The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නව විදුලිබල පනතින් පුනර්ජනනීය බලශක්තිය දිරිගැන්විය යුතුය | පිරිසුදු හා හරිත සමාජ ව්‍යාපාරය

T

The Leader Desk

February 16, 2025 • 4:51 PM

නව විදුලිබල පනතින් පුනර්ජනනීය බලශක්තිය දිරිගැන්විය යුතුය | පිරිසුදු හා හරිත සමාජ ව්‍යාපාරය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වන්නේ Feed-In-Tariffs (FIT) හරහා කුඩා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කපාහැරීමයි.
  • ඒ අනුව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ප්‍රමාණය 10MW සිට 1MW දක්වා අඩු කෙරෙන අතර, මෙගාවොට් 1 පරිමාණයෙන් අනාගතයේ දී ජාලයේ නව කුඩා ජල විදුලි, ජෛව ස්කන්ධ ව්‍යාපෘති කිසිවක් නැත.
  • මන්ද යත්: මේ ව්‍යාපෘති 1MWකින් ඉදි කිරීමට ඉතා කුඩා වන අතර, ටෙන්ඩර් කළ නොහැකිය.
  • සුළං ව්‍යාපෘති සඳහා, සාමාන්‍ය ටර්බයිනයක් දැන් 3-4MW බැවින්, මෙම පරිමාණය සාධාරණ හෝ ශක්‍ය නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වන්නේ Feed-In-Tariffs (FIT) හරහා කුඩා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කපාහැරීමයි.

මෙය ක්‍රම දෙකකින් සිදු කෙරේ.

ඒ අනුව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ප්‍රමාණය 10MW සිට 1MW දක්වා අඩු කෙරෙන අතර, මෙගාවොට් 1 පරිමාණයෙන් අනාගතයේ දී ජාලයේ නව කුඩා ජල විදුලි, ජෛව ස්කන්ධ ව්‍යාපෘති කිසිවක් නැත. මන්ද යත්: මේ ව්‍යාපෘති 1MWකින් ඉදි කිරීමට ඉතා කුඩා වන අතර, ටෙන්ඩර් කළ නොහැකිය. සුළං ව්‍යාපෘති සඳහා, සාමාන්‍ය ටර්බයිනයක් දැන් 3-4MW බැවින්, මෙම පරිමාණය සාධාරණ හෝ ශක්‍ය නොවේ.

පුනර්ජනනීය බලශක්ති අධිකාරිය (SEA) විසින් සාර්ථක ලෙස පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ටෙන්ඩර ක්‍රමයක් හඳුන්වා දී එය සාධාරණය කිරීමෙන් කුඩා ජල විදුලි බලාගාර, කසළ යොදාගනිමින් විදුලිය (WTE ) නිපදවීම, ජීව බලශක්ති (Biomass), ජීව වායු බලශක්ති (Bio gas) ව්‍යාපෘති හා වෙනත් විකල්ප සම්පූර්ණයෙන්ම අවහිර කිරීමක් මෙමඟින් සිදු වේ. මන්ද යත්: සූර්ය සුළං මෙන් ඉහත ව්‍යාපෘති ටෙන්ඩර් කිරීමට ඔවුන්ට ප්‍රතිපාදන නැත.

se4gfe4
2020 අගෝස්තු 20 වැනිදා වන විට SEA ලියාපදිංචි කළ සුළං බලාගාර හෝ සූර්ය ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත්තේ පනතේ වචනයක වරදක් හුවා දක්වමිනි. ඒ වෙනුවට ඩීසල් විදුලි නිෂ්පාදන, අද දවසේ තාප විදුලි 40% (සමස්ත විදුලි නිෂ්පාදනයෙන්) ඒකකය රුපියල් 36- 40ක් පමණ වූ අධික හා නොවටිනා මිල ගණන්වලට විදුලිය ගැනීමට CEB කටයුතු කරන අතර, 2% ක පවතින සුළං බලාගාර හෝ සූර්ය පුනර්ජනනීය විදුලි නිෂ්පාදන මිල ටෙන්ඩර් විධිවිධාන හඳුන්වා දී, ඒකකය රු. 10ක්-12ක් වැනි අඩු මිලකට ගන්නට වසර 6ක සිට උත්සාහ කළත් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇත. වත්මන් රජයේ විදුලි බලය සම්බන්ධයෙන් ස්ථාවරය පැහැදිලිය. රජයේ ප්‍රතිපත්තිය 2030 වන විට රටට අවශ්‍ය විදුලි නිෂ්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය මත නිපදවීම බවය.

