිළුවක් එක් කරන්නට තිලක්ට සිතිණි.
" ඒකෙ නම් එච්චරම අවුලක් නෑ මිස්ටර් වඩුගේ. ඒත් උහුලන්න බැරි ඒකෙ ඇතුලේ තියෙන මුත්‍රා ගඳනේ" යනුවෙන් තිලක් පැවසූ විට වඩුගේ ඇතුළු එතැන සිටි සියලු දෙනාම බඩ අල්ලාගෙන උඩ පනිමින් සිනාසෙන්නට වූහ.
"එතකොට ඔයාව ගස් බැඳපු එකත් සෑහෙන පිරිසක් දකින්න ඇති නේ" වඩුගේ යළි ඇසීය.
"දැක්කෙ නැත්තෙ මොකද මිස්ට වඩුගේ. සෙල්ල පාර අයිනෙමනේ. වන්දනාකාරයොත් සෑහෙන්න දැක්කා. ඉතින් මාත් උන්ට කිව්වා මම මේ බාරයක් ඔප්පු කරනවා කියල.එතකොට සමහරු මගෙ ළඟට ඇවිත් 'මේ නම් පුදුම භක්තිමතෙක් අප්පා' කියලා මට වැඳලා පඬුරුත් දැම්මනේ"
මෙසේ තිලක්ගේ විවාහය මුල් කරගෙන වඩුගේ කොතෙක් විහිළු කතා නිර්මාණය කළත්, ඔහු ද මෙම හදිසි විවාහය අනුමත කර නොතිබිණි.
" මං කියන්නද තිලක්. ඔය දෙන්නා වෙඩින් කපල් එකක් විදිහට ඇඳලා ෆොටෝ එකක් හරි ගන්න. අඩු ගාණෙ කවද හරි ළමයින්ටවත් පෙන්නන්න දෙයක් තියෙන්න එපායැ. මං ගමගේට කියන්නම්"
ඡායාරූප ශිල්පී සිරිසේන ගමගේ පසුදිනෙක වඩුගේ තිලක්ට යෝජනා කළේ සැබෑම ලෙන්ගතුකමකිනි. ඔහු ගමගේ ලෙසින් හැඳින්වූයේ එවකට එම කාර්යාලයෙහි ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළ සිරිසේන ගමගේව ය. ඒ වසරේ; එනම් 1985 ගමගේ වැල්ලම්පිටියෙහි "ස්නැප්ස්" නමින් ස්ටුඩියෝවක් අරඹා තිබිණ.
"අපෝ මට සල්ලි ඕනෙ නෑ මම ඕක නිකම් කරලා දෙන්නම්" මෙය ඇසූ ගමගේ කීය. නමුත් තිලක් ඊට කැමති නොවීය..
කෙසේ වුවද මේ පිළිබඳව තිලක් ලතාට පැවසූ විට ඇය ද ඊට එකඟතාවයක් නොදැක්වූවා ය.
" ඇයි ඉතින් අපි බොරුවට මගුල් ෆොටෝ අරගෙන ළමයින්ට බොරු කරන්නෙ? අපි කවදා හරි එයාලට ඇත්තම කියමු"
ඇය එලෙස කී පසු තිලක් ද ඇගේ මතය මුළුමනින්ම අනුමත කළේ එවැනි දේවල් හරසුන් ක්‍රියා ලෙස සලකා ඔහු කවදත් බැහැර කළ බැවිනි.
අරියකිත්ති තිස්ස හිමිතිලක් විවාහ වූ බව පැවසූ පසු අම්මා ටික දිනක් යනතුරු ඔහු සමග කතා බහ කිරීමෙන් මෙන්ම ඔහුට මුහුණ දීමෙන්ද වැළකී සිටියා ය. ඔහු පසුව දැනගත් පරිදි ලතාගේ ගෙදරින් ගෙනා කළු දොදොල්වලින් යම් ප්‍රමාණයක් ද රැගෙන අම්මා ගණේමුල්ල, හොරගොල්ලේ සිරි මහින්දාරාමයට ගොස් ඇත. ගෙදර මොනවා හෝ විශේෂ දෙයක් තිබුණොත් පන්සලේ නායක ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය මිද්දරමුල්ලේ අරියකිත්ති තිස්ස හිමියන් ඇතුළු හාමුදුරුවරුන් කිහිප නමටත් ඉන් කොටසක් ගෙන යාම තිලක් ගේ අම්මා බොහෝ විට කළාය. නිවසට ලැබුණු කළුදොදොල්වලින් මුල්ම කොටස අරියකිත්ති තිස්ස හිමියන්ට පූජා කර තිලක් ගේ අම්මා ඔහුගේ හදිසි විවාහය ගැන හාමුදුරුවන්ට පවසා ඇත්තේ කඳුළු සලමිනි. තම එකම පුතුට තමන් කැමති තරුණියක ජයට මඟුල් කා විවාහ කර දෙන්නට මවක් ලෙස ඇය කොතෙකුත් සිහින දකින්නට ඇත. නමුත් දැන් ඔහු හිතුවක්කාර විවාහයකට එළඹ තිබේ. එයද තමන් කැමැත්ත පළ නොකළ තරුණියක සමගිනි.
