leader s

පසුගිය සතියේ ජනාධිපති සහෝදරයා කොළේ වහලා ගේමක් ගැසුවේය.

ඒ රටවල් 40ක පුරවැසියනට වීසා නොමිලයේ ලබා දීමට ගත් තීන්දුවට යටිනි. එම විසා නිදහස් රටවලට ඊශ්‍රාලය ඇතුල් කරමින් අනුර කුමාර දිසානායක ළමා ඝාතක ජන ඝාතක අඩීඑෆ් සොල්දාදුවන්ට ඝාතන අතරතුර විවේක ගැනීමට නොමිලයේ ලංකාව විවර කළේය.

image 428a27486c
ජනාධිපති සහෝදරයාගේ කොලේ වැහිල්ල මෙරට පලස්තීන ක්‍රියාධරයන් වහාම සොයා ගත්හ. සදුදා වන විට විරෝධතාවයක් සංවිධානය කිරීමට ද ඔවුහු සමත් වූහ.

ගාසාහි ඊශ්‍රායල් ජන ඝාතනයට උඩගොඩි දුන් යුරෝපා බලවතුන් දණ ගැස්වීමට සමත්වූයේද එවැනි ක්‍රියාකාරකම්ය. ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ දශ ලක්ෂයකට අධික ජනකායක් ගසා හි ජන ඝාතනයට විරුද්ධව වීදි අරක් ගත්හ. දැන් ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ කැනඩාව තමන් පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව ප්‍රකාශ කොට තිබේ. මේ තාක් කල් මේ රටවල් යුද අපරාධකාරී ඊශ්‍රායලට සහය දුන්හ.

 

දැන් යුරෝපයේ දුෂ්ඨතම රාජ්‍ය ලෙස ඔටුනු පැළද සිටින්නේ අපට මානව හිමිකම් ගැන බණ කියන ජර්මනියයි. එහි පලස්තීන සහයෝගිතා ක්‍රියාකාරකම් සැළකෙන්නේ ත්‍රස්ත ක්‍රියා ලෙසය.

ගසා හි අද සිදුවන්නේ  මහ පොළව නූසූලන අපරාධයකි. දෙවන ලෝක යුද්දයෙන් පසු ඊශ්‍රායලය සොයා ගෙන ඇති අමානුෂිකම ආයුධය නම් සාගිනින්ට ලක් කර ජනයා ඝාතනය කිරීමයි. එහි පළමු ගොදුර වන්නේ දරුවන්ය. එවැනි අනීතික, අමානුශික සහ ජනඝාතක යුද්ධයකට විරුද්ධව ස්ථාවරයක් ගැනීමට ජනපති අනුර කුමාරට හෝ අගමැතිනි හරිනි වික්‍රමසූරියට හෝ පිට කොන්දක් නැත.

20241016 172806

 

ඊශ්‍රායලයට සේවකයින් පැටවීමටත් යුද අපරාධකාරී අඩීඑෆ් සොල්ලාදුවනට ආරක්ෂකාරී විවේකාගාරයක් සැපයීමටත් කළක ලෝක විප්ලවය ගැන කතා කළ ජනතා විමුක්ති පෙරමුණට දැන් සිදුව තිබීම ඉතිහාසයේ සරදමකි. මෙය ඩොලර් කීයක් හෝ සොයා ගැනීම පිනිස සිය පශ්චාත් භාගය අලෙවි කිරීමට නොදෙවෙනිය.



අඩීඑෆ් යුද අපරාධකරුවනට මෙරට දී කරදරයක් වීම වැළැක්වීම පිනිස පලස්තීනයට සහාය දක්වන මුස්ලිම් ප්‍රජාව බිය ගැන්වීමද අනුර කුමාර ආණ්ඩුවේ කූටෝපායකි.


සිය ජංගම දුර කතනයන්හි ඊශ්‍රායල් විරොධී රෑප තිබුනේයැයි අත් අඩංඟුවට ගත් මුස්ලිම් තරුණයින් දෙදෙනෙකුගේ අනාගතය සහමුලින්ම විනාශ කිරීමට අනුර කුමාර ආණ්ඩුව වග කිව යුතුය. අත්අඩංගුවට ගත් එම තරුණයින් දෙදෙනාම පුනරුත්ථපනය වීමට කැමැත්ත දක්වා ඇතයි  දුෂ්ඨ බොරුවක් නිර්මානය කිරීමට තරම් අනුර කුමාර ආණ්ඩුව පහත් තැනකට ඇද වැටුනේය. නියෝජ්‍ය ඇමති සුනිල් වටවල කල එම ප්‍රකාශය අනුර කුමාර විසින් දින 90කට සිරගත කල ස්වයිල් ගේ පියා රිෆායි ප්‍රතික්ෂේප කළේය.

