The Leader News
BREAKING
Top Ad
පුවත්

බැසිල්ට අගමැතිකම දෙන කතා බොරු - මහින්ද අස්වෙන්නේ නැහැ ම කියයි

T

The Leader Desk

January 3, 2022 • 11:03 AM

බැසිල්ට අගමැතිකම දෙන කතා බොරු - මහින්ද අස්වෙන්නේ නැහැ ම කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අගමැති කාර්යාලය පවසයි.
  • අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව අවධාරණය කර තිබේ.
  • ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයකින් පසුව ජනවාරි 02දා යළි දිවයිනට පැමිණි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉදිරියේදි සිදු කිරීමයට යෝජිත කැබිනට් සංශෝධනයේදී අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම පිළිබඳව යෝජනා වී ඇතැයි ද එම මාධ්‍ය වාර්තා වල සඳහන් විය.
  • මෙම කැබිනට් සංශෝධනයටද මුල පුරා ඇත්තේ බැසිල් රාජපක්ෂ බවත්, මෙම සතිය හෝ ඊළඟ සතියේදි සිදු කිරීමට නියමිත බව කියවෙන මෙම සංශෝධනයේදී අඩුම තරමින් ප්‍රධාන පෙලේ කැබිනට් අමාත්‍ය ධුර හයක්වත් සංශෝධනයට ලක් වීමට නියමිත බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවත්  රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අගමැති කාර්යාලය පවසයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව අවධාරණය කර තිබේ.



අග්‍රාමාත්‍ය ධුරය සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පත් කිරීමේ සුදානමක් ගැන පසුගිය දින කිහිපයේම මාධ්‍ය වාර්තා පලවී තිබිණ.

ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයකින් පසුව ජනවාරි 02දා යළි දිවයිනට පැමිණි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ,  ඉදිරියේදි සිදු කිරීමයට යෝජිත කැබිනට් සංශෝධනයේදී අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම පිළිබඳව යෝජනා වී ඇතැයි ද එම මාධ්‍ය වාර්තා වල සඳහන් විය.

මෙම කැබිනට් සංශෝධනයටද මුල පුරා ඇත්තේ බැසිල් රාජපක්ෂ බවත්, මෙම සතිය හෝ ඊළඟ සතියේදි සිදු කිරීමට නියමිත බව කියවෙන මෙම සංශෝධනයේදී අඩුම තරමින් ප්‍රධාන පෙලේ කැබිනට් අමාත්‍ය ධුර හයක්වත් සංශෝධනයට ලක් වීමට නියමිත බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සමඟ ඇතැම් අමාත්‍යංශ යටතේ පවතින ආයතනවල ප්‍රධානීන්ද මාරු කිරීමට නියමිත අතර එහිදි බැසිල් රාජපක්ෂ සමඟ කටයුතු කිරීමට පහසු ආකාරයේ ප්‍රධානීන් කණ්ඩායමක් ද පත් කිරීමට නියමිත බව ද ඉහත ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.


 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
අද ගොසිප් එක 
 


සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 
දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...