The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බටලන්ද වාර්තාව සහ රනිල් ?

T

The Leader Desk

March 11, 2025 • 6:01 AM

බටලන්ද වාර්තාව සහ රනිල් ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • /90 කාලසීමාවේ සිදුවීම් පිළිබඳව විමර්ශනය කළ මේ කොමිෂන් වාර්තාව පිළිබඳව නැවතත් සංවාදයක් මතුවූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය බ්‍රහස්පතින්දා අල්ජසීරා රූපවාහිණියේ හෙඩ් ටු හෙඩ් වැඩ සටහනේදී මතුකළ කරුණුත් සමගයි.
  • අවුරුද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධුරයට පත්වෙන්නෙ අවුරුදු 17 ක් පැවති එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කරමිනි.
  • /90 කාල සීමාවේ සිදුවූ මනුෂ්‍ය ඝාතන හා අතුරුදහන්වීම්වලට සාධාරණය ඉටුකරන බව, ඇයගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛ පොරොන්දුවක් විය.
  • බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1995 සැප්තැම්බර් 21 නිකුත් කළ නියෝගයකින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

88/90 කාලසීමාවේ සිදුවීම් පිළිබඳව විමර්ශනය කළ මේ කොමිෂන් වාර්තාව පිළිබඳව නැවතත් සංවාදයක් මතුවූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය බ්‍රහස්පතින්දා අල්ජසීරා රූපවාහිණියේ හෙඩ් ටු හෙඩ් වැඩ සටහනේදී මතුකළ කරුණුත් සමගයි.

මොකක්ද මේ බටලන්ද වාර්තාව ?


1994 අවුරුද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධුරයට පත්වෙන්නෙ අවුරුදු 17 ක් පැවති එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කරමිනි.

88/90 කාල සීමාවේ සිදුවූ මනුෂ්‍ය ඝාතන හා අතුරුදහන්වීම්වලට සාධාරණය ඉටුකරන බව, ඇයගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛ පොරොන්දුවක් විය.

 

big 302476 1387827334
94 බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1995 සැප්තැම්බර් 21 නිකුත් කළ නියෝගයකින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කළේ ය.

ඒ සුප්‍රකට බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභාවයි.

 

රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවට අයිතිව තිබූ බියගම, බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ පිහිටි නිවාස තුළ නීතිවිරෝධී ලෙස තරුණයින් රඳවාගෙන, වධ හිංසා කර මරා දැමීම හෝ අතුරුදහන් කිරීම පිළිබඳව සොයා බලා වගකිව යුතු පුද්ගලයින් හඳුනාගෙන නිර්දේශ වාර්තා කිරීම කොමිසමට පැවරුණු වගකීම විය.

 

එවක අභියාචනාධිකරණ විනිසුරු ඩී. ජයවික්‍රම සභාපති ධුරය දැරූ මෙම කොමිසමේ අනෙක් සාමාජිකයා වූයේ මහාධිකරණ විනිසුරු එන්.ඊ දිසානායක යි.

විමර්ශනයට සහයවීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක්ද අනුයුක්ත කළ අතර සාක්ෂි මෙහෙය වූයේ නීතිපති දෙපාර්තමේන්තුවයි.

වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එවක රජයේ නීතිඥ යසන්ත කෝදාගොඩ සහ වත්මන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා පත් කළේ ය.

කොමිසම අවස්ථා 12 කදී කාලය දීර්ඝ කරමින් 1998 මාර්තු 26 වැනිදා සිය වාර්තාව එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග භාර දුන්නේ ය.

බටලන්ද කොමිසම හා රනිල් වික්‍රමසිංහ අතර සම්බන්ධය කුමක්ද?

 

image 1501618574 fc279b7628
රනිල් වික්‍රමසිංහ එවක කර්මාන්ත ඇමතිවරයායි.

බටලන්ද නිවාස සංකීර්ණය එවක අයත්ව තිබුනේ කර්මාණ්ත අමාත්‍යාංශයටයි.

කොමිසමේ සාක්ෂිවලින් හෙලිවූ කරුණු අනුව ඒ 2/2, ඒ 2/1 , ඒ 2/3, ඒ 1/7, බී 2, බී 1 ,බී 7 යන නිවාස භාවිත කර තිබුනේ රනිල් වික්‍රමසිංහ යි.

එවක පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වූ ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් කණ්ඩායමකටත් මේ නිවාස සංකීර්ණයේ නිවාස ලබාදී තිබූ බවත් කොමිෂන් වාර්තාවෙන් අනාවරණය කර තිබිණි.

