The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (24) : අලුත උපන් බිළිඳු පුතු ද කැටුව අවදානම් ගමනක (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

November 4, 2024 • 8:08 AM

තිලක මතක (24) :  අලුත උපන් බිළිඳු පුතු ද කැටුව අවදානම් ගමනක (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • " ඔයා පුතත් එක්ක තව ටික කලක් මෙහෙ ඉන්න ගියොත් සුමානයක් සුමානයක් ගාණෙ මට මෙහෙ එන්න අමාරුයි.
  • ලෝකය ගොඩනැගෙන්නේ මව සහ දරුවා තුළ ඇතිවන මේ අවියෝජනීය සම්බන්ධතාව මත බව තිලක් හොඳින් දනී.
  • එය එසේ වුව ද සිය බිරිඳ ගේ මෙම කැපී පෙනෙන වෙනස ඔහුගේ සිත ඇතුලේ කොතැනකටදෝ ඉදිකටු තුඩකින් අනින්නාක් බඳු ඉතා සියුම් රිදුමක් ඇතිකර තිබිණි.
  • ඒ බව සිහිවත්ම පෙර දැනී තිබූ සියුම් රිදුම ඉබේටම වාගේ පහ විණි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
" ඔයා පුතත් එක්ක තව ටික කලක් මෙහෙ ඉන්න ගියොත් සුමානයක් සුමානයක් ගාණෙ මට මෙහෙ එන්න අමාරුයි. ඒ නිසා  ලබන සතියෙ අපි යමු අපේ ගෙදර" තිලක් සිය බිරිඳ ලතාට යෝජනා කළේ තම සිඟිති පුතු බලන්නට ගිය පළමු දවසේ දීම ය.
 
"ඒත් අම්මලා නම් ඉතින් එක එක චාරිත්‍ර ගැන කියනවා" ලතා පැවසුවේ දෙගිඩියාවෙනි.
 
"ඔයා දැන් මාස දෙකක් තිස්සේම මෙහේ ඉන්නවනේ. ඔෆිස් එකේ වැඩත් එක්ක මට නිතර යන්න එන්න බැරි වෙයි. එහෙ අපේ අම්මත් ඉන්නවනේ පුතා ගැන බලන්න. ඒ හින්දා අපි යමු"
 
"එහෙම නම් මම අපේ අම්මාගෙන් අහන්නම්; අපි ඒ විදිහට කරමු"
 
අවසානයේ ලතා ඔහුට එකඟ වූවා ය. පසු දින දරුවා බලන්නට ලතාගේ  මැදවත්තේ පුංචි අම්මා  පැමිණියේ  තිලක් ද එහි සිටියදීම ය. ඇය පුංචි අම්මා වූයේ බාප්පාගේ බිරිඳ වීම නිසා ය.
 
 
කාමරයේ දොර රෙද්ද මෑත් කර බලා පුංචි අම්මා ඇසුවේ ශබ්ද නොනඟාම ය. ලතා, පුතු නිදි කරවා පුතුගේ වටේට  සුවපහසුවට පුංචි කොට්ටා තබමින් සිටියා ය.
 
 "නිදිද දරු පැටියා?"
 
කාමරයේ දොර රෙද්ද මෑත් කර බලා පුංචි අම්මා ඇසුවේ ශබ්ද නොනඟාම ය. ලතා, පුතු නිදි කරවා පුතුගේ වටේට  සුවපහසුවට පුංචි කොට්ටා තබමින් සිටියා ය.
 
 "එන්න පුංචි අම්මෙ" තිලක් ද ඇය කාමරය තුළට කැඳවීය.
 
" දරුවා නිදි නේද?" කියමින්  කාමරය තුළට පැමිණි ඇය කතා කළේ ඉතා සෙමිනි.
 
"එතකොට චූටි හාමිනේ ඔහේ අද හෙට ගණේමුලු යන්නෙ නෑ නෙව?"
 
තිලක් ගේ තොරතුරු ආදිය විමසා අවසානයේ පුංචි අම්මා ඇසුවේ ලතාගෙනි.
 
