The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මිලියන තුනක සංචාරක ඉලක්කය සිහිනයක් ද? | සේන සූරියප්පෙරුම

T

The Leader Desk

October 25, 2025 • 7:27 AM

මිලියන තුනක සංචාරක ඉලක්කය සිහිනයක් ද? | සේන සූරියප්පෙරුම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංචාරක කර්මාන්තයට ශ්‍රී ලංකා රජය සෘජුවම සහභාගී නොවූව ද සංචාරක කර්මාන්තයෙන් බදු එකතු කිරීම, අධීක්ෂණය සහ නියාමනය සිදුවන්නේ සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයක් ඔස්සේ ය.
  • වසර හතළිහක පමණ කාලයක සිට රට තුළට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් සනිටුහන් කර ඇත.
  • එහි උපරිම අවස්ථාව  2018 වර්ෂයයි.
  • 2018 වසරේ ද උපරිමය 2,333,746කි   වර්තමාන රජය බලයට පත්වීමත් සමගම උන්මාදයෙන් මෙන් සමහර දේශපාලඥයින් ප්‍රකාශ කළේ 2025 වර්ෂය තුළ දී විදේශීය සංචාරකයින් ලක්ෂ තිහක් නැතහොත් මිලියන තුනක් රට තුළට ගෙන ඒමට තමන් කටයුතු කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


උපරිම වර්ධන වර්ෂය 2018


රටේ පවතින බරපතළ ආර්ථික අර්බුදය සහ විදේශ විනිමය හිඟය පියවා ගැනීම සඳහා වර්තමාන පාලනාධිකාරිය හඳුනාගෙන ඇති ප්‍රධාන ප්‍රවාහයක් වන්නේ රට තුළට පැමිණෙන සංචාරකයින්ගේ ආදායම යි. ආදායම වැඩිවීමට නම් ලෝකයේ නන්දෙසින් රට තුළට සංචාරකයින් පැමිණිය යුතු ය. වසර හතළිහක පමණ කාලයක සිට රට තුළට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් සනිටුහන් කර ඇත. එහි උපරිම අවස්ථාව  2018 වර්ෂයයි.

2018 වසරේ ද උපරිමය 2,333,746කි

 
වර්තමාන රජය බලයට පත්වීමත් සමගම උන්මාදයෙන් මෙන් සමහර දේශපාලඥයින් ප්‍රකාශ කළේ 2025 වර්ෂය තුළ දී විදේශීය සංචාරකයින් ලක්ෂ තිහක් නැතහොත් මිලියන තුනක් රට තුළට ගෙන ඒමට තමන් කටයුතු කරන බවයි. සංචාරක ව්‍යාපාරයේ කූට ප්‍රාප්තිය වශයෙන් සටහන් වී ඇත්තේ 2018 වර්ෂය වන අතර එම වර්ෂයේ සංචාරකයින් 2,333,746 රට තුළට පැමිණ ඇත. ආර්ථික අර්බුදයෙන් පසුව රට සුවපත් වෙමින් තිබුණ තත්වය යටතේ  2024 දී සංචාරකයින් 2,053,465 රට තුළට පැමිණ ඇත.
2025 සැප්තැම්බර් 20 දිනට සංචාරකයින් 1,828,985 ක් පැමිණ ඇති අතර ඉදිරි මාස දෙකක කාලයේදී තවත් සංචාරකයින් 385,000 ක් පමණ පැමිණේ යැයි අතීත දත්ත විශ්ලේෂණය කිරීමෙන් පෙන්වා දිය හැකිය. ඒ අනුව 2025 වර්ෂයේ දී බලාපොරොත්තු විය හැකි සංචාරකයින්ගේ ප්‍රමාණය 2,213,985 කි.

2018 ට සාපේක්ෂව 2024
 
turist sri lanka
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ වසර දෙකක පාලන කාලය තුළ දී සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය සඳහා නොයෙකුත් වැඩසටහන්, ප්‍රවර්ධන සහ  අලෙවි වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර ලෝකයේ ප්‍රධාන සංචාරක සඟරා, සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාව ඉතා ඉහළින් අලෙවිකරණයට ලක් විය. එහෙත් 2024 දී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා තෝරාගත් භූගෝලීය සීමා තුළ සමාජ මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් අනුමත කළ ද එය පසුගිය වසර අවසාන භාගයේදී ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට නොහැකි විය.

