The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ : පළමු කොටස: විශ්වාසය, වග වීම සහ පාලනයේ අර්බුදය | ලයනල් බෝපගේ

T

The Leader Desk

September 10, 2025 • 7:38 PM

ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ : පළමු කොටස: විශ්වාසය, වග වීම සහ පාලනයේ අර්බුදය | ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආර්ථික කැලඹිලි, ආහාර අනාරක්ෂිත භාවය සහ නව වසංගතවල අවදානම වැනි ගෝලීය අර්බුද විසින්, ධෘවීකරණය සහ අවිශ්වාසය හේතුවෙන් දැනටමත් දුබල කරනු ලැබ ඇති දේශපාලන ක්‍රම පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව පරීක්ෂාවට ලක් කරනු ලැබේ.
  • සරල අන්දමේ විසඳුම් සඳහා ජනතාවාදී ඉල්ලීම් අවුස්සා ලමින් සහ ගෝත්‍රවාදී “අපට එරෙහි ඔවුන්” දේශපාලනය ශක්තිමත් කර ලමින් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමත් සමඟ මෙම අවිනිශ්චිත වාතාවරණය තවත් ගැඹුරු බවට හරවා ඇත.
  • පාලක පක්ෂය දේශපාලන ප්‍රභූ පැලැන්තීන් රාජ්‍ය යාන්ත්‍රණය අත්පත් කර ගැනීම, ඥාති සංග්‍රහය, සහ රහසිගත භාවය විසින් අනුප්‍රාප්තික ශ්‍රී ලාංකික ආණ්ඩු අවලක්ෂණ බවට පත් කරවා ඇත.
  • පුළුල්ව පදනම් කර ගත් උපදේශනය වෙනුවට, තීරණ ගැනීම දැඩි ලෙස පාලනය කිරීමට, ඇතැම් විට සඟවා ලන්නට පවා ලක් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ආර්ථික කැලඹිලි, ආහාර අනාරක්ෂිත භාවය සහ නව වසංගතවල අවදානම වැනි ගෝලීය අර්බුද විසින්, ධෘවීකරණය සහ අවිශ්වාසය හේතුවෙන් දැනටමත් දුබල කරනු ලැබ ඇති දේශපාලන ක්‍රම පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව පරීක්ෂාවට ලක් කරනු ලැබේ.

 සරල අන්දමේ විසඳුම් සඳහා ජනතාවාදී ඉල්ලීම් අවුස්සා ලමින් සහ ගෝත්‍රවාදී “අපට එරෙහි ඔවුන්” දේශපාලනය ශක්තිමත් කර ලමින් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමත් සමඟ මෙම අවිනිශ්චිත වාතාවරණය තවත් ගැඹුරු බවට හරවා ඇත.

ශ්‍රී ලංකාව තුළ මෙම ගෝලීය ප්‍රවාහයන් බලවත් අන්දමින් අනුනාද වේ. හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීම, අධිකරණ ක්‍රියාවලි කෙරෙහි දක්වන පක්ෂග්‍රාහී ප්‍රතිචාර සහ පවුල් හෝ කල්ලි මත පදනම් වුන දේශපාලන සංයමය හා අදාළ අඛණ්ඩ සංස්කෘතිය පිළිබිඹු කරන්නේ පාලනයේ පවතින ගැඹුරු ව්‍යාධියකි. මහජන විශ්වාසය සෝදාපාළු වී යෑම ඒකාධිපති ප්‍රවණතා පෝෂණය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අඩපණ කර දමයි.

ගැටලුවේ හදවත වන්නේ දේශපාලනඥයන්, රාජ්‍ය සේවය සහ ඡන්දදායකයන් අතර පවතින සම්බන්ධතාවය යි.

පාලක පක්ෂය

vgjrturtu

දේශපාලන ප්‍රභූ පැලැන්තීන් රාජ්‍ය යාන්ත්‍රණය අත්පත් කර ගැනීම, ඥාති සංග්‍රහය, සහ රහසිගත භාවය විසින් අනුප්‍රාප්තික ශ්‍රී ලාංකික ආණ්ඩු අවලක්ෂණ බවට පත් කරවා ඇත. බණ්ඩාරනායකවරුන්ගේ සිට රාජපක්ෂවරුන් දක්වා සහ මෑතක දී ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය (එන්පීපී) දක්වා, ප්‍රතිසංස්කරණ ගැන ඉදිරිපත් කල දෙඩවිලි බොහෝ විට බලය සංකේන්ද්‍රණය කිරීමේ සහ පරිබාහිර කිරීමේ භාවිතාවන්ට මග පාදා තිබේ.

පුළුල්ව පදනම් කර ගත් උපදේශනය වෙනුවට, තීරණ ගැනීම දැඩි ලෙස පාලනය කිරීමට, ඇතැම් විට සඟවා ලන්නට පවා ලක් කර තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ මූලික කාර්ය මණ්ඩල සහ වියදම් තොරතුරු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම මගින් අවධාරණය කරන්නේ පාරාන්ධතාව නොකඩවා පවත්වා ගැනීමයි.

