BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විශේෂාංග

මහ ඡන්දය කල් යන ලකුණු ! – (සුනිල් කන්නන්ගර)

T

The Leader Desk

October 22, 2024 • 7:50 AM

මහ ඡන්දය කල් යන ලකුණු ! – (සුනිල් කන්නන්ගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2024 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේදී නීතිමය වශයෙන් බලවත් නොසැලකිල්ලක් සිදුව ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට
  • ඊට පෙර ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද මැතිවරණ දිනය පිළිබඳව යම් විරෝධයක් මතු කරනු දක්නට ලැබුණි.
  • භික්ෂූන් වහන්සේලාගේ විරෝධයට පදනම් වී තිබුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ වස් විසීම අවසන්ව කඨින චීවර පූජාව පැවැත්වීමට නියමිත මසක කාල පරිච්ඡේදයේ අවසන් දිනයට පෙර දින මහ මැතිවරණ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම යන කරුණ ය.
  • ලංකාවේ මැතිවරණ දිනයේදී ඡන්දය පාවිච්චි කිරීමේ මධ්‍යස්ථාන ලෙස බෞද්ධ විහාරස්ථාන ගොඩනැගිලි රාශියක් යොදා ගැනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කිසියම් පුරවැසි සංවිධානයක් ක්‍රියා කර තිබේ.

ඊට පෙර ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද මැතිවරණ දිනය පිළිබඳව යම් විරෝධයක් මතු කරනු දක්නට ලැබුණි. භික්ෂූන් වහන්සේලාගේ විරෝධයට පදනම් වී තිබුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ වස් විසීම අවසන්ව කඨින චීවර පූජාව පැවැත්වීමට නියමිත මසක කාල පරිච්ඡේදයේ අවසන් දිනයට පෙර දින මහ මැතිවරණ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම යන කරුණ ය. ඒ හැර නීතිමය කරුණක් නොවේ.

ලංකාවේ මැතිවරණ දිනයේදී ඡන්දය පාවිච්චි කිරීමේ මධ්‍යස්ථාන ලෙස බෞද්ධ විහාරස්ථාන ගොඩනැගිලි රාශියක් යොදා ගැනේ. මෙවර මැතිවරණ දිනය ලෙස කඨින චීවර පූජා පිංකම් අවසන් වන වප් පසලොස්වක පොහොයට පෙර දින යොදා ගැනීම නිසා භික්ෂූන් වහන්සේලාට අපහසුතා ඇතිවිය හැකි බවටත් කඨින චීවර පූජාවන්ට පවා බාධාවක් විය හැකි බවටත් ඇතැම් භික්ෂූන් වහන්සේලා විරෝධය පළ කළහ.

එසේ වුවද ඒ විරෝධය දේශපාලන උනුසුමෙන් වාෂ්පවී ගියේය. එහෙත්, ඊට වඩා බරපතල විවේචනයක් මැතිවරණ දිනය අරබයා එල්ල කරමින් පුරවැසි සංවිධානයක් පෙන්වා දෙන්නේ මැතිවරණ දිනය නියම කිරීමේදී නීතියේ පවතින විධි විධානයන්ට අනුකූල නොවන අන්දමට ජනාධිපතිවරයා ක්‍රියා කර ඇති බවයි. මෙය ඉතාම වැදගත් කරුණකි. එබැවින් ඒ ගැන නීතිමය විශ්ලේෂණයක් කර බැලීම සුදුසු ය.

 

unnamed 14ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව අනුව ජනරජයේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඇත්තේ ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව අනුව ජනරජයේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඇත්තේ ය. පාර්ලිමේන්තුවේ මුල්‍ රැස්වීම පවත්වා වසර දෙක හමාරක් ඉක්ම ගිය ඕනැම අවස්ථාවක සිය අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර යළි මැතිවරණයක් කැඳවීමට ඒ අනුව ජනාධිපති වරයාට බලය ඇත. මෙවර මහ මැතිවරණය කැඳවා ඇත්තේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති ඉහත බලතල යටතේ ය.

මෙසේ මැතිවරණයක් කැඳවීමේදී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු නෛතික පරිපාටි හා ක්‍රියා මාර්ග නියම කර ඇත්තේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පණත මගිනි. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින සෑම ප්‍රකාශනයකම නාම යෝජනා කාල සීමාව හා මැතිවරණය පැවැත්වීමේ දිනය අනිවාර්යෙන්ම සඳහන් කළ යුතු වේ.

