The Leader News
BREAKING
Top Ad
LGBTQ

'සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ' - කාදිනල් හිමි

T

The Leader Desk

July 27, 2025 • 3:14 PM

'සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ' - කාදිනල් හිමි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවන බවත්, ඊට ඉඩ නොදිය යුතු බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
  • මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, "අද තරුණ තරුණියෝ නිසි අවබෝධයකින් තොරව තම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම සිදුකරනවා, විවාහ ජීවිතය තාවකාලික අත්දැකීමක් ලෙස සලකනවා.
  • සමලිංගික විවාහ ප්‍රචාරය කරන්නට කටයුතු කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් උන් වහන්සේ මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

"අද තරුණ තරුණියෝ නිසි අවබෝධයකින් තොරව තම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම සිදුකරනවා, විවාහ ජීවිතය තාවකාලික අත්දැකීමක් ලෙස සලකනවා. විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතී.

සමලිංගික විවාහ ප්‍රචාරය කරන්නට කටයුතු කරනවා. මේක මානව අයිතිවාසිකමක්ලු ?, කොහොමද එහෙම වෙන්නේ ?, කොහොමද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ ?, කොහොමද දරුවෝ ලබන්නේ ?.

එදා තරුණ පිරිස් විවාහයට පෙර හමුවුණේ දෙමාපිය රැකවරණය යටතේ හෝ ඔවුන්ගේ ආශීර්වාදයෙන්. එවැනි විවාහ අද තත්ත්වයට වඩා සාර්ථක වී තිබෙනවා " යනුවෙන් පැවසීය.

| aruna

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...