වර්තමාන රජය යටතේ ද වර්ෂයක පමණ කාලයක් ගතවී ඇතත් රුපියල් මිලියන පන්සියයක් වැයවන ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක නොකිරීම නිසා 2018 ට සාපේක්ෂව 2024 සංචාරකයින්ගේ ආකර්ෂණය ශ්‍රී ලංකාවෙන් වෙතින් ඈත් වූවා යැයි සටහන් කළ යුතු ම ය. වර්තමාන පාලනාධිකාරය සිහින මැව්ව ද රටේ ඇති වූ නව දේශපාලන වාතාවරණය සංචාරක කර්මාන්තය තවත් පිම්මක් පැනීමට හේතුවිය හැකිව තිබුණි.
මේ තත්ත්වය තේරුම් ගෙන පෞද්ගලික අංශයේ සංචාරක කර්මාන්තයේ නියමු ආයතනයක් වන ශ්‍රී ලංකා රට තුළට පැමිණෙන සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය විසින් සංචාරක ප්‍රවර්ධන සඳහා ඔවුන්ගේ වියදමින් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත. (sri lanka Association of  inbound  tour operators.)

මෙවැනි kick-off වැඩසටහන් අවශ්‍ය ඇයි?

turisam
ඔවුන්හට මෙවැනි තීරණයක් ගැනීමට හේතු සාධක වූයේ මොනවාද යන්න හෝටල් සංගමයේ සභාපති එම් ශාන්ති කුමාර මහතා පෙන්වා දෙන්නේ පසුගිය රජය  විසින් යෝජනා කරන ලද ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහන දිගින් දිගටම ප්‍රමාද වීම නිසා රට තුළට පැමිණෙන සංචාරකයින්ගේ ඉහළ යෑම මන්දගාමී වී ඇති නිසාත්, සංචාරක සමයට පමණක් ( seasonal travelers) සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමත්, නිර්මාණය වී ඇති පසුබිම තුළ තෝරා ගන්නා ලද හෝටල්වලට පමණක් (කැසිනෝ ක්‍රීඩාව සඳහා ) සංචාරකයන් පැමිණීමත් නිසා හෝටල්වල පවතින ධාරිතාවයෙන් සියයට පනහක් පමණ අලෙවි නොවන පසුබිමක කර්මාන්තය ස්ථාවර තත්ත්වයෙන් වසර පුරාම පවත්වාගෙන යාම සඳහා මෙවැනි kick-off වැඩසටහන් අවශ්‍ය බවයි.

රජය විශාල වැඩ කොටසක් කළ යුතුයි
 
turist alla
සංචාරක මෙහෙයුම් ආයතනවල අරමුදල් යොදා ගනිමින් ඩිජිටල්  අලෙවිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ අරමුණ බව ඔහු තවදුරටත් පෙන්වා දෙනවා. රට තුළ සංචාරක කර්මාන්තය පවත්වාගෙන යෑමේ දී පෞද්ගලික අංශයට ඇති ගැටලු විවිධාකාර ය. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම පසුවට තබා අප බලධාරීන් වෙත පෙන්වා දෙන්නේ වසර 40 ක් 50 පැරණි සංචාරක කර්මාන්තය පවතින ප්‍රමාණයෙන් දෙගුණ කිරීමට නම් විශාල වැඩ කොටසක් රජය විසින් කළ යුතු බව යි. ඒ, රජයට අවශ්‍ය විදේශ විනිමය රැස්කර ගැනීම සඳහා ය.

සංචාරක කර්මාන්තයේ පෞද්ගලික අංශයේ ක්‍රියාත්මක වන සහ සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ හෝටල් සහ ගෙස්ට් හවුස් හිමියන් මුහුණපා ඇති ගැටලු පිළිබඳව ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු ?

sena suriyapperuma
( සටහන | සේන සූරියප්පෙරුම)
ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂක
sapsuriyapperuma@gmail.com

(උපුටා ගැනීම - CNL)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...