The Leader News
BREAKING
තරු හෝටල් පෙන්වා ලක්ෂ ගණන් වංචා කළ පිරමීඩ ජාවාරම්කරු දැලේ●සයිනොපෙක් පිරිපහදුව අත්හිටුවීමට නිර්දේශ: සපුගස්කන්දට මුල්තැන●හිරුණිකාගේ වීථි නාට්‍ය නඩුවට නීතිපති උපදෙස් කැඳවයි●ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනාට එරෙහි සෙවනගල ඉඩම් වන්දි නඩුව නොවැම්බර් 9 වැනිදාට●කුලරත්නගේ පෙත්සම: කථානායකට එරෙහි නඩුව හෙට යළිත්●හම්බන්තොට වරාය විරෝධතා නඩුව මහාධිකරණයට: නාමල් කැඳවයි●බැඳුම්කර නඩුව වසර හතකට පසු තීරණාත්මක අදියරකට●ජවිපෙ සහාය ලබන ආණ්ඩුවක් විසින් ‍ත්‍රස්තවාදය වැළැක්වීමට කළ යුත්තේ කුමක්ද?  ●යුරෝපීය සිසුන්ට තම සර්බියානු සමකාලීනයන්ගෙන් ඉගෙන ගත හැකි දේ●තව ගෝල 15යි: රොනාල්ඩෝගේ ගෝල දහස නියතයක් වන ලකුණු!●
Top Ad
පුවත්

නිමලරාජන් ඝාතනය කොට අදට වසර 22 යි

T

The Leader Desk

October 19, 2022 • 3:10 PM

නිමලරාජන් ඝාතනය කොට අදට වසර 22 යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද සමයේ යාපනය ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු නිමලරාජන් මයිල්වාහනම්ගේ ඝාතනය කොට අදට වසර 22කි.
  • එය නිමිති කොට ගෙන වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන්හු සහ වුව්නියාව මාධ්‍ය සමාජය විසින් අද (19) ස්මරණය වැඩසටහන් දියත් කළහ.
  • බීබීසී දෙමළ හා සිංහල සේවය ඇතුලු මාධ්‍ය රැසක් වෙනුවෙන් සේවය කළ නිමලරාජන් මයිල්වාහනම් 2000 වසරේ ඔක්තෝම්බර් 19 වැනිදා වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්විණ.
  • යුද සමයේ ‍උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් හඬක් නැඟු නිමලරාජන් ඝාතනයට එවක පාලකයින් වගකිව යුතු බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):



යුද සමයේ යාපනය ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු නිමලරාජන් මයිල්වාහනම්ගේ ඝාතනය කොට අදට වසර 22කි. එය නිමිති කොට ගෙන වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන්හු සහ වුව්නියාව මාධ්‍ය සමාජය විසින් අද (19) ස්මරණය වැඩසටහන් දියත් කළහ.

Nimalarajan

වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ නිමලරාජන් මයිල්වාහනම් ඝාතනයට ලක්වි වසර 22 ක් ගතවි ඇති අතර, මේ දක්වා අදාළ ඝාතනය වෙනුවෙන් සාධාරණය ඉටුවි නොමැති බවයි.

Nimalarajan 1

බීබීසී දෙමළ හා සිංහල සේවය ඇතුලු මාධ්‍ය රැසක් වෙනුවෙන් සේවය කළ නිමලරාජන් මයිල්වාහනම් 2000 වසරේ ඔක්තෝම්බර් 19 වැනිදා වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්විණ.

Nimalarajan.2

යුද සමයේ ‍උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් හඬක් නැඟු නිමලරාජන් ඝාතනයට එවක පාලකයින් වගකිව යුතු බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ 2000 වසරේදී ආණ්ඩුවට එරෙහිවීම වෙනුවෙන් නිමලරාජන් ඝාතනය කිරීමට එවක ආණ්ඩුව කටයුතු කළ බවයි.

නිමලරාජන්ගේ ඝාතනය වෙනුවෙන් ඊ.පි.ඩි.පි පක්ෂය වෙනුවෙන් චෝදනා එල්ලවුවද අදාළ ඝාතකයින් වෙනුවෙන් දඩුවම් හිමිනොවිණ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ නිමලරාන් මහතා හා උතුරේ ඝාතනයට ලක්වු ධර්මරත්නම් ශිවරාම් ඇතුලු මාධ්‍යවේදීන්ගේ ඝාතනයන් වෙනුවෙන් වහාම සාධාරණත්වය ඉටුකළ යුතු බවයි.

Nimalarajan.3


කෙසේ වෙතත් මාධ්‍යවේදී මෛල්වාගනම් නිමලරාජන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 48 හැවිරිදි සැකකරුවෙකු ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිස් යුද අපරාධ අංශය විසින් මේ වසරේ පෙබරවාරි 24 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

වසර 22කට ආසන්න කාලයක් වරින්වර සැකකරුවන් අත්අඩංගුවට ගැනුන ද මේ දක්වා කිසිවෙකු වරදකරු වී නොමැත. 

Nimalarajan jds sin

Nimalarajan jds eng

 

 


වසර 22කට පෙර ඝාතනය කළ මාධ්‍යවේදියාට සාධාරණයක් ඉටුවේද ?


(BBC සිංහල සේවය)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...