නිලධරවාදය

dgtw4t346

පරමාදර්ශී වශයෙන් ප්‍රතිපත්තිවල මධ්‍යස්ථ භාර කරුවෙක් වන රාජ්‍ය සේවය වඩ වඩාත් දේශපාලනීකරණයට ලක් වෙමින් පවතී. වෘත්තීය බව, අපක්ෂපාතී බව සහ වග වීම ඉහළින් ඔසවා තැබීම වෙනුවට පාලක පක්ෂයේ න්‍යාය පත්‍ර සමඟ පෙළ ගැසෙන්නට රාජ්‍ය සේවකයින්ට බලපෑම් එල්ල වේ. මෙයින් "අවංක හා නිර්භීත" උපදෙස් ලබා දෙන්නට හෝ දුබල හෝ නොසැලකිලිමත් තීරණ ගැනීමට එරෙහි ආරක්ෂාවක් ලෙස කටයුතු කරන්නට ‍රාජ්‍ය සේවයට ඇති හැකියාව දුර්වල කෙරේ.

ශ්‍රී ලංකාවේ අගමැතිනිය ආයෝජන මණ්ඩලයෙන් ලැබුණ පරීක්ෂාවට ලක් නොකල කෙටි සටහනක් පාර්ලිමේන්තුවේ දී උපුටා දැක්වූ සිද්ධියෙන් පැහැදිලි වන්නේ පක්ෂග්‍රාහී දේශපාලනය සහ රාජ්‍ය පරිපාලනය අතර සීමාවන් කෙතරම් බොඳ වීමට ලක්ව ඇත්තේ ද යන්නයි.

ඊට වෙනස් ලෙස, බලපෑම්වලින් මුළුමණින් නිදහස් නොවුනත් ඕස්ට්‍රේලියාවේ, දේශපාලනිකව මධ්‍යස්ථ රාජ්‍ය සේවයක මූලධර්මය පදනමක් ලෙස පවතී. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උපකල්පන අභියෝගයට ලක් කරමින් සහ පරීක්ෂාවට ලක් කල සාක්ෂි මත පදනම් වූ උපදෙස් ලබා දෙමින් ආණ්ඩු කෙරෙහි “විචාරාත්මක මිතුරන්” ලෙස කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ. සර්ව සම්පූර්ණ නොවූවත්, මෙම ක්‍රමය තීරණ ගන්නා අය අනපේක්ෂිත ප්‍රතිවිපාකවලින් ආරක්ෂා කිරීමේ වැදගත්කම හඳුනා ගනී.

ඡන්දදායකයෝ

zdfw4t45

මේ අතර, පුරවැසියෝ ඉහළ නැඟෙන අපේක්ෂාවන් ද, යළි යළිත් සිදු වන බලාපොරොත්තු කඩ වීම් ද අතර කොටු වී සිටිති. ජනප්‍රියවාදී දෙඩවිලි මුල් ඇද ගෙන තිබෙන ආර්ථික හා සමාජීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන්නට පොරොන්දු වුවද, බොහෝ විට ඒවා ඉටු කිරීමට නොහැකි ය. පොදු සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම, දූෂණය, හෝ පාරාන්ධ ලෙස කරන පත් කිරීම් සම්බන්ධ වන හෝ නොවන අපකීර්තිමත් කටයුතු විසින් නුරුස්නා ස්වභාවය වඩවා ලනු ලැබේ. සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ වියෝ වීම තවත් ගැඹුරු බවට පත් කරවමින්, දේශපාලනය පාවා දීම හා සමඟ සමාන වන පදයක් බවට පත් වී ඇත.

උපයෝගීතාවට ප්‍රමුඛත්වය දෙන දේශපාලනඥයෝ, දේශපාලන ග්‍රහණය යටතේ සිටින නිලධාරීහු, සහ විඩාවට පත් ඡන්දදායකයෝ යන මෙම බලවේග තුන අතර පවතින අන්තර් ක්‍රියාකාරිත්වය, දූෂණය, අකාර්යක්ෂමතාව සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් සෝදාපාළු කර දැමීම උදෙසා සාරවත් භූමියක් නිර්මාණය කරයි.

 කියමන දක්වන අන්දමට "හිරු යට පවත්නා සියල්ල දේශපාලනික වන" නමුත් ශ්‍රී ලංකාවේ ගැට‍ළුව වන්නේ මහජන යහපත සඳහා යොදා ගන්නා වාහනයක් වනවා වෙනුවට දේශපාලනය ආත්මාර්ථකාමී රංග ශාලාවක් බවට පත් වී තිබීමයි.

මතු සම්බන්ධයි....

lIONAL bOPAGE(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
2025 සැප්තැම්බර් 10 වන දා

lionel.bopage@gmail.com

  

whatsapp 202507155

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...