The Leader News
BREAKING
Top Ad
පුවත්

තෙල් බැරල්වලට වැඩිපුර Premium ගෙවන්න වුණේ ඇයි?

T

The Leader Desk

October 18, 2022 • 7:59 AM

තෙල් බැරල්වලට වැඩිපුර Premium ගෙවන්න වුණේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප රට බංකොලොත් තත්ත්වයට පත් වී ඉතාමත් අවිනිශ්චිත ආර්ථික ක්‍රියාකාරීත්වයකින් පණ අදිමින් ක්‍රියා කරන විට සැපයුම්කරුවන් විසින් අප හට නැව් ගත කරන ඉන්ධන රක්ෂණය කිරීමේදී ඊට රක්ෂණ සමාගම් විසින් අතිරේක අවදානම් වාරික ප්‍රතිශතයක් ද එකතු කරන ලදි.
  • නමුත් එම අගය ඇමරිකානු ඩොලර් 12- 15 වුණ අවස්ථා ද පසුගිය කාලය පුරා ඉන්ධන අවදානම් වාරිකය (RISK PREMIUM) ගෙවන්නට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයකි.
  • ඩොලර් විනිමය අනුපාත ඉහළ යාමත් මෙම තත්ත්වයට බල පා ඇති තවත් ප්‍රධාන සාධකයකි.
  • කිසිදු සැපයුම්කරුවෙක් මේ රටට ඉන්ධන නැවක් තියා බෝතලයක් වත් එවීම ප්‍රතික්ෂේප කළ මොහොතක රටේ අවශ්‍යතා ඉටු කරගන්නට අවම ආවස්ථික පිරිවැයක් දරමින් ඉන්ධන ගෙන්වීම පිළිබඳව ඉතාමත් විනිවිදභාවයකින් යුක්තව සාක්ෂි සහිතව බලශක්ති අමාත්‍යවරයා විසින් සියල්ලන් දැනුවත්කොට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

truthfirstreport@gmail.com විද්‍යුත් තැපෑල මගින් අප වෙත යොමුකර ඇත.)


අපේ රට සාමාන්‍ය තත්ත්වයෙන් පවතිද්දී අර්බුදයකින් තොරව විදේශ විනිමය සංචරණය වෙද්දී ඛනිජ තෙල් සංස්ථාව ( CPC ) විසින් මෙරටට ආනයනය කිරීමේදී රක්ෂණ වාරික (Premium) ගෙවනු ලැබුවේ ඇමරිකානු ඩොලර් ශත 15 සිට 2.50ක් අතර පරතරයක රක්ෂණ වාරිකයකි.


නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටෙද්දී විදේශ ණය හිමියන් ගේ ණය ගෙවීම් අත් හිටු වූ විට CPC සංස්ථාව විසින් ලබා ගත් ඉන්ධන සඳහා සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් පොරොන්දු කාලයේදී නොගෙවන විට රට ජාත්‍යන්තරයේ බංකොලොත් රටක් ලෙස ශ්‍රේණි ගත කරන විට මේ රටට සාමාන්‍ය තත්ත්වයන් යටතේ ගනුදෙනු සඳහා දෑත දිගු කරන්නෙ කවරෙක්ද?


අප රට බංකොලොත් තත්ත්වයට පත් වී ඉතාමත් අවිනිශ්චිත ආර්ථික ක්‍රියාකාරීත්වයකින් පණ අදිමින් ක්‍රියා කරන විට සැපයුම්කරුවන් විසින් අප හට නැව් ගත කරන ඉන්ධන රක්ෂණය කිරීමේදී ඊට රක්ෂණ සමාගම් විසින් අතිරේක අවදානම් වාරික ප්‍රතිශතයක් ද එකතු කරන ලදි. සාමාන්‍යයෙන් ව්‍යපාර වල සිදුවන සාමාන්‍ය ක්‍රමවේදය මෙයයි.

 

නමුත් එම අගය ඇමරිකානු ඩොලර් 12- 15 වුණ අවස්ථා ද පසුගිය කාලය පුරා ඉන්ධන අවදානම් වාරිකය (RISK PREMIUM) ගෙවන්නට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයකි. මේ වන විට මෙම වාරිකය ඉන්ධන බැරල මත, ප්‍රවාහනය කරන නැව් මත මෙන්ම එම සමාගම් වෙත නියමිත ගෙවීම් මත ද බලපායි. ඩොලර් විනිමය අනුපාත ඉහළ යාමත් මෙම තත්ත්වයට බල පා ඇති තවත් ප්‍රධාන සාධකයකි.

 

නමුත් ඊට වෙනත් විකල්පයක්ද මේ වන විට අපට නොමැත. කිසිදු සැපයුම්කරුවෙක් මේ රටට ඉන්ධන නැවක් තියා බෝතලයක් වත් එවීම ප්‍රතික්ෂේප කළ මොහොතක රටේ අවශ්‍යතා ඉටු කරගන්නට අවම ආවස්ථික පිරිවැයක් දරමින් ඉන්ධන ගෙන්වීම පිළිබඳව ඉතාමත් විනිවිදභාවයකින් යුක්තව සාක්ෂි සහිතව බලශක්ති අමාත්‍යවරයා විසින් සියල්ලන් දැනුවත්කොට ඇත.


වැඩිපුර ගන්නේ Coral Energy සමාගම විතරද ? LIOC ගත්ත Premium ගැන හාහෝවක් නැත්තේ ඇයි?


මින් පෙර ඉන්දියානු ණය ආධාර ( Indian credit line) යටතේ මෙරටට ඉන්ධන ගෙන්වීමේදී එරටින් පැනවූ විශේෂ කොන්දේසියක් වූයේ ඉන්ධන ලබා ගත හැක්කේ ඉන්දියානු සැපයුම්කරුවන් ගෙන් පමණක් ම බවය. ඒ අනුව IOC සමාගම හරහා මෙරටට ඉන්ධන සැපයීමේදී සමාගම විසින් අය කල අවදානම් වාරිකය (RISK PREMIUM) එක් බැරලයකට ඇමරිකානු ඩොලර් 15,22,28,30 තරම් විය.


නමුත් අද වන විට මෙරට ආර්ථික තත්ත්වය කෙමෙන් කෙමෙන් සුබ දිශාවකට ගමන් කිරීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියා කලාපයත් මේ වන විට සංස්ථාව විසින් පෙර සැපයුම්කරුවන්ගේ සමස්ත ණය ප්‍රමාණයෙන් අඩකටත් වඩා වැඩියෙන් පියවීමත් හේතුවෙන් මෙම එක ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට අපගේ සැපයුම්කරුවන් කටයුතු කරමින් සිටියි.


(Truth first විශේෂ සටහන්කරු)
                            

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...