The Leader News
BREAKING
කාවන්තිස්ස වියෝවෙන් පසු වනඅලි රැකවරණයට දැඩි අවධානයක්●පීඩිත මිනිසකු ගේ හෘද සාක්ෂියේ නාදය; සමෝරා මෂෙල්●ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට යයි●අතීතකාමී හැඟීම් සමුදායක පාඨකයා ගිල්වා තබන "මුවන්පැලැස්සේ හිඟන කොල්ලා"●කාවන්තිස්ස ඛේදවාචකය: කඳුළු සැලීමෙන් ඔබ්බට පද්ධතිය හදන සටන●බන්ධනාගාරගත හිමිවරුන්ගේ සිවුරු ප්‍රශ්නයට බෞද්ධ කොමසාරිස්ගේ අනුමැතිය පතයි●කාවන්තිස්සට වෙඩි තැබූ නිශ්චිත සාක්ෂි කෝ?●නව ත්‍රස්ත පනතට එරෙහිව SLWJA ශ්‍රේෂ්ඨාධිකරණයට●කොළඹ වරායේ ඩොලර් බිලියන ගනුදෙනුව අත්හැරියේ ඇයි?●විලාසිතා ලෝකයේ සදාචාරාත්මක පසුබෑම: අලුත් වාර්තාවකින් හෙළිදරව්වක්●
Top Ad
පුවත්

මාධ්‍ය දඩයමක්? : 'වොයිස් ටියුබ්' කතුවරිය හතරවැනි තට්ටුවට කැඳවයි!!

T

The Leader Desk

November 28, 2019 • 3:56 AM

මාධ්‍ය දඩයමක්? : 'වොයිස් ටියුබ්' කතුවරිය හතරවැනි තට්ටුවට කැඳවයි!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සයිබර්' අපරාධ විමර්ශන අංශය (cyber crime division) විසින් ඊට අදාලව කටඋත්තරයක් ලබාගැනීම සඳහා ' voicetube.lk ' වෙබ් අඩවියේ කතුවරිය වන තුෂාරා විතාරණ වෙත අද (28) පෙරවරුවේ රහස් පොලිසියේ 4වැනි තට්ටුවට පැමිණෙන්නැයි දැනුම්දීමක් කර තිබේ.
  • මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ඔහුගේ අමාත්‍යංශ කාර්ය මණ්ඩලයේ මාධ්‍ය නිලධාරිනියක ලෙස සේවය කළ තුෂාරා විතාරණ theleader.lk වෙබ් අඩවියේ පුවත් පළකිරීම් වලට දායකවූ මාධ්‍යවේදිනියකි.
  • 'සයිබර්' අපරාධ විමර්ශන අංශය විසින් ඇයව කැඳවීමේ හේතුව නිශ්චිතව ප්‍රකාශ වී නැතත්, එම ඒකකය විසින් පෙරේදා (නොවැම්බර් 26 ) ‘ද ලීඩර්’ විකල්ප රූපවාහිනී ප්‍රවෘත්ති මාලාව ඉදිරිපත් කළ මාධ්‍යවේදී නීතිඥ ධනුෂ්ක සංජය කැඳවා පැය 08කට වැඩි කාලයක් පුරා ප්‍රශ්නකර තිබිණ.
  • පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැක මතුකරමින් The Leader TV යු ටියුබ් චැනලය මගින් ප්‍රකාශයට පත්කළ වීඩියෝවක් සම්බන්ධයෙන් එහිදී ඔහුගෙන් ප්‍රශ්නකර ඇතැයි වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සයිබර්' අපරාධ විමර්ශන අංශය (cyber crime division) විසින් ඊට අදාලව කටඋත්තරයක් ලබාගැනීම සඳහා 'voicetube.lk' වෙබ් අඩවියේ කතුවරිය වන තුෂාරා විතාරණ වෙත අද (28) පෙරවරුවේ රහස් පොලිසියේ 4වැනි තට්ටුවට පැමිණෙන්නැයි දැනුම්දීමක් කර තිබේ.

මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ඔහුගේ අමාත්‍යංශ කාර්ය මණ්ඩලයේ මාධ්‍ය නිලධාරිනියක ලෙස සේවය කළ තුෂාරා විතාරණ  theleader.lk වෙබ් අඩවියේ පුවත් පළකිරීම් වලට දායකවූ මාධ්‍යවේදිනියකි.

ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලාංකීය මාධ්‍ය කණ්ඩායමක් සමග චීනයේ සංචාරයක නිරතව සිටි ඇය මසකට වැඩිකාලයකින් පසු යලි දිවයිනට පැමිණියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමාවීමට දින කිහිපයකට පෙරය.

 

මාධ්‍යවේදී නීතිඥ ධනුෂ්ක සංජයට ICCPR පනත යටතේ චෝදනා !

'සයිබර්' අපරාධ විමර්ශන අංශය විසින් ඇයව කැඳවීමේ හේතුව නිශ්චිතව ප්‍රකාශ වී නැතත්, එම ඒකකය විසින් පෙරේදා (නොවැම්බර් 26 ) ‘ද ලීඩර්’ විකල්ප රූපවාහිනී ප්‍රවෘත්ති මාලාව ඉදිරිපත් කළ මාධ්‍යවේදී නීතිඥ ධනුෂ්ක සංජය කැඳවා පැය 08කට වැඩි කාලයක් පුරා ප්‍රශ්නකර තිබිණ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැක මතුකරමින් The Leader TV යු ටියුබ් චැනලය මගින් ප්‍රකාශයට පත්කළ වීඩියෝවක් සම්බන්ධයෙන් එහිදී ඔහුගෙන් ප්‍රශ්නකර ඇතැයි වාර්තාවේ.

ICCPR පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට කටයුතු යොදා ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට තීරණය කර ඇති බවත් පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් theleader.lk වෙත වාර්තාවේ.

ICCPR පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් ඔහුට එරෙහිව අධිකරණයට 'බී' වාර්තාවක් ඉදිරිපත් වුවහොත්  ශක්තික සත්කුමාරට සේ ඇප නැතිව රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට සිදුවනු වනු ඇතැයි ද පැවසේ.

 

NEWS HUB වෙබ් අඩවියට කඩා පනී!

ඒ අතර පෙරේදා (26) දහවල් newshub.lk වෙබ් අඩවි කාර්යාලයට කඩා වැදුන පොලිස් නිලධාරීන් හා සිවිල් ඇඳුමින් සැරසුන කණ්ඩායමක් ව්‍යාජ සෝදිසි වරෙන්තුවක් පෙන්වමින් එම කාර්යාලයේ පරිගණක යන්ත්‍ර පරික්ෂාවට ලක්කර
තිබිණ.

NEWS HUB වෙබ් අඩවිය පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට පක්ෂපාති ස්ථාවරයක සිට කටයුතු කළේය.

එම බලහත්කාරය සම්බන්ධයෙන් කරුණ දැක්වීමට මාධ්‍ය හමුවක් කැඳවූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක, රට තුළ සියලු දෙනාටම බලපාන එක නීතියක් ක්‍රියාත්මක විය යුතු බව කියා සිටියේය.

පෙරේදා (26) සවස පැවැති එම මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරණ සමයේ සිය දේශපාලන කටයුතු වෙනුවෙන් සේවාවන් සැපයූ ආයතනයක් පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක්කර ඇති බවයි.

 

බියවැද්දීමට ගන්නා උත්සාහයන් !

වලංගු සෝදිසි වරෙන්තුවක් හෝ නොමැතිව එවැනි පරීක්ෂාවන් සිදුකරමින් එවැනි ආයතන බියවැද්දීමට ගන්නා උත්සාහයන් හෙළාදකින බව රාමනායක පෙන්වා කියා සිටියේය.

එසේම එය මර්දනකාරී පිළිවෙතක් බවද පෙන්වා දුන් රාමනායක සඳහන් කළේ, එවැනි පරීක්ෂාකිරීමක් සිදුවන්නේ නම් එහි විධිමත්භාවයක් තිබිය යුතු බවයි.

තම දේශපාලන ව්‍යාපාරය සෑම විටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටින බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය ඉදිරිපත් කරන රටට වැඩදායී ඕනෑම කාර්යයකදී ඊට සහාය දෙන බවත් ධනුෂ්ක රාමනායක එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එසේම සියලු දෙනාටම එක නීතියක් ගෙන එන බවට ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉෂ්ට වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු අවධාරණය කර සිටියේය.

(ධනුෂ්ක රාමනායක පළ කළ එම අදහස් ඇතුළත් වීඩියෝව පහතින්)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...