 



ජවිපෙ පුනරුත්ථාපනය වී ඇති නිසා අනුන්ද පුනරුත්ථාපනය විය යුතු යැයි එය කල්පනා කරන්නේද?

ගසා හි  ඊශ්‍රායල් දුෂ්ඨත්වයට විරුද්ධව මෙරට මුස්ලිම් ජනයා කෙරෙන් පැන නැගිය හැකි විරෝධතා වැළැක්වීම අනුර කුමාර ආණ්ඩුවේ උපායයි. ඒ යුද අපරාධකාරී ඊශ්‍රායලුවන්ට මෙරට නීති විරෝධි ව්‍යාපාර කිරීමට සහ  ආගමික ස්ථාන පවත්වා ගෙන යාමට ඉඩ දී තිබෙන අතරතුරය. මේ යුද අපරාධකාරී අමිනිස් රැපකායන්ට සියලු අවසර දෙන අනුර කුමාර ඒ වෙනුවට මුහුදු තීරයේ වෙළදාම් කළ ලාංකිකයෝ නිසි විසදුමක් නොදී එලවා දමති.

pta act sri lanka 840x473

 

ඊශ්‍රායලය ගාසා හි ගෙන යන නෑසූ විරූ දුෂ්ඨ ජන ඝාතනය ගැන දැන්  ඕනෑ තරම් සාක්ෂි තිබේ. එහි ජනයාට ආහාර බෙදා දීම එක්සත් ජාතීන්ට තහනම් කළ ඊශ්‍රායල් ත්‍රස්ත රාජ්‍ය ඒ වෙනුවට ඇටවූවේ මර උගුලකි. එම කාරියට බඳවා ගැණුනු ඇමෙරිකානු සොල්ලාදුවකු වූ ඇන්තනි අගුයිලර් මෙසේ කීවේ අන්තර් ජාතික මාධ්‍ය ඉදිරියේය.

"ඊශ්‍රායල ආරක්ෂක හමුදා පලස්තීන ජනතාව වෙත වෙඩි තබන ආකාරය මම දුටුවෙමි. ඊශ්‍රායල ආරක්ෂක හමුදා මර්කාවා යුද ටැංකියකින් ජනතාව වෙත වෙඩි තබා, එම ස්ථානයෙන් ඉවතට ධාවනය කරමින් සිටි සිවිල් වැසියන්ගේ මෝටර් රථයක් විනාශ කරන ආකාරය මම දුටුවෙමි. ඔවුන් පාලනය කර ගැනීම සඳහා ජනතාව වෙත මෝටාර් උණ්ඩ එල්ල කරන ආකාරය මම දුටුවෙමි."

" මගේ වඩාත්ම අවංක තක්සේරුවේදී, ඒවා අපරාධකාරී බව මම කියමි. මගේ මුළු වෘත්තීය ජීවිතය තුළම සිවිල් ජනගහනයකට, නිරායුධ, කුසගින්නෙන් පෙළෙන ජනගහනයකට එරෙහිව අයිඩිඑෆ් සහ එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන් කෲරත්වයේ සහ අවිචාරවත් සහ අනවශ්‍ය බලය භාවිතා කිරීමේ මට්ටම මම කිසි විටෙකත් දැක නැත”

 



"කිසිදු සැකයකින් තොරව, මම යුද අපරාධ දුටුවෙමි. ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් කාලතුවක්කු උණ්ඩ, මෝටාර් උණ්ඩ, නිරායුධ ආහාර ඉල්ලා සිටින සිවිල් වැසියන්ට යුද ටැංකි ප්‍රහාර එල්ල කිරීම, සැකයකින් තොරව, යුද අපරාධය."

කුස ගින්නේ සිටින දරුවන් ආහාර ලබා දීමට යැයි පෝලිම් ගස්වා වෙඩි තබා ඝාතනය කිරීම, හෙළා දැකීමට රතු කමීසකාර අනුර කුමාර ආණ්ඩුව බය මන්ද? හෘද සාක්ෂියක් ඇති ජවිපෙ සහෝදර සහෝදරියන් මෙම දුෂ්ඨත්වය සමඟ සිය ආණ්ඩුව බාල් නැටීම ඉවසා සිටින්නේ කෙසේද?

සිරකරු හුවමාරු දේශපාලන කේවල්කරණය | ජයශ්‍රී ප්‍රියලාල්

 

සිරිමා බණ්ඩාරනායක වැනි ගැහැණියක් මෙරට  ජනාධිපතිනිය වී නම් නිරායුද ජනතාවකට එරෙහිව ගෙන යන මේ ඊශ්‍රායල් ළමා ඝාතන ජන ඝාතනය හෙළා දකිනවා පමණක් නොව තෙවැනි ලොව ප්‍රගතිශීලී රටවල් ඒ සඳහා එක් කිරීමටද ඉඩ තිබුණි. 70 වසරක සාපය ගැන කතා කරන ජජාබ ආණ්ඩුව ඉතිහාසයට බියවීම පුදුමයක් නොවේ.

