පළමුවැන්න ''නීතිඥ'' , ''අධිනීතිඥ'' වෙනස හෝ නො දන්නා ''වෙන්ඩ ජනාධිපති'' සජිත් කෙරෙහි පවත්නා පිළිකුල වේ. දෙවැන්න සජිත්ලා මුජිබර්ලා මරික්කාර්ලා සජබ අමුඩය හිසේ බැඳ ගෙන පෝලිමේ පැමිණ සිරිකොතට රිංගුවොත් මාලිමාව ගෙදර යැවීමට අවශ්‍ය දක්ෂිණාංශික බල වේගය පෙළ නො ගැසීමය.
1994දී පටන් රනිල්ගේ නායකත්වයට එරෙහිව පැරණි එජාප හිතවතුන් නැගී සිටීමට හේතුව රනිල් වික්‍රමසිංහ කිසි විටෙක පාලකයෙකු මිස නායකයෙකු නොවන බවට පැවති නිරීක්ෂණය පමණක් මෙහිදී අවධාරණය කරන්නේ දිට්වා ව්‍යසන අවස්ථාවේ රනිල් ලංකාවේ ජනාධිපතිව සිටියා නම්.....? යනුයෙන් බොහෝ දෙනා සිතන්නේ 2022-2024 කාලයේ රටේ තත්වය සැලකිල්ලට ගනිමිනි.
ඔහු දිට්වා ව්‍යසනය කාලයේ රටේ පාලකයාව සිටියා නම් ආපදාවේ බරපතලකම සහ එය සාමුහිකව විඳ දරා ගෙන රට ගොඩ නැගීමට තනි තනිව මුහුණ දිය යුතු මානසිකත්වයක් ජනතාව තුළ නිර්මානය කරනු මිස සහනාධාරවල ඉලක්කම් වලින් ජනතාවට බොරු පොරොන්දු දෙන්නේ නැත. මේ කියන්නේ කුමක්දැයි ප්‍රශ්න කරන කෙනෙකුට ජේවීපි තුවක්කුව කාරයන් 88-89 කාලයේදී රටේ පුර වැසියන් සහ පොදු දේපල විනාශ කරමින් විප්ලවීය ව්‍යසනයකින් රට තුළ නිර්මානය කළ තීරණාත්මක අවස්ථාවේ තම තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සපයා ගත යුතු බවට ජේ.ආර්.ජයවර්ධන විසින් කළ ප්‍රකාශය සහ පහෙන් තුනක බලයකින් ශක්තිමත්ව සිටි ජේ.ආර්.ට ඉල්ලා අස් වෙන්නැයි ජවිපෙයට රැකවරණ දුන් මැදමුලන මහින්ද රාජපක්ෂාලා උපහාසයෙන් සිනාසීම සිහිපත් කරනු කැමැත්තෙමි.
ජේ.ආර්.ගේ ප්‍රකාශයේ යථාර්ථය තේරුම් ගත් එවකට ජවිපෙ මරණ ලැයිස්තුවේ සිටි වාමවාදින් වූ රාජිත සේනාරත්නලා, වාසුදේවලා මෙන්ම සමසමාජ කොමියුනිස්ට් පුරෝගාමින් 'ප්‍රා 'වැනි සන්නද්ධ කණ්ඩායම්වල පිහිට ලබා ගත් නමුත් විජය කුමාරතුංග, පණ්ඩිත වැනි ප්‍රගතිශීලි වාමාංශික ක්‍රියාධරයන් අනුර කුමාරලාගේ ව්‍යාපාරය විසින් මරා දමනු ලැබීය.

අධ්‍යාපන ධවල පත්‍රීකාවට මුවා වී පාසල් දරු දැරියන් සන්නද්ධ කිරීමේ කූඨෝපාය තේරුම් ගත් වැඩිහිටියන් ගමට පළාතට තර්ජනයක් විය හැකි යයි ගමේ ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු ලබා දුන්නේත් ජේ.ආර්.ගේ පණිවිඩය හරහා ඇතිවූ අනාරක්ෂිත මානසිකත්වය නිසාය. ''ඔව් අපි මිනී මැරුවා. එදා අපි මැරුවේ අපට විරුද්ධව ඔත්තු දුන් ඔත්තුකාරයන්. අදටත් හෙටටත් අපි එහෙම කරන්න පසුබට වන්නේ නෑ'' යනුවෙන් ලාල්කාන්ත මෑතකදී මේ අතීතය රටට සිහිපත් කළේය.