තිලක් ගේ මවගේ වේදනාව ඇයට රිසිසේ පිට කරන්නට ඉඩහරිමින් අරියකිත්ති හිමියෝ ඉවසිල්ලේ බලා සිටියහ. උන්වහන්සේ කතා කරන්නට වූයේ ඉන්පසුව ය.
"මේබල් උපාසකම්මගේ වේදනාව මට වටහාගන්න පුළුවන්. පෘථග්ජනයෝ විදිහට දරුවන්ගේ මේ වගේ දේවල්වලදී දෙමව්පියන්, විශේෂයෙන් මව්වරුන් කලබල වීම ස්වභාවයක්. ඒත් උපාසකම්මේ , දරුවෝ කියන්නෙත් සංසාර සත්වයෝ. කර්ම, කර්ම ඵල අනුව මේ ආත්මයේදී ඒගොල්ලෝ අපේ දරුවෝ වුණා. නමුත් උපදින හැම ආත්මයකදිම ඒගොල්ලෝ අපේ දරුවොත් නෙවෙයි අපි ඒගොල්ලන්ගේ දෙමව්පියොත් නෙවෙයි. නැවත සංසාරයේදී අපට ඒ අය අපට හම්බ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දෙමව්පියන් විදිහට දරුවන් මේ ලෝකෙට බිහි කළාට පස්සේ ඒ අය ලොකු මහත් කළා, ඉගැන්නුවා, සමාජයේ යහපත් පුරවැසියන් විදිහට ජීවත් වෙන්න පුරුදු කළා. ඒ කියන්නේ උපාසකම්මලගේ යුතුකම් නිසි ආකාරයෙන්ම දරුවන් වෙනුවෙන් ඉටුකරලයි තියෙන්නේ. දැන් ඒගොල්ලන් යමක් කමක් තේරෙන, හොඳ නරක වටහා ගන්න පුළුවන් දැන උගත් වැඩිහිටියෝ. ඔය ප්‍රියන්තව මම දන්නේ පුංචි කාලේ ඉඳලම නේ. එයා ඔය වගේ හිතුවක්කාරකමක් කළාට මෝඩයෙක් නෙමෙයි බුද්ධිමත් දරුවෙක්. ඒ නිසා එයා තමන්ගේ විවාහයට තෝරගෙන තියෙන ඔය කියන ගෑනු ළමයා කිසිසේත්ම නරක කෙනෙක් වෙන්න බෑ. ඒ ප්‍රියන්තට ලැබුණු හොඳම සහකාරිය වෙන්න පුළුවන්. දැන් ඒ දරුවා ගැන හිතේ තියෙන ඔය බැඳීම්වලින් නිදහස් වෙන්න. ඒ දෙන්නට එයාලගේ අලුත් ජීවිතය යහපත් විදිහට ගෙනියන්න ආශිර්වාද කරන්න. අම්මා කෙනෙක් විදිහට මේබල් උපාසකම්මා අතින් සිදුවිය යුතු ලොකුම දේ ඒක කියලයි මම නම් විශ්වාස කරන්නේ"
නිවසට ලැබුණු කළුදොදොල්වලින් මුල්ම කොටස අරියකිත්ති තිස්ස හිමියන්ට පූජා කර තිලක් ගේ අම්මා ඔහුගේ හදිසි විවාහය ගැන හාමුදුරුවන්ට පවසා ඇත්තේ කඳුළු සලමිනි. අරියකිත්ති හිමියන් දුන් දීර්ඝ අවවාද උපදෙස්වලින් පසු අම්මාගේ සිත සැහැල්ලු වන්නට ඇත. මේ සිදුවීම පිළිබඳව තිලක් දැනගත්තේ පසුදිනෙක අරියකිත්ති හිමියන් මුණ ගැසුණු අවස්ථාවක ය.පසුව තිලක් කතරගමින් ගෙනා කළු දොදොල් කුට්ටියේ ඉතිරි කොටස අසල්වැසි ඥාතීන් අතරේ බෙදූ අම්මා තමන් හදිසියේ විවාහ වූ පුවත ඔවුන් සමඟ ද පවසා ඇති බව තිලක් ට දැන ගත හැකි වූයේ ලතාලාට කලින් නිවස කුලියට දී තිබූ මාලනී ගෙනි.