කැලණිය කඩාකප්පල්කාරී ක්‍රියා මර්දන ඒකකයේ නිලධාරීන්ටද ඒ තුළ වෙන්කර තිබූ නිවාස ගණන 13 ක්.

බටලන්ද කොමිෂන් වාර්තාවේ දැක්වුයේ එක් නිවසක් රනිල් වික්‍රමසිංහ ගේ කාර්යාලයක් ලෙසද පරිහණය කර තිබූ බවයි.

අනෙක් නිවාස ලබාදීමේදී වික්‍රමසිංහ ගේ උපදෙස් හා නියෝග ක්‍රියාත්මක කර තිබූ බවත් වාර්තාවෙන් හෙළිවිය.

බටලන්ද කොමිසම හමුවට රනිල් වික්‍රමසිංහ ද කැඳවා කරුණු විමසීමට මේ කොමිසම පියවර ගත්තේ ය.

 

අවුරුදු 3 කට ආසන්න කාලයක් සාක්ෂි රැස්කර සකස්කල බටලන්ද කොමිෂන් වාර්තාව අවසානයේ කරුණු කිහිපයක් නිර්දේශ කළේ ය. ඉන් ප්‍රධාන නිර්දේශය වූයේ මෙම වධකාගාර සිද්ධියට සම්බන්ධ මහජන නියෝජිතයින් හා පොලිස් නිලධාරීන් මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බැවින් ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහිමිකිරීමට අවශ්‍ය අතිරේක බලය ශ්‍රේෂ්ඨාධිකරණය පවරන ලෙසයි.

 

විධායකය නියෝජනය කළ පුද්ගලයා දඬුවම් විදීමට සිදුවනු ඇතැයි, බියක් නොමැතිව පිට පිටම නීතිය උල්ලංඝනය කර ඇති බවද කොමිෂන් වාර්තාවේ නිර්දේශවල දැක්විය.

බටලන්ද වාර්තාවට සිදුවූයේ කුමක් ද?

වාර්තාව එවක ජනාධිපතිණියට භාර දුන්නත් එහි නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක නොවීය.

ඒ පිළිබඳව එවක මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළ අවස්ථාවේ එවක රජයේ ප්‍රබලයෙකු වූ මංගල සමරවීර  දැක්වූ ප්‍රතිචාරය මේ.

 

ශ්‍රී ලංකාව සඳහා අලුත් ගනුදෙනුවක් - මංගල සමරවීරහිටපු අමාත්‍ය මංගල සමරවීර

''ඒ වාර්තාව අදත් එතුමිය ඉදිරිපත් කරන්නට ප්‍රතික්ෂේප කරන්නේ එතුමිය කියන්නේ මම කැමති නැහැ මගේ ප්‍රධාන විරුද්ධවාදියා එහෙම නැත්තම් මේ රටේ ප්‍රධාන විපක්ෂ නායකවරයාට එදා එක්සත් ජාතික පක්ෂය විසින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට කරපු දේ කරනවයි කියන චෝදනාව අහන්න කැමති නැහැ.විශේෂයෙන්ම එතුමියගේ මැතිවරණය අවසන් වන තෙක් මෙය ඉදිරිපත් කරන්නේ නැහැයි කියන තීරණයේ තමයි එතුමිය ඉන්නේ++මේ මැතිවරණයෙන් පස්සේ විශේෂයෙන්ම ඉදිරියේදී මේ සම්පුර්ණ වාර්තාව මේ රටේ ජනතාවගේ දැනගැනීම සඳහා ජනතාධිකරණයට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.''

 

මැතිවරණ ව්‍යාපාරවලට බටලන්ද කොමිෂන් වාර්තාව මාතෘකාවක් වුවත් තවමත් එය යුක්තිය ඉටු කිරීම උදෙසා ඉදිරිපත්ව නොමැත.

BBS වාර්තාකාරිණී ෆ්‍රාන්සස් හැරිසන් අල්ජසීරා වැඩ සටහනේදී මේ වාර්තාව පෙන්වමින් වික්‍රමසිංහ ට අභියෝග කළා ය.

ඇය එහිදී කියා සිටියේ ආණ්ඩුවේ නියෝගමත මේ වාර්තාව මුද්‍රණය කර ඇති බවයි.
 


| News 1st

සබැඳි පුවත් :

රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න - පෙරටුගාමියෝ ආණ්ඩුවට කියයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...