එදා හඳුනා නො ගත් තුවක්කු කරුවන් හඹා ගිය රටේ ආරක්ෂක අංශ ආපසු හැරී ප්‍රහාර එල්ල කිරීමත් සමග ඇතිවූ මරණ බිය නිසා ගෙවල් ගානේ තුණ්ඩු කෑලි ඛෙදමින් ආරක්ෂක අංශ සාමාජිකයන්ට රැකියාවලින් අස්වන ලෙස බල කළ අතර ඊට අවනත නොවූ ආරක්ෂක හමුදා සාමාජිකයන් සිය ගණනක් ඔවුන්ගේ දරු මල්ලන් ඉදිරිපිටදීම මරා දැමූ අතර, ඔවුන්ගේ දේහයන්ට අවසාන ගෞරව දැක්වීමට යාම පවා මරණයෙන් වන්දි ගෙවිය යුතු වරදක් බව දක්වා සමාජය බියපත් කළහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක දියතලාවට ගොස් රටට ව්‍යසනයක් ඇතිවූ හැම අවස්ථාවකම රටේ ගැලවුම්කාරයා යුද්ධ හමුදාව බවට කළ ප්‍රකාශයෙන් 88-89 ජවිපේ ත්‍රස්තවාදයට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් රණ විරුවන් කළ කැප කිරීම ගෞරවාන්විතව ප්‍රසිද්ධියේ පිළි ගැනීම දෛවයේ සරදමට වඩා යමක් නොවේ. එසේම විජේවීරගේ තුවක්කු න්‍යාය වෙනුවට ඡන්ද පෙට්ටිය කෙරෙහි තම ව්‍යාපාරය යොමු කළේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදි ජන රජයේ ආරක්ෂක අංශ සමත් වූ බව අනුර කුමාර රටේ පාලකයා හැටියට පිළි ගෙන හමාරය.
රට වෙනුවෙන් දේශපාලනයෙන් සමු ගැනීමට කල්පනා කරන රනිල්ගේ 48 අවුරුදු දේශපාලන භාවිතාව සමග වර්තමාන පාලකයන් දිට්වා සුළි කුනාටු ව්‍යසනයට මුහුණ දුන් ආකාරය තක්සේරු කළ යුතුවේ. රනිල් ජනාධිපතිව සිටියා නම් මේ ව්‍යසන අවස්ථාවේ පළමුව කරන්නේ රට තුළ කළමනාකරණ විනයක් ඇති කර රටේ ජනතාවත් රාජ්‍ය තන්ත්‍රයත් ආරක්ෂක අංශත් එකට පෙළ ගැසෙන පරිසරයක් නිර්මානය කිරීම මිස, ව්‍යසනයට ගොදුරුව ඇඳි වත පමණක් නොව පාසල් පොතපත පෑන පැන්සල පවා අහිමිව හූල්ලමින් සිටින රටේ දරුවන් පාසල් දැක්කීම නම් නොවේ.

නව පාසල් වාරයක් පටන් ගන්නවා කියන්නේ අඩු ආදායම් පවුලක වැඩිහිටියන්ගේ ආර්ථීක සමබරතාව බිඳ දමන තවත් අතිරේක බරක් බව අනුන් ගෙන් කමින් බොමින් යැපුණ බැංකු මංකොල්ල කමින් පක්ෂ අරමුදල ශක්තිමත් කළ අනුර කුමාර දිසානායකලාට නො තේරීම රටේ අභාග්‍ය මිස ඔවුන්ගේ වරදක් නම් නොවන අතර කළ යුතු වන්නේ මාලිමාව බලයට පත් කළ පනස් නව ලක්ෂයක් දෙනා ඉකි ගසා වැළපීම පමණකි. පාසල් ආරම්භ කිරීම හරහා මාලිමා ආණAඩුව උත්සාහ කළේ ව්‍යසනයේ බලපෑම් පාලනය කොට පාසල්ද පටන් ගත් බව කියා පෑම මිස රටේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ.
ආණ්ඩුවට පැවති තදියම අනුව පාසල් ආරම්භ කළද, මේ ලිපිය ලියන විට නැවත සියළු පාසල් ජනවාරි මුල් සතිය තෙක් නැවත කල් දමා තිබීම සත්තකින්ම දෛවයේ සරදමකි. දිවයිනේ සියළු පාසල් විවෘත කිරිමේ ජයග්‍රාහි නිවේදනය නිකුත් කළ බලධාරින් විශේෂයේ මුස්ලිම් පාසල් නත්තල් දිනයන්හී අඛණ්ඩව පැවැත්වෙන බවට කළ දැනුම් දීම යනු රටේ මුස්ලිම් සිසුන් විශාල ප්‍රමාණයක් මුස්ලිම් නොවන පාසල්වල අධ්‍යානය ලබන බව හෝ මේ පණ්ඩිතයන් නො දන්නා බවය.
