The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනපතිගේ ඥාතියා අමෙරිකානු අධිකරණයක් හමුවේ වරද පිළිගනී

T

The Leader Desk

April 3, 2022 • 7:53 AM

ජනපතිගේ ඥාතියා අමෙරිකානු අධිකරණයක් හමුවේ වරද පිළිගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිල දී ගැනීමේදී වංචා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන්.
  • වසරේ වොෂින්ටන් ඩීසී හි නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් 332,027 ක් වංචා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් හිටපු තානාපතිවරයා මෙලෙස වරද පිලිගෙන ඇතැයි අමෙරිකානු අධිකණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
  • වර්ජිනියා ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි පදිංචි 61 හැවිරිදි ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය, 2008 සිට 2014 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරනු ලැබීය.
  • ඔහු කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේදී චෝදනා සඳහා වරද පිළිගත්තේය.ඒ අනුව හිටපු තානාපතිවරයාට ජූලි 20 දින දඬුවම් නියම කිරීමට නියමිතය.මෙම චෝදනා සඳහා උපරිමය වසර පහක සිරදඬුවමක් සහ දඩ නියම කිරීමට හැකියාව ඇතැයි අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ, නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිල දී ගැනීමේදී වංචා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන්.

2013 වසරේ වොෂින්ටන් ඩීසී හි නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් 332,027 ක් වංචා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් හිටපු තානාපතිවරයා මෙලෙස වරද පිලිගෙන ඇතැයි අමෙරිකානු අධිකණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වර්ජිනියා ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි පදිංචි 61 හැවිරිදි ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය, 2008 සිට 2014 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරනු ලැබීය.

 

ඔහු කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේදී චෝදනා සඳහා වරද පිළිගත්තේය.ඒ අනුව හිටපු තානාපතිවරයාට ජූලි 20 දින දඬුවම් නියම කිරීමට නියමිතය.මෙම චෝදනා සඳහා උපරිමය වසර පහක සිරදඬුවමක් සහ දඩ නියම කිරීමට හැකියාව ඇතැයි අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පැවසීය.

 

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය වහා අත්අඩංගුවට ගන්නා ලෙස දන්නවා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2018 ජනවාරි 05 විවෘත වරෙන්තු නිකුත් කළේය.

2008 වසරේදී අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජාලිය වික්‍රමසූරියට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කර තිබිණ.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජාලිය වික්‍රමසූරිය 2016 නොවැම්බර් 17 වෙනිදා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්නා ලද අතර පසුදාම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

තම ඇසේ පවතින රෝගී තත්ත්වයකට ප්‍රතිකාරයක් ලබා ගැනීම සඳහා අමෙරිකාවට යාමට අවසර දෙන මෙන් පසුව කළ ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2017 වසරේ දී ජාලිය වික්‍රමසූරියට විදේශගත වීම සඳහා අවසර ලබා දුන්නේය.

එහෙත්, 2017නොවැම්බර් මස 17 වෙනිදා ඔහු නැවත අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට කොන්දේසියක් පනවා තිබුණ ද, ඔහු අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි දන්වා මහේස්ත්‍රාත්වරිය 2018 ජනවාරි 05 වැනිදා විවෘත වරෙන්තු නිකුත් කළාය.

ජාලිය වික්‍රමසූරිය ජනපති ගෝඨාභය රාජපක්ෂ ගේ ඥාතී සහෝදරයෙකි.


(BBC සිංහල සේවය)


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...