The Leader News
BREAKING
කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ගම්මන්පිළගේ දේශප්‍රේමි රෙදි ගැලවෙයි - දේපල පිටරට :බිරිඳයි දරුවෝ ඕස්ට්‍රේලියාවේ : අම්මයි තාත්තයි නංගියි ඇමරිකාවේ (VIDEO)

T

The Leader Desk

November 9, 2019 • 3:08 AM

 ගම්මන්පිළගේ දේශප්‍රේමි රෙදි ගැලවෙයි - දේපල පිටරට :බිරිඳයි දරුවෝ ඕස්ට්‍රේලියාවේ : අම්මයි තාත්තයි නංගියි ඇමරිකාවේ (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම කරුණු අනාවරණය වුයේ, ලසිත පෙරේරා විසින් කොළඹ පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලයේදී ඊයේ (08) කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය.
  • උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා දේශපාලන අරමුණු වෙනුවෙන් ව්‍යාජ ප්‍රකාශ කරන බවත් බොරු දේශහිතෛශි බවක් පෙන්වීම කනගාටුවට කරුණක් බවත් ලසිත පෙරේරා එහිදී තවදුරටත් පැවසිය.
  • ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් මෙසේද සඳහන් කළේය.
  • දැන් බ්‍රයන් ෂෙඩික් විසින් ඇටෝනි බලපත්‍රයක් ලබා දුන් බව ගම්මන්පිල විසින් පිළිගෙන තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


එම කරුණු අනාවරණය වුයේ, ලසිත පෙරේරා විසින් කොළඹ පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලයේදී ඊයේ (08) කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය.  

ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික් ගේ වත්කම් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකසා අලෙවිකර ඇති බවට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට එරෙහිව  අධිකරණයේ ගොනුවී ඇති චෝදනාවට අධිකරණයෙන් තීන්දුවක් ලැබීමටත් මත්තෙන්, මාධ්‍ය සාකච්ජාවක දී  ගම්මන්පිල මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව පිළිතුරුදීම සඳහා ලසිත පෙරේරා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුනේ බ්‍රයන් ෂෙඩික් නමැති විදේශ ආයෝජකයාගේ ඇටෝනි බලකරු ලෙසය.

තමා විසින් සිදුකරන මෙම හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් ඕනෑම ස්ථානයක විවාදයකට එන්නැයි ඔහු උදය ගම්මන්පිල මන්ත්‍රීවරයට අභියෝග කර සිටියේය.

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා දේශපාලන අරමුණු වෙනුවෙන් ව්‍යාජ ප්‍රකාශ කරන බවත් බොරු දේශහිතෛශි බවක් පෙන්වීම කනගාටුවට කරුණක් බවත් ලසිත පෙරේරා එහිදී තවදුරටත් පැවසිය.

ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් මෙසේද සඳහන් කළේය.                                               - 


ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන හතක වංචාවක් !

” ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රියන් ෂෙඩික් මහතාට කිසිදු වංචාවක් සිදුකර නැහැ කියා උදය ගම්මන්පිල සදහන් කරනවා. මුල සිටම ඔහු සදහන් කළේ බ්‍රයන් ෂෙඩික් නම් පුද්ගලයෙක් හදුනන්නෙත් නැහැ, දන්නෙත් නැහැ කියලා. දැන් බ්‍රයන්  ෂෙඩික් විසින් ඇටෝනි බලපත්‍රයක් ලබා දුන් බව ගම්මන්පිල විසින් පිළිගෙන තිබෙනවා.

ගම්මන්පිල මහතා මුල සිටම ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරමින් සිටියේ. ඊයේ පැවති මාධ්‍ය සාකච්ජාවේදී ඔහු සදහන් කරනවා ”විදේශයකදී කිසිම වංචාවක් සිදුකර නැහැ” කියා. ඔහු විසින් විදේශිකයෙකුට අයිතිව තිබූ ශ්‍රී ලංකාවේ දේපල ව්‍යාජ ලෙස ඇටෝනි බලපත්‍රයක් සකසා ගෙන මුදල් ලබාගෙන තිබෙන්නේ. 

උදය ගම්මන්පිළ මහත්තයා තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සදහා ව්‍යාජ ලෙස  ප්‍රකාශයන් කරනවා. ඉතා පිළිකුලෙන් එය හෙළා දකිනවා.

ඔහු ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන හතක් පමණ ලංකාවේ තිබු වත්කම් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකසා  අන්සතු කර, මුදල් ලබාගෙන තිබෙනවා. ඔහු 1997 ව්‍යාජ ඇටෝනි බලපත්‍රය නිර්මාණය කර තිබෙන්නේ. 2001 දී මේ  වංචාව සිදුකරන්නේ. මේ රටට එන අනෙක් ආයෝජකයින් පවා පැමිණෙන එක අධෙර්යමත් කරන්න කළ කාර්යයක් ලෙස මම මෙය දකින්නේ. 


නඩු දෙකක චුදිතයෙක් !

මේ වන විට මෙය ගරු අධිකරණයේ පවතින නඩුවක්. නඩු අංක දෙකක් තිබෙනවා. ඒ නඩු දෙකේම නීතිපති දෙපාර්තමේන්තුව තුළ චුදිතයෙක් බවට පත්කර තිබෙනවා. මේ වන විට ගරු අධිකරණය සාක්ෂි ලබා ගනිමින් තිබෙනවා. 

