The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අධිරාජ්‍යවාදීන්ට එරෙහි දේශප්‍රේමීන් සිටී ද?

T

The Leader Desk

May 21, 2020 • 7:05 PM

අධිරාජ්‍යවාදීන්ට එරෙහි දේශප්‍රේමීන් සිටී ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතික පක්ෂය යනු උපන් ගෙයිම ධනපති පංතිය නියෝජනය කළ පක්ෂයකි. එක්සත් ජාතික පක්ෂය හැදූ ආණ්ඩු , හැමදාමත් ඔවුන්ගේ
  • ලෝකය තුළ ධනවාදයට විරුද්ධව කොමියුනිස්ට්වාදය පැතිරෙන විට , ඒ ආස්වාදයෙන් පිබිදුණු ලංකාවේ මධ්‍යම පංතියේ පිරිස් වල දරුවන්, විදෙස්ගත ඉගෙනුම නිමා කොට පැමිණියේ කොමියුනිස්ට්වාදය ලංකාව තුළ ක්‍රියාත්මක කිරිරීමේ අදිටන ඇතුවය.
  • සමසමාජ පක්ෂය බිහිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පකෂය ද දේශපාලන භූමියට ප්‍රවිෂ්ට වූවද, ඔවුන් සියල්ල පරයා එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් ලෙස මතුවන්නට හැකි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණි.
  • ය , වාමවාදී පකෂයක් බවට ලක් පොළොව තුළ බෞතීස්ම විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආර්ථික මූලෝපාය ලෙස තෝරා ගත්තේ , ධනපති පංතියට වැඩි වාසි අත්වෙන ධනවාදී ආර්ථික ක්‍රමයයි.

ලෝකය තුළ ධනවාදයට විරුද්ධව කොමියුනිස්ට්වාදය පැතිරෙන විට , ඒ ආස්වාදයෙන් පිබිදුණු ලංකාවේ මධ්‍යම පංතියේ පිරිස් වල දරුවන්, විදෙස්ගත ඉගෙනුම නිමා කොට පැමිණියේ කොමියුනිස්ට්වාදය ලංකාව තුළ ක්‍රියාත්මක කිරිරීමේ අදිටන ඇතුවය.

එක්සත් ජාතික පක්ෂයටත් පෙර ලංකාව තුළ සමසමජ පක්ෂය බිහිවන්නේ ඒ අනුවය.

 

'වම' දිය කළ වාම රූපක..

Wasudewajpgසමසමාජ පක්ෂය බිහිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පකෂය ද දේශපාලන භූමියට ප්‍රවිෂ්ට වූවද, ඔවුන් සියල්ල පරයා එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් ලෙස මතුවන්නට හැකි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරමින් ඊට නායකත්වය ලබා දුන්නේ , එක්සත් ජාතික පක්ෂයේම නායකයෙකුව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායකය.

බැලූ බැල්මට ධනවාදයට එරෙහිව වාමාංශික මුහුණුවරකින් යුක්ත වූ ශ්‍රී ල. නි. ප. ය, මැද මාවතක ගමනකට ප්‍රවිෂ්ට විය.

සිරිමාවෝ බණ්ඩාරණායක පාලන සමයේ මුල් අවදිය ඊට මනා නිදසුන් සපයමින්, පුද්ගලික අංශය සතුව තිබූ බොහෝ ව්‍යාපාර ජනසතු කිරීමේ වැඩපිලිවෙළක් දියත් කළ අතර, කොමියුනිස්ට්වාදය බලයට ගෙන ඒමට කැප වූ සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සිරිමාවෝගේ ආණ්ඩුවේ කොටස්කරුවෝ විය.

ඒ අනුව ධනපති පංතියේ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ ගර්භාෂයෙන් බිහි වූ ශ්‍රී ල. නි. ප. ය , වාමවාදී පකෂයක් බවට ලක් පොළොව තුළ බෞතීස්ම විය.