එසේම පවත්නා තත්වය තුළ පාසල් නිල ඇඳුම් භාවිතය දෙසැම්බර් මාසයට පමණක් ලිහිල් කිරීම තවත් තකතිරු වැඩකි. ව්‍යසනය නිසා අවතැන් වූ දරුවන් නිල ඇඳුම ගැටළුවක් කර නො ගෙන පාසල් පැමිණෙන්නැයි දන්වා සිටියා නම් ව්‍යසනයේ තරම පිළිබඳ ධනාත්මක පණිවිඩයක් කුඩා දරුවන් තුළ පවා ඇති කළ හැකිව තිබිණ. ව්‍යසන පීඩාව යනු මිනිස් අධිෂ්ඨානයෙන් මිස මුදලින් ඛෙදීමෙන් වසා දැමිය නො හැකි බව අමුතු කතාවක් නොවන අතර, බලයට පත්ව වසරක් ගෙවුණද මාලිමා කණ්ඩායම තවමත් මැතිවරණ මානසිකත්වයෙන් රට පාලනය කිරීමට යාමෙන් හානියේ බර දැරීමට ජනතාව වැර ගැන්වීමට පාලක මාලිමා රෙජිමය අසමත්ව සිටී.
තඹුත්තේගම ගොවියෙකු ව්‍යසනයෙන් සිදුවූ වගා හානිය සඳහා රජයෙන් තමන්ට ලැබුණ රුපියල් දෙ ලක්ෂ හැත්තෑ තුන් දහසක මුදල කුඹුර පැසුණා නම් මුළු වී අස්වැන්න විකුණුවත් කිසිසේත් ලබා ගත නොහැකි බවට නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්නට කී බවක් හෙතෙම දෙසැම්බර් 22 දින මාධ්‍ය හරහා අසන්නට ලැබිණ. රටේ ජනතාව පාලකයන් රජයේ ආධාර මල්ල නිසා මෙම ව්‍යසනය ආශිර්වාදයක් හැටියට සිතන බවට ඉඟි කෙරෙන ඒ ප්‍රකාශය ආපදාවෙන් විපතට පත් රටක් යළි නැගී සිටීම පැත්තෙන් සලකන කළ නො කිව යුතු කතාවකි. එය හරියටම ව්‍යසන හේතුවෙන් විභාග වලට පෙනී සිටිය නො හැකි වූ දරුවන්ට ඉහළ සාමාර්ථයක් ලබා දීමට ගත් කැබිනට් තීරණයකට සමාන වේ. නාමල් කරුණාරත්නලාගේ මේ හැසිරීම නිසා රටේ ජනතාව ශක්තිමත් වෙනවා වෙනුවට ලැඛෙන දෙයකින් යැපෙන කාලකන්නි මානසිකත්වයක් වර්ධනය වීමට පවත්නා ඉඩකඩ වැඩිය. තවත් සරලව කියයි නම් මාලිමා පාලනය තුළ ව්‍යසනයක් යනු අභියෝගයක් නොව වාසනාවක් හැටියට කල්පනා කිරීමට හුරු කරවීමකි. මේ ආපදා සහන ඛෙදීමේ සාර්ථකත්වය පසුගිය කාලයේ ගොවින්ට පොහොර සහනාධාරය ලබා දීමට භාවිතා නො කිරීම ගැන හෙට අනිද්දා ගොවි සංවිධාන විසින් ප්‍රශ්න කරනු ඇත.
මාතලේ නකල්ස් කඳුකරයේ ව්‍යසනයෙන් විපතට පත් කාන්තාවක මාධ්‍යයට කීවේ ඉක්මනින් පාරවල් හදා දුන්නොත් නැගිටන හැටි අපි දන්නවා කියාය. නාමල් කරුණාරත්න කියන ආකාරයට විනාස වූ වෙළඳ සැල ආරම්භ කිරීමටත් ආණ්ඩුව සපත කිරීම යනු විදේශ සහනාධාර පවා නො ලැබී යාමට හේතු විය හැකිය. ව්‍යසනය නිසා අඩපනවූ ඇල්ල දුම්රිය සේවය ආරම්භ කළ අවස්ථාවේ දුම්රියේ ගමන් කළ මගීන් සමග උප ඇමතිවරයෙකු නටමින් සතුටු වූ ආකාරය රටම දැක ගත්හ. ලංකාවේ දුම්රිය ගමනාගමය දැඩි අර්බුදයකට මුහුණ දුන් මේ අවස්ථාවේ සකල දුම්රිය ප්‍රවාහන පද්ධතියම යථාවත් කොට එසේ ඩාන්ස් කළා නම් එය වෙනම කතාවකි. මේ ලිපිය ලියන මොහොතේත් වන සමහර තැනක නාය ගිය පස් කඳු අතර වැළලෙන සමහර මළ සිරුරු හෝ ගොඩ ගෙන නැති බව අර මාලිමා නැට්ටුවා නො දැන සිටියා විය හැකිය.

