leader s

වාර්තාවේ කතුවරයා සහ ට්‍රම්ප් හිතවාදී ධන කුවේරයන් අතර සමීප සම්බන්ධතා හෙළිවේ


BBC අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි (Tim Davie) සහ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී ඩෙබරා ටර්නස් ට පදවිවලින් ඉල්ලා අස්වීමට බලකරමින් ඇවිල ගිය ආන්දෝලනය බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් හිතවාදී දක්ෂිණාංශික බලවේග විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයක් දැයි සැක සංකා මතුවෙමින් පවතී.  

ඔවුන්ට ඉල්ලා අස්වීමට සිදුවූයේ ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව 2021 ජනවාරි 06 වෙනි දින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශයක් "විකෘති කොට" සංස්කරණය කරන ලද බවට බීබීසී යේ හිටපු ස්වාධීන උපදේශකයෙකු වූ මයිකල් ප්‍රෙස්කොට් විසින් සකස් කරන අභ්‍යන්තර වාර්තාවක අඩංගු කරුණු ලන්ඩනයේ පළවන දක්ෂිණාංශික පුවත්පතක් වන The Telegraph පුවත්පත විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් අනතුරුවය.

5fg457nm567uBBC අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි (Tim Davie) සහ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී ඩෙබරා ටර්නස්

ටෙලිග්‍රාෆ් පුවත්පත පවසන පරිදි ජනාධිපති ට්‍රම්ප් සම්බන්ධ වාර්තාව හැරුණු කොට, බින්යමින් නෙතනියාහු ගේ පලස්තීන ජන සංහාරය සම්බන්ධයෙන් බීබීසී අරාබි භාෂා සේවය අන්ත පක්ෂග්‍රාහී ආකාරයෙන් කටයුතු කළ බවට ද ස්වාධීන උපදේශක Michael Prescott සිය වාර්තා වේ සඳහන් කොට තිබේ.

බලලා මල්ලෙන් එලියට පනින්නේ එවිටය.

"ස්වාධීන" උපදේශකයෙකු බව පවසමින් බීබීසී යේ අපක්ෂපාතීත්වය පිළිබඳව ප්‍රශ්න කරන මයිකල් ප්‍රෙස්කොට් ගේ "ස්වාධීන" භාවය සහ ඔහු කෙතරම් අපක්ෂපාතී පුද්ගලයෙකු ද යන්න පිළිබඳව දැන් කරුණු හෙළිදරවු වෙමින් පවතී.

කෙසේ වුවත්, බීබීසී ආයතනය හෝ ප්‍රධාන ධාරාවේ වෙනත් කිසිදු මාධ්‍යයක් ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොකිරීම ද විශේෂත්වයකි.

මා දන්නා තරමින් බීබීසී මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහ මධ්‍යස්ථ මතධාරීන් බීබීසී යට චෝදනා එල්ල කළේ, ගාසා ජන සංහාරයේ දී ඊශ්‍රායලයට පක්ෂපාතී වාර්තාකරණයක යෙදෙන බවට විනා මයිකල් ප්‍රෙස්කොට් පවසන පරිදි ඊශ්‍රායල විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට නොවේ.

 

sir robbieSir Robbie Gibb

මාධ්‍ය වාර්තාවල දැක්වෙන අන්දමට බීබීසී යේ මාධ්‍යකරණය දැඩි විවේචනයට ලක් කළ "ස්වාධීන" උපදේශක මයිකල් ප්‍රෙස්කොට් බීබීසී යේ උපදේශක පදවියකට පත් කරන මෙන් බලපෑම් කොට තිබෙන්නේ BBC Board නමින් හැඳින්වෙන බීබීසී පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන Sir Robbie Gibb විසිනි. BBC Board යනු ආයතනයේ මාධ්‍යකරණයට ඇඟිලි නොගසන ස්වාධීන පාලක මණ්ඩලයක් වුවත් ශ්‍රීමත් රොබී ගිබ් ආයතනයට බොහෝ බලපෑම් කළ බවට ද චෝදනා එල්ලවෙමින් තිබේ.