 

ලිබරල් ධනවාදයෙන් කොල්ලකරී දේශපාලනයට...

Lanka Political

1977 දී බලයට පත් එ. ජා. ප. යේ නායක ජේ. ආර්. ජයවර්ධන, ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය ඉතා සෘජු හා දැඩි ලෙස ලංකාව තුළ ක්‍රියාවට නැංවූ අතර, ඔහු ඊට ජාත්‍යන්තර සහාය ලබා ගත්තේ ඇමරිකාව ප්‍රමුඛ බටහිරෙන් ය. එනිසාම ඔහුව හැඳින් වූයේ යැංකි ඩිකී කියා ය.

1994 චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග බලයට පැමිණෙන තුරු රට පාලනය කළ යූ. ඇන්. පී. යේ ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියට විකල්පයක් චන්ද්‍රිකාට නො තිබිණ. ඒ අනුව ඇයගේ ආර්ථික පාඨය වූයේ " විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් " යන්නය.

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් , ඔවුන්ගේ කොන්දේසි වලට යටත්ව ණය ලබා ගැනීමේ එ. ජා. ප. ප්‍රතිපත්තියට වෙනස්  විකල්පයක් චන්ද්‍රිකා මැතිණියට නොතිබිණ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස යුගයේ සිදු වූ,  රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණා දැමීම, රාජ්‍ය ඉඩම් දේශපාලකයන් විසින් කුණු කොල්ලයට ලබා ගැනීම ඇතුළුව සියලු දූෂණ , චන්ද්‍රිකා පාලන සමයේදී ද නතර නොවීය.

ජේ. ආර්. ගෙන් පටන් ගෙන ප්‍රේමදාස පසු කර ගෙන චන්ද්‍රිකා දක්වා විහිදුණු පාලන කාල පරාසය තුළ , සම්ප්‍රදායික ධනපති පංතිය යටපත් කරමින්, කොල්ලකාරී  සහ ජාවාරම්කාරී  නව ධනපති පංතියක් රට තුළ බිහි විය.

 

යුද ඉල්ලම සහ ජාත්‍යන්තරයේ හුදකලා වීම...

Mahinda Rajapaksha 2010

එවකට පැවති සිවිල් යුද්ධය මේ කොල්ලකාරී ධනපති පංතියට මෙන්ම, ඇතැම් දේශපාලකයන්ට හා ඇතැම් රාජ්‍ය නිළධාරීන්ට ඉසුරින් පිරි නිධානයක් විය.

Tesst 21මේ සියල්ල අතරේ ජාත්‍යන්තර සබඳකම් හා ණය ගණු දෙනු සිදු කෙරුනේ ඇමරිකාව ප්‍රමුඛ බරටහිර රාජ්‍යයන් සමඟය.

චන්ද්‍රිකාගේ බලය මහින්ද රාජපක්ෂට මාරු විය. තිස් අවුරුදු යුද්ධයේ අවසාන කොටසේ, අවසානය සනිටුහන් කරන්නට ඒ පාලනයට හැකි විය.  එයින් පිබිදුණු  දකුණේ ජනතාව උද්දාමයට පත් වූවද, එම ජයග්‍රහනය රටේ සැබෑ ආර්ථික  හා සමාජ සංවර්ධනයකට යොදා ගැනීමට නායකයන්ට වැඩ පිළිවෙලක් නොවීය.

යුද්ධයේ දී සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳවත්, යුද්ධයෙන් පසුව සිදු වූ අති විශාල මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳවත් ජාත්‍යන්තර ප්‍රජාව තුළින් දැඩි විරෝධයක් මතු විය. විවිධ සම්බාධක පැනවීම් හමුවේ රාජපක්ෂ පාලනය යම් ආර්ථික අසීරුතාවයන්ට පත්විය.

