leader s

රළු චාත පබ්බතය
මුදු මෙලෙක් කරවූ
ආලකමන්දාව ඒ මතින් නිමැවූ
විජ්ජුලතා මේඝලතා
මිහිරි බස් තෙපලූ
ඒ සොඳුරු මිනිසා
මහ කසුප් නිරිඳුන්
වියහැකිද මැරයකු
පිය රජුන් නැසියැ'කි...
 පුරාණයෙ මහාවිහර
අබයගිරි සඟුන'තර
පැන නැගුන හබයකට
මැදිවුනිද එතුමන්
ඉතිහාස ගත පුවත්
වනපොත් කරද්දී
පත්තනික්කුජ්ජන
දණ්ඩනය පනවා
නිරිඳුගේ නාමයේ
තැවරිනිද කළු තාර ...
 
 
දුස්සීල භික්ෂූන්
සඟ කල්ලියක් ලෙස
හැඳින්වූ රසකාමි
මානව හිතවතෙකු
වත්මනේ හන ගසා
සමනල කුලකයට
ගැරහුමට ලක් කෙරුණි
දේශද්‍රෝහියෙක් ලෙස
නිදහස් චින්තනය
සොඳුරුබව ඇගයීම
අකැප වෙද මිනිසුනට
බුදුන්ගේ දම් අනුව...
 බමුණු මත හිස දරා
තුන් කල්හි බණ දෙසන
සියල්ලන්ගෙන් අසමි
එකම එක පැනයක්
සැමට පොදු දහම වූ
නිදහසේ චින්තනය
නොවෙද බුදුහිමි එදා
ලොවට පැහැදිලි කලේ .....
 
 
(කේ. කාරියවසම් - ඇමරිකාවේ සිට)
 
 
 
The Leader TV
මංගල මතක...
මව්බිම ප්‍රතික්ෂේප කළ මංගලගේ කතාව! | The Leader TV



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්