 

ගැටලුවක් නැති ක්‍රමවේදය

CEB tender

2015ට පෙර ලංකා විදුලිබල මණ්ඩලය විදුලි නිෂ්පාදකයන්ගෙන් විදුලිය මිල දී ගන්නට එක්තරා ක්‍රමවේදයක් අනුගමනය කළේය. ඒ අනුව ඔවුන් ජල හෝ තාප හෝ පුනර්ජනනීය විදුලි නිෂ්පාදන මිල දී ගන්නට මුලින්ම මිලක් නියම කළේය. ඒ ඒ මිල ගණන් යටතේ නිෂ්පාදන ලබා දෙන්නට අදාළ ක්ෂේත්‍රයේ නිෂ්පාදකයන් කැමැති නම් ඒ සඳහා විදුලිබල මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹිය හැකිය. අනතුරුව සුදුසු තැනක් සොයාගෙන බලාගාරයක් ඉදි කර එමඟින් විදුලිය නිෂ්පාදනය කර අදාළ මිල යටතේ ජාතික පද්ධතියට විදුලිය එක් කරන්නට නිෂ්පාදකයන්ට හැකියාවක් තිබිණි. මේ ක්‍රමය යටතේ ඉතා කෙටි කලකින් මෙගා වොට් 550ක විදුලියක් ජාතික පද්ධතියට එක් කරන්නට නිෂ්පාදකයෝ සමත් වූහ.

2015 දී CEB Feed-In-Tariffs (FIT) ක්‍රමය වෙනුවට ටෙන්ඩර් ක්‍රමයක් හඳුන්වා දුන්නේය. එමඟින් ඉතා අඩු මිලට නිෂ්පාදකයන්ගෙන් විදුලිය මිලට ගත හැකි වේ යැයි සිතුවද එහි දී CEB වඩාත් අවධානය යොමු කළේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහිය.

එහෙත් 2016 සිට 2020 දක්වාම අවස්ථා 8ක දී මෙගා වොට් පැය 750ක් නිම කිරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් ටෙන්ඩර් අනුමැතිය ලබාගත්තත් වසර අවුරුදු 5ක් ගතව ගිය පසුත් නිපද වීමට හැකි වූයේ මෙගා වොට් පැය 32ක් පමණකි.


මෙගා වොට් 750ක් හිරවූ හැටි

jgjkjn

සෙසු සියලු ව්‍යාපෘති නොකෙරෙන්නට හේතුව ඔවුන්ගේ නොහැකියාවයි. අඩු මිලට ටෙන්ඩර් ලබාගෙන ඒවා ක්‍රියාත්මක කළ නොහැකි නිසා දවසින් දවස කල් යවමින් රජයේ පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීමේ ව්‍යාපෘතිය කඩාකප්පල් කරමින් රජයට වැඩි මිලට ඩීසල් විදුලි නිෂ්පාදන ගැනීමට අවස්ථාව සැලසීම ඔවුන්ගේ ව්‍යාපෘතිවල අරමුණ නොවේ යැයි කිව හැක්කේ කාටද?


චුන්නාකම් ප්‍රදේශයේ මෙගා වොට් 10ක ධාරිතාවකින් යුතු සුළං බලාගාර දෙකක් ඉදි කර මෙගා වොට් පැය 20ක විදුලියක් ලබා දෙන්නට ටෙන්ඩරය ලබා ගත්තේ 2016 වසරේ අප්‍රේල්වලය. එහෙත් එය නිම කරන්නට වසර හතරකට වඩා වැඩි කලක් ගත විය.

මෙගා වොට් එක බැගින් වූ සූර්ය බල ව්‍යාපෘති 60ක් ආරම්භ කර මෙගාවොට් 60ක් ලබා දෙන්නට කුඩා සමාගම් 12ක් ටෙන්ඩර් ලබාගත්තත් අද වන විට විදුලිබල සැපයුමට එක් කර ඇත්තේ මෙගාවොට් 12ක් පමණි.