 "ලබන සතියේ වගේ යන්න කියලා හිතන් ඉන්නේ පුංචි අම්මෙ"
 
 "ආ....එහෙමද? චූටි හාමිනේගේ කසාදෙ වෙනුවෙන් මොකුත් කරන්න හම්බ වුණෙත් නැති හින්දා බාප්පත්  එක්ක මම මේ ගැන කතා කළා.  බාප්පා කිව්වා අපි චූටි හාමිනේයි දරුවයි ගණේමුල්ලෙ යනකොට අපි ගාණේ අපේ කාරෙකින් එක්ක යමු කියලා"
 
ලතා
 
"මම කියන්නම්කො පුංචි අම්මේ" තිලක් පැවසුවේ එකවරම තීරණයක් නොගෙන ය.
 
ඒ අතර පුතුගේ බිහි වීමත් සමග ලතා වෙනස් වී සිටි අයුරු ද තිලක් ට ඒ වන විට මනාව වැටහෙමින් තිබිණ. ඇගේ මුළු ලෝකයම වූයේ පුතා ය.
 
"අරක කරන්න "
 
"මේක කරන්න"
 
"ඕක පොඩ්ඩක් මෙහාට මට දෙන්නකෝ"
 
"කොහාටවත් යන්න එපා මම එනකල් ඔයා ඔහොමම කාමරෙන් ඉන්න" 
 
ලතාගේ එවන් විධානයන්  ඇය සමඟ ජීවිතය  ආරම්භ කර ගෙවී ගිය වසරක කාලය තුළම තිලක් ට  නුහුරු දෙයකි. ඇය මෙතෙක්  කලක් කළේ විධානයන් දීම නොව තම විධානයන් පිළිපැදීම ය. දැන් ඇය වෙනස් ය. ඇගේ මුළු ලෝකය ම පුතා කේන්ද්‍ර කරගෙන අලුතින් ගොඩනැඟී පවතී. ඇයත් පුතාත් යනු ඇයට දෙදෙනෙක් නොව එක්කෙනෙකු තරම් ය. ඒ ලෝකයට තමා සම්බන්ධ නැති වගක් ද ඔහුට වරෙක දැනෙයි. ලෝකය ගොඩනැගෙන්නේ මව සහ දරුවා තුළ ඇතිවන මේ අවියෝජනීය සම්බන්ධතාව මත බව තිලක් හොඳින් දනී. එම සම්බන්ධතාව ගිලිහීම හෝ පලුදු වීම යනු සමාජයට යහපත් අනාගත පරපුරක් අහිමිවීම ය. එය එසේ වුව ද සිය බිරිඳ ගේ මෙම කැපී  පෙනෙන වෙනස  ඔහුගේ සිත ඇතුලේ කොතැනකටදෝ ඉදිකටු තුඩකින් අනින්නාක් බඳු ඉතා සියුම් රිදුමක් ඇතිකර තිබිණි. නමුත් ඒ සමඟම තිලක්ගේ  සිතට නැඟුණේ තමා මේ දෙදෙනාගේම ජීවිත පිළිබඳ වගකීම දරන්නා නොවේද? යන සිතිවිල්ල ය. ඒ බව සිහිවත්ම පෙර දැනී තිබූ සියුම් රිදුම ඉබේටම වාගේ පහ විණි.
 
IMG 20241102 WA0002සිරි රතන හිමි
 
ලතා ගේ බාප්පාගේ වාහනයෙන් සිඟිති දරුවාත් කැටුව ගමට එනවාට වඩා ගණේමුල්ලෙන්ම වාහනයක් සොයා ගත හැකි නම් එය තම ආත්ම ගෞරවය රැකෙන්නක් බව තිලක්ට කල්පනා විය.ඒ වන විට තමන් සතුව සැලකිය යුතු වත්කමක් නොමැති වුව කිසිවකුටත් ඒ බවක් ඇඟවිය යුතු නැත. එවිට ඔහුට සිහිපත් වූයේ  තම කලණ මිතුරු සිරිරතන හාමුදුරුවන් මෑතකදී මිලට ගෙන තිබූ මෝටර් රථයයි. තිලක් මුල් වරට ලතා බැලීමට කතරගම යන විටත් ඔහු ඒ හිමියන් කැටුව ගියේ වැඩි ආරක්ෂාව පිණිස ය. කලින් අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ පාසලක ඉගැන්වීම් කටයුතු කළ සිරිරතන හිමියෝ සිය දුෂ්කර සේවා කාලය නිමා කර මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලකට මාරුවක් ලබා සිටියහ. බෙලිඅත්තේ  සිට ආපසු ගෙදර එන ගමන් තිලක් ගණේමුල්ල නගරයේ සිට තම නිවසට එන පාරේ මඳ දුරක් එනවිට හමුවන  සිරිමහින්දාරාමයට ගියේ සිරිරතන හාමුදුරුවන් හමු වන අදහසිනි. පන්සලේ විහාරාධිපතීන් වහන්සේ වන මිද්දරමුල්ලේ  අරියකිත්ති තිස්ස නා හිමියෝ ද ඒ මොහොතේ වැඩ සිටියහ.
 