ජේ ආර් ගාමිණි රනිල් වැනි රාජ්‍ය තාන්ත්‍රීකයන් බලයේ සිටියා නම් මේ වනවිටත් යටත් විජිත යුගයේ ලංකාවේ ඉදි කළ දුම්රිය මාර්ග පද්ධතිය දෙරටේ මිත්‍රත්වය තවදුරටත් තහවුරැ කරමින් කඩිනමින් පිළිසකර දෙන ලෙස මහා බ්‍රිතාන්‍ය පාලනයට කරුණු දක්වා හමාර බව ලියා තබන්නේ රටට එජාප ආණ්ඩුවක් අවශ්‍ය නිසා නොව රටේ පාලනය භාරවූ කුමන පක්ෂයක් වුවද ජාත්‍යන්තරය සමග බද්ධව ක්‍රියා කරනු මිස නාමල් කරුණාරත්නලා මෙන් දෙකයි පනහේ දේශපාලන කතා නො කිව යුතු නිසාය.
රනිල්ට එරෙහිව සජිත් සමග එජාපයෙන් වෙන්වී ගොස් වසර පහ (2020-2025)ක් තුළ ජනාධිපති මැතිවරණ දෙකක් සහ මහ මැතිවරණ දෙකක් පරාජය වූ සජිත් ප්‍රේමදාසගේ සිල්ලර දේශපාලනයෙන් හැති වැටී ශක්තිමත් දක්ෂිණාංශික පෙළ ගැස්මක ජාතික අපේක්ෂාව වෙනුවෙන් කැපවූ සජබ බහුතරය තුළ රනිල්ගේ ප්‍රකාශය ගැන ඇත්තේ තිගැස්මකි. හේතුව 2022 දී රටේ පාලනය පහසුවෙන් අතට ගත හැකිව තිබියදී අනුර මෙන්ම සජිත්ද කර හැරිය මොහොතේ රාජ්‍ය යාන්ත්‍රණය තම අතට ගෙන දෙ වසරක් තුළ රටක් ගොඩ දැමූ තනි රනිල් වික්‍රමසිංහ මැදිහට තවමත් විකල්ප නැති බව දන්නා නිසාය.
2022 අප්‍රේල් ජූලි කාලයේ තෙල් ගෑස් පෝලිම්වල පුරවැසියන් මරණයට හේතු වූ රටේ භාණ්ඩ හිඟයට හඳුන්වා දුන් කිව්ආර් කේතය පැය දොළහක් තුළ රට සංසුන් කිරීම බටලන්ද අවලාදයෙන් මකා දැමිය නො හැකිය. රනිල් වික්‍රමසිංහ යනු කිසි විටෙකත් විනාශ නොවන හැම පීඩනයටම ඔරොත්තු දිය හැකි වැසි අකුණු වලින් දේපල ජීවිත ආරක්ෂා කර ගැනීමට මිදුළට වීසි කරන ජීවමාන යකඩයෙකි.
මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර රටේ ආර්ථීකය 2019 මට්ටමට ගෙන යාම තම අපේක්ෂාව බවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සනිටුහන් කළ ඉලක්කය 2048 විය. මේ අනුව අනුර කුමාරට ඇත්තේ වසර පහක් රනිල් නිර්මානය කර ගෝඨාභය විසින් විනාස කර ආර්ථීකය රටට ලබා දීමේ අපේක්ෂාවක් හෙවත් ආපසු හැරී රට අතීතයට ගෙන යාමය. රනිල්ට ඇත්තේ අනාගත වැඩ පිළිවෙලකි. රට ඉදිරියට ගෙන යාමට නම් රනිල් දේශපාලනය තුළ රඳවා ගැනීමේ වගකීම එජාපයට සහ සජබයට පැවරී ඇත. හේතුව රටක් ලබා යතුරු පැදියක් හෝ ආ පස්සට යයි නම් අනතුරක් හෝ පසුබෑමක් වන හෙයිනි.
මේ උදාව ඇත්තේ අනාගත පරපුරට ශක්තිමත් රටක් ගොඩ නගන තීරණාත්මක නිමේෂයකි. ඒ සඳහා රනිල් පමණක් නොව හැම පුරවැසියාම එකට එකතුව රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දිය යුතු වේ.
(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com




