The Leader News
BREAKING
Top Ad
පුවත්

එජාප ඩිජිටල් සන්නිවේදන අංශ ප්‍රධානීගේ නිවසට පොලිසියෙන් පනියි !

T

The Leader Desk

December 1, 2019 • 7:48 AM

 එජාප ඩිජිටල් සන්නිවේදන අංශ ප්‍රධානීගේ නිවසට පොලිසියෙන් පනියි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලන විචාරකයකු හා ප්‍රසිද්ධ තීරු ලිපි රචකයකු වන තුෂාර වන්නිආරච්චි සිය FB පිටුවේ ඒ සම්බන්ධයෙන් සටහනක් පළකර ඇති අතර එහි මෙසේ සඳහන්වේ.
  • ඒ සදහා රට තුල විවර වූ නව ප්‍රජාත්‍රවාදී වටපිටාව වැරදියට තේරුම් ගැනීම, තවත් දහසකුත් තාක්ෂණික කරනා මෙන්ම සීලාචාර මිනිසුන්ගේ සීලාචාර බල ව්‍යාපෘතිය, අසීලාචාර මිනිසුන්ගේ අසීලාචාර බල ව්‍යාපෘතියක් විසින් පරාජය කිරීමක් ලෙසද දැක්විය හැකිය.
  • එසේම මා හමු වන්න එන අයගේන් හා මාගේ හිතවතුන්ගේ මෙන්ම නෑදෑයන්ගේ තොරතුරු විමසා තිබේ.
  • මා දන්නා කියන මා සම්බන්දතා පවත්වනු ලබන ඩිජිටල් මාධ්‍ය කටයුතු සිදු කරන ආයතන වලටද දුරකථන ඇමතුම් දෙමින් මර්දනයක් ක්‍රියාත්මක කොට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


දේශපාලන විචාරකයකු හා ප්‍රසිද්ධ තීරු ලිපි රචකයකු වන තුෂාර වන්නිආරච්චි සිය FB පිටුවේ ඒ සම්බන්ධයෙන් සටහනක් පළකර ඇති අතර එහි මෙසේ සඳහන්වේ.

මා සිතින් ගතින් අහසේ සැරිසරන  නිදහස් කුරුල්ලෙකි  .......

''එක්ස්ත් ජාතික පක්ෂය ප්‍රමුක එක්සත් ජාතික පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්හදා බැලීමේ ආණ්ඩුව පරාජය වී තිබේ. ඒ සදහා රට තුල විවර වූ නව ප්‍රජාත්‍රවාදී වටපිටාව වැරදියට තේරුම් ගැනීම, තවත් දහසකුත් තාක්ෂණික කරනා මෙන්ම සීලාචාර මිනිසුන්ගේ සීලාචාර  බල ව්‍යාපෘතිය, අසීලාචාර මිනිසුන්ගේ අසීලාචාර බල  ව්‍යාපෘතියක් විසින්  පරාජය කිරීමක් ලෙසද දැක්විය හැකිය.

ඒ කෙසේ වෙතත් පසුගිය සතිය තුල  කිහිප විටක්ම මා සොයා මාගේ නිවසට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණ තිබේ.

ඔවුන් මාගේ අසල් වැසියන්ගෙන් මා ගැන ප්‍රශ්ණ කරමින් මාගේ දේශපාලන ක්‍රියාකාරකම් විමසා තිබේ. එසේම මා හමු වන්න එන අයගේන්  හා මාගේ හිතවතුන්ගේ මෙන්ම නෑදෑයන්ගේ තොරතුරු විමසා තිබේ. මා දන්නා කියන මා සම්බන්දතා පවත්වනු ලබන  ඩිජිටල් මාධ්‍ය කටයුතු සිදු කරන ආයතන වලටද දුරකථන ඇමතුම් දෙමින් මර්දනයක් ක්‍රියාත්මක කොට ඇත.

මා මාධ්‍යවේදියෙකු නොවන අතර එකස්ත් ජාතික පක්ෂ යාන්ත්‍රණයේම කොටසකි. පසුගිය වසර පහ තුල පුර්ණ කාලීනව දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදුන අතර නොවැම්බර් 16 වැනිදාට පෙර තිබු නිදහස සාමකාමී මිනිසුන් බියෙන් සැකෙන් තොර අයිතිවාසිකම් විදිමින් ගෙවූ රට හා සමාජය ගොඩ නැගීමට ඒ වෙනුවෙන්  මා මාගේ කාර්ය කොටස ඉටු කලෙමි.

එසේම පසුගිය මැතිවරණයේදී අපේ කදවුරේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ කටයුතු වලට සක්‍රියව ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන්  දායක වූ අතර එය එකෂත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හා පක්ෂයේ මහ ලේකම් අකිල කාරියවසම් මැතිතුමන්ගේ මෙන්ම නියෝජ්‍ය නායක අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ලාගේ පැවරුමක් වේ.

ඒ වෙනුවෙන් මාගේ හැකියාවන් දැනුම හා සම්පත් යෙදවීම අපරාධමය වරදක් නොවන අතර මෙවැනි මර්දනයන්ට මා හෝ මාගේ කණ්ඩායම බිය වැද්දවීමට හෝ යටත් කර ගැනීමට සිතන්නේනම් එය මිරිගුවක් වේ.

අවසාන වශයෙන් කිවයුත්තේ මැතිවරණයට පෙර මා කියූ සියල්ල  සත්‍ය වන අතර පසුගිය දින 14 කට අඩු කාලයකදී ඔහුන්ගේ පාලනයේ ඒකාධිපති පැසිස්ට් ස්වරුපය රටටම හෙළි කොට දී තිබේ.

මිල්ටරි ජුන්ටාවට මා  කියනුයේ  මා දඩයම් කිරීමට ඔබ බොහෝ ඉහලට පැමිණිය යුතුය මන්ද මා සිතින් ගතින් අහසේ සැරිසරන  නිදහස් කුරුල්ලෙකි.''


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...