"හැබැයි මම නම් හිතුවේ නෑ තිලක් අයියේ; ඔයා ඔච්චරම හිතුවක්කාර වැඩක් කරයි කියලා" ඇය විස්මයට පත් ව කීවා ය.
අනෙක් අය මෙන් නොව තිලක් ගේ හදිසි විවාහය සම්බන්ධයෙන් ඔහුගේ පියා අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. කිසිවකින් කලබලයට පත් නොවන, ඕනෑම දෙයක් දෙස උපේක්ෂාවෙන් බලන්නට තරම් දියුණු මනසක් තිබූ ඔහු පුතු ගේ විවාහය සම්බන්ධයෙන් දැරුවේ ද අරියකිත්ති හිමියන් දැරූ අදහසට සමාන අදහසකි. දින කිහිපයකට පසු ඔහු තම පුතුට කතා කළේය.
තිලක්ගේ පියා එස්. පීටර් සිල්වා "පුතා දැන් වෙච්ච දේට කරන්න දෙයක් නෑ. කසාද බැන්දා නම් ඔය ගෑනු ළමයව තවදුරටත් එහෙ තියන එකේ තේරුමක් නෑනේ. එයාව මෙහෙ එක්ක එන්න."
තාත්තා එලෙස පැවසුවද තිලක්ගේ සිතට දැනුණේ දෙගිඩියාවකි.
" ඒත් අම්මා මොනව කියයිද දන්නේ නෑනෙ"
"අම්මා හැම දෙයක්ම කළේ පුතාට තියෙන ආදරේට. ඒත් පුතා හිතුවක්කාර වෙලා තමන්ට කැමති දේ කරගත්තා. දැන් අම්මට කියන්න දෙයක් නෑනේ. ඒ නිසා අම්මා එයාගේ පාඩුවේ ඉඳී. පුතා ඒ ළමයව එක්කගෙන ඇවිත් මහ ගෙදර පදිංචි වෙන්න. අපිත් උදව් කරන්නම්. පුතාලා අලුත් ජීවිතයක් පටන් ගන්න"
තාත්තා සන්සුන් හඬින් පැවසූ විට තිලක්ට දැනුණේ දෑසට කඳුළු පිරෙන තරමේ වේදනාවකි.
තාත්තා ගේ මහගෙදර පිහිටියේ එම ඉඩමෙහි ම ය. ඔවුන් ඒ වන විට පදිංචිව සිටියේ තාත්තා විසින් පසුකලෙක සෑදූ නිවසක ය. මහගෙදර ඉන්පසු කලින් කලට පවුල් කිහිපයක්ම කුලියට ගෙන සිටි අතර මේ වනවිට තිබුණේ එය හිස් ව ය. ගෘහ භාණ්ඩ ලෙස එහි වූයේ එක් තනි ඇඳක් පමණි. ඒ අනුව ඊළඟ සති අන්තයේ කතරගම ගොස් ලතා කැටුව විත් එහි පදිංචි වන්නට තිලක් තීරණය කළේය.
තවත් කොටසකින් යළිත් හමුවෙමු.
සටහන - ඉන්දු පෙරේරා
තිලක මතක (12) - "අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බැයමක ලැගපන් මල්ලී" ! (ඉන්දු පෙරේරා ලියයි)
තිලක මතක (16) - වෙළඳ කලාප යුවතියක ඉදිරියේ රහසින් කඳුළු සළයි (ඉන්දු පෙරේරා ලියයි)



