The Leader News
BREAKING
Top Ad
පුවත්

ස්විට්සර්ලන්ත නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට තර්ජන !

T

The Leader Desk

December 10, 2019 • 9:10 AM

ස්විට්සර්ලන්ත නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට තර්ජන !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ දී පැහැරගෙන, තර්ජනය කරන ලද බව පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි
  • ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී නීතිඥ උපුල් කුමාරප්පෙරුම පැවසුයේ තම විසින් ඉටුකරන්නේ සමාජ වගකීමක් මෙන්ම නීතිඥයකු ලෙස පැවරී ඇති රාජකාරියක් බවයි.
  • මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන නීතිඥ සුදර්ශන ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙසද කටයුතු කල අයකු වන අතර රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටිය දී  අගමැතිවරයා යටතේ ක්‍රියාත්මකවූ ආයතනයක ප්‍රධානියකු ලෙස ද ඔහු සේවය කළේය.
  • ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

උපුල් කුමාරප්පෙරුම හා සුදර්ශන ගුණවර්ධන යන නීතිඥයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයක් එල්ලවී ඇත.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී නීතිඥ උපුල් කුමාරප්පෙරුම පැවසුයේ තම විසින් ඉටුකරන්නේ සමාජ වගකීමක් මෙන්ම නීතිඥයකු ලෙස පැවරී ඇති රාජකාරියක් බවයි.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම ජනතා විමුක්ති පෙරමුණේ හිතෛෂියකු වන අතර පසුගිය මහ මැතිවරණයේදී එම පක්ෂයේ ජාතික ලැයිස්තුව ද නියෝජනය කළ අයෙකි.

මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන නීතිඥ සුදර්ශන ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙසද කටයුතු කල අයකු වන අතර රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටිය දී  අගමැතිවරයා යටතේ ක්‍රියාත්මකවූ ආයතනයක ප්‍රධානියකු ලෙස ද ඔහු සේවය කළේය.


Swizz 2swizz 1

 

 

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරිනියක නොවැම්බර් 25 වෙනි දින හඳුනානොගත් පිරිසක් විසින් පැහැරගනු ලැබ බලහත්කාරයෙන් රඳවා ගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා තර්ජනය කළ බවට ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට පැමිණිලි කිරීමත් සමඟ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව එම කාන්තාව කිසියම් පහරදීමකට හෝ ලිංගික අතවරයට භාජනය වී තිබේ ද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත දුන් නියෝගයක් අනුව එම ස්ථානයට රැගෙන ගිය අදාල කාන්තාවගේ ජයාරූප ගැනීමට හා වීඩියෝ කිරීමට ඇතැම් මාධ්‍යවේදීන් කටයුතු කළ ආකාරය ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ බලවත් විරෝධයට හේතුවී ඇත.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ පවසයි.

 

මාර වීරත්වයක් හා ගවේශණයක් !

මාර වීරත්වයක් හා ගවේශණයක් කරල තියෙන්නෙ! කොහොම හරි පින්තූර කෑල්ලක් අරන් දාල. ලසන්තගෙ බොඩිය ගොඩ ගන්නකොට ඒක පින්තූර ගන්න දුන්නෙ නැහැ කියල නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රෙස් රිලීස් ගැහැව්ව, රෙනෝ ඩ්‍රෝන් රෙකෝඩින් කරන්න හැදුව. ලජ්ජා සහගත වැඩ!

ඔය සමාජ මාධ්‍ය වගේ ඒවගෙ කරන නිරාවරණත් නවත්වන්න අපි වැඩ කරන්නෙ. මාධ්‍ය, ඒ කියන්නෙ වෘත්තීය මට්ටමෙන් මාධ්‍යවේදයේ යෙදෙන අය, ඇයි මෙහෙම කරන්නෙ? පුද්ගලිකත්වයට, ශෝකයට ඉඩක් නැද්ද? ඇයි ඒ "අතවරයකට ලක්වුනයි කියන" කාන්තාවගෙ පින්තූර පෙන්නන්නම් ඕනෙ? ඇයි පරීක්‍ෂණය කර ගන්න දීල එහෙම එකක් වෙනව, එයා කට උත්තර දෙනව කියල කියන්න බැරි?

මේක NOKIA ඇඩ් එකක් ක්ලික් කිරීමෙන් වැඩක් නැත. NOKIAත් මේ වගේ ප්‍රවෘත්ති ඒක්ක ads දැමීම ගැන තීරණයක් ගත යුතුය

Nokia

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...