නාම යෝජනා කාල සීමාව පාර්ලිමේන්තුව විසුරුවන ප්‍රකාශනය ගැසට් පත්‍රයේ පළ කරනු දිනයෙන් පසු දහ වන දින ආරම්භව දාහත් වන දිනයේ මධ්‍යාහ්න දොලහෙන් අවසන් විය යුතු බවද පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 10(2) වගන්තියේ පැහැදිලිව සඳහන් කර ඇත. එම ප්‍රකාශනයේ සඳහන් වන මැතිවරණය පැවැත්වෙන දිනය නාම යෝජනා අවසන් වන දිනයේ සිට සති පහකට අඩු නොවූ සති හතකට වැඩි නොවූ දිනයක් විය යුතු බවට ද ඉතාම පැහැදිලිව එම 10(2)(ආ)වගන්‍තියේ සඳහන් කර ඇත.

එසේම මැතිවරණය පැවැත්වෙන දිනය පසලොස්වක පොහොය දිනයක් නොවිය යුතු හා රජයේ නිවාඩු පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇති නිවාඩු දිනයක් ද නොවිය යුතු බවට ද වැඩිදුරටත් නියම කර ඇත. ඒඅනුව මැතිවරණ දිනය නියම කිරීමේදී මේ සඳහන් කළ නියමිත සීමාවන් අනුගමනය කිරීම රටේ නීතිය බව පැහැදිලි ය.
මේ අනුව කටයුතු සිදු වී තිබේදැයි සොයා බැලීම දැන් අපට කළ හැකිය.

  

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශනය ගැසට් පත්‍රයේ පළ කළේ පසුගිය සැප්තම්බර් 24වන දිනයේදී ය. එදින සිට දස වන දිනය වන ඔක්තෝබර් හතර වන දින ආරම්භ වූ නාම යෝජනා කාල සීමාව දහවන දින වූ ඔක්තෝම්බර් එකොලොස්වන දින මධ්‍යාහන දොලහෙන් අවසන් විය . ඒ අනුව නාම යෝජනා කාල සීමාව නියම කිරීම නිවැරදිව සිදු කර ඇත. මැතිවරණ දිනය ලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරි නිවේදනයේ දැක්වුණේ නොවැම්බර් දාහතර වෙනි දිනයයි .පාර්ලිමේන්‍තු මැතිවරණ පණතේ 10(2) වගන්තිය අනුව මේ දිනය නාම යෝජනා අවසන් දිනයේ සිට සති පහක් හා සති හතක් අතර දිනයක් විය යුතු ය. නීතිමය අවශ්‍යතාව එසේ වුවත් නොවැම්බර් දාහතර යනු නාම යෝජනා අවසන් වීමෙන් පසු එළඹෙන 34වන දිනයයි. නාම යෝජනා අවසන් වී සති පහක් නැත්නම් දින තිස්පහක් සම්පූර්ණ වන්නේ නොවැම්බර් පහලොස් වෙනි දිනයට ය. ඒ අනුව මැතිවරණ දින ලෙස යොදා ගත හැකි පලමු දිනයව තිබුණේ නොවැම්බර් 16වෙනි දා ය.

 

අවසන්ම දිනය ලෙස යොදා ගත හැකි ව තිබුණේ නොවැම්බර් 29දිනයි. මේ දින දෙක අතර රජයේ නිවාඩු දින ලෙස තිබුණේ නොවැම්බර් 17හා 24යි. ඒ දින දෙක හැර මැතිවරණය නීත්‍යනුකූලව පැවැත්විය හැකි දින 12ක්ම තිබියදී නීත්‍යානුකූල සීමාවෙන් පිට තිබුණු නොවැම්බර් 14 දිනය මැතිවරණයට නියම කිරීමෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 10(2) වගන්තිය උල්ලංඝනය කර ඇති බව පැහැදිලිවම නිරීක්ෂණය වේ.

ජනාධිපතිවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුව සිය ධුරයට අයත් කාර්ය හා කර්තව්‍ය ඉටුකරන බවට ව්‍යවස්ථානුකූල ප්‍රතිඥාව දී වැඩ භාරගත් ජනාධිපතිවරයා අතින් දින තුනක් ගත වන්නටත් පෙර මේ අන්දමේ නීතිය උල්ලංඝණය වීමක් සිදුවීම බරපතල කරුණකි. ජනාධිපති වරයා අතින් සිදුවූ මේ වරදට පූර්ණ වගකීම ගතයුතු වන්නේ ජනාධිපති ලේකම් වරයා ය. රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කරන නිල ලේඛනවල සියයට සීයක නිරවද්‍යතාව ඇති බවට වගබලා ගත යුත්තේ ජනාධිපති ලේකම් වරයා ය.

 

Election Commission of Sri Lanka lankalineනාම යෝජනා පත්‍රයක යම් නෛතික අඩුපාඩුවක් තිබුණේ නම් ඉතාම සැලකිල්ලෙන් පරීක්ෂා කර තීන්දු තීරණ ගන්නා මැතිවරණ කොමිසම මැතිවරණයේ පදනම් නිල ලේඛනය පිළිබඳව එතරම් සැලකිල්ලක් හෝ පරීක්ෂාකාරී බවක් දක්වා නැති වීම

ඊළඟ පුදුමය වන්නේ මැතිවරණ කොමිෂන් සභාවට මේ වරද නිරීක්ෂණය නොවීමයි. ඔවුන්ට මේ වරද නිරීක්ෂණය වුණා නම් එය නීතිපතිවරයාගේ මගින් ජනාධිපති වරයාගේ අවධානයට ලක් කර නිවැරදි කරවා ගැනීමට ඉඩ තිබුණි. අවසනාවට මැතිවරණ කොමිසමත් මේ ගැන සැලකිල්ලෙන් බැලූ බවක් නිරීක්ෂණය නොවේ. එය වඩාත් බරපතල කරුණක් වන්නේ නාම යෝජනා පත්‍රයක යම් නෛතික අඩුපාඩුවක් තිබුණේ නම් ඉතාම සැලකිල්ලෙන් පරීක්ෂා කර තීන්දු තීරණ ගන්නා මැතිවරණ කොමිසම මැතිවරණයේ පදනම් නිල ලේඛනය පිළිබඳව එතරම් සැලකිල්ලක් හෝ පරීක්ෂාකාරී බවක් දක්වා නැති වීම ය කෙසේ වෙතත් දැන්  වරද සිදුවී අවසාන ය.

දැන් ඇත්තේ මේ වරද නිවැරදි කර ගෙන මැතිවරණය පැවැත්වීම ය. මෙබඳු අවස්‍ථාවක නියමිත දිනයේ මැතිවරණය පැවැත්වීම අසීරු බව මැතිවරණ කොමිෂන් සභාවට පැහැදිලිවන්නේ නම් ඊට පිළියම් යෙදිය හැකි විධිවිධානයක් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3)හි දැක්වේ. එහි දැක්වෙන්නේ යම් හදිසි තත්වයක් හෝ බලාපොරොත්තු රහිත දෙයක් සිදුවීම මත යම් මැතිවරණ කොට්ඨාශයක මැතිවරණය ජනාධිපතිවරයා නියම කළ දිනයේ සිදු කළ නොහැකි වූ අවස්ථාවක ගැසට් පත්‍රයේ පළ කරන නියමයක් මගින් මැතිව‍රණය සඳහා වෙනත් දිනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කළ හැකි බවට ය. මේ විධිවිධානය පරිදි 2020මහ මැතිවරණය දින නියමයක් නැතිව කල් තබා පසුව වෙනත් නියම කළ දිනයක පැවැත් වූ පූර්වාදර්ශ පවතින බැවින් ඒ අනුව ක්‍රියා කිරීම මගින් මේ ගැටලුව විසඳා ගත හැකි බව පෙනේ. එදා එසේ කරන්න සිදු වුණේ රටේ කොරෝනා වසංගතය නිසා ය. මෙදා එසේ කළොත් කරන්න වෙන්නේ රට “කරවනා” අයගේ අඩුපාඩු නිසා ය.


sunil Kannangara(සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)



සබැඳි පුවත් :

ලබන 14 වැනිදා ඡන්දය පැවැත්වීම ව්‍යවස්ථාවට පටහැනියි ! - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මැතිවරණ දිනය වැරදියි !- හරි නම් නොවැම්බර් 15 හෝ ඉදිරි දිනයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...