බ්‍රයන් ෂෙඩික්ගේ බිරිද ,ජෙනට් ෂෙඩික් සාක්ෂි දීමට නියමිතයි. අධිකරණය තීන්දුව ලබා දීමටත් ප්‍රථම ඔහු අධිකරණයේ තීන්දුව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා. උදය ගම්මන්පිළ කියන්නේ නීතිඥයෙක්.  ඔහු මේ ගැන හොදින් දන්නවා. ගරු අධිකරණය යම් කෙනෙකුගේ සාක්ෂිය බොරුවක් ලෙස තීන්දු කර ඇත්නම් එම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ. එසේ නම් ගරු අධිකරණය විසින් ඔහුව නිදොස්කොට නිදහස් කරන්න  ඕන. නමුත් එසේ සිදුව නැහැ.

අධිකරණයට යම් ලෙසකින් බලපෑම් සිදුකිරීමක් !


මේ ඔහු සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ අධිකරණයට යම් ලෙසකින් බලපෑම් සිදුකිරීම. නීතිපති දෙපාර්තමේන්තුවේ කිහිප දෙනෙකුගේ ප්‍රකාශ නිසා මහජනතාවට අධිකරණය තුළ ඇති විශ්වාසය නැතිවෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව හා ගරු අධිකරණය ඉතා ස්වාධිනව කටයුතු කරන අවස්ථාවකදී මෙවැනි ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් කණගාටුවෙනවා.

අනාගතයේදී මෙම නඩු ඉවත්කිරිමට, මොනයම් හෝ බලපෑමක් සිදුකිරිමටද මේ සුදානම් වන්නේ. බ්‍රයන් ෂෙඩික්ගේ සාක්ෂිය බොරුවක් බව ගරු අධිකරණය සදහන් කළා යැයි මිත්‍යාවක් ඔහු පතුරනවා. මේ තුළින් මහජනතාව තුළ ඔහු මතයක් නිර්මාණය කරන්න යනවා. ගරු අධිකරණයේ පවතින නඩු සම්බන්ධයෙන් බොරු කියන්න බැහැ.. මේ උදය ගම්මන්පිල කියන  නීතීඥයා බොරු කියන්නේ.

දැන්පාලූ ගෙහි වළං බිදීම සිදු නොකර, ඔහු කරන ලද වංචා සම්බන්ධයෙන් මාත් එක්ක  ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයක, මාධ්‍ය ආයතනයක විවාදයකට එන්න කියලා මම අභියෝග කරනවා. මෙවැනි ප්‍රකාශ මගින් මේ රටට පැමිණ මේ රටේ ආයෝජනය කළ බ්‍රයන් ෂෙඩික් වැනි පුද්ගලයින්ට අපහස නොකර, තමන්ගේ දේශපාලන කටයුතු සිද්ද කරගන්නා ලෙස මම ඔහුට කියන්න කැමති.


 පවුලේ සියලුදෙනා විදේශ රටවල : සියලූ දේපල ඕස්ටේලියාවේ !

ඔහු හැමවිටම කියන්නේ ඔහු දේශහිතෛශි කියලා. ඔහුගේ නැගණිය, දෙමාපියන් අද සිටින්නේ ඇමරිකාවේ. ඔවුන් ඇමරිකන් පුරවැසියන්. ඔහුගේ බිරිද දරුවන් සිටින්නේ  ඕස්ටේලියාවේ. ඔවුන් ඕස්ටේලියාවේ පුරවැසියන්. 

තමන්ගේ පවුලේ සියලුදෙනා විදේශ රටවල පදිංචි කරමින් ලංකාව ගැන බොරු දේශහිතෛශි බවක් පෙන්වීම ගැන අපි ඉතාමත් කනගාටුවෙනවා. 

ඔහුට අයිති සියලූ දේපල තිබෙන්නේ ඕස්ටේලියාවේ. ඔහුගේ සියලූ වත්කම් හෙළිකිරීමට මම සූදානම්. ඔහුට ඩොලර් මිලියන පහකට ආසන්න වත්කම් ඕස්ටේලියාවේ තිබෙනවා.

දේශපාලඥයින් නීතියට උඩින් ද ?

දේශපාලඥයෙකුට පැමිණිල්ලක් කළාම, එයට දේශපාලන මුහුණුවරක් දෙන්න උත්සහ කරනවා. නමුත් මෙහි තිබෙන්නේ පෞද්ගලික කාරණයක්. උදය ගම්මන් පිළ කියන්නේ බ්‍රයන් ෂෙඩික් යටතේ රුකියාවක් කළ පුද්ගලයා. ඔහු මේ වංචාව කරන්නේ ඔහු ළග සේවය කරමින් සිටියදී. ඔහු දේශපාලඥයෙක් වන්නේ ඉන්පසුව. 

දේශපාලඥයෙක් වු විට ඔහුට අධිකරණයේ කටයුතු සිද්ද විය යුතු නැද්ද? දේශපාලඥයෙක් වු විට ඔහුට විශේෂිත වරප්‍රසාද තිබෙනවද?” යනුවෙන් ඔහු වැඩිදුරටත් විමසා සිටියේය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...