Sir Robbie Gibb, කොන්සර්වේටිව් පාක්ෂික හිටපු අගමැතිනි මාග්‍රට් තැචර් ගේ උපදේශකයෙකු වූ අතර, ඔහු බීබීසී පාලක මණ්ඩලයට පත්කරන ලද්දේ කොන්සර්වේටිව් පාක්ෂික හිටපු අගමැති බොරිස් ජොන්සන් විසිනි.

බීබීසී ය ලේබර් පක්ෂයට ලැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට විශ්වාස කරන කොන්සර්වේටිව් පක්ෂය සාම්ප්‍රදායිකව දරන්නේ බීබීසී හිතවාදී ආකල්පයක් නොවේ.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ බොහෝ දක්ෂිණාංශික මාධ්‍ය ආයතන ද බීබීසී ය ගැන එතරම් ප්‍රසාදයක් නොදක්වයි.  

 

paull marshalPaul Marshall
Sir Robbie Gibb සහ කෝටිපති hedge fund හිමිකරුවෙකු වන පෝල් මාෂල් දෙදෙනා, ට්‍රම්ප් හිතවාදී GB News ආයතනයේ සම නිර්මාතෘවරුන් වන අතර, බීබීසී ය විසුරුවා හැරිය යුතු බව Paul Marshall මේ වසර ඉහතදී ප්‍රකාශ කළේය.

මේ හෙළිදරවුවෙන් මා අදහස් කරන්නේ පැනරාමා වැඩසටහන වරදක් නොකළ බව නොවේ. එමෙන්ම බීබීසී ආයතනය කිසි දිනෙක වරදක් කර නොමැති බව ද නොවේ.

බරපතල යුද අපරාධ සිදු කරමින් ජෝර්ජ් W බුෂ් සහ ටෝනි බ්ලෙයාර් ගේ නායකත්වයෙන් දියත් වූ ඉරාක ආක්‍රමණයේ දී BBC ආයතනය දැඩි පක්ෂග්‍රාහී වාර්තාකරණයක යෙදුණ අතර, ඉහතදී දැක්වූ ආකාරයට පලස්තීන ජන සංහාරයේදීත් බීබීසී ය අපක්ෂපාතී වාර්තාකරණයක නිරත නොවීය.  

එපමණක් නොව, වරක් බීබීසී ය කුප්‍රකට "ආරක්ෂක විශ්ලේෂක" රොහාන් ගුණරත්න ගේ ද විග්‍රහයක් සහිතව පාස්කු ප්‍රහාරය පිළිබඳ අසම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ බවත් මට මතකය.

එය කිසිසේත්ම පිළිගත හැකි දෙයක් නොවේ.

bbc
වරින්වර එවැනි වැරදි සිදු කළත්, සමස්තයක් වශයෙන් බීබීසී යනු බොහෝ කරුණු සම්බන්ධයෙන් ඉතාමත් අපක්ෂපාතීව සහ හොඳින් කරුණු සොයා බලා වාර්තා කරන, හැකි සෑම අවස්ථාවකම කාන්තාවන්, දරුවන් සහ වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටින ලොව ඉහළම පෙළේ මහජන සේවා ජනමාධ්‍ය ආයතනයකි.

මාධ්‍යවේදියෙකු ලෙසින් මා උපත ලැබුවේත්, හැදී වැඩුණේත් BBC තුරුලේය.

බීබීසී යේ පක්ෂග්‍රාහී වාර්තා හෙලා දකින අතරම, එවැනි වැරදි නිවැරදි කිරීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන අතරම, එය ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යයේ නයිජල් ෆරාජ් වැනි උන්මත්තක ජාතිවාදීන් ගේ ගොදුරක් බවට පත්කර ගැනීමේ උත්සහයට එරෙහිව හඬ නැගීම ද අප සැමගේ වගකීමක් යයි මම සිතමි.

saroj pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 නොවැම්බර් 11

අදාල තවත් විස්තර :

බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඩෙබෝරා ටර්නස් ඉල්ලා අස්වූයේ ඇයි?

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්