leader s

ජාතික බලවේගයන්ගේ ප්‍රධාන ඉලක්කය විය යුත්තේ, ගෝඨාබය රාජපක්ෂගේ ආණ්ඩුවක් ගොඩනැගීම මිස මහින්දගේ ආණ්ඩුවක් ගොඩනැගීම

නොවනබව 'ජාතික චින්තනය' සංවිධානයේ ප්‍රධානි මහාචාර්ය නලින් ද සිල්වා අවධාරණය කර සිටියි.

ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරවා ගැනීමට දැඩි බලපෑමක් කළ පුද්ගලයින් අතර ප්‍රමුඛයකු වන ආචාර්ය නලින් ද සිල්වා ඉහත ප්‍රකාශය කරනු ලැබුවේ පෙරේදා (24) ජාතික හිමිකම් සංවිධානය විසින් කොළඹදී කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාවකදිය.

''ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යටතේ වැරදි නොකරන තැනට තමයි අපි වග බලා ගන්න ඕනේ.  මේ එන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් නොවන බවට අපි වග බලාගන්න ඕනේ. ඒක අපේ ප්‍රධාන ඉලක්කයක් වෙනවා. මේක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවක් මිසක් වෙනත් රාජපක්ෂ කෙනෙකුගේ ආණ්ඩුවක් නොවන බවට අපි වග බලා ගන්න ඔනේ'' ඔහු එම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්