The Leader News
BREAKING
ඉන්දීය හමුදා ප්‍රහාරයකින් මරාදැමූ තවත් දෙමළ සමූහයක සමරුවක්●ඖෂධ නිෂ්පාදනයෙන් ඩොලර් බිලියන 10ක් උපයන මාවත●කෘෂි හා ජලජ නිෂ්පාදන නංවන්න ඩොලර් මිලියන 65ක ආයෝජන●ගල් අඟුරු නැව් අර්බුදය: පාඨලී කොමිසම හමුවේ වගකීම් බෙදයි●කස්සප හිමිගේ චෝදනාවට එරෙහිව නීතිය ක්‍රියාත්මකයි: සංස්කරණය නොකළ දර්ශන අධිකරණයට●ඥානසාර හිමි නිදහස් කිරීමට එජාපයෙන් ජනාධිපති සමාවක්●වනාතවිල්ලුව අවි රහස හෙළිවෙයි: නවුෆර් ඇතුළු දෙදෙනෙකුට වසර 12ක සිරදඬුවම්●හිටපු ජනපති දුන් පොදු සමාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රතු එළියක්●වාණිජ මහාධිකරණයේ බලතල සීමාව ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්●ඉමියුනොග්ලොබියුලින් නඩුව තීරණාත්මක අදියරක: විත්තිවාචකය 29 දා කැඳවයි●
Top Ad
පුවත්

මහ ඡන්දය : සෑම දිස්ත්‍රීකයකටම 'වියත්මඟ' දෙදෙනෙක්! - ජනාධිපතිට හයිය දෙන්න තරුණ ජාලයක්!!

T

The Leader Desk

December 8, 2019 • 3:45 AM

මහ ඡන්දය : සෑම දිස්ත්‍රීකයකටම 'වියත්මඟ' දෙදෙනෙක්! - ජනාධිපතිට හයිය දෙන්න තරුණ ජාලයක්!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජපක්ෂවරුන්ගේ පරාජයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරලියට ගෙන ඒම සඳහා ජනමතයක් ගොඩනැගීමට සුවිශාල කාර්ය භාරයක් ඉටුකළේ 'වියත්මඟ' සංවිධානයයි.
  • ඒ අනුව ජනාධිපති ධුරයට පත් ගෝඨාභය තනි නොකොට ඔහුගේ මතය පාර්ලිමේන්තුව තුලද තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සංවිධානයේ අවධානය යොමුව ඇතැයි පැවසේ.
  • මේ අතර ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට කැමැත්ත පළකර ඇති දෙස් විදෙස් උසස් අධ්‍යාපනය ලැබූ වියත් තරුණ පිරිසක්, මහ මැතිවරණයේ අපේක්ෂකයින්ට වියදම් සීමා පැනවීමේ නීතිය කඩිනම් කරන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
  • මහ මැතිවරණක ප්‍රචාරක කටයුතු සඳහා අති විශාල ධනස්කන්දයක් වැයවන බවත් එවැනි මුදලක් යට කිරීමට ඇති නොහැකියාව නිසා තරුණ වියතුන් ඡන්ද වලට ඉදිරිපත්වීමට අදිමදි කරන බවත් ඔවුන් ජනාධිපතිවරයාට පවසා ඇතැයි ද සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

2015 රාජපක්ෂවරුන්ගේ පරාජයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරලියට ගෙන ඒම සඳහා ජනමතයක් ගොඩනැගීමට සුවිශාල කාර්ය භාරයක් ඉටුකළේ 'වියත්මඟ' සංවිධානයයි.

ඒ අනුව ජනාධිපති ධුරයට පත් ගෝඨාභය තනි නොකොට ඔහුගේ මතය පාර්ලිමේන්තුව තුලද තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සංවිධානයේ අවධානය යොමුව ඇතැයි පැවසේ.

තරුණයන් කේන්ද්‍රගත කරගැනීම අත්‍යාවශ්‍යයි- මිලින්ද රාජපක්ෂ 

මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ මිලින්ද රාජපක්ෂ පවසන්නේ,  ජනාධිපති ගෝඨාභයගේ දේශපාලන වැඩපිළිවෙල සඳහා තරුණයන් කේන්ද්‍රගත කරගැනීම අත්‍යාවශ්‍ය බවයි. 

''ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රථිපල දෙස බැලුවිට ඉතා පැහැදිලිවම පෙනෙන දේ තමයි තරුණ අපේක්ෂාවන්, තරුණ බලාපොරොත්තු, තරුණ සිහින මුල්කරගත් තරුණයින්ගේ කරමතින් ලැබූ ජයග්‍රහණයක් බව. ඒ නිසා එතුමාගේ වැඩපිළිවෙල තරුණයන් කේන්ද්‍රගත කරගැනීම අත්‍යාවශ්‍යයි.''

වීඩියෝ 

මැතිවරණ ප්‍රචාරක වියදම වියතුන්ට ගැටළුවක් !

මේ අතර ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට කැමැත්ත පළකර ඇති දෙස් විදෙස් උසස් අධ්‍යාපනය ලැබූ වියත් තරුණ පිරිසක්, මහ මැතිවරණයේ අපේක්ෂකයින්ට වියදම් සීමා පැනවීමේ නීතිය කඩිනම් කරන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

මහ මැතිවරණක ප්‍රචාරක කටයුතු සඳහා අති විශාල ධනස්කන්දයක් වැයවන බවත් එවැනි මුදලක් යට කිරීමට ඇති නොහැකියාව නිසා තරුණ වියතුන් ඡන්ද වලට ඉදිරිපත්වීමට අදිමදි කරන බවත් ඔවුන් ජනාධිපතිවරයාට පවසා ඇතැයි ද සඳහන් වේ.

මැතිවරණ වියදම් සම්බන්ධයෙන් අදහස් දක්වන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ ද  ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර, ඊට තරඟ වදින අපේක්ෂකයින් සඳහා වියදම් සීමා පැනවීමේ නීතිය කඩිනමින් සම්මත කළ යුතු බවයි.

 කෙසේවෙතත් ඒ සඳහා කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ ද අනුමැතිය හිමි විය යුතු බව ඔහු කියා සිටියේ 'නෙත් නිව්ස්' වෙත අදහස් දක්වමිනි.

''ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අපේක්ෂකයෙකුට වියදම් සිමා කිරීමේ නිතිය ගෙන එන්න කියා අපි ඉල්ලා සිටිනවා. මේ කෙටුම්පත සඳහා මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. එය යලිත් කැබිනට් මණ්ඩලයේ සහ ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ඊට හිමිවිය යුතුයි. එමෙන්ම වසර දෙකක කාලයක් ප්‍රමාදයට පත්ව තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදන්න කියා අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා ..''  මෙහිදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...