 

මානව හිමිකම් අදාළ නැති 'චීන ණය'ට ගොදුරු වීම...

china loan

රටේ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය මූලාශ්‍ර ලෙස සැලකූ ,ලෝක බැංකුව ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ණය ලබා දීමේ දී සලකා බලන නිර්ණායකයන් වන, මානව හිමිකම්, කම්කරු නීති, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වැනි කරුණු හමුවේ රාජපක්ෂ ආණ්ඩුවට බොහෝ බාධා පැමිණියේය.

අතීත එ. ජා. ප. ආණ්ඩුවලටත් වඩා දරුණු අන්දමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු මෙන්ම, මානව හිමිකම් කඩ කිරීම් සිදු කරන රාජ්‍ය පාලනයක් බවට රාජපක්ෂ පාලනය පත්විය.

ඒ අනුව බණ්ඩාරණායකලාගේ මැද මාවතේ පක්ෂය, ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන පක්ෂයක් බවට පත්වීමේන් නො නැනවතී සීමිත ධනපති ප්‍රජාතන්ත්‍රවාදයවත් ලබා නොදෙන ජුන්ටාවක් බවට පත්වීමේ ලක්ෂණ මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ සිදු විය.

ලෝක බැංකුව ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බටහිර මූල්‍ය මූලාශ්‍ර වෙනුවට, චීනයෙන් ණය ලබා ගැනීමට රාජපක්ෂ පාලනය ක්‍රියා කරන්නට විය.

අධිවේගී මාර්ග සංවර්ධනය, හම්බන්තොට වරාය, සූරිය වැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, නෙලුම් පොකුණ ආදී කී නොකී බොහෝ ව්‍යාපෘති හතු පිපෙන්නා සේ එක විටම මතු වූයේ මේ චීන ණය ව්‍යාපෘතියට අනුවය.

බටහිර රටවල් සහ මූල්‍ය මූලාශ්‍ර , ණය ලබා දීමේ දී සොයා බලන නිර්ණායක කිසිවක්, එනම් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, කම්කරු නීති ආදී කිසිවක් චීන ණය ලබා ගැනීමේ දී අදාල වන්නේ නැත.

බටහිර රටවල් සහ මූල්‍ය මූලාශ්‍ර, ණය ලබා දීමේ දී සොයා බලන නිර්ණායක කිසිවක්, එනම් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, කම්කරු නීති ආදී කිසිවක් චීන ණය ලබා ගැනීමේ දී අදාළ වන්නේ නැත.

අනෙක් අතට, බැලූ බැල්මට චීනය , ධනපති ඇමරිකාව මෙන් නොව කොමියුනිස්ට් ය. ඇමරිකාවට අභියෝග කරන තරමේ ලෝක බලවතෙක් ය.

ඒ නිසා ලෝක බැංකුවෙන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය හිඟා කනවාට වඩා චීනයෙන් ණය ලබා ගෙන රට සංවර්ධනය කරන එක කොච්චර හොඳ දැයි රාජපක්ෂවාදීන් විතරක් නොව පොදු ජනතාව ද සිතනවාට සැකයක් නැත.

බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව, ප්‍රසිද්ධ වේදිකා වල බැණ අඬ ගසන දේශප්‍රේමී දේශපාලකයන්ගේ සැබෑ අධිරාජ‍ය ගැති භාවය සොයා ගැනීමට පොදු ජනතාවට අපහසුය.

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ද්‍රෝහියෙක් සහ යකෙක් බවත්, චීන ජනාධිපති ෂී ජින්පිං වීරයෙක් සහ ශාන්තුවරයෙක් බවත්, ජනතාව ඉදිරියේ පෙන්වා දීමට දේශපාලකයන්ට හැකිය.

mahinda wimal

 

බටහිරට එරෙහි වී නැගෙනහිට ගැති වීමේ දේශප්‍රේමය?...

නව කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වූ චීනය, එය තම රටට පමණක් සීමා කිරීමට කටයුතු නො කොට, මුළු ලොව පුරා විහිදුණු වසංගතයක් බවට පත් කිරීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් ලොවටම වන්දි ගෙවිය යුතු බව ඉතා පැහැදිලිය.

