The Leader News
BREAKING
Top Ad
පුවත්

බාල ළමා අපචාර චුදිත බලඇණියක සෙන්පතියකු යටතේ NPP ජාතික ආරක්ෂාව!

T

The Leader Desk

February 20, 2023 • 10:29 AM

බාල ළමා අපචාර චුදිත බලඇණියක සෙන්පතියකු යටතේ NPP ජාතික ආරක්ෂාව!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොවැම්බර් 3 වැනිදා හයිටියට යවන ලද තුන්වැනි ශ්‍රී ලංකා බලඇණියේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා වූයේ මේජර් ජෙනරාල් අරුණ ජයසේකරයි.
  • එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර දෝෂ පරීක්ෂණ සේවය (OIOS) කළ පරීක්ෂණයකින් හෙළි වූ පරිදි 2004 සිට 2007 දක්වා කාලය තුල ශ්‍රී ලංකා බලඇණි විසින් බාල ළමුන් ලිංගික වශයෙන් සුරා කා තිබේ.
  • එකී බලඇණියක සෙබළුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නියෝජ්‍ය අණදෙන නිලධාරියා වශයෙන් වගකිවයුතු මේජර් අරුණ ජයසේකර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව හෝ ආණ්ඩුව හෝ කිසිදු විධිමත් විමර්ශනයක් කර ඇති බවක් වාර්තාවී නැත.
  • ඒ වෙනුවට ඔහුට විවිධ නිලතල හා උසස්වීම් ලබා දී ඇති අතර යහපාලන ආණ්ඩුව විසින් 2016 දී ඔහු මේජර් ජනරාල්වරයකු ලෙස ඉහල නංවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):



ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේ පැවති NPP විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මංගල සමුළුව හමුවේ එම පක්ෂයේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය එලි දැක්වූයේ හයිටියේ සාම සාධක මෙහෙයුම්වල යෙදී සිටි 2005 දී ළමා අපචාර චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා යුද හමුදා බලඇණියක නියෝජ්‍ය අණදෙන නිලධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරයි.

2005 නොවැම්බර් 3 වැනිදා හයිටියට යවන ලද තුන්වැනි ශ්‍රී ලංකා බලඇණියේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා වූයේ මේජර් ජෙනරාල් අරුණ ජයසේකරයි.

එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර දෝෂ පරීක්ෂණ සේවය (OIOS) කළ පරීක්ෂණයකින් හෙළි වූ පරිදි 2004 සිට 2007 දක්වා කාලය තුල ශ්‍රී ලංකා බලඇණි විසින් බාල ළමුන් ලිංගික වශයෙන් සුරා කා තිබේ. එකී බලඇණියක සෙබළුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නියෝජ්‍ය අණදෙන නිලධාරියා වශයෙන් වගකිවයුතු මේජර් අරුණ ජයසේකර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව හෝ ආණ්ඩුව හෝ කිසිදු විධිමත් විමර්ශනයක් කර ඇති බවක් වාර්තාවී නැත. ඒ වෙනුවට ඔහුට විවිධ නිලතල හා උසස්වීම් ලබා දී ඇති අතර යහපාලන ආණ්ඩුව විසින් 2016 දී ඔහු මේජර් ජනරාල්වරයකු ලෙස ඉහල නංවා තිබේ. එම ආණ්ඩුව විසින්ම 2018 දී ඔහු නැගෙනහිර ආඥාපති වශයෙන් පත් කරන ලදී.

 

අරුණ ජයසේකර අනාගත ජාජබ ආණ්ඩුවක ආරක්ෂක ඇමැති ලෙසින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් නම් කරන ලද බව සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන ලියුම්කරු වාර්තා කොට ඇත.

 

“හයිටියේ ඔහුගේ භූමිකාව විශ්වසනීය ලෙස විමර්ශනය කොට එම භූමිකාව නිශ්චය කෙරෙන තාක් කල් ඔහු කිසිදු තානාන්තරයක් දැරීමට සුදුස්සකු නොවේ,” යි යුක්තිය හා සත්‍යය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) මෙම තොරතුරු හෙළිදරව් කරමින් 2019 දී නිකුත් කළ වාර්තාවකින් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ පිරිස් අඩු කිරීම, වගඋත්තරදායකත්වය හෝ ළමා ලිංගික අපචාර ඇතුළු අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන ආරක්ෂක අංශ සාමාජිකයන් මෙතෙක් කල් භුක්ති විඳගෙන ආ දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගන්නා බවක් හිටපු නැගෙනහිර ආඥාපති අරුණ ජයසේකර ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය වෙනුවෙන් ඉදිරිපත් කළ ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නොදැක්වේ.



සබැඳි පුවත් :
ඒකාබද්ධ මුලස්ථානයට පත්කළ හමුදා ප්‍රධානීන්ට ජාත්‍යන්තරයෙන් චෝදනා



JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...