වව්නතිව්වල හා පොලොන්නරුවේ මෙගා වොට් 10 බැගින් වූ සෝලා බලාගාර දෙකක් ඉදි කරන්නට ගත් ටෙන්ඩරය ද අසාර්ථක විය.

සූර්ය තාපයෙන් මෙගා වොට් එක බැගින් වූ බලාගාර 90ක් නිපදවීමට 2018 දී ආයතන 70ක පමණ ටෙන්ඩර් ලබා ඇතත් දැනට වැඩ ආරම්භ කර ඇත්තේ ඉන් ඉතා ස්වල්ප දෙනෙක් පමණි.

 2019 නොවැම්බර් මාසයේ සුළං බලාගාර මඟින් ‍ෙමගා වොට් 60කටත් 2020 මාර්තුවේ දී නැවත සූර්ය තාපය මඟින් මෙගා වොට් 150කටත් කුඩා නිෂ්පාදකයන් හා ව්‍යාපාරිකයන් ගණනාවක් විසින් ටෙන්ඩර් ලබා ඇතත් තවමත් සතුටුදායක ප්‍රතිඵල පෙන්වා නැත.

මේ විදුලිබල මණ්ඩලය මඟින් ප්‍රසිද්ධියට පත් කරන ලද ටෙන්ඩර් කීපයක් පමණි. ප්‍රසිද්ධියට පත් නොකරන ලද ව්‍යාපෘති ද ගණනාවක් තිබෙන බව කිව යුතුය.


කුඩා සූර්ය ව්‍යාපෘති 10, 000ක් සඳහා නිසි ක්‍රියාකාරි සැලැස්මක් නැතිව නව කුඩා සූර්ය බලාගාර රටේ සෑම පළාතකම ඵලදායි ඉඩම් ඉලක්ක කර, කුඩා ව්‍යවසායකයන් සිර කළේය. මේ වන විට CEB ටෙන්ඩර් කැදවා ඇති කුඩා සූර්ය බලාගාර 7000 වැඩසටහන රුපියල් 14.10ක් වැනි උපරිම මිලක් දීමෙන් සියලු ඉල්ලුම්කරුවන් පාඩු ලබන, නමට බලාගාර හිමිකරුවන් බවට පත් කළේය. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩාකප්පල් කිරීම මෙන්ම දැනට සාර්ථකව ක්‍රියාත්මක වන වහල මත සූර්ය ව්‍යාපෘති නැවැත්වීම ද සිදුවේ.



ජනාධිපතිගේ 2030 සිහිනය

xfte4gg

ජනාධිපතිවරයාගේ 2030 සිහිනයට හා ඉලක්කයට ළඟා වීමට නම් අනිවාර්යෙන්ම පුනර්ජනනීය ව්‍යාපෘතිවලට ඇති ප්‍රයෝගික ගැටලු හා බාධක ඉක්මනින් ඉවත් කර වඩා Clean Sri lanka වැඩසටහනට සමගාමිව පිරිසුදු හරිත බලශක්ති Clean Green Energy බළකායක් පිහිටුවා රාජ්‍ය ප්‍රතිපතියට අනුව 2030 වන විට පුනර්ජනනීය බලශක්තිය 70% ගෙනයෑමේ ඉලක්ක වැඩසටහනට ප්‍රවේශ විය යුතුය.

විදුලිබල මණ්ඩලය ඉහළ නිලධාරීන් ඉහළ වැටුප් ලබමින් සිට විශ්‍රාම යන්නේ ආයතනය වසරකට බිලියන ගණනින් පාඩු ලබමිනි. එතරම් විශාල ජාතික ධනයක් වැය කළද 70%ක් පුනර්ජනනීය බලශක්තියට පරිවර්තනය වීමේ 2030 ඉලක්කය අහලකටවත් ළඟා වී නොමැත. එම ඉලක්කයට යෑම සැලසුම් සහගතව CEB ප්‍රමාද කිරීම නිසා රටට සිදුවූ හානිය හා පාරිසරික හානියේ අලාභය ගණනය කළ යුතුය.

(silumina l පී. ආර්. විජේවර්ධන)
කැඳවුම්කරු, පිරිසුදු හා හරිත සමාජ ව්‍යාපාරය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...