leader s

එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් හේතුවෙන් බන්ධනාගාර ගතව සිට ජනාධිපති සමාව ලැබීමට නියමිත රැඳවියන් අට දෙනා අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

බණ්ඩාරනායක කුමාරතුංග වෙත එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධවූ දෙදෙනෙකුද සිටින බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි.


එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, මෙම රැඳවියන් දෙදෙනාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් විමසීමේදී හිටපු ජනාධිපතිනිය එකහෙළාම එය අනුමත කර ඇති බවය.
 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉලක්ක කරමින් 1999 වසරේ දෙසැම්බර් 18 වන දා කොළඹ නගර සභා පිටියේදී  එල්ල වූ  බෝම්බ ප්‍රහාරයෙන් ඇයට එක් ඇසක් ද අහිමි විය.
 

මේ ආකාරයට එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් හේතුවෙන් බන්ධනාගාර ගතව සිටි රැඳවියන් 8 දෙනෙකුට ජනාධිපති සමාව ලබාදීමට නියමිත බව පසුගියදා අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, චන්දන ඒකනායක සඳහන් කර තිබිණ.
 

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි එල්.ටී.ටී.ඊ. රැඳවියන් හතර දෙනකු සහ තවත් එල්.ටී.ටී.ඊ. රැදවියන් දෙදෙනකු සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පවතින නඩු එම රැඳවියන් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිත බවත් එහිදී  ඔහු පැවසීය .
 

එල්.ටී.ටී.ඊ. රැදවියන් දෙදෙනෙක් පුනරුත්ථාපන කටයුතු අවසන් වීමෙන් අනතුරුව නිදහස් කිරීමට අවශ්‍ය උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් එම උපදෙස් හා නියෝග අනුව ඉදිරියේ කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
 
 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්