මිලියන ගණනක් මිනිසුන් මරා දමමින්, ලෝක ආර්ථිකය අනපේක්ෂිත ලෙස බිඳ දමමින් සිදු කළ මෙම ක්‍රියාවට එරෙහිව , ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මෙන්ම, වෙනත් කලාපයන්ට අයත් රටවල් ද චීනයට එරෙහිව දැඩි ප්‍රතිචාර දක්වමින් සිටීම සාධාරණය.

වෛරස් වසංගත සිද්ධියෙන් පසු, චීනයේ සැබෑ මුහුණුවර පිළිබඳව සොයා බලන්නටත්, චීන ඉතිහාසයේ සහ වර්තමානයේ ආර්ථික හා දේශපාලන හැඩතල සොයා බලන්නටත්, බොහෝ පිරිස් නැවතත් උනන්දුවක් දක්වමින් සිටිති.

සැබැවින්ම චීනය කොමියුනිස්ට්වාදී රටක් ද? ධනවාදී රටක් ද? චීනය අත් විඳ ඇති ඇදහිය නොහැකි ආර්ථික වර්ධනයට හේතුව කුමක් ද? චීන ණය වැඩසටහනින් ණය ලාභී රටවලට සිදුවෙමින් ඇත්තේ කුමක් ද?

සැබැවින්ම චීනය කොමියුනිස්ට්වාදී රටක් ද? ධනවාදී රටක් ද?
චීනය අත් විඳ ඇති ඇදහිය නොහැකි ආර්ථික වර්ධනයට හේතුව කුමක් ද?
චීන ණය වැඩසටහනින් ණය ලාභී රටවලට සිදුවෙමින් ඇත්තේ කුමක් ද?

මේ කාරණා පිළිබඳව යම් හෝ දැනුවත් භාවයක් ශ්‍රී ලාංකික පුරවැසියා තුළ ද තිබිය යුතුය. ඊට හේතුව 2005 සිට 2014 අග දක්වා ශ්‍රී ලංකාව චීන ණය විශාල ප්‍රමාණයක් ලබා ගෙන තිබීමය.

අනෙක් අතට චීන ණය ලබා ගැනීමට පාලකයන් දැක්වූ උනන්දුව පිටුපස තිබූ, බටහිර අධිරාජ්‍යවාදයට එරෙහි දේශප්‍රෙමීන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට ද  එමඟින් හැකිවනු ඇත.

චීනයේ මාඕ සේතූං ගේ සිට වත්මන් පාලකයා දක්වා පැමිණි ගමනේ සුවිශේෂී වූ සංධිස්ථාන හඳුනා ගැනීමෙන් තොරව චීනයේ සිදු වී ඇති සමාජ, දේශපාලන හා ආර්ථික විපර්‍යාසය තේරුම් ගැනීමට නොහැක.

චීනයේ වත්මන් ආර්ථික සංවර්ධනයේ මූලාරම්භකයා ලෙස සැලකෙන, ප්‍රංශයේ අධ්‍යාපනය ලැබූ ඩෙං ෂියාඕපින් පිළිබඳවත්, චීනයේ ගෝලීය යටිතල පහසුකම් හා සම්බන්ධතා වැඩසටහන මගින් ලබා දෙන චීන ණය ක්‍රමය පිළිබඳවත්, එම ණය ක්‍රමයට ගොදුරු වූ රටවල් 68 තුළ මතුව ඇති ගැටළු පිළිබඳවත් විමසා බැලීම වැදගත්ය.

එහෙත් ඒවා මෙහි සඳහන් කළ හොත් මේ සටහන දීර්ඝ වනු ඇත. එහෙයින් ඒවාද රැගෙන  වෙනත් සටහන් කිහිපයකින් නැවත හමුවීමට බලාපොරොත්තු වෙමි.

- සුනිල් ගාමිණී

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...