ඊශ්‍රායලයේ ජන ඝාතක දුෂ්ඨත්වය හුදෙක් නෙතෙන්යාහුගෙන් පැන නගින එකක් නොවේ. එම සමාජයම ජන ඝාතක සමාජයකි.

ඊශ්‍රාලයේ ජනයාගෙන් සියයට 80කට වඩා ගාසාහි සමස්ත ජනගහනය ඝාතනය කිරීමට පක්ෂය. එරට යුදධයට විරුද්ධ පිරිස සියයට දහයකට අඩුය. ඊශ්‍රාල් දරුවෝ ගයන්නේ පලස්තීන දරුවන් ඝාතනය කල යුතු බව කියැවෙන ගීතය. සමාජ මාධ්‍යයෙහි ඇති එක් වීඩියෝවක ඊශ්‍රායල් හමුදාව වන අයිඩීෆ් මිනීමරුවකු කියන්නේ තමා ඝාතනය කිරීම අසා වූ ළදරුවන් සොයා ගැනීමට බැරි වූ නිසා 12 හැවිරිදි බාලිකාවකට වෙඩි තබා මරා දැමූ බවයි. එවැනි වීඩියෝ සමාජ මාධ්‍යයන්හි දුලභ නැත.

 

තවත් අඩීඑෆ් තොරතුරු හෙළිකරන්නකු පවසා සිටයේ තමන් ට්‍රක් රථ 1,000 කින් ලැබුණු ආධාර  වළදමා හෝ පුළුස්සා දැමූ බවයි. එසේ විනාශ කරන ලද්දේ අන්තර් ජාතික සංවිධාන විසින් සපයන ලද ඉවුම් පිහුම් දේ සිට තෙල්, ජලය දක්වා සියල්ලය.

එරට මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්‍රිච් ගාසා තීරයේ "පැවැත්ම නවත්වා" බව ප්‍රකාශ කළ අතර එහි ජනගහනය බලාපොරොත්තු සුන් කර පිටුවහල් කිරීමට බල කිරීමේ සැලසුම් විස්තර කළේය.

ඊශ්‍රායල්ආරක්ෂක අමාත්‍ය  යෝව් ගැලන්ට් පලස්තීනුවන් "මිනිස් සතුන්" ලෙස හැඳින්වා සමූළ ඝාතනය සාධාරණ කරයි.

උරුම අමාත්‍ය අමිහායි එලියාහු ගාසා තීරයට න්‍යෂ්ටික බෝම්බයක් හෙළීමට යෝජනා කළේය.

 



අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඓතිහාසිකව සමූලඝාතනය සමඟ සාධාරණ කරන බයිබලානුකුල යොමු කිරීම් උපුටා දක්වමින් ගාසා තීරය ස්ථිරවම වාසයට නුසුදුසු බවට අදහස ප්‍රවර්ධනය කරයි.

පාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායක නිසිම් වටුරි ගාසා තීරය "පුළුස්සා" එහි ඉතිරි ජනගහනය එළවා දැමිය යුතු බව කියයි. මෙැවැනි ඝාතක සාධාරණීය කරන කතා බහුලය.

තමා ගාසා තීරයට ගෙන ගිය ළදරු කිරිපිටි සෑම පෙට්ටියක්ම රාජසන්තක කළ බව මෑත දී කියා සිටියේ බ්‍රිතාන්‍ය ශල්‍ය වෛද්‍ය නික් මේනාඩ්ය. ඔහු වසර 35 කට වැඩි පළපුරුද්දක් සහ මානුෂීය සේවයේ දිගු වාර්තාවක් ඇති ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල රෝහල්වල පදනම් වූ ඉතා පළපුරුදු බ්‍රිතාන්‍ය උපදේශක ආමාශ ආන්ත්‍රික ශල්‍ය වෛද්‍යවරයෙකි.

මතක තියා ගන්න අනුර කුමාර බුලත් දී පිළිගන්නේ එවැනි මීනිමරු පිරිසක් බව.

“ජනාධිපති සහෝදරයා ලැජ්ජයි. නින්දිතයි. තුච්චයි! දැන්වත් ඇහැරෙන්න”!

රාජ්‍ය දුෂ්-තොරතුරු ව්‍යාපෘතිය : බණ්ඩාරනායක පිළිරුවේ ඇස් බැඳ දැමු 'වීරයා'  මෙන්න - (සුනන්ද දේශප්‍රිය)(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්