" හාමුදුරුවනේ"  තිලක් එසේ පවසා අරියකිත්ති හිමියන් ට වැඳ නමස්කාර කළේය.
 
ප්‍රියන්ත බැහැරක ඉඳලා එන ගමන් ද?" අරියකිත්ති හිමියෝ විමසූහ.
 
"එහෙමයි හාමුදුරුවනේ, බෙලිඅත්තේ ඉඳලා එන ගමන්. අපේ හාමිනේට  පුතෙක් හම්බ වුණා" 
 
"හොඳයි බොහෝම හොඳයි. දැන් ඉතින් ප්‍රියන්ත  තාත්ත කෙනෙක්. ඒ කියන්නේ ලොකු වගකීමක්. ඉස්සර වගේ ජීවිතේ හැම දෙයක්ම සැහැල්ලුවට සෙල්ලමට ගන්න දැන් බෑ. හොඳින් හිතලා මතලා වගකීම් සහගතව වැඩ කරන්න ඕනේ" අරියකිත්ති හිමියෝ තිලක්ට අවවාද කළහ.
  IMG 20241102 WA0003අරිය කිත්ති තිස්ස හිමි
 
"එහෙමයි හාමුදුරුවනේ. සිරිරතන හාමුදුරුවෝ ඉන්නවද හාමුදුරුවනේ?"
 
"හිටියා හිටියා, කාමරේ ඇති"
 
තිලක්ට මේ පන්සල ගෙදර මෙන් හුරු පුරුදු ය. ඔහු සිරිරතන හාමුදුරුවන්ගේ කාමරයට යන්නට   පෙරම උන්වහන්සේ එතැනට පැමිණියහ.
 
"කවුද කියල බැලුවා මේ අපේ ප්‍රියන්ත ළමයා නේ"  උන්වහන්සේ අසල තිබූ සුව පහසු අසුනක වාඩි වූයේ එසේ කියමින්ම ය.
 
"හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කාර් එක කෝ?
 
"කාර් එකද?" සිරිරතන හාමුදුරුවන්ට පෙරම එසේ කී අරියකිත්ති හිමියෝ සිනාසුනහ. එවිටම සිරිරතන හිමියන්ගේ මුහුණ  පුරා ද  සිනාවක් පැතිරිණි.
 
"ඇයි හාමුදුරුවනේ"  තිලක් තුළ වූයේ ප්‍රශ්නාර්ථයකි.
 
"ඒක ඉස්පිරිතාලෙ නවත්තලානේ"
 
අරියකිත්ති හිමියන්ගේ ඒ කතාවට සිරිරතන  හාමුදුරුවන්ට ද උස් හඬින් සිනා ගියේය. මේ හිමිවරුන් දෙදෙනාම එම මෝටර් රථය ගැන විමසූ විට සිනාසීම තිලක් ට ගැටලුවකි.පන්සලේ ගෝල බාලයෝ ද මේ කතාවලට සිනාසෙමින් කන් දෙති.
 
 "මේකනේ ප්‍රියන්ත  වෙලා තියෙන්නෙ."
 
අරියකිත්ති  හිමියෝ සිනාසෙමින්ම කතාව පටන් ගත්හ.
 
IMG 20241102 WA0005සිරිරතන හිමියන්ගේ මෝටර් රථයට සමාන එම වර්ගයේ මෝටර් රථයක්
  
"කොයි වෙලාවක බැලුවත් ඒකෙ  ලෙඩක්. අපි ඒකෙන් අල්ලපු ගමේ දවල් දානෙකට යනවා නම් හීල් දානෙ වළඳපු හැටියේ පිටත් වෙන්න ඕනේ. ඇයි ඕක තුන් හතර පොලකවත් නතර වෙනවනේ. පහුගිය දවසක මම ඒකෙන් බණ ගෙදරක ගිහින් ඒකේ දොර ඇර ගන්න බැරුව මහ ජංජාලයක් වුණා නේ. තව ඩිංගෙන් කාර් එක ඇතුළේ ඉඳලම බණ කියන්න තමයි වෙන්නේ. අනික  පන්සලේ එක දවසක්  තියල තිබුණොත් සුමාන දෙකක් විතර ගරාජ් එකේ. ඉතින් පන්සලට ගෙනාව කියලා වැඩක් වෙන්නේ නැති හින්දා  ගරාජ් එකේම නතර කරලා තියෙන්නේ"  
 
අරියකිත්ති හිමියන්ගේ ඒ අතිශයෝක්ති කතාවට  සිරිරතන හාමුදුරුවන්ටත්, තිලක්ටත් සිනාව පාලනය කරගත නොහැකි විය.
 
" එහෙම නෑ ඒක සුපිරි කාර් එකක්. ඕව මේ ප්‍රින්සිපල්ලා පාවිච්චි කරන ඉන්ග්ලිෂ් කාර්. ඔය පොඩි පොඩි ලෙඩ වගයක් තියෙනවා තමයි ඉතින්. ඒවට පොඩි කෑලි වගයක් දාන්න තියෙනවා එතකොට හරි"  සිනාව අවසානයේ සිරිරතන  හිමියෝ පැවසූහ.
 
"මම ලබන සතියෙ සෙනසුරාදා බෙලිඅත්තේ යන්න ඕනෙ වයිෆ්වයි බබාවයි ගෙදර එක්කරගෙන එන්න. මම මේ ආවේ සිරිරතන හාමුදුරුවන්ගෙන් කාර් එක ඉල්ලගන්න පුළුවන්ද කියලා බලන්න. මම පෙට්‍රල් ගහ ගන්නම්"
 
තිලක් එසේ පැවසූ විට අරියකිත්ති හිමියෝ යළිත් සිනාසෙන්නට වූහ.
 
"අය්යෝ ප්‍රියන්ත, ඔයා මේ කිරිසප්පයෙක්ව  අරගෙන එන්න නේද ඔය කාර් එක ඉල්ලන්නේ? ඕක අතරමග නතර වුණොත් කාට කියන්න ද?. මම කියන්නද? ප්‍රියන්ත ඔයා වෙන එකක් අරගෙන යන්න. මම මගේ ගාණේ හොඳ එකක් හොයලා දෙන්න ද?"   
 
උන්වහන්සේ එසේ පවසා යළිදු සිනාසෙන්නට වූහ. සිරිරතන හාමුදුරුවන්ටත්, තිලක්ටත් උන්වහන්සේගේ කතාවලට සිනා නොවී සිටිය නොහැකි විය.
 
සිරිරතන හිමියන්  මෑතකදී ෆෝඩ් ප්‍රිෆෙක්ට් 107E වර්ගයේ මෝටර් රථයක් කාගෙන්දෝ රැගෙන තිබුණේ අඩු මිලකට ය. එහෙත් අරියකිත්ති හිමියන් විනෝදමත් කිරීමට දෝ සිරිරතන හිමියන්  එම රථය පිළිබඳව මුල සිටම අතිප්‍රාමාණික ලෙස වර්ණනා කරනු දක්නා ලදී. නමුත් මෝටර් රථය ගෙන ආ දා සිටම එහි ගමන් බිමන් යනවාට වඩා කරන්නට සිදුවී තිබුණේ රථයේ ලෙඩවලට ප්‍රතිකර්ම යොදන්නට ය.  ඒ නිසාම මෝටර් රථය පන්සලේ තිබෙනවාට වඩා වැඩි දින ගණනක් ගරාජයේ තබන්නට සිදු  විය. 1959 - 1961 යන කාල වකවානුවේ එංගලන්තයේ නිෂ්පාදිත මෙම  වර්ගයේ මෝටර් රථ ලංකාවේ වැඩිපුරම පාවිච්චි කර තිබුණේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් බව පිළිගත් සත්‍යයකි. අරියකිත්ති හිමියන් මෙම මෝටර් රථය විහිළුවකට ගෙන තිබුණේ  එය පන්සලේ මිදුලේ නොව නිරන්තරයෙන් නතර කර පැවතියේ ගරාජයේම නිසා ය. අරියකිත්ති හිමියන්ගේ විහිළු ඉතා සැහැල්ලුවෙන් ගෙන සිනාසුණා මිස සිරිරතන හිමියන්  ඒ කිසිවක් කෙරෙහිවත් රොස්පරොස් ඇති කර ගත්තේ නැත. ඒ වෙලාවට මොනවා හෝ කියා  සිනාසීම උන්වහන්සේගේ ද සිරිත විය. ඒ අනුව එම මෝටර් රථය ගමන් බිමන් යාමට වඩා රස කතා මැවීම පිණිස යොදා ගන්නා ලදී.
 
"මම කාර් එක දෙන්නම්, එතකොට දැන් කවුද ඔය ගමනට වෙන යන්නේ? හැබැයි මට ඒකත් දැන ගන්න ඕනේ"
 
IMG 20241103 WA0002සිරි මහින්දාරාම විහාරස්ථානය
 
"අපේ අම්මා යනව"
 
"ආ...එහෙම නම් කමක් නෑ. මං කාර් එක දෙන්නම් "
 
 "ඇයි මං විතරක් ගියොත් ඔබවහන්සේට ෂුවර් නැද්ද?"  තිලක් ඇසුවේ  මඳහසක් පාමිනි.
 
"මොකද ෂුවර් නැත්තේ මට හොඳටම ෂුවර්.  තනියම ගියොත් මගදි මොකක් හරි  අලකලංචියක් කරගෙන එන බව හොඳටම ෂුවර්"
 
හාමුදුරුවරුන් දෙනමගේම උපහාසය මුසු මෙවැනි  විහිළු  කතාවලට තිලක් අතිශය ප්‍රිය කළේය. කෙසේ වුවද සිරිරතන  හාමුදුරුවන් තම  මෝටර් රථය තිලක්ගේ  අවශ්‍යතාවය සඳහා රියැදුරු සමගම ලබා දීමට එකඟ විය.
 
ඒ කාලයේ ජංගම දුරකථන නොතිබුණු සේම,  ස්ථාවර දුරකථන  තිබුණේ ද කලාතුරකින් නිවෙසක පමණක් වූ බැවින් බෙලිඅත්තේ ඒමට වාහනයක් සොයාගත් බවත්, සෙනසුරාදා බෙලිඅත්තේ පැමිණෙන බවත් දන්වමින් තිලක් පණිවිඩය දුරකථන ඇමතුමකින් දන්වා සිටියේ ලතාගේ  ඇවැස්ස මස්සිනා කෙනකු වූ ජයවර්ධන නම් වෘත්තියෙන් මිනින්දෝරු මහතකු ගේ නිවසට ය.
 
තිලක් වාහනයට පෙට්‍රල් ගසාගෙන යන බව සිරිරතන හිමියන්ට කලින්ම දන්වා තිබුණත් උන්වහන්සේ වාහනය තිලක්ගේ  ගෙදරට එව්වේ ටැංකිය  පිරෙන්නටම පෙට්‍රල් ගසා දීමෙන් අනතුරුව ය.
 
6175d39745d2a0a10418c2aeස්ථාවර දුරකථන  තිබුණේ ද කලාතුරකින් නිවෙසක පමණක් වූ බැවින් බෙලිඅත්තේ ඒමට වාහනයක් සොයාගත් බවත්, සෙනසුරාදා බෙලිඅත්තේ පැමිණෙන බවත් දන්වමින් තිලක් පණිවිඩය දුරකථන ඇමතුමකින් දන්වා සිටියේ ලතාගේ  ඇවැස්ස මස්සිනා කෙනකු වූ ජයවර්ධන නම් වෘත්තියෙන් මිනින්දෝරු මහතකු ගේ නිවසට ය.
 
මොනවා වුණත් මේ වාහනය ගැන තිලක්ගේ  සිතට ද බයක් සැකක් නොදැනුණා නොවේ. රියැදුරා ද විසි වයස්වල මුල්  කාලයේ පසුවන තරුණයෙකි. නමුත්  ඔහුට  මෙම රථය පිළිබඳ මනා අවබෝධයක් තිබිණි. හදිසියේ අතරමග නතර වුණොත්  බොනට්ටුව හැර එන්ජිමට මොනවා හෝ කර රථය යළි පණ ගන්වන විදිහත්  ඔහු දැන සිටියේය. කෙසේ හෝ  තම මවද කැටුව තිලක්  ගිය  මේ ගමනේ  කිසිදු  ආපදාවක්  සිදු නොවී පැය හත අටක  කාලයක් මඟ ගෙවා රථය බෙලිඅත්තට සේන්දු විය.
 
හා හා පුරා කියා තම පවුලට  මුලින්ම එකතු වූ  මුණුපුරා ගේ මුහුණ  දැක ගත් පසු තිලක් ගේ අම්මා සිටියේ ඉහිලුම් නැති තරම් සතුටකිනි.
 
"මගෙ චූටි මැණික, රත්තරන් පුතා. අපි යමු පුතාගෙ ගෙදර " ආදී වශයෙන් අනේකවිධ වූ ආදරණීය වදන් තෙපලමින්  අම්මා වැඩිපුරම සිටියේ  පුතාව තම දෑතේ තබාගෙන ය.
 
පුතාගේ සියලු බඩුබාහිරාදියත් පුරවාගෙන, ලතා ගේ ඇඳුම් පැළඳුම් ආදියත් ගෙන පසුදින උදේ පාන්දරින්ම ගමන පිටත් වුණි. කල්වේලා ඇතිව පිටත්වන්නට තිලක් ට  තදබල වුවමනාවක් තිබුණේ රථය අතර මගදී නතර වුවහොත් එය හදාගන්නට කාල වේලාව තිබෙන නිසා ය. දෙවතාවක් පමණ  තේ බීම වැනි අවශ්‍ය කටයුතුවලට රථය අතරමඟ නතර කළා විනා  කුමක් හෝ පිනකට මෙන් ගෙදරට එනකලුත් එහි කිසිදු දෝෂයක් හට ගත්තේ නැත.  එහෙත් එහි ඇන්ජිමෙන් වරින්වර අමුතු ශබ්ද නැඟුණු විට තම සියොළඟ කිළිපොලා යනු තිලක් ට දැනුණි. හදිසියේවත් රථය අතරමග නතර වුණේ නම් බිළිඳු දරුවාත්, දරුවාගේ බඩු මහගොඩකුත් රැගෙන මහ පාරට වී කුමක් කරන්නද? තිලක් මේ රථයෙන්  බෙලිඅත්තේ ගියේ එම පිළිතුරක් නැති අවදානම ද හිසින් දරාගෙන ය. කිසිදු ආපදාවක් නොවී රථය අම්මලාගේ ගෙමිදුලෙහි නතර කරන විට සිතට නැගුණු අස්වැසුම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් විය.
 
සිඟිති පුතා මුලින්ම රැගෙන ගියේ තිලක් ගේ දෙමව්පියන්ගේ නිවසට ය.
 
"ඔන්න දැන් පුතා, පුතාගේ ගෙදරට ආවා. මේ බලන්න පුතේ පුතාගේ සීයයි නැන්දයි ඉන්නවා" තිලක්ගේ අම්මා එසේ පැවසුවේ තාත්තාත් නංගීත් ඉතාමත් ආසාවෙන් දරුවා අසලට පැමිණ බලා  සිටින විට ය.
 
"අනේ මටත් ආසයි අතට ගන්න. ඒ වුණාට බයයි. රිදෙයිද දන්නෑ" නංගී  කීවේ  පුතාගේ රෝස පැහැති අතක් අල්ලා ගනිමිනි.
 
IMG 20241015 WA0001තිලක්ගේ  නිවසේ සියලු අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ අඩුවක් නැතිව පැවතියේය. විවාහ වී වසරක කාලයක් තුළ ලතා විසින් ඒ සියල්ල ටික ටික මිලදීගෙන තිබීම හේතුවෙනි.
 
දිවා කාලයේ නංගීත්, තාත්තාත් එක්ව තිලක් ගේ නිවස දූවිලි ආදිය පිසදා අතුපතු ගා දමා හොඳින් පිරිසිදු කර තිබිණි. ඒ වන විට තිලක්ගේ  නිවසේ සියලු අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ අඩුවක් නැතිව පැවතියේය. විවාහ වී වසරක කාලයක් තුළ ලතා විසින් ඒ සියල්ල ටික ටික මිලදීගෙන තිබීම හේතුවෙනි. නිදන කාමරයේ වූ ඩබල් ඇඳට ලොකු මදුරු දැලක් ද තාත්තා විසින් සවිකර තිබිණි. ඒ පුතාව මදුරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ය.
 
දෙමාපියන්ගේ නිවසේ මඳ වේලාවක් පුතු තබාගෙන හිඳ ඉන්පසු  දරුවාත් සමග තිලක් සහ ලතා තම නිවසට පැමිණියහ. ඔවුන් සමඟ තිලක්ගේ අම්මාත්, තාත්තාත්, නංගීත් වූහ.
 
සිරිරතන හිමියන්ගේ එම ෆෝඩ් ප්‍රිෆෙක්ට් 107E රථය සම්බන්ධයෙන් පසුවදනක් මෙයට එක් නොකළහොත් එය අඩුපාඩුවක් වෙයි. 
 
තිලක් බෙලිඅත්තේ ගොස් පැමිණ මාස ගණනකට පසු  සිරිරතන  හාමුදුරුවන් තම මෝටර් රථයෙන් උන්වහන්සේ කලින් ඉගැන්වූ පාසල පිහිටි අම්බලන්තොට කොග්ගල්ලට යාම සඳහා පිටත් ව තිබේ. හරියටම අම්බලන්තොට ප්‍රදේශයේදී වාහනය  හිටිහැටියේ අතරමඟ නතර වී ඇත. දන්නා උපරිම දේවල් කළත්  මොන ආකාරයෙන්වත් රථය පණ ගන්වා ගන්නට රියදුරා අසමත් ව තිබේ. අවසානයේ සිරිරතන හාමුදුරුවන්ට සිදුව ඇත්තේ රථය ඒ කිට්ටුව තිබූ නිවසක එම නිවෙස් හිමියන්ගේ ද අවසරය ඇතිව මිදුලට තල්ලු කර දමන්නට ය.
 
"ප්‍රියන්ත අහන්නකෝ සිරිරතන හාමුදුරුවන්ගේ කාර් එකට මොකද වුණේ  කියලා"
 
IMG 20241102 WA0001තිලක් සේනාසිංහ
 
තිලක්  සිරි මහින්දාරාමයට ගිය අවස්ථාවක සිරිරතන හාමුදුරුවන් සිටියදීම අරියකිත්ති  හාමුදුරුවෝ පැවසූහ.
 
" ආ ඒකට මේ කොග්ගල්ලෙ යද්දි පොඩි ලෙඩක් හැදුණනේ " එසේ පවසා සිරිරතන හාමුදුරුවෝ සිනාසුනහ.
 
" හොඳ පොඩි?" කියමින් සිදුවූ දේ අරියකිත්ති  හිමියෝ  විස්තර කළහ. සිරිරතන  හාමුදුරුවන් කළේ ඒ කතාව  සිනා මුහුණින් අසා සිටීම පමණි. රථයට සිදුවූ ඇබැද්දිය තිලක් දැනගත්තේ ඒ මොහොතේ ය.
 
පසු කලෙක එම මෝටර් රථය ඉතා සුළු මුදලකට එහිදීම විකුණා දැමූ බව පසුව සමහරු කීහ. ඒ අතර තවත් අය කීවේ  රථය යකඩ සඳහා යකඩ බඩු කඩයකට විකුණා දමා ඇති බවයි. 
 
ජීවිතය පිළිබඳ ඉතා සැහැල්ලුවෙන් සිතූ, කිසි දෙයක් කෙරෙහි බැඳීමක් ඇති ඇතිකර නොගත් සිරිරතන හිමියන් තමන් විසින් මිලදී ගන්නා ලද මෝටර් රථය මෙලෙස ලෙඩ ගොඩක් වී කරදර ගෝනියක් බවට පත්වුව ද ඒ කිසිවක් උන්වහන්සේ ගේ කරට ගත්තේ නැත. රථය ලෙඩ වීම සේම තමන්ගේ මුදල් නිරපරාදේ වැය වීමත්  උන්වහන්සේට දුකට, කෝපයට හෝ කලකිරීමට හේතුවක් නොවිණි. සියල්ල  සිනාවෙන් ඉවසා සිටීම සිරිරතන හාමුදුරුවන්ගේ ස්වභාවය විය. එය අද බොහෝ පැවිද්දන් කෙරෙන් දක්නට නොලැබෙන උතුම් යතිවර ගුණයකි. මේ වන විට සිරිරතන හිමියන් සේම අරියකිත්ති  තිස්ස හිමියන් ද මෙලොවින් සමුගෙන වසර ගණනාවක් ගතව ගොසිනි.  නමුත් එවර අලුත උපන් බිළිඳු පුතු ද කැටුව බෙලිඅත්තේ සිට ගණේමුල්ලට ආ ඒ අවදානම් ගමන තිලක්ට කිසිදා අමතක නොවේ.
 
තවත් කොටසකින් නැවත හමුවෙමු.
 
සටහන - ඉන්දු පෙරේරා
 
සබැඳි ලිපි :
 

තිලක මතක : තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම (පළමු කොටස)

තිලක මතක (2): බළලා ගේ මළගම වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (3) - ලොකු හාමුදුරුවන්ට බියෙන් උස්මුරුත්තාවට එනතුරු දන් වළඳයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (4) - අවංක වීමේ වරදට තිලක් ගේ පියාට දායක සභාවෙන් නින්දා ! (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (5) - තිලක් ගේ ළමා වියේ පාසල් මිතුරා ජවිපෙ සන්නද්ධ නායකයා වෙයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (6) - කෙසෙල් කොළය සහ හොදි බාල්දිය (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (7) - අඩි හතරෙ යෝධයා තැනූ දැවැන්ත වේල්ල (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (8) - පාසල් කට් කර ගොස් පරණ අම්බලමේ දී සමාජ අධ්‍යයනය හදාරයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (9) - ජැක්සන් ඇන්තනී සමඟ එකම කරලියේ රංගනයක (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (10) - පිටපත් දහයක් මුද්‍රණය කළ "මවිතෙ" පත්තරේ (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (11) - පත්තර සිහිනය වෙනුවෙන් කුළුඳුල් පෙමට සමු දෙයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (12) - "අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බැයමක ලැගපන් මල්ලී" ! (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (13) - ගජමෑන් ගෙන් ආප්ප කා වෙන පත්තරයකට මාරු වෙයි (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (14) - අතිජාත මිත්‍ර වැසිකිළි පිරිසිදු කරන්නා! (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (15) - යුවතියන් ගේ අඩවියට මඟ පෙන්වූ සුමිතුරා හදිසියේ නික්ම යයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (16) - වෙළඳ කලාප යුවතියක ඉදිරියේ රහසින් කඳුළු සළයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (17) -  තිලක්ට ඔහුවත් නොදත් පෙම්වතියක්? (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (18) - හිමි නමක ද කැටුව පෙම්වතිය බලන්න කතරගම යයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (19) - මංගල රාත්‍රිය තනි යහනක ගත කරයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (20) - තිලක් ගේ හදිසි විවාහය වෙනුවෙන් ඥාතීන්ට කළුදොදොල් සංග්‍රහයක් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (21) - "හෝම් කමින්" එකට රතු ඉඳි ආප්ප සහභාගීත්වය තුන් දෙනයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (22) : පුටු නැති නිවසේ ගායකයන් එක් වූ පැදුරු සාජ්ජයක් (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (23) : "බාලගිරි හෙට නොවේ අද" අලුත උපන් බිළිඳු පුතු ගැන අලුත් යෝජනාවක් (ඉන්දු